Skip to main content

Posts

Showing posts from 2013

දස වසරකට පෙර: හන්තානේ ගල් පෙරලුනු හැටි

දැනට අවුරුදු දහයකට එපිට සිද්ධ වෙච්ච දෙයක් මේ... ඇත්තටම කිව්වොත් අවුරුදු දහයක් කියන්නේ ලොකු කාලයක් නේ. ඒ උනත් එදා හිටපු මමයි අද ඉන්න මමයි අතර අවුරුදු දහයක පරතරයක් තියෙනවා කියල මගේ හිත පිළිගන්නෙම නැහැ. .... මම හිතන්නේ ඒ අවුරුද්ද අපි ගොඩක් දෙනෙකුගේ හීන හැබෑ උණු අවුරුද්දක්. කැම්පස් එකේ පළවෙනි අවුරුද්ද එහෙම තමයි. ඒ ලෙවල් රේස් දුවල දුවල හති වැටුණු හිත ට ලස්සන තරුණ කාලේ චමත්කාරය දැනෙන්න පටන් ගත්ත කාලයක්.... මේ ලියන්නේ අපේ පළවෙනි බැච් ට්‍රිප් එක ගැන...අපි ඒ ට්‍රිප් එක ගිහිං ඇවිත් සහභාගී උණු ලෙක්චර් එකකදී එක සර් කෙනෙක් කිව්වා "ඕගොල්ලෝ මෙහෙන් අවුට් වෙලා ගිහින් අවුරුදු දහයකට පස්සෙ හිතනවද ජාවා ප්‍රෝග්‍රෑම් ලිව්ව හැටි කතාකරාවී කියල? නැහැ! ඔයාල ට මතක් වෙන්නේ ඔය ගමන!" කියලා. ඉතින් ඇත්ත නේන්නම්...අපේ ඒ කුළුඳුල් බැච් ට්‍රිප් එක එච්චරටම විශේෂයි :) මොකද කොළඹ ඉඳන් හන්තානට ගිය අපි, ආපහු ආවේ හන්තානේ ගල් පෙරළලා, කඩාවැටුණු දිරච්ච ගස් වලට යන්තම් අහු නොවී, හන්තාන කන්දේ අතරමං වෙලා, වැටිලා, පෙරලිලා, බඩගාලා, පේරාදෙණිය ඉස්පිරිතාලෙන් මැහුමුත් දාගෙන! ඒ ට්‍රිප් එක අපි ගියේ සයන්ස් ෆැකල්ටි එකේ යාලුවොත් එක්ක.

ඇඹුල් පැණි රස ඉස්තෝප්පු මතක

ඊයේ එළවලු පොළේදී ස්ට්‍රෝබෙරි, රුබාර්බ් සහ ඇස්පරගස් ගොඩවල් මැදින් මට හදිසියේ අමු අඹ මහ ගොඩක් හමුවිය! මෙල්බන් හි මට මෙතෙක් ලැබුණු අඹ කහ සහ රෝස පැහැ වටකුරු පැණි රස ඒවා විණි. එහෙත් මා සෙව්වේ මිරිස් සහ ලුණු යහමින් දමා දත් හිරිවැටෙන තෙක් කන්නට ඇඹුල් ම ඇඹුල් අමු අඹ ය... දුරු මිරිස් ගනනට දමා, තෙල් පෑදෙන්නට උයා බත් සමඟ කන්නට ඇඹුල් ම ඇඹුල් අමු අඹ ය... අඹ සහ මම එකිනෙකා හඳුනාගන්නේ බහ තෝරන්නටත් කලින් දකුණු වෙරළ තීරයේ නගරයක උඳුපියලිය වැවුණු ගෙවත්තක දී ය. සුවිසල් නිල් අඹ ගස් එකක් නොව කිහිපයක්ම එහි තිබුණා යන්තම් මතකය. උසස් පෙළ පන්තියේ දී පවා චායාවක් සේ ඉතිරි වී තිබුණු, අඹ කිරි ගෑවී පිච්චුනු පැල්ලමක් දායාද කලේ ද මේ අඹ ගස් විය යුතුය. ආච්චි අම්මා සහ සීයා ගේ කුලරත්න පාරේ නිවස සේම ඒ ආදර අඹ කැළල ද අද මතකයක් පමණි. ආච්චි අම්මා වී වේලන්නේ ඒ නිවස ඉදිරිපස පොර්ච් එක සහ උඳුපියලිය පිටිය මැද සුදු වැලි ඇතිරූ බිම් තීරුවේය. දෙළුම් ගස තිබුණේ පෝර්ච් එක කෙළවර ඉස්තෝප්පුවේ අයිනට ළඟ තැනකය. පසු කලකදී සීයා කිලෝ මීටර තිහක් පමණ ඈතක තවත් වෙරළ අසබඩ නගරයක විසු අප බලන්නට එන විට රැගෙන ආවේ ඒ දෙළුම් ගෙඩි ය. ඒ ඉස්තෝප්පුවේ

අපි හරි හොඳ යි (ද??)

"අපේ සදාචාරය" ගැන කතාකිරීම තරම් සමහර ශ්‍රීලාංකික අය කැමති දෙයක් තවත් නැත. පැරණි සංස්කෘතිය, සභ්‍යත්වය වැනි වදන් ද මේ හා එකට බැඳී ඇත්තේය.  එහෙත් සැබවින්ම සදාචාරය යනු කුමක්ද? සදාචාරය යනු බාහිර සිරිත්, ඇඳුම් පැළඳුම් යනාදියෙන් මැනිය හැකි දෙයක් ද? නැතහොත් පුද්ගල අභ්‍යන්තරයෙන් මතුවන ජීවන රටාවෙන් පිළිබිඹු වන්නක්ද? හැත්තෑව දශකයේ තරුණියන් බොහෝ දෙනා ඇන්දේ මිනි ගවුම්ය. තරුණයන් බෙල් බොටම් ය. එකල පැවති විලාසිතාවට අනුව එසේ ඇන්දා මිස ඔවුන් ට සදාචාරයක් නැති නිසා එසේ ඇන්දේ නැත. සියලු රටවලට, ජාතීන්ට, විවිධ සංස්කෘති, සදාචාරය විධි පවතී.  අපේ රටේ සංස්කෘතිය ඉතාම අනර්ඝ යයි අපම කියා ගත්තාට, ලොව වෙනත් රටවල අයට අපේ සංස්කෘතියේ සමහර අංග විකාරරුපී හෝ අප්‍රසන්න හෝ හානිකර ලෙස පෙනෙන්නට පුළුවන. මුසල්මානුවන් එක පිඟානේ බත් කෑම අප්‍රියජනක බව සමහර සිංහල අය පවසති. එහෙත්, අපි බත් මාලු අතින් අනා කෑම යුරෝපයේ හෝ චීනයේ කෙනෙක්ට ඔක්කාරය හදවන තරමට අප්‍රිය වන්නට ඉඩ ඇති බව ඔවුන් නොදනී! බටහිර රටවල කොට ඇඳුම් දකින සමහරු බටහිර සංස්කෘතියේ නිර්ලජ්ජිත භාවයට දොස් තියති. එහෙත්, දෙපතුල දක්වා ම වැසෙන සේ ඇඳුම් ඇඳ ගෙන ගිය

මගුල් කෑම! : 3 .. පොල්!

<< මෙන්න 1 කොටස   << මෙන්න 2 කොටස  මගුලක් ගන්ඩ හිතන් ඉන්නවනම් අනිවාර්යෙන් කරන්න ඕනේ එකක් තියෙනවා. ඒ තමයි එදාට දෙන්න පෝරුවෙන් බහිද්දී පොල් බිඳින්න මාමා කෙනෙක් හොයාගන්ඩ එක! අදාළ එලෙජිබල් මාමා ට පොල් බිඳලා පලපුරුදු කෙනෙක් නම් ගොඩ. නැත්නම් ඉතින් පොඩි කේස් එකක් තමයි! ඔන්න ඉතින් මං තුමියගේ මාමා ත් උපන් තේකට පොල් බිඳලා නැහැලු. ඊටත් එහා එයා දැන් අවුරුදු ගානක් ඉන්න රටේ පොල් ඇත්තෙත් නැති නිසා සෑහෙන කාලයක් පොල් සමඟ ගනුදෙනු ත් නැහැලු! දැන් ඉතින් මගුල් ගෙදරට කලින් දවසේ අපේ ගෙදර එක ජරමරයයි.  මොකද්ද? ඒ තමා මාමාට පොල් බිඳීමේ කෙටි කාලීන පුහුණුවක් ලබාදීමේ මහා ව්‍යාපාරය!  ඔතන වැඩේ තියෙන්නේ ඔය පොල් ගෙඩිය එක පාරින් බිඳින්න ගහන්න ඕනෙලු. තව පලු දෙකම සමානව ලස්සනට උඩ අතට දෙපැත්තට වෙන්නත් ඕනෙලු.  ඇත්තටම මෙව්වා ඉතින් බොරු විකාර තමයි. ඒත් මාමා දැන් හෙන අවුල්...පොල් ගෙඩිය හරියට බිඳුනේ නැත්නම් හරි නැහැ කියල එයා බයේ.  ඉතින් අපි කොච්චර කිව්වත් කොහොම බිඳුනත් කමක් නෑ කියල එයාට ඕනේ උනා පොඩි ප්‍රැක්ටිස් පාරක් දාන්න. [එයා එහෙම තමයි. තමන්ට දෙන වැඩේ අකුරට කරන්ඩ තමා හදන්නේ] අනිත් එක තමයි මාමා දන

සුභ උපන් දිනක් සුහදේ!

I have been here before, But when or how I cannot tell; I know the grass beyond the door, The sweet keen smell, The sighing sound, the lights around the shore. You have been mine before— How long ago I may not know: But just when at that swallow’s soar Your neck turned so, Some veil did fall, — I knew it all of yore.       Happy Birthday Dearest!

සඳ දෙව්දුව වඩිනා සරත් මංගල්‍යය අදයි!

ඔන්න ඉස්සර කාලේ ඈත රටක හිටියලු වීර දුනුවායෙක්. එයා ගේ බිරිඳ තමයි සුරූපී චෑන්. ඉතින් එක දවසක් ඉරවල් දහයක් එක පාරටම අහසේ පායලා... අවු රශ්මිය දරාගන්න බැරුව ඒ රටේ මිනිස්සු හරියට කරදර වුනාලු. අපේ දුනුවායා වහාම ඉදිරිපත් වෙලා පායපු ඉරවල් නවයක්ම ඊතල විදලා අහසෙන් බිමට දාලා රට බේරාගෙන. මේ වීර ක්‍රියාව දැකල සතුටුවුණ දෙවිකෙනෙක් දුනුවායාට තෑගී කරාලු අමෘතය බඳුනක්. ඒ උනත් තමන්ගේ බිරිඳ ට පණ වගේ ආදරේ කරපු දුනුවායා මේ අමෘතය නොබී ඉන්න තීරණය කලේ තමන්ගේ ආදරේ නැතිව තමුන් විතරක් අමරණීය වෙලා ඇති වැඩක් නැහැ කියල හිතලයි. අවාසනාවකට දුනුවායාගේ දුෂ්ට ගෝලයෙක් දැනගන්නවා මේ අමෘත බඳුනේ රහස. ඉතින් එයාට ඕනේ වෙනවා මේ අමෘතය සොරා ගන්න. දුනුවායා දඩයමේ ගිය වෙලාවක් බලල චෑන් විතරක් ගෙදර ඉන්න වේලාවකදී මේ දුෂ්ට ගෝලයා දුනුවායගේ ගෙදරට පැනලා අමෘතය හොරකම් කරන්න හදනවා. එතකොට චෑන් ඒකට විරුද්ධ වුනාම ගෝලයා ඈට තර්ජනය කරාලු අමෘත බඳුන තමන්ට දෙන්න කියල. මේ වගේ දුෂ්ට නපුරු මිනිහෙක් අමරණීය උනොත් ලෝකෙට වෙන්න පුළුවන් කරදර ගැන හිතපු අසරණ චෑන්, අමෘත බඳුන වැරදි අතට පත්වෙන්න ඉඩනොදී තමන්ම පානය කරාලු. දුෂ්ට ගෝලයාට බයවුණු ඈ අමෘතයේ බලයෙන් ඒ විගසම අහසට

හොඳ බිරිඳක්\සැමියෙක් හොයනවද?

බිරිඳක් හොයාගන්න එක මේ දවස්වල මේ පැත්තේ තියෙන දැවෙන ප්‍රශ්නයක්!... නිකම්ම නිකම් බිරිඳක් වැඩකුත් නෑනේ. 'හොඳ බිරිඳක්' වෙන්නත් ඕනෙනේ. ඔන්න දැන් මේ පැත්තේ ත් අර 'The Bachelor' හෙවත් 'තනිකඩයා' ෂෝ එක පටන් ගත්තා. මේකත් අර සුපර් ස්ටාර් වගේ රියැලිටි ෂෝ එකක්. මෙන්න මේ 'තනිකඩයා' ට කෙල්ලක් සෙට් කරගන්න එක තමයි මේ ෂෝ එකේ අරමුණ. Source: Google images ෂෝ එක මුලදී කෙල්ලෝ 25 ක් එක්ක තමයි පටන් ගන්නේ. ඊට පස්සේ වටයෙන් වටය කෙල්ලෝ කැපෙනවා. අන්තිමට ඉතුරු කෙනා තමයි ඔය තනිකඩ කොලුවා ගේ තෝරා ගැනීම! අපේ පොඩි කුමාරිහාමි ත් ලඟදි අමාරුවේ වැටුනනේ... ඉතින් එයාත් මේ කසාද ජීවිතේ ගැන ලියල තිබුනා . එතෙන්දි කීප දෙනෙක්ම 'හොඳ බිරිඳක්' වෙන්න නම් පුරුදු පුහුණු කරන්න ඕනේ දේ ගැන කියල තිබුනත් 'හොඳ සැමියෙක්' වෙන්න නම් මොනවා කරන්න ඕනෙද කියල තිබුනේ නෑ :(   පුතෙක් ට හොඳ සැමියෙක් වෙන්න අම්ම පුරුදු කරවන්න වටින දේවල් ටිකක් කියල තිබුනේ පොඩ්ඩි විතරයි  ... ඉතින් මට ඇතිවුණු ප්‍රශ්න තමයි: 'බිරිඳ' කියන්නේ උයන්න, රෙදි හෝදන්න, අයන් කරන්න, ඉන්න එක්කෙනෙක්ද? බිරිඳගේ වගකීම් කියල

කන්නාඩි වෙළෙන්දෝ!

පිටසක්වළ ජීවීන් පෘථිවියට ආවොත් මොනවා වේවිද? අවුරුදු ගාණක් තිස්සේ චිත්‍රපටි සහ රුපවාහිනී කර්මාන්තය මේ ප්‍රශ්නේ ට උත්තර 'නිපදවමින්' ලාභ ලබනවා! බහුතරයක පිටසක්වළ ජීවීන් මිනිස්සුන්ට වඩා තාක්ෂණයෙන් දියුණු සත්ව කොටසක් හැටියට පෙන්වන්නේ. ඒ වගේම, බොහෝ විට මේ පිටසක්වළ-මිනිස් හමුව ඇතිකරන්නේ අර්බුදකාරී තත්වයක්. සිනමාවේ විතරක් නෙවෙයි, සමහර විද්‍යාඥයන් පවා හිතන්නේ පිටසක්වළ-මිනිස් හමුවෙන් විශාල ගැටුම් ඇතිවෙන්න පුළුවන් බවත් ඒ ගැටුම් වලින් මිනිස්සු පරදින්න පුළුවන් බවත්. image source: http://24.media.tumblr.com/c8591bbe160e7320445a243340faf0c5/tumblr_moebshgd6M1sqfr06o1_250.gif ස්ටීවන් හෝකින්ස් කියන්නේ මෙහෙම: පිටසක්වළ-මිනිස් හමුවත් කොලොම්බස් ඇමෙරිකාවට ගොඩබැස්ස වෙලේ රතු ඉන්දියානුවන් හමුවීම වගේ වෙන්ඩ පුළුවන්. ඒ හමුව රතු ඉන්දියානුවන්ට හොඳක් කළේ නැහැ නෙ. ["If aliens visit us, the outcome would be much as when Columbus landed in America, which didn't turn out well for the Native Americans," he said. http://news.bbc.co.uk/2/hi/8642558.stm ] ඒත් ඇයි අපි පිටසක්වළ ජ

Perspective

I wait in the medical centre while gently holding my injured right hand with my left. The paramedic had wrapped it in gauze the night before, after applying Burn Aid. I could see that he feels pretty bad for me when he sees the scalding. "you're right handed aren't you?" He had asked pityingly. At last they call my name, and I am in the nurses' room with a doctor. The nurse is a cheery motherly hen type with a sort of handyman's kit on her hip. She says she got it as a present on Mothers day and use it to keep things like scissors and tape, since they always seem to go missing. The doctor and nurse chatter on while the nurse cuts open my dressing and proceeds to soak the gauze in saline. I sit glumly staring at my hand, feeling sorry for myself and a little put off by the jovial chatter. "I didn't see you for a few months. Were you away?" asks the doctor as the nurse gingerly removes the last piece of gauze. I peek at my poor hand appreh

සිහසුන් ක්‍රීඩා හෙවත් A Game of Thrones නොහොත් ඇබ්බැහි වීම

කාලයෙන් කාලයට විවිධ දේ වලට 'ඇබ්බැහි වීම්' ඇතිවේ. රුපවාහිනී කතා මාලා , පොත් , පරිගණක ක්‍රීඩා, සංගීතය , ඡායාරුපකරණය , ඇතුළු බොහෝ ඇබ්බැහිකම් ජීවිතය රසවත් කරයි... Game of Thrones යනු මේ දින වල රුපවාහිනියේ ප්‍රචාරය වෙන මාගේ නවතම ඇබ්බැහිවීමයි! එය George R. R. Martin විසින් ලියන පොත් මාලාව මත පදනම් වී ඇත්තක්. රුපවාහිනී කතා වෘතාන්තය කෙතරම් විශිෂ්ට වුවත්, පොත් මාලාව ට මම වඩාත් කැමැත්තෙමි. රුපවාහිනියේ දිවෙන රුප රාමු සිත් ඇද ගනී. එසේ වුවත් ප්‍රධාන චරිත කිහිපයක්ම රූපවාහිනියට වඩා වෙනස් ව පොත් වල දිස්වේ. රුපවාහිනි කතා මාලාවේ සමහරක් සුදු කළු වශයෙන් දිස්වෙන චරිත ප්‍රත්‍යර්පණය ට වඩා පොත් වලින් හෙළිවන අළු පාට චරිත නිරුපණය ට මම ඇලුම් කරනවා! හිමෙන්, ගින්නෙන් ගැයෙන ගීතය  රුපවාහිනි කතා මාලාවේ නම Game of Thrones වුවත්, A Game of Thrones යනු පොත් පෙලේ පලවෙනි පොත ය. සැබෑවටම පොත් පෙලේ නම හිමෙන්, ගින්නෙන් ගැයෙන ගීතය හෙවත් A Song of Ice & Fire ය. දැනට පොත් පහක් ලියවී ඇති මේ කතාව අයිති වන්නේ මනස්සෘෂ්ටික මහා කාව්‍ය හෙවත් Epic Fantasy ගණයේ සාහිත්‍යයට බව කිව හැකිය. එසේ වුවත්,කල්පිතය, යතාර

මගුල් කෑම! : 2 ..වෙන්ඩ මනමාලිලාට වැදගත් අනම් මනම් ටිකක්

<<මෙන්න 1 කොටස කොහේද? දිනේ තෝරගත්තට පස්සේ තියෙන්නේ වෙඩින් එක ගන්ඩ තැනක් බුක් කරන එක. එතෙන්දි ඔයාල අමුත්තෝ කී දෙනෙක්ට ආරාධනා කරනවද කියල දළ වශයෙන් අදහසක් තියෙන්ඩ ඕනේ. මොකද ගොඩක් හෝල් වල අවම සහ උපරිම අමුත්තෝ ගානක් තියෙනවා. මම නම් පුද්ගලිකව උඩ තට්ටුවේ තියෙන හෝල් වලට කැමති නැහැ. මොකද ඒවා වල සාමාන්යෙන් සීලින් එක පහතයි. එතකොට පොඩ්ඩක් හිරවෙච්ච ගතියක් එන්ඩ පුළුවන්. උසට සීලින් එකක් තියෙන කොට වැඩිය ලස්සනයි... අනිත් එක පඩි නැග නැග bridal retinue එක එද්දී ඒකෙ ලස්සනත් යනවා. හෝල් එක බුක් කරද්දී එතන පිහිටීම ගැනත් පොඩ්ඩක් හිතන්න. ඒ කිව්වේ කොහෙද තියෙන්නේ කියලා. මනමාලිගේ ගෙදර ඉඳන් යන්න ළඟ වෙන තරමට හොඳයි. ඒ වගේම එන මිනිස්සුන්ට පහසු නම් තවත් හොඳයි. මොකද මිනිස්සු අපේ වෙඩින් එකට එන්නේ දහසකුත් එකක් කරදර මැද්දේ. එහෙව් එකේ හොයාගන්න අමාරු, දුර බැහැර තැනක තියෙන හෝල් තෝර නොගන්න තරමට තමයි හොඳ. අනික් එක තමයි වියදම :) මේකට තමයි ඉතින් වැඩිම වියදම යන්නේ. ගොඩක් වෙලාවට කෑම මෙනු දෙක තුනක් අතරින් තොරගන්ඩ තියෙන්නේ. ඉතින් තමන් ට කැමති විදිහට මෙනු එකේ දෙන කෑම ජාති බලල අතේ තියෙන ගානට එකක් තෝ

මගුල් කෑම! ..වෙන්ඩ මනමාලිලාට වැදගත් අනම් මනම් ටිකක් : 1

මගුලක් ගන්නවා කියන්නේ පණ යන වැඩක්! කසාද බැඳපු අය දන්නවා ඇති නේ... :D හැබැයි හරියට ප්ලෑන් කරලා එදා දවස ලස්සනට වැඩේ කෙරුනහම උණු මහන්සිය කමක් නැහැ කියලත් හිතෙනවා. ඉතින් මාස ගානක් තිස්සේ මගුල් ගෙදර වැඩ නිසා කෑව කටු ගැන හිතලා මට හිතුනා අනාගත මනමාලිලාට වැදගත් වෙන දේවල් ටිකක් ලියන්න. කවද්ද? ඔයාල බඳින්න ඉන්නවනම් පළවෙනි වැඩේ දිනයක් දා ගන්න එක. කේන්දර අනුව නැකත් බලල නම් එහෙමයි, නැත්නම් පහසු විදිහට දිනේ ගන්නත් පුළුවනි. නැකත් පොඩ්ඩක් ඔය නැකත් හදනකොට බලන්න දීල තියෙන නැකත් වෙලා එක්ක ඔයාලගේ වැඩ ටික කරගන්න වෙලා ඇද්ද කියල. රෙජිස්ට්‍රේෂන් එක සමහරු කලින් ගන්නව නේ. තවත් සමහරු මගුල් දවසේමයි රෙජිස්ටර් කරන්නේ. එහෙම මගුල් දවසෙම කරනවා නම් ඒකටත් පැය කාලක් වත් යනවා කියල හිතේ තියාගන්න...හැබැයි නැකත අනුව ඒ වෙලාව වෙනස් වෙනවා. ඒ කියන්නේ පෝරුවෙන් පස්සේ තමයි රෙජිස්ටර් කරන එක කරන්නේ. එතකොට පෝරුවෙන් බහින නැකතයි, රෙජිස්ටර් කරන නැකතයි අතර ගොඩක් වෙලා උඩ බලාගෙන නිකන් ඉන්න වෙන විදිහට හදා ගන්ඩ එපා. මොකද එතකොට උත්සවේ වෙලාව නිරාපරාදේ නාස්ති වෙනවා. ආපු අමුත්තන්ටත් කම්මැලියි... පෝරුවෙන් බැහැල පැය බාගයක් වගේ ත

ආදර භූතයා

ගොඩක් අය 'භූතයන්ට' භයයි නේ. දැන් ඔය සමහර ඉඩම් වලට ගෙවල් වලටත් 'භූත දෝෂ' කියන ඒවා තියෙනවා කියල සමහර යට හරි හරි ප්‍රශ්න වෙනවනේ. හැබැයි  'බහුභුතයෝ' ඊට වෙනස්. බහු භූතයා කියන්නේ නිකම් 'ජෝකර්' කෙනෙක්ට වගේ නේද? සමහර මෝඩ චාටර් වැඩ කරන අයට 'මොන බහුබුතයෙක්ද' කියල බනිනවා ඇහිලා තියෙනවා. ඒ උනාට කාට හරි හම්බ වෙලා තියෙනවද ' ආදර භූතයෙක් '? :D :D මේ ආදර භූතයා මට හම්බු උනේ ඉස්කෝලේ යන කාලේදී. මට මතක හැටියට මම දහය වසරේ විතර. අපේ ඉස්කෝලේ තියෙන ප්‍රධාන හෝල් එකේ පොඩි කොරිඩෝර් එකක් වගේ කෑල්ලක් තියෙනවා...මම හිතන්නේ එක අර වේදිකාව යටින් යන හිස් ඉඩක් වගේ එකක්. ඔය passage ways, dressing room එකටත් සම්බන්ධයි. හෝල් එකේ මේ පැත්තෙන් රිංගුවාම අනෙක් පැත්තෙන් මතු වෙන්නේ. පොඩ්ඩක් අවුල් වගේ නම් වේදිකාව යටින් යන පොඩි බිම් ගෙවල් පද්ධතියක් වගේ එකක් මවාගන්ඩකො. මම හිතන්නේ auditorium හෙවත් ශ්‍රවනාගාර වල එහෙම තමයි හදන්නේ. මේ පින්තුරේ යට දකුණු කෙලවරේ තියෙන්නේ වේදිකාව යටින් යන චුටි උමගක් වගේ ඒවා... image from :http://www.videoccasions-nw.com/history/cst/audiview.gif

Cylon memories: paying to get scared!!

Warning: Only fans of Battlestar Galactica will relate to some things in this post. Other people...ah well we cannot expect everyone to have good taste in TV :P It always surprises me how much we like to be scared. We may call it 'thrilling' but in all honesty, when I was screaming my ass off on this roller coaster so aptly named the Cylon ride, I was not thrilled. I was scared. I was absolutely, mindlessly, scared.  But then again I did not shut my eyes. Nor did I cry (which is more than I can say for some other passengers on the Cylon ride! hah! Aren't I brave?) So perhaps I was not actually terrified either. Also, if I was really scared shitless then why do I find myself wishing that I could go again? Anyone who plans to visit Singapore, if you love rollercoasters, and BSG, do pop in to Universal Studios! They have this AWESOME BSG themed twin rollercoaster. One is named Human, and the other one is Cylon. Having been informed by previous riders, I chose the Cylon r

We got hitched! අපිත් බැන්ද ලු!!

    අපි බැන්ද දවස ගොඩක් විශේෂයි. එකක්, එදාට අවුරුදු 30 කට කලින් තමයි මගේ අම්මයි තාත්තත් හා හා පුරා කියල අමාරුවේ වැටුනේ. :D අනිත් එක, මගේ අලුත් අම්ම ගේ උපන් දිනෙත් එදාම යි... හෙට අනිද්දා බඳින්න ඉන්න අයට පුංචි දෙයක් කියන්න හිතුව... වෙඩින් එක කියන්නේ චිත්‍රපටියක් නෙවෙයි. උත්සවයක්. ඉතින් හොඳම දේ තමයි තමන්ගේ මගුල් ගෙදර හොඳට එන්ජෝයි කරන එක.  ඕනවට වඩා විච්චුරණ වැඩ කෑලි දාගත්තම ඒක කරන්න වෙලා මදි වෙනවා. ඕන නැති වියදමුත් එනවා. අන්තිමට කපල් එකට හොඳටම මහන්සියි. ආපු මිනිස්සු එක්ක පොඩ්ඩක් කතා කරලා, ඩාන්ස් කරන්න වත් වෙලා නැහැ. පටන් ගත්තු වෙලේ ඉඳන් ෆොටෝ ෂූට් විතරයි. අපේ මගුල් ගෙදර වෙඩින් කේක් කපන්න, කිරි කළ, ෂැම්පේන් වක් කරන ඒවා, කතා පවත්වන ඒවා, නැටුම් කණ්ඩායම්, කරන්න මම කැමති උනේ නැහැ. ගොයින් අවේ වෙනින් ඇඳුම් මාරු කරේ නැහැ මට ඒ වෙලාවක් තිබුනේ නැති නිසා. අනිත් එක හෝම් කමින් එකකුත් ගන්න නිසා, ඔය පොඩි වෙලාවට ඕකට වියදම් කරන්නත් මට ඕනෑකමක් තිබුනේ නැහැ. අන්දන්න ගියේ පැය 2.5 වගේ කාලයක්...ඉතින් මට කිසිම අමාරුවක්, මහන්සියක් තිබුනේ නැහැ වෙඩින් එක පුරාවට. ඇත්තටම මම මගේ වෙඩින් එ