Skip to main content

Posts

Showing posts from September, 2013

සුභ උපන් දිනක් සුහදේ!

I have been here before, But when or how I cannot tell; I know the grass beyond the door, The sweet keen smell, The sighing sound, the lights around the shore. You have been mine before— How long ago I may not know: But just when at that swallow’s soar Your neck turned so, Some veil did fall, — I knew it all of yore.       Happy Birthday Dearest!

සඳ දෙව්දුව වඩිනා සරත් මංගල්‍යය අදයි!

ඔන්න ඉස්සර කාලේ ඈත රටක හිටියලු වීර දුනුවායෙක්. එයා ගේ බිරිඳ තමයි සුරූපී චෑන්. ඉතින් එක දවසක් ඉරවල් දහයක් එක පාරටම අහසේ පායලා... අවු රශ්මිය දරාගන්න බැරුව ඒ රටේ මිනිස්සු හරියට කරදර වුනාලු. අපේ දුනුවායා වහාම ඉදිරිපත් වෙලා පායපු ඉරවල් නවයක්ම ඊතල විදලා අහසෙන් බිමට දාලා රට බේරාගෙන. මේ වීර ක්‍රියාව දැකල සතුටුවුණ දෙවිකෙනෙක් දුනුවායාට තෑගී කරාලු අමෘතය බඳුනක්. ඒ උනත් තමන්ගේ බිරිඳ ට පණ වගේ ආදරේ කරපු දුනුවායා මේ අමෘතය නොබී ඉන්න තීරණය කලේ තමන්ගේ ආදරේ නැතිව තමුන් විතරක් අමරණීය වෙලා ඇති වැඩක් නැහැ කියල හිතලයි. අවාසනාවකට දුනුවායාගේ දුෂ්ට ගෝලයෙක් දැනගන්නවා මේ අමෘත බඳුනේ රහස. ඉතින් එයාට ඕනේ වෙනවා මේ අමෘතය සොරා ගන්න. දුනුවායා දඩයමේ ගිය වෙලාවක් බලල චෑන් විතරක් ගෙදර ඉන්න වේලාවකදී මේ දුෂ්ට ගෝලයා දුනුවායගේ ගෙදරට පැනලා අමෘතය හොරකම් කරන්න හදනවා. එතකොට චෑන් ඒකට විරුද්ධ වුනාම ගෝලයා ඈට තර්ජනය කරාලු අමෘත බඳුන තමන්ට දෙන්න කියල. මේ වගේ දුෂ්ට නපුරු මිනිහෙක් අමරණීය උනොත් ලෝකෙට වෙන්න පුළුවන් කරදර ගැන හිතපු අසරණ චෑන්, අමෘත බඳුන වැරදි අතට පත්වෙන්න ඉඩනොදී තමන්ම පානය කරාලු. දුෂ්ට ගෝලයාට බයවුණු ඈ අමෘතයේ බලයෙන් ඒ විගසම අහසට

හොඳ බිරිඳක්\සැමියෙක් හොයනවද?

බිරිඳක් හොයාගන්න එක මේ දවස්වල මේ පැත්තේ තියෙන දැවෙන ප්‍රශ්නයක්!... නිකම්ම නිකම් බිරිඳක් වැඩකුත් නෑනේ. 'හොඳ බිරිඳක්' වෙන්නත් ඕනෙනේ. ඔන්න දැන් මේ පැත්තේ ත් අර 'The Bachelor' හෙවත් 'තනිකඩයා' ෂෝ එක පටන් ගත්තා. මේකත් අර සුපර් ස්ටාර් වගේ රියැලිටි ෂෝ එකක්. මෙන්න මේ 'තනිකඩයා' ට කෙල්ලක් සෙට් කරගන්න එක තමයි මේ ෂෝ එකේ අරමුණ. Source: Google images ෂෝ එක මුලදී කෙල්ලෝ 25 ක් එක්ක තමයි පටන් ගන්නේ. ඊට පස්සේ වටයෙන් වටය කෙල්ලෝ කැපෙනවා. අන්තිමට ඉතුරු කෙනා තමයි ඔය තනිකඩ කොලුවා ගේ තෝරා ගැනීම! අපේ පොඩි කුමාරිහාමි ත් ලඟදි අමාරුවේ වැටුනනේ... ඉතින් එයාත් මේ කසාද ජීවිතේ ගැන ලියල තිබුනා . එතෙන්දි කීප දෙනෙක්ම 'හොඳ බිරිඳක්' වෙන්න නම් පුරුදු පුහුණු කරන්න ඕනේ දේ ගැන කියල තිබුනත් 'හොඳ සැමියෙක්' වෙන්න නම් මොනවා කරන්න ඕනෙද කියල තිබුනේ නෑ :(   පුතෙක් ට හොඳ සැමියෙක් වෙන්න අම්ම පුරුදු කරවන්න වටින දේවල් ටිකක් කියල තිබුනේ පොඩ්ඩි විතරයි  ... ඉතින් මට ඇතිවුණු ප්‍රශ්න තමයි: 'බිරිඳ' කියන්නේ උයන්න, රෙදි හෝදන්න, අයන් කරන්න, ඉන්න එක්කෙනෙක්ද? බිරිඳගේ වගකීම් කියල