Skip to main content

Posts

Showing posts from 2011

වෙජිටබල් පේස්ට්‍රි හදන හැටි

මම මේක බලාගත්තෙත් නෙට් එකේ රෙසිපි බ්ලොග් එකකින්. හරියටම කිව්වොත් මෙන්න මෙතනින් . ඉතින් ඕක චුට්ටක් වෙනස් කරලා, සිංහලෙන් දාන්නයි යන්නේ. මුලින්ම මේක මම හැදුවේ යාලුවෙක්ගෙ උපන් දිනේකට. කෑව හැමෝම ගොඩක් ආස උන නිසා එදා ඉඳන් මම කට්ටිය එකතු වෙන පාටි, ට්‍රිප් වලට මේක හදනවා. මේකේ ෆිලින් එකට එළවලු විතරක්ම දාන නිසා මස් මාළු කන්නේ නැති අයටත් කන්න පුළුවනි. ඔන්න දැන් මුලින්ම කියන්නේ, මේ තියෙන්නේ පේස්ට්‍රි එක ඇතුලට දාන ෆිලින් එක විතරයි. මෙහෙම පේස්ට්‍රි වලට කියන්නේ පෆ් පේස්ට්‍රි කියල. පෆ් පේස්ට්‍රි එක හදන එක මහා පන යන වැඩක්. මම එකම එක පාරක් හදල තියෙනවා ලංකාවේදී, ඒ මම කැම්පස් යන දවස්වල. අම්මේ එදා පේස්ට්‍රි එක හොඳට ආවත් ඒක හදල මගේ පණ ගියා. ඉතින් මෙහෙ නම් රෙඩි මේඩ් පෆ් පේස්ට්‍රි ශීට් කඩෙන් ගන්න තියෙනවා. මට කවුද කිව්වා ලංකාවෙත් සුපර් මාකට් වල දැන් තියෙනවා කියල. ඉතින් අඬුව තියෙද්දී මොකටද අත පුච්චගන්නේ ළමයි? ඔය කීල්ස් එකක් හරි කාගිල්ස් එකක හරි ෆ්රෝසන් ෆුඩ් සෙක්ෂන් එකට ගිහින් බලන්න මේ ශීට් තියෙනවද කියල. ඕනෙම නම් ඉතින් ඔච්චර අමාරුවක් තියෙනවා නම් පෆ් පේස්ට්‍රි හදන හැටිත් පස්සේ දාන්නම් :) ඕන

හිරු එළියෙන් උපන් හීන

බලන්න කාලය යන හැටි... මතකද ඒ වසන්තය? හරියට අද ඊයේ වාගේ. හිරු එළියෙන් උපන් අපේ හීන වල තිබුනේ එකම පාට. ඒ දවස්වල පායපු මීදුම් දේදුනු වගේ ම ඒ පාටත් මැකිලා ගිහින් දැන්. රතු පෑනෙන් වැරදි දාපු  සිහි සටහන් පෙරලන කොට, විස්තර කරන්න බැහැ දැනෙන මේ සොඳුරු වේදනාව...ශබ්දකෝශයේත් නැහැ වචනයක්. කමක් නැහැ යාළුවේ ඉතින්... මලේ සුවඳ ඔයා ළඟ තියාගන්න ආදරෙන් නපුරු කටු විතරක් මම ගන්නම් ඔයා වගේ කෙනෙක් හිඳීවිනේ තවත්, කොහේ හරි ... You know how the time flies Only yesterday was the time of our lives We were born and raised in a summer haze Bound by the surprise of our glory days I hate to turn up out of the blue uninvited But I couldn't stay away I couldn't fight it I had hoped you'd see my face And that you'd be reminded that for me it isn't over Nothing compares No worries or cares Regrets and mistakes they're memories made Who would have known how bittersweet this would taste? Nevermind I'll find someone like yo

අයි ලව් යු - කොන්දේසි සහිතයි!

ඔය උඩ තියෙන එක මට හම්බුනේ මගේ උපන් දිනේට පොඩිත්තෙක්ගෙන්. මම දැකල තියෙන අවංකම ලවු ලෙටර් එක තමයි ඔය. ඇත්තටම කොන්දේසි විරහිත සඳ එලිය සේ අචින්ත්‍ය අරකද මේකද ඔය ඔක්කොම තියෙන්නේ සාහිත්‍යයේ විතරයි. හැබෑ ලෝකේ තියෙන ආදරේ කොන්දේසි සහිතයි. ටිකක් ආත්මාර්තකාමීයි. ඒක තමයි ඇත්ත. පොඩි ළමයි බොරු කියන්නේ නැහැ කියන්නේ මෙන්න මේකයි... ...'Animals and children tell the truth, they never lie Which one is more human There's a thought, now you decide ' ~ Animal Song by Savage Garden

ඉර හඳ මොකටද අපේ ලෝකයට...

මේ ගෙවී යන්නේ ඕස්ට්‍රේලියාවේ ග්‍රීෂ්ම ඎතුවයි. තවම දෙසැම්බර් නිසා ග්‍රීස්මය ලැබුවා විතරක් නිසා ඉදිරියට තව සැහෙන්න රස්නය වෙන්න පුළුවන්. කිසිත් වැදගැම්මකට නැති සමර් නාමයක්වත් නැති පහුගිය අවුරුද්දේ සීතල ග්‍රීෂ්ම ඍතුවේද උපරිම උෂ්ණත්වය 40 ට ගියා. මේ පාර නම් හැබැයි රස්නය වැඩි වන ලකුණු පෙනෙන්න තියෙනවා. කොහොම උනත් මම නම් සීතලේ ගැහෙනවාට වඩා රස්නේ දැනෙන්නට ඉර එලිය හොඳට තියෙනවට කැමතියි. මට කොහොමත් සීතල වැඩියෙන් දැනෙන ඇබ්නෝමල් ගතියක් තියෙනවා. හික්ස්. ඉතින් වින්ටර් එකේ ඇඳුම් හතරක් විතර ඇඳගෙන මෆ්ලර් ඉයර් මෆ්ස් ග්ලවුස් බූට්ස් ඔය ඔක්කොම දාගෙන මිසක් මට නම් එලියට බහින්න බැහැ. ලස්සන ඇඳුමක් වත් අඳින්න නැහැනේ. අනේ ඊට වඩා මේ රස්නේ කාලේ මට දාහෙන් සම්පතයි. ඊයේ මම යාලුවෝ දෙන්නෙකුත් එක්ක ගියා ප්රෙස්ටන් මාකට්. ඒක හරියට අපේ ලංකාවේ ලොකු පොලක් වගේ. හැබැයි සාපේක්ෂව පිරිසිඳුයි සහ ක්‍රමානුකුලයි කියන්න පුළුවනි. එක එක ජාතියේ එළවලු, පලතුරු, මස් මාළු... තව එක එක රටවල කෑම ජාති... ඔය ගොටුකොල, කන් කුං, පොලොස් එහෙම ගන්න ඕනේ නම් මෙහෙට තමා අපි යන්නේ. සති අන්තෙට නම් ගොඩක් සෙනග එන තැනක්, නමුත් සතියේ දවස් වලට එච්

Miss Congeniality? I'd rather be Miss Originality

At some point in your life you got to face yourself. Like, you got to look in that mirror and see your face. Of course I realize that some fortunate people out there are born knowing themselves inside and out. These are the girls you meet in school who are eternally smiling - even when they've forgotton to do their homework. These are the people who are so confident with theselves, that they are not afraid to play the fool and look silly. I have always envied those who can so effortlessly be silly. 'Cause they sure look as if they're having a ball. To be able to do that requires confidence. I know that now. It's amazing how liberating it is to feel that its OK to be laughed at. To know that you don't always have to be perfect, that you cant always please everyone. The world out there is harsh and judging, there's no doubt about that. But then, so what? As long as you know that you're doing the right thing, does it matter what the world thinks? They w

ජීවන වෙරළේ මතක රොඩු ළඟ...

යෞවනේ දිවි තක්ෂිලාවේ ප්‍රේමයේ මනකෘත කෙරූ සිහිනයේ මංමුලාවේ සුවඳකි මා හිරකෙරූ  මතකයේ ඈතින් ... මතකයේ මෑතින් .... මතකයේ මෑතින් හිඳ.. මතකයේ ඈතින් හිඳ මතකයේ ඈතින් හිඳ... බලා සිටිනා ජීවිතේ.. මුළු ජීවිතේ... මතකයේ මෑතින් හිඳ...ලියා තිබුනා හදවතේ.. ගොලු හදවතේ... ගොලු හදවතේ... මුළු ජීවිතේ... ගොලු හදවතේ... Photo taken on the shores of Dove Lake, Cradle Mountain, Tasmania Song belongs to Kasun

When everything's made to be broken

ලටෙක් ජරමර - එක්සෙල් වල වගු ලේසියෙන් ලටෙක් කරන හැටි : Excel to Latex

විශ්ව විද්‍යාල වල ඉගෙන ගන්න අය ගොඩ දෙනෙක් ට ඕනේ වෙන එකක් තමයි ලටෙක්. විශේෂයෙන්ම පර්ශේෂණ වාර්තා, ගවේෂණ ලිපි, නිබන්ධන එහෙම ලියද්දි ගොඩක්ම ප්‍රයෝජන වත් වෙනවා. වින් වර්ඩ් වලට වඩා මේ වගේ දිගු ලියමන් ලියද්දි මම නම් කැමතිම ලටෙක් . අනිත් එක, ගණිත සුත්‍ර, සියුඩෝ කෝඩ් එහෙම ලියද්දි ලටෙක් වල පහසුකම් වැඩියි. නිමාවත් ලස්සනයි. වැඩේ තියෙන්නේ, පර්යේෂණ කරද්දී ගොඩක් වෙලාවට අපිට දත්ත සටහන් කරන්නේ එක්සෙල් ටේබල් එකනේ. මේවා සාමාන්‍යෙන් සැහෙන කොලම්න්ස් තියෙන ලොකු ටේබල්. මේවගේ ගබඩාවෙන දත්තත් දශම ස්ථාන කිහිපයක් තියෙන ටයිප් කරන්න වෙලා යන දත්ත. ඉතින් මේවා ලටෙක් ෆයිල් එකකට මුල ඉඳන් දානවා කියන්නේ පණ යන වැඩක්. මේකට පහසු විසඳුමක් ගැන තමයි මේ: මේ excel2latex . මේකෙන් ස්වයංක්‍රීයව එක්සෙල් ටේබල් එක ලටෙක් කෝඩ් එකට පරිවර්තනේ කරලා දෙනවා. මෙන්න මෙතනින් බාගන්න පුළුවනි. එක්සෙල් 2007 නම් මේක ස්ථාපනය කරන්න ටිකක් වට වන්දනාවේ යන්න ඕනේ. ඔයාලට එක්සෙල් වල 'Addin' ටැබ් එක පෙන්නේ නැත්නම් තමයි මෙහෙම වෙන්නේ හොඳේ. ඒකට කරන්න ඕනේ බාගත්තට පස්සේ එක්සෙල් වල අර උඩම වම් කෙලවරේ තියෙන ඇරෝ එකෙන් 'customize quick access

හිට්ලර් අප හැර ගියේය - අහෝ දුකකි ඉරකි තිතකි!

හිට්ලර් යනු මා සිටිනා විශ්ව විද්‍යාලයේ ප්‍රසිද්ධ පොරකි. එහෙත් ඔහු කවුද කින්ද මන්ද කියා කවුරුත් දන්නේ නැත. ඔහු පොරක් වන්නේ විශ්ව විද්‍යාලයේ රහස් බාගැනීමේ ජාලයේ ටෙරා බයිට් විසි පහක් පමණ වැඩිම අන්තර්ගතයක් බෙදා ගෙන සිටි නිසාය. සිංහලෙන් කියනවා නම් ෆයිල් ෂෙයාරින් නෙට්වර්ක් එකේ වැඩිම කන්ටෙන්ට් එකක් තිබ්බේ ඔහුගේය. එය රහස් බාගැනීමේ ජාලයක් වන්නේ බුද්ධිමය දේපල නීති ක්‍රියාත්මක වන මේ රටේ චිත්‍රපටි, රුපවාහිනී කතා මාලා, පරිගණක මෘදුකාංග ආදිය මෙසේ නිකම් බා ගැනීම තහනම් නිසාය. කැම්පස් එකේ ජාල පරිපාලකවරු නට අසු වුනොත් මෙය වැහෙනවාය. මෙම ජාලය ක්‍රියාත්මක වන්නේ කැම්පස් එක ඇතුලේ පමණි. එසේ හෙයින් මෙයින් වැඩ ගත හැකි වන්නේද විශ්ව විද්‍යාල භූමිය තුල නේවාසිකාගාර වල ඉන්නේ නම් පමණි. එක දිනක් ගොනු බෙදා ගැනීමට ලොග් වන විට හිට්ලර් අපුරු පණිවුඩයක් හැමෝටම පෙනෙන ලෙසට දමා තිබුණි : 'ෆ්‍රී මුවීස් බාගන්න සිස්ටම් එක මොකද්ද කියල කැම්පස් ලයිබ්රි එකෙන් අහන්න තරම් මොලයක් නැති ගොන් හරකුනේ, කැම්පස් ඇවිල්ල වැඩක් නැහැ. ගෙදෙට්ටම වෙලා හිටු!' - [ 'ඩෝන්ට් බී අ f****** ඉඩියට්' ලෙස සුද්ද සිංහලෙන්ම පටන් ග

නාඳුනනා දෑසක් නිවී නිවී දිලිසුනා මොහොතක්

එක දවසක් හැන්දෑවක කණාමැදිරි එළි පාරක මං හෙව්වා තරු කැටයක් මං හෙව්වා තරු කැටයක් නිල් පාටින් පායා දිළෙන නිල් පාටින් පායා දිළෙන..... සිහිනයක ගිලී මා සිටියා කවුරුදෝ විත් දොර බිඳිනා විට සුළං පොදක් වත් ඇරුනු දොර පියනින් ආවා නම් සිහිනයේ සුව අරන් නාඳුනනා දෑසක් නිවී නිවී දිලිසුනා මොහොතක් සුහද ආරාධනාවක් අරන් ඈ ඇවිත් දොරකඩට... පවන් පොදකට වත් ඉඩක් ආ නොයෙද අවකාශයම වසාගෙන ඈ සිටිනා විට මා අසල........ ඈ සිටිනා විට මා අසල... මා අසල ලැගුම්ගනු පෙරාතුව මා තුලට මොහොතකට එබුනා නම් පැහැදිලිව දකින්නට තිබුනා මා තුලම මා නොවන පිටස්තරයකු සිටිනා වග ඔබේ.. පෙම මා හටද මා නොවන ඒ අමුත්තා වෙතද? ඔබේ.... පෙම මා හටද මා නොවන ඒ අමුත්තා වෙතද?  ඉස්කෝලේ අටේ, නවයේ පන්තියේදී වගේ ඉන්දෙද්දී ටී වී එකේ ගිය ටිකක් අමුතු කතාවක සින්දුවක් මේක. කතාවේ නම මතක නැහැ. කතාවේදී නම් අතුල අධිකාරි එක්ක පොඩි බබෙකුත් මේකේ කෑල්ලක් කියනවා මම හිතන්නේ... නිකම්ම මොකක් හරි කතාවක් කියනවට වඩා ටිකක් හිතන්න දෙයක් තියෙන මේ වාගේ සිංදුවල මට හරිම අපුර්වත්වයක් දැනෙනවා. මෙන්න අහලම බලන්න

Why do some people speak in code?

Seriously people. As far as I am concerned, language is there to communicate. That is, to make people understand you. Oh I have nothing against people who use acronyms. No, this is about people who almost tell you something, while looking as if they mean something else, and then say something utterly incomprehensible. And then when asked to explain them selves, they will smile in an infuriating way, and say No, they didn't really mean anything by it. huh? didn't really mean anything? then why did you go to all that length to say it mate? Moronness overload. It's no use pretending to be coy , because I can tell when you're lying. Unfortunately, I ain't no Sookie Stackhouse and cannot read your mind. So although I know that you're lying, I don't know why you're lying. I wish people would just be honest and say what they mean and mean what they say. The world would be a much better place. PS : Sookie picture from here .

හාමුදුරුවොන්ගේ බර්ත් ඩේ පාටි එක...

මේ දවස් වල බෞද්ධ ජනතාව ඉන්න හැම රටකම වගේ කටින පින්කම් පැවැත්වෙන කාලේ. මගේ දැනීමේ හැටියට, කටින පිංකම පැවැත්වෙන්නේ වස් විසීමේ නිමාව සනිටුහන් කරන්නයි. වස් කාලය කියන්නේ වහින කාලෙනේ. ඉස්සරම බුදු හාමුදුරුවෝ ඉන්න කාලේ, හාමුරුවො ස්ථිර වාසස්ථාන වල පදිංචි වෙලා හිටියේ නැහැලු. ගමින් ගමට පිඬු සිඟා වදිමින්, ගහක් යට වගේ තාවකාලික තැනක තමයි වැඩ ඉඳල තියෙන්නේ. නමුත් ඉතින් මේ විදියට ගස් යට ඉන්න බැහැනේ ධාරානිපාත වැහි වහින කාලෙට. ගංගා උතුරලා පාරවල් කැඩිලා මඩවෙලා යටවෙලා යන නිසා පිඬු සිඟා වදින්නත් බැහැ. ඉතින් මේ වැහි කාලේ කොහේ හරි ස්ථිර වාසස්තානෙක වැඩ ඉන්න බුදු හාමුදුරුවෝ අවසර දීල තියෙනවා. ඒකට තමයි වස් විසීම කියන්නේ. මෙහෙම වැසි කාලේ චන්ද්‍ර මාස 3 ක් වෙනකන් තිබිල තියෙනවා (ඉන්දියාවේ - සාවත්ති පුර පැත්තේ වෙන්නැති...). මේ මාස 3 ඉවර වුනාට පස්සේ තමයි 'කටින උත්සවය' සමරන්නේ. ඉතින් ඉන්දියාවේ වස් කාලේ නෙවිනේ අනිත් රටවලට වහින කාලේ. උදාහරනෙකට ඔස්ට්‍රේලියාවට වහින්න පටන් ගත්තේ දැන්. අනිත් එක ඉතින් එකම රටෙත් වහින ඍතුව වෙනස් වෙන්න පුළුවන් තැනින් තැනට. නමුත්, බෞද්ධයෝ ලෝකේ හැම තැනම සම්ප්‍රදායක් වශයෙන

Serenity

O Great one, I am but a busy bee, toiling under your shadow... Photo was taken at the Bodhivana monastery , Warburton VIC. 

ෆෝම් පිරවිලි - අවාසනාවකට ඇත්ත කතාවක්

From PhD Comics (පේන්නැද්ද? චුට්ටක් ලොකු කරලා බලන්නක) මට මේ ලෝකේ තියෙන කම්මැලිම වැඩක් තමයි පතරංග ජාතක වගේ තියෙන ෆෝම් පුරවන එක. ඒ උනාට අවාසනාවකට මට පහුගිය සති කීපෙම ෆෝම් පුරවන එක ඇරෙන්න වෙන වැඩක් තිබුනෙම නැහැ. කැන්ගරු සංගණනය සහ ජාත්‍යාලේ ඔන්න මේකෙන් තමයි මේ ෆෝම් සෙල්ලම පටන් ගත්තේ. දැන් ඉතින් හිතාවිද දන්නේ නෑ මේක කන්ගරුවෝ ගණන් කරන එකක් කියල. මේ කියන්නේ කැන්ගරු රටේ තිබිච්චි ජන සන්ගනනේ ගැන හොඳේ.  ලංකාවේ වගේ කට්ටි පනින්නත් බැහැ. පුරවල දුන්නේ නැත්තම් එකසිය ගානට දඩ. රුපියල්ද ? ඩොලර්නෙ... අලි වගේද හරක් කිව්වලු. මේක පුරවන්න තිබුනේ අගෝස්තු 9. ඔන්න ඉතින් දිනේ ලං වෙනකොට කැන්ගරු ලන්තේ ඉන්න අපේ කට්ටියගෙන් ඊ මේල්, ටෙක්ස්ට් එන්න ගත්තා ෆෝම් එකේ අර ප්‍රශ්නෙට  'සිංහල' කියල මතක ඇතුව දාන්න - මේ ප්‍රශ්නෙටත් 'සිංහල' කියල මතක ඇතුව දාන්න - අරකද මේකද කියල. ඒ කිව්වේ සංගණන පත්‍රිකාවේ අහල තියෙනවා 'ඔබේ ආදීතමයා කුමන ජාතිකයෙක්ද', 'ඔබේ මව් භාෂාව කුමක්ද' වගේ ඒවා. බලන්නකෝ ඉතින් ජාත්‍යාලේ නේද. වාහන ලියාපදිංචි වාහනයක් ගන්න එක නම් හරිම ලේසියි මෙහෙ. ඒ කිව්වේ ලංකාවේ වගේ ගණ

ආදරණීය X-Files, පොඩි කාලේ පිස්සු මතක, සහ ප්‍රථම ප්‍රේමය

සය්බර් යායේ එක්ස් ෆයිල්ස්  ගැන ලියවෙච්ච පොස්ට් එක නිසා මටත් ලියන්න හිතුනා මගේ එදත් අදත් ප්‍රියතම රුපවාහිනී වැඩසටහන ගැන පුංචි ලියමනක්. මම එක්ස් ෆයිල්ස් බලන්න ගත්තේ මතක හැටියට 7 හරි 8 වසරේදී. මගේ ළඟින් ඉස්කෝලේ වාඩිවෙච්ච යාලුවට තදින්ම එක්ස් ෆයිල්ස් උණ තිබුනා. එයා තමයි මටත් ඉස්කෝලේ ඇවිදින් ඒක ගැන කියවල මට උණ බෝ කරේ.  කුළුඳුල් X-Files කොටස : ඉස්සෙල්ලම බැලුව කොටස තාමත් මතකයි : Our Town. හැබැයි මෙලෝ සංසාරයක් තේරුනේ නම් නෑ. උප සිරැසි තිබුනත්. එදා පළවැනි දවසේ මම අර කාටද මැජික් වගේ කටත් අරන් බලන් හිටියා මිසක්. මොකද සාමාන්‍යෙන් බලලා පුරුදු වැඩසටහන් වගේ නෙවෙයි නේ. මුලින් නම් ගම් මියුසික් මුකුත් යන්න කලින් ඔන්න පෙන්නනවා වෙච්ච සිද්ධිය. මොකක් හරි අමුතු පටලැවිල්ලක් තමයි ඉතින්.  X-Files කතා වර්ග 2 යි සාමාන්‍යෙන් මේකේ කොටස් කොට්ටාශ 2 කට අයිති වෙනවා.  එක්කෝ පිට සක්වල ජීවින් ඉන්න, කලින් සහ ඉදිරියට සම්බන්දකම් ඇති කොටස් මාලාවක කෑල්ලක්. මේ ගණයට අයිති කොටස් වල තමයි අර සිගරට් බොන එපා කරපු පොර ඉන්නේ(CSM). මෝල්ඩර් ගේ නංගි ගැන, ස්කලිගේ පිළිකාව ගැන, ස්කලීගේ බෙල්ලේ තියෙන චිප් එක

Android Adventures - Keeping alive a Bluetooth connection

Continuing my adventures into the Android domain, I wanted to have a Bluetooth connection between two nodes, going indefinitely, until one node sends a termination signal. Between the time of initializing the connection, and termination, the two nodes may exchange messages at random intervals. Now, the Bluetooth chat example provided in http://developer.android.com/resources/samples/BluetoothChat/index.html is very helpful. I did use some of the code, but my client connection was defined in the Activity class itself, as a inner class extending Thread: public class MyActivity extends Activity {  //some code here that does the work in the activity    private class MyThread extends Thread {         private final BluetoothSocket socket;         private final BluetoothDevice device;         private WorkerInfo worker;         public MyThread(WorkerInfo pInfo) {             BluetoothSocket tmp = null;             device = pInfo.getDevice();             worker = p

Orange Cake with a spicy twist

Oranges are awesome. They're tangy, sweet, packed with vitamin C, and ah yes not that expensive :) Also Oranges dont go bad soon. Which is why I bought a whole 2kg bag of yummy Oranges the other day. So today, I decided to make a juicy Orange cake. There are hundreds of Orange cake recipes on the internet, and I followed this one here . I did make some changes though: I added only about 100g butter instead of the 125g since someone had commented the cake was a little heavy, and I needed a light airy one. And I added a spicy twist by adding some freshly grounded cinnomen and nutmeg (warning : too much of nutmeg will make you tipsy) Plus, I used a little more Orange zest and juice than is called for in the recipe. And... the reuslt is: A lovely golden Orange cake baked just right :) Instead of icing, I punctured the cake while still warm and poured Orange syrup all over it. Let it soak in for a few minutes, and enjoy with some hot tea, or with a dollop of whipped crea

Bluetooth support on Android Emulator

I have been playing around with Android lately, and one thing that annoyed me is the emulator does not support Bluetooth (as opposed to J2ME emulator, which does). So if you do not have an actual Android device (like me), and you want to do Bluetooth/WiFi programming, you run in to a problem. Fortunately, there is a way out - Install the Android image on a VM and use your own Bluetooth device. This is what I did: Download Androidx86 from http://www.android-x86.org/ . This is an .iso file, so you'd need something like VMWare or VirtualBox to run it. Me, I use VirtualBox. When creating the virtual machine, you need to set the type of guest OS as Linux instead of Other. After creating the virtual machine, set the network adapter to 'Bridged'. Start the VM and select 'Live CD VESA' at boot. Now you need to find out the ip of this VM. Go to terminal in VM (use Alt+F1 & Alt+F7 to toggle) and use the netcfg command to find this. Now you need open a command

The good advice I just didn't take

I wish I'd listened when they told me that I shouldn't wear my heart on my sleeve...

Why am I doing a Phd?

This is a question that many people ask me. And one that I ask myself, in those wee hours of the morning when I am trying to finish writing a paper before a deadline. (I'm sure you're wondering what the Heath Photos at the top has got to do with any of this. No I'm not a crazy fan. Well. I am. Just not crazy. not that much. Anyway I'll get to that at the end) I know that some people do a PhD just for the sake of doing it - as in a pay raise or a promotion in the academical career. But in my case I did not even have an academical career, being employed in the industry for more than 2 years before I started on my doctorate. So why? Well, I got bored in the industry. And I wanted to do research. To have a career as a 'Researcher', you need to prove to your prospective employers that: a) you are capable of spending months tackling an interesting yet difficult problem b) you have patience and perseverance to learn from failures c) you're di

software මල්ලි

From an email I received: Too funny not to share~ " නෑ නෑ මල්ලි , තමුසෙලව ඇතුලට ගන්න බෑ . දන්නෙ නැද්ද ඕයි , දැන් අපිටත් එක්ක දඩ ගහනවා " බස් කොන්දොස්තර මොරදෙන්නට විය . " අනේ අයියෙ මම ඉක්මනට බැහැලා යන්නං ..." " ඔන්න ඔහෙ ඇතුලට ගනින් බං ..." ඒ බසයේ රියදුරුය . " හා හා නගිනවකෝ එහෙනං , අනේ මංද ඕයි තමුසෙලත් " මූණ පුරා රැවුල වවාගත් , බෝතල් අඩි කණ්ණාඩි දමාගත් කොල්ලෙක් බසයට ගොඩවිය . ගංජා ගැසූවෙක් මෙන් එහෙට මෙහෙට පැද්දුන ඔහු , සතියක් පමණ නොනිදා සිටියකු මෙන් සෙස්සන්ට දිස්විය . ටී - ෂර්ට් එකක් හා ඩෙනිමක් ඇඳහුන් ඔහුගේ කරේ බෑගයකි . උරහිසේ තවත් බෑගයක් වූ අතර එහි ඉදිරිපස පොකට්ටුවට අත දැමූ ඔහු එළියට ගත්තේ විරිඳු රබානකි . උගුරේ රැල් බුරුල් හැර සියලු දෙනාටම මංද හිනාවක් පෑ ඔහු , රබාන වාදනය කරන්නට ගත්තේය . ඩං රඟර්ර්ර්ර් ටං ඩං රඟර්ර්ර්ර් ටං // සරසවි නැත වරම් දීල තාලෙට කවි පද කියන්න [ ඩඟරං ටං ..... ඩඟරං ටං ..... ] ගණදෙවි නැත නුවණ දීල හරි පාරක් හොයා ග