Skip to main content

Posts

Showing posts from December, 2014

කොටන්න කලින් ...

පරිගණක ක්‍රමලේකනයෙදී වැදගත්ම දේ මොකද්ද? අදාළ පරිගණක භාෂාව දැනගනීමද? එහෙමත් නැත්නම් ක්‍රමලේඛන මුලධර්ම දැනගනීමද? මම නම් හිතන්නේ වැදගත්ම තමන් කරන දේ මොකද්ද කියල පැහැදිලි අවබෝධයක් තිබීම. එහෙමත් නැත්නම් තමන්ගේ 'logic' එක 100% පැහැදිලිව පරිගණකයට දෙන එක. එහෙම දෙන්න නම්, මුලින්ම තමන්ගේ logic එක තමන් හරියට හදාගන්න ඕනේ. ක්‍රමලේකනය කියන්නේ යම් කිසි ගැටලුවක් විසඳීමට දෙන ක්‍රමවේදයක්. ක්‍රමලේකනයට අළුතින් එකතු වෙන අය කරන වැරැද්දක් තමයි මෙන්න මේ ක්‍රමවේදය මොකද්ද කියල තමන් මුලින් හිතන්නේ නැති එක. පරිගණක කියන්නේ ක්‍රමලේකනය අකුරට පිළිපදින යන්ත්‍ර විතරයි. ගැටළු විසඳන්න පරිගණක දන්නේ නැහැ. විසඳන ක්‍රමය ඔබ අකුරෙන් අකුර පරිගණකයට කිව යුතුයි. එක පාරට කම්පියුටර් එක ඉස්සරහ කොටන්න ගන්න එපා. අරහෙන් මෙහෙන් කෝඩ් කෑලි කොපි කරන් එකට අමුණලා ගොඩ යන්න උත්සාහ කරන්නත් එපා. ඉස්සෙල්ලම පොඩ්ඩක් හිතන්න තමුන් මේ ගැටලුව විසඳන්නේ කොහොමද කියලා. ඊට පස්සේ විසඳුම ගැන high level අවබෝධයක් ආවාම ක්‍රමලේකනය පටන් ගන්න. Remember, the best thing about computers is that they will do EXACTLY what the code (i.e. YOU) tell it to do.