Skip to main content

Posts

Showing posts from September, 2015

සහානුයාතයෙන් අනන්තය වෙත නොයමු!

සහානුයාත ක්‍රමය මුලින්ම මට හමුවෙන්නේ උසස් පෙළ ශුද්ධ ගණිතයේදී. කොහොමත් මට ව්‍යවහාරික ගණිතය ගැන තිබුණු ඇල්මැරුණු ස්වභාවය ට වඩා උනන්දුවක් ශුද්ධ ගණිතය ගැන තිබුණා. මම සහානුයාත ක්‍රමය ට ගැටළුවක් විසඳනු බලා සිටි ගුරුතුමී 'ඔයාට හරියන්නේ ප්‍රෝග්‍රැමිං' යැයි පැවසුවත්, ඒ වෙන විට නම් පරිගණක ක්‍රමලේකනයේ සහ සහානුයාතයේ  සම්බන්ධය දැන සිටියේ නැහැ. සහානුයාත ය නැත්නම් recursion පැහැදිලි කර ගන්න සරල උදාහරණ කිහිපයක් කිව්වොත්: 1) කතන්දරේ - එකමත් එක රටක පොඩි බබෙක්ට නින්ද යන්නේ නැති නිසා එයා නිදි කරවන්න අම්මා ගෙඹි පැටියගේ කතාව කිව්වා.       ....එකමත් එක රටක ගෙඹි පැටියෙක් හිටියා. ගෙඹි පැටියට නින්ද  යන්නේ නැති නිසා එයා නිදි කරවන්න ගෙඹි අම්මා වලස් පැටියගේ කතාව කිව්වා.             ... එකමත් එක රටක වලස් පැටියෙක් හිටියා. වලස් පැටියට නින්ද  යන්නේ නැති නිසා එයා නිදි කරවන්න වලස් අම්මා මුගටි පැටියගේ කතාව කිව්වා.                   ...මුගටි පැටියට නින්ද ගියා.        ....ඉතින් වලස් පැටියට නින්ද ගියා.      .....ඉතින් ගෙඹි පැටියට නින්ද ගියා. ඉතින් බබාට නින්ද ගියා. 2 ) රුසියන් බෝනික්කෝ සෙට් -  මේ පහත

උදාන!

"උදාන" කියන්නේ ඉතාම පරමෝත්කෘෂ්ට ප්‍රීතියක්... පිටාර ගලල ගිහින් පිටස්තරයන්වත් ප්‍රබෝධමත් කරන හැඟීමක්! මහන්සි වෙලා වෙලා උසම උස කන්දක් නැග්ගාම, අමාරුම අමාරු විභාගයක් සමත් උනාම, කට්ට කාල කාල ගොඩ ගියාම, කෑ ගහලා උඩ පනින්න තරම් සතුටක් දැනෙන්නේ, අන්න ඒ උදාන ය! ඒ උනත් වචන හරි වටිනවා කවියන්ට. මිල වැඩිම කවි සරලයි සුගමයි. වචනයක සාන්ද්‍රණය හරි ඉහළයි එතකොට. හරියට මකියාටෝ වීදුරුවක් එක පාරට බිව්වා වගේ... ...හැම පදයක්ම ඇඟට වදිනවා මදි නොකියන්න. අනේකජාති සංසාරං සන්ධාවිස්සං අනිබ්බිසං ගහකාරකං ගවේසන්තෝ දුක්ඛා ජාති පුනප්පුනං ගහකාරක දිට්ඨෝ’සි පුන ගේහං න කාහසි සබ්බා තේ ඵාසුකා භග්ගා ගහකූටං විසංඛිතං විසංඛාරගතං චිත්තං තණ්හානං ඛයමජ්ඣගා 1 Through the round of many births I roamed without reward,     without rest, seeking the house-builder. Painful is birth     again & again. House-builder, you're seen! You will not build a house again. All your rafters broken, the ridge pole destroyed, gone to the Unformed, the mind has come to the end of craving 2 1 - ධම්මප