Skip to main content

Posts

Showing posts from 2012

සයිනස් අමාරුව තියෙන අයට (ඔලුව කැක්කුමට විසඳුමක්)

ගොඩක් සෙම අමාරු තියෙන අයට හැදෙන ලොකු ලෙඩක් තමයි ඔය සයිනස් නිසා ඇතිවෙන ඔලුව කැක්කුම.  මට නම් ගොඩක් වෙලාවට ඉස්සර තද රස්නේ වෙලාවට එලියට ගිහින්, ඊට පස්සේ ආයේ A/C ඇතුලට ගියොත් අනිවාර්යෙන් ඔලුව රිදෙන්න ගන්නවා. නැත්නම් හදිසි කාලගුණ වෙනසක් උනොත් - ඒ කියන්නේ එක පාරටම උෂ්ණ ඉඳන් සීතලට මාරු උනොත්, හරි සීත ඉඳන් උෂ්නට මාරු උනොත් හරි, ඒත් ඉවරයි. නැතිනම් රෑට අයිස්ක්‍රීම් කෑවොත්... මේක තියෙන අය අත්දැකීමෙන් දන්නවා මේ හිසරදේට පැනඩෝල් වැඩ කරන්නේ නැහැ කියල. ඔන්න ඉතින් මේකෙන් 100% ගැලවෙන්න ඔය කිසිම පේන් කිලර්ස් මුකුත් නැති ක්‍රමයක් කියන්නයි යන්නේ. මට මේක කියල දුන්නේ දොස්තර මහතෙක්. දැන් අවුරුදු පහක් තිස්සේ මට නම් මේක හොඳටම වැඩ... ක්‍රමයක් කිව්වට මෙතන අනුගමනය කරන්න ඕනේ දේවල් දෙකක් තියෙනවා. 1) උදේට ඇඟ හොදද්දී බලන්න කොන්ඩේ තෙමෙනවද කියල. විශේෂෙන් ඔලුවේ පිටිපස්සේ අග හරියේ කොන්ඩේ. එහෙම තෙමෙනවනම් ඒක වලක්වගන්න. හොඳම දේ ෂවර් කැප් එකක් පාවිච්චි කරන එක. 2) හැමදාම ඔලුවෙන් හිට ගන්න. දැන් ඉතින් හිනාවෙන්න එපා. ඔලුවෙන් හිටගන්න කිව්වට මෙන්න මේ යෝගා අභ්‍යාසේ තමා කරන්න කිව්වේ . (ඒකෙ ඉතින් තියෙන්නේ ඔලුවෙන් හ

සම අයිතීන්

එහෙට යනවා නම් ඔයා කොට කලිසම් එහෙම ඇඳන් එන්න එපා ඇයි? ඇයි කියන්නේ හවසට ෆෝමල් විදිහට විතරයි යන්න දෙන්නේ. එතකොට ඔයා මොකද්ද අඳින්නේ? ආ මමද? මම ඉතින් මොකක් හරි පොඩි කොට කෑල්ලක් ඇඳන් එන්නම්. මාර කෙළියක්නේ . දැන් මට කොට කලිසම් අඳින්න එපා කිව්වේ. ඔව් ඉතින් ගෑනු ළමයි එහෙම ඇන්දට කමක් නැහැ. ඕගොල්ලොන්ට තමයි බැරි. අනේ අම්මප...ඔය දැක්කද..ඔහොම තියාගෙනත් නේ මේගොල්ලෝ සම අයිතීන් ඉල්ලන්නේ. අපි සම අයිතීන් ඉල්ලන්නේ ඕගොල්ලෝ වෙනුවෙන් අනේ. ? නෑ ඉතින් අපිට දැනටත් තියෙන ඕගොල්ලොන්ට නැති අයිතීන් ටික ඕගොල්ලොන්ටත් එතකොට හම්බෙයි නේ ..:D :D $%%#?!!!!!! ඔන්න කට්ටියට තේරුනේ නැත්නම් : ගොඩක් හොටෙල් වල රෑ කෑමට යනකොට සෙමි ෆෝමල් වගේ ඇඳන් හිටියේ නැත්තනම් ඇතුලට යන්න දෙන්නේ නැහැ. හොටෙල් එකේ නැවතිලා ඉන්න අයට උනත්. ඒ කිව්වේ ඉතින් කොට කලිසමක් ඇඳන් රබර් සෙරෙප්පු දෙකක් දාල වගේ නම් යන්න දෙන්නේ නෑ. හැබැයි ඉතින් ඕක වැඩියෙන් බලපාන්නේ පිරිමි අයට තමයි. ගැනු කෙනෙක් ඉතින් ඔය මොක ඇඳන් ගියත් (රබර් සෙරෙප්පු ඇරෙන්න) වැඩිය ගානක් නැහැ. මේක ගැන ගොඩක් කොල්ලෝ කම්ප්ලේන් කරනවා! :D :D ප ලි : මෙය මනඃකල්පිත දෙබසක්

ඉගෙනගන්න බෙදාගන්න සෙනෙහසින්

පහුගිය දවසක මගේ කෝඩ් එකේ හෙන අවුලක් වෙලා මගේ ඔලුවත් අවුල් වෙලා තියෙද්දී අහම්බෙන් මගේ යුටියුබ් ප්ලේ ලිස්ට් එකේ තිබ්බිච්ච සින්දුව\වීඩියෝ එක දැකල අප්සෙට් මූඩ් එක හරිගියා :D  මේ තියෙන්නේ ඒ වීඩියෝ එක: මේක අපේ විශ්ව විද්‍යාලේ ළමයි 2010 දී හැදුව ටිකක් පරණ 'ලිප් ඩබ්' එකක්. (ලිප් ඩබ් කියන්නේ මොකද්ද?) හැමදාමත් උඩට යන්න වලිකන්නේ බැලුම වාගේ මහ පොළොවේ පය ගහන්න නැද්ද යාලු ඉගෙන ගන්නේ ?   තියෙන දෙයක් බෙදා ගන්න ඉගෙන ගන්න  ආදරයෙන් ඉතුරුවෙන්නේ එච්චරයිලු මැරෙන දාට අරන් යන්න...            දන්න දෙයක් කියාදීල බෙදා ගන්න ආදරයෙන් හිත පිරේවි සන්තෝසෙන් සත්තයි යාලු...   තවත් කෙනෙක් ඇද දමන්න ඕනා කියල හිතන්නේ ඇයි? කඳුළු දීල හිනා ගන්න හැකිවෙද යාලු?    ආත්ම ගෞරවය ඔබේ තියාගන්න, දෙන්න එපා! නැති උනොතින් වැඩක් තියෙද මහ ධනයක් ළඟ තිබුනත් !   මනු දම් ගුණ දැන මනාව සිනාවකුත් මුව පළඳා දෙන දේ නම් ආදරය යි යලි ඉල්ලන නොම සිතකින්...  If yer always tryin' to get to the top You don't get to the bottom of nothin'! Then you're

මෙය මුදල් නොගෙවා ප්‍රචාරණය කරන ලදී

පොඩි වෙළඳ නොවන දැන්වීමක්. මම ඉඳල හිටලා තැන තැන ගත්ත ඡායා රූප පලකරන්න බ්ලොග් එකක් පටන් ගත්ත අලුතින් නම 'ඡායා මතක' මේ තියෙන්නේ ඒ සබැඳිය එස් එල් ආර් එකකින් ඉඳල නිකම් ෆෝන් කැම් එකෙන් ගත්තු පින්තුර දක්වා ලොකු එකතුවක් මන් ගාව තියෙන නිසා තමයි මෙහෙම දෙයක් කරන්න හිතුවේ. ඉතින් ඇවිත් බලල යන්න කියල ඔයාල හැමෝටම ආරාධනා කරනවා! තියෙන හැම පින්තුරයක්ම මම ගත්තු ඒවා. මම ඡායා රූප කරණයට කැමති කෙනෙක් මිසක් ඒ ගැන ඉගෙන ගත්ත කෙනෙක් නොවෙන බව නම් කියන්නම ඕනේ.

මැක්කන්ගේ සර්කස්

දන්නවද 'මැක්කන්ගේ සර්කස්' හෙවත් Flea circus කියන්නේ මොකටද කියල? සාමාන්‍ය මැක්කෙක්ට උඩට අඟල් 7 ක් පමණ සහ හරහට අඟල් 13 විතර පනින්න පුළුවන් ( source: Wikipedia ).  ඒත් ඌව අල්ලලා ගිනි පෙට්ටියක දැම්මොත් ඌ ටික වෙලාවක් යනකම් ගිනි පෙට්ටිය ඇතුලේ පැන පැන ඉන්නවා. පෙට්ටියේ දිග පළල ඉක්මවා යන්න ඌට බැහැ. ඊට පස්සේ ඌව ගිනි පෙට්ටියෙන් එලියට ගන්නවා. ඒත් ඌ දැන් දිගටම පනින්නේ අර ගිනි පෙට්ටියේ උසමයි. මේ තියෙන්නේ හුස්ටන් හි ස්වභාවික විද්‍යා කෞතුකාගාරයේ තිබෙන මැක්කන්ගේ සර්කස් සඳහා භාවිතා වුනු ක්ෂුද්‍ර සර්කස් මෙවලම්: බ්‍රිටනිකා විශ්වකෝෂයෙන් ගත්තු මේ පින්තුරෙන් පරිමාණය ගැන අදහසක් ඒවි: අපේ තිබෙන බොහෝ සීමා මායිම්, යම් යම් හේතු නිසා පනවා ගෙන ඇත්තේ අපමය. මේ ව්‍යාජ සීමාවන් අතරේ ගිනි පෙට්ටිය තුල සිටි මැක්කා මෙන් අප ද  සිරවී ඇත.  

සමථය, විපස්සනාව සහ සැබෑ බෞද්ධ කම

සති අන්තයේදී ලැබුණු අත්දැකීමක් මෙහෙම සටහන් කරන්නේ මට එහිදී ඉගෙන ගත් දේ, සහ අත්විඳුනු දේ මතක තියාගන්න ඕනා නිසාත්, ඒ දේවල් තව එක්කෙනෙක්ට හරි ප්‍රයෝජන වේවි කියාත් සිතෙන නිසාය. එක පෝස්ට් එකකට ලියන්න සිතුවත්, දිග වැඩි වෙන නිසා එක කොටසක් මෙසේ සටහන් කරමි~ ස්ථානය: වික්ටෝරියා ප්‍රාන්තයේ පිටිසරබද කඳුකර පලාතක් වන හීල්ස්විල් මෙහි රැස්ව සිටි පිරිස 40 විතර. ඉන් භාගයක් විතර ශ්‍රී ලාංකික. ඉතුරු අය චීන (චීන කියල අදහස් කරන්නේ තායි, බුරුම ආදී 'ඇස හීනි' ජනතාව හැමෝම.) සහ සුදු (ඕස්ට්‍රේලියානු, ජර්මානු, ස්කොට්). මගේ වර්ගීකරණය politically correct නොවෙන්න පුළුවන්. But whatever. :D දේශකයා තමයි ඕස්ට්‍රේලියානු ජාතික 'ජැග්' ස්වාමීන් වහන්සේ. බුරුමයේ පැවිදි උන ථෙරවාද සම්ප්‍රදායේ භික්ෂුවක්. ලංකාවටත් ගිහින් තියෙනවා. ජීවිතේ පලවෙනි වතාවට 'ලංකාවට යාම' 'සුදුසුකමක්' හැටියට කෙනෙක් කීව. අපි සී වී ලියද්දි එහෙම පිටරට අධ්‍යාපනය හෝ පිටරට රැකියා කිරීම 'සුදුසුකමක්' හැටියට සටහන් කරනවා වගේ. :) දේශක කිව්වට උන්වහන්සේ වැඩිපුර කරන්නේ ප්‍රශ්න වල ට පිළිතුරු දෙන එක. සුත්‍ර ආශ්‍රයෙ

සිත් ගත් සිනමා රූ: දේවදුත නගරයේ සිට න්‍යාසය දක්වා ~ From City of angels to the Matrix

කුඩා කාලයේ ඉඳලා හොලිවුඩ් චිත්‍රපටි බලන නිසා අද වන විට මතකයේ රැඳුණු සුන්දර සිනමා පටි රැසක් තියෙනවා. ඒවායින් ටිකක් ගැන පොඩි සටහනක් තමයි මේ. මේ තියෙන්නේ මම කැමතිම චිත්‍රපටි වල කැමතිම රූප රාමු ටිකක්... Movie : City of Angels චරිත : සෙත් - දේව දුතයෙක් , මැගී - ශල්‍ය වෛද්‍යවරියක් රූප රාමු කතා බහ - සෙත් : ඕක මොන වගේද? මැගී පෙයාර්ස් ගෙඩිය ප්‍රශ්නාත්මකව පෙන්වයි සෙත් : ඒක මොන රහද? විස්තර කරන්න ඒක ..හෙමින්ග්වේ වගේ. මැගී : ඒක හරියට... පෙයාර්ස් රහයි! ඔයා දන්නේ නැද්ද පෙයාර්ස් වල රහ? සෙත් : මම දන්නේ නැහැ ඔයාට පෙයාර්ස් රහ දැනෙන්නේ මොන විදිහටද කියල මැගී : පැණි රහයි...යුෂ සහිතයි...දිවට මෘදු යි, පුංචි කැටිති වගේ තියෙනවා...හරියට නිකම් සීනි රහ වැලි කැට කටේ දිය වෙනවා වගේ *********************************************************************************** Movie : The English Patient  චරිත :  අල්මාශි (හංගේරියානු ජාතික සිටුවරයෙක් සහ සිතියම් තනන්නෙක්) කැතරින් (ඉංග්‍රීසි ජාතික). දෙවන ලෝක යුද්ධ සමයේ සිදු වුවක්. රූප රාමු කතා බහ - අල

හිස් ජීවිත

මේ ළඟදී මුණු පොතේ මම හොඳ සටහනක් දුටුවෙමි. ඒ 'When you have a problem, FACE it - dont FACEBOOK it' යන්නය. මේ නම් ඇත්තම ඇත්තකි. ගොඩ දෙනා තමන්ගේ හැම මනස්ගාතයක්ම මුණු පොතේ දමති. කොල්ලා තරහ වූ විට විරහ ගීත ෂෙයාර් කරමින් සුජීවගේ නව කතා වල වත් නැති විකාර ස්ටේටස් දමති. 'අනේ ඇයි මම මෙච්චර සංවේදී' , 'මේ ලෝකේ හොඳ මිනිස්සුන්ටමයි දුක වැඩි', 'මට මේ ලෝකෙම එපා වෙලා. අනේ මට කවුරුත් නැහැ', 'මට කවුරුත් එපා. මම තනියම ඉන්නවා' වගේ ස්ටේටස් මුණු පොතේ ඕනෑම මොහොතක කවුරුන් හරි දමා තියෙනවා දක්නට ඇත. මේ ස්ටේටස්, ෆොටෝ එහෙම බැලුවාම නම් පෙනෙන්නේ මේ ලෝකේ මේ අය තරම් අහිංසක අසරණ ගුණ යහපත් අය තවත් නැති බවයි. Losing touch with reality? තමන්ගේ පුද්ගලික ප්‍රශ්න ලෝකෙට කීමෙන් මොවුන් බලාපොරොත්තු වන්නේ මොනවාද කියා මට නම් නොතේරේ. අනිත් අතට, එහෙත් මොවුන්ගේ සත්‍ය තත්වය දන්නා අයට මේ කතන්දර පිටුපස තව බොහෝ දේ ඇති බව රහසක් නොවේ. කුමක් කරදරයක් වූ විට මුණු පොතේ දමා එය බෙදා ගැනීම එකකි. නමුත් දිගින් දිගටම මේ වාගේ බොළඳ දේවල් දැමීම විහිළුවකි. අනිත් විහිළුව නම් ඒවා දකින අනිත් සමහරක් ද

Sinhabahu at Nelum pokuna

The day before yesterday I went to see 'Sinhabahu' at Nelum Pokuna theatre, for the first time. I dont mean first time at Nelum pokuna, (which it also was) rather I meant to say, it was the first time I've ever watched a stage play. So how was it? As Fräulein Maria said, Let's start at the very beginning; which is, a very good place to start. Tickets The very beginning, in this case is how I bought the tickets for the show. I don't think they really advertised the show. I just saw the posters while passing Nelum pokuna. So, we went inside, and met with this really helpful guy inside who issues tickets. Tickets were priced 3000/= (main) and 1000/= (gallery). The guy was really nice and took us inside to show us the seats so we could select better. We ended up somewhere close to the front, in the middle section where incredibly, three seats were available. Apparently Nelum pokuna is now a sort of landmark and people just come to see it. I say this bec

What do girls want?

අසූවේ දශකයේ ඉපදුනා නම්, ගොඩක් අයට මෙන්න මේ සින්දුව හොඳට අහල පුරුදු එකක් වේවි. I come home in the morning light My mother says when you gonna live your life right Oh mother dear we're not the fortunate ones And girls they want to have fun Oh girls just want to have fun The phone rings in the middle of the night My father yells what you gonna do with your life Oh daddy dear you know you're still number one But girls they want to have fun Oh girls just want to have That's all they really want Some fun When the working day is done Girls - they want to have fun Oh girls just want to have fun Some boys take a beautiful girl And hide her away from the rest of the world I want to be the one to walk in the sun Oh girls they want to have fun Oh girls just want to have That's all they really want Some fun When the working day is done Girls - they want to have fun Oh girls just want to have fun, They want to have fun, They want to have fun...  ගායනා කරන්නේ ඒ දව

ඔසී ඔසී අන්නසී! (හම්මේ යන්තම් දිනා ගත්ත)

ඊයේ මම එම් සී ජී ගිය දෙවෙනි දවස ය. පලවෙනි දවස ගැන මෙතන ලියා ඇත . දවස් දෙකම ලංකාවේ ටීම් එක දිනුව නිසා අපිට දවස් දෙකම අමතක නොවන අත්දැකීම්ය ! (අපි ඉතින් කියන්නේ අපි ගිය නිසා දිනුව කියලාය.) එම් සී ජී කෝච්චියේ යනවා නම් බහින්න ඕනේ 'ජොලිමොන්ට්' කියන නවතුමෙනි. ලංකාව ගහන මැච් එකක් ඇති දවසට ජොලිමොන්ට් යන කෝච්චිය සම්පුර්නෙන්ම වාගේ නිල කහ වර්ණයෙන් දිස්වේ. මෙහෙ කාලගුණ දෙපාර්තුමෙන්තුවත් ලංකාවේ වගේද කියා සිතෙන විදිහට ඊයේ කාලගුනේ සීතල වෙනවා කියල තිබ්බ ත් සිදුවුනේ එකේ අනික් පැත්තය. සීතල වෙයි කියා අපි ජැකට් අනං මනම් ඔක්කොමත් පෙරවාගෙන, සන් ස්ක්‍රීන් කැප් කිසිවක් නැතුව ගිය නමුත් එතන ගිනි අවුවය. කෙසේ වෙතත් සුපුරුදු පරිදි මේ සිටින්නේ මෙල්බන් ද නැතහොත් කොළඹද යයි සිතෙන තරමට ලංකාවේ කට්ටියගෙන් එම් සී ජී පිරී ගොස්ය. සිංහ කොඩි සියයකට එක ඔසී කොඩියක් වාගේ පෙනෙන්නට තිබුණි (අයියෝ පව්). ඔය අස්සේ අල්ලපු රටේ කොඩිද තිබුණු අතර ඒවා වනුනේ ඔසී පිලට වාසි අවස්තාවන් වලදී පමණය. නමුත් මැච් එක ලංකාවේ පැත්තට එන්න පටන් ගත් විට අල්ලපු රටේ අයියලා වාෂ්ප වී තිබුනේ අතිශය පුදුම විදිහටය (සමහර විට මලයාලි මන්තර බලයකින

සුන්දර ටැස්මේනියාව හෙවත් ආදරණීය ටැසී : 2

<< පලවෙනි කොටස මෙතනින්   තුන්වෙනි දවස එදා උදෙන්ම අපි නාල කාල පිටත් උනේ  ලෝන්සේස්ටන් කියන පැත්තට යන්න. දැන් ඔය වෙද්දී අපි හිටියේ නැගෙනහිර වෙරළ පැත්තෙනේ. ඒ නවාතැනට සමුදීල අපි දැන් යන ලෝන්සෙස්ටන් තියෙන්නේ උතුරු මැද වගේ. මේ යටින් තියෙන්නේ අතරමැද බල බල ගිය මිදිවතු, චෙරි වතු, ස්ට්‍රෝබෙරි වතු වල එහෙම පින්තුර. ස්ට්‍රෝබෙරි වත්තෙන් රසම රස නැවුම් ස්ට්‍රෝබෙරි ජෑම්, චොකලට් ආලේපිත ස්ට්‍රෝබෙරි ඩ්‍රෝපස්, ස්ට්‍රෝබෙරි සෝස් (අයිස්ක්‍රීම් කද්දී දාගෙන කන්න) එහෙම ගන්නත් අමතක කලේ නැහැ. ඔහොම ෆාම් වලින් ගන්න ජෑම් වල එහෙම සුපර්මාකට් වලින් ගන්න ජෑම් වලට වඩා අලුත් නැවුම් රහක් තියෙනවා. කොහොම හරි මම ඔය ගත්ත ජෑම් බෝතලයක් ලංකාවටත් අරන් ගියා. ස්ට්‍රෝබෙරි වත්තේ එහෙම උනාට මිදී වතුවල නම් මිදි ගන්න බැහැ :D. ඒවායේ තියෙන්නේ වයින්. වයින් ඕනෙනම් මිලදී ගන්න වගේම නොමිලේ රහ බලන්නත් පුළුවනි. ඇත්තටම ලෝන්සෙස්ටන් දැක්කම අපේ නුවර එලිය වගේ කියල මට හිතුනේ. පරණ කොලොනියල් ගොඩනැගිලි වලින් සමන්විත 'Old world charm' තියෙන නගරයක්. එහෙ නවාතැනට ගිහින් මහන්සි හෙම ඇරගෙන අපි ගියේ 'කැටරක්ට් දුර්ගය

සුන්දර ටැස්මේනියාව හෙවත් ආදරණීය ටැසී : 1

ටැස්මේනියාව කියන්නේ ඕස්ට්‍රේලියාවේ එක ප්‍රාන්තයක්. ඔස්ට්‍රේලියාවට යටින් අර චුටි දුපතක් තියෙන්නේ. අන්න ඒක. දල වශයෙන් අපේ ලංකාවේ සයිස් එකමයි. මම යාලුවෝ කට්ටියක් එක්ක ටැසී ගියේ දැනට අවුරුද්දකට කලින්. හොඳටම එන්ජෝය් කරපු ට්‍රිප් එකක් කියන්න පුළුවන්. ඇත්තටම ටැසී කියන්නේ හරිම ලස්සන පලාතක්. ස්වභාවික සෞන්දර්යය ට කැමති අයට යන්න හොඳම තැනක්. ඒ ක නිකන් ගමක් වගේ නිසා මිනිස්සුත් හරිම ප්‍රසන්න යි. මෙල්බන් වලට වඩා ටිකක් සීතල වැඩියි. ඒක නිසා යන්න හොඳම කාලේ සමර් ඒක. ඒ කිව්වේ දෙසැම්බර් - ජනවාරි. මේ පහතින් තියෙන්නේ ටැස්මේනියා මැප් එකත් එක්ක අපි ගිය තැන්. රෑ හිටිය තැන් තමයි නම්බර්ස් දාල තියෙන්නේ. Image from Google Maps මෙල්බන් ඉඳන් ටැසී යන්න ක්‍රම දෙකක් තියෙනවා. ෆෙරි එකෙන් (මුහුදෙන්) ප්ලේන් එකෙන්. ෆෙරි එක ගණන් වැඩි නිසා අපි නම් ගියේ ප්ලේන් එකෙන්. අපි ගොඩ බැහැල එයා පෝර්ට් එකෙන්ම කාර් එකක් හයර් කරන් එහෙම්මම නැගෙනහිර පැත්තට ගියා. (1) දාල තියෙන්නේ - බිචිනෝ කියන හරියේ තමයි එදා රෑ. ඊළඟ දවසේ ඒ පැත්තේ ඇවිදලා උතුරු පැත්තට ගියා. රෑ දෙකක් හිටිය ලෝන්සෙස්ටන් වල. ඊට පස්සේ බටහිර පැත්තෙන් ක්ර

SOPA, PIPA ගැන දන්නවද?

SOPA සහ PIPA ගැන ටෙඩ් ටෝක්ස් වල තිබුණු මේ කතාව මම හිතනවා හැමෝටම ප්‍රයෝජනවත් වේවි කියල : http://www.ted.com/talks/defend_our_freedom_to_share_or_why_sopa_is_a_bad_idea.html සම්පුර්නෙන්ම නොවුනත් එහෙන් මෙහෙන් හරි කතාවේ අන්තර්ගතේ සිංහලෙන් දාන්න හිතුව. මුලින්ම පෙන්වන්නේ බ්රුක්ලින් වල තිබුණු පොඩි බේකරියක ගහල තියෙන බෝඩ් එකක්. බෝඩ් එකෙන් කියන්නේ' No longer accepts edible images from outside sources'. ඒ කියන්නේ පොඩි ළමයි එක එක පින්තුර ඇඳන් ආවාම බේකරියෙන් ඒ පින්තුරේ අයිසින් ලේයර් එකක ප්‍රින්ට් කරලා දෙනවලු. බර්ත්ඩේ කේක් වලට එහෙම. ඉතින් පොඩි ළමයි සාමන්යෙන් ආසම කරන්නේ මොනාටද? මිකී මවුස් ල බග්ස් බනීල ඉන්න කාටුන් වලට. ඉතින් මුලින් ළමයි මේවා ඇඳන් ආවත්, පස්සේ බේකරිය මේවා භාරගන්න එක්ක ප්‍රතික්ෂේප කරලා මේ බෝඩ් එක ගැහුවලු. හේතුව මිකී මවුස් අයිති ඩිස්නි ට. බග්ස් බනී අයිති වෝනර් බ්‍රදර්ස් ට. ඉතින් ඒක නිසා පොඩි එකෙක් ඇන්ද මිකී මවුස් ව අය්සින් කේක් එකකට ගහල දෙන එක කොපි රයිට් නීති උල්ලංගනය කිරීමක්. ඉතින් මෙහෙම හැම පොඩි එකෙක්ගේ චිත්‍ර වලට ට කොපිරයිට් නීති බලන්න යන එක බේකරියට කොච්චර වදයක් උ

1917 - 2012 : මගෙත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ ජීවත් වේවා!

ටී එම් ජයරත්න මහත්මයාගේ සින්දුවේ තියෙන්නේ නම් 'සියක් ආයු ලැබ, මගෙත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ ජීවත් වේවා!' කියල. ඒත් ඈ දැනටමත් අවුරුදු අනූ පහක් ආයු ලබා තියෙන නිසා සියක් ආයු ලබාවි කියල මට සහතිකයි. හරි නම් මේ ලිපිය ලියවෙන්න තිබුනේ ජනවාරි 16 වැනිදා. එදා තමයි ඇගේ උපන් දිනේ තිබුනේ. නමුත් පහු වෙලා හරි මේක ලියවුනා කියල ඈ සතුටු වෙනවා මිසක් මා එක්ක තරහ වෙන එකක් නම් නැහැ... කලින් ඈ ගැන එහෙන් මෙහෙන් අහල තිබුනත් හරියටම ඈව මුලින්ම දැක ගත්තේ 1994 අවුරුද්දේ. හරියටම මතක නැති උනත් මැයි මාසේ හරි අප්‍රේල් අග හරි වෙන්න ඕනේ. බොක්ස් ප්ලීට් 3 ගානේ දෙපැත්තට තියාපු අලුත් සුදු ගවුමත් ඇඳන් මම ඈ ළඟ ඉගෙන ගන්න ගියේ ශිෂ්‍යත්වේ සමත් වෙලා 6 වසරට. ඒ අවුරුද්දේ බාලිකා පාසල් වලින් වැඩිම ලකුණු ඕනේ වී තිබුන ඈ ලඟට යන්න.   ලොකු තැනක්, අමාරු වේවි, ආඩම්බර කාරියෝ ඉඳීවි ... ඔහොම දේවල් පුංචි මට සමහරු කලින් කියල තිබුන ඈ ලඟට යනවා කිව්වම. ඒත් මොකක්දෝ හේතුවක් නිසා මට කිසිම බයක් දැනුනේ නැහැ. නිල් පාට ගේට්ටුවෙන් ඇතුලට ගිහාම සුදු අරලිය මල් පිරිච්ච ලස්සන හිනාවකින් ඈ මාව පිළිගත්තා. ලංකාව වටෙන්ම ආපු යාලුවෝ ගොඩකුත්

මයික්‍රෝ වේව් සරණං ගච්චාමි

කාලෙකින් අද අතිරහ වගයක් කෑවා. කාලෙකින් කිව්වට ගිය සතියෙත් කෑවා තමයි ඉතින්. :D මගේ යාලුවෙක්ගෙ අම්මල ලංකාවේ ඉඳන් නිවාඩුවට එද්දී ගෙනවිත් මට දුන්නු ලොකු කැවුම්, අතිරහ පාර්සලයක් යුනි එකේ ෆ්‍රිජ් එක ඇතුලේ තියෙනවා. මගේ වැඩේ ඕකෙන් එකක් දෙකක් හවසට කන එක. අම්ම නම් ගෙදරදී පරණ කැවුම් පුස් කන්න කලින් ෆ්‍රිජ් එකේ දාල පස්සේ ස්ටීම් කරලා දෙනවා. එතකොට අර හයිය ගතිය නැතිවෙලා ගිහින් රහට එනවා ආයේ. ඒත් ඉතින් යුනි එක ඇතුලේ ස්ටීම් කරන්න බැහැනේ. මම කලින් වතාවේ මයික්‍රෝ වේව් එකේ විනාඩියක් විතර දාල බැලුවාම අතිරහ එකේ මැද නිකම් රබර් වෙලා. අපරාදේ දුකේ බැහැ...මම අද අතිරහ උඩට නටන උණු වතුර යන්තම් ඉහල තප්පර 15 විතර මයික්‍රෝ වේව් එකේ දැම්ම. අද නම් හොඳටම ගානට ආව. ම්ම් yummy ! කම්මැලි කමේ එක්ස්පෙරිමෙන්ට්ස් රන් කර කර ඉන්දැද්දී හවසට සීනි නැති කෝපි එකක් එක්ක අතිරහ දෙකම කාල දැම්මාම කම්මැලිකමත් නැති උනා. Sugar high කියන්නේ මේකටද මන්දා! අපේ ගෙදර කොහොමත් සීනි වැඩිය පාවිච්චි කරන්නේ නැති නිසා මට සීනි පොඩ්ඩක් කෑවත් හයි වෙනවා. මුලින්ම මම තුම්මුල්ලේ ඕපන් කැන්ටින් එකෙන් ප්ලේන් ටී එකක් බිව්ව දවස මට අද වගේ මතකයි! අම්මේ

බාර්බී ඩෝල් සින්ඩ්රෝම් : කසාදයට බාර්බී කෙනෙක්

මේක ලියන්න හිතුනේ සොසී අක්ක ගේ මුණු පොතේ තිබ්බ දෙයක් දැකලයි. මේ තියෙන්නේ ඒ ස්ටේටස් එක (සොසී අක්ක විරුද්ධ නොවේ යයි හිතනවා) : කෙල්ලෙක් කොල්ලෙක් ගෙන් අහනවා. “ඔයා බඳින්න හොයන්නේ මොන වගේ කෙල්ලක් ද කියලා.එතකොට එයා කියනවා. විවාහයට මං හොයන්නෙ හොඳ ලස්සන කෙල්ලෙක් කොණ්ඩය දිග හීනි දිගැටි සුදු ලස්සන කෙල්ලෙක් කෙල්ල ගෙ ඇස් වල ට උනන කඳුළු සඟවන ගමන් ඇය හිමීට හිනා වෙනවා. ම‘සිත උපන් ආලය ගැන කියා ගන්න මත්තෙන් දුරස්‍ වුනෙමි සඟවා නෙතු කඳුළු පියන් අස්සෙන් ඕකේ ඉන්න කොල්ල ට ගැලපෙන්නේ අපි හැමෝම දන්නා බාර්බී ඩෝල් කෙනෙක් කියල තමා මට නම් හිතෙන්නේ. ඇයි ඉතින් බාර්බිත් උසයි, සුදුයි, හීනියි. කොන්ඩේ දිගයි. හරිම ලස්සනයි. හදවතක් නම් නැහැ. මොළය කුත් නැහැ. එත් ඉතින් Requirement spec එකේ ඒවා තිබුනේ  නැහැනේ! ඉතින් මොකද? කෙනෙක් අහවි. නැහැ බාර්බී (හෝ කෙන්) ඩෝල් කෙනෙක් හොයා ගෙන කසාද බඳින එකේ කිසිම අවුලක් නැහැ. ඒක ඉතින් තම තමන්ගේ කැමැත්ත. හැබැයි අවුල තියෙන්නේ මෙතන. මම දැකල තියෙනවා බාර්බී ලා (පිරිමි ළමයි), කෙන් ලා (ගැහැණු ළමයි) එක්ක ඉඳල, ඊට පස්සේ එයාලට චෝදනා කර කර නහයෙන් අඬන ය. මේ චෝදනා පත්තරේ පහත ඒවා අඩ

Love ... at your own risk

Photo belongs to Me.  Taken somewhere along the coast of Sorrento on a lovely Summer day in December, 2011. Do click on the pic and see it at full size - you wont be sorry :)

අපි නොදන්න කප් කේක් - හෙවත් ස්පන්චි

මම ගෙදර ඉන්දැද්දී, සමහර දවස් වලට හවසට ගේ ළඟ තිබුන බේකරියට ගිහින්, මොනවා හරි කන්න අරන් එනවා ගෙදර අයට. වැඩ ඇරිලා එනකොට සමහර වෙලාවට අම්ම කෝල් කරලා ත් කියනවා 'පුතේ කන්න මොනා හරි අරන් එන්න කියල'. ඉතින් ඔය 'මොනා හරි' කියල අම්ම කියන්නේ ස්පන්චි වලට කියල මම දන්නවා. අම්ම යි මායි දෙන්නම ස්පන්චි කන්න හරි හපනියෝ. මොකක් හරි හේතුවක් නිසා ලංකාවේ කට්ටිය ස්පන්චි ස්පන්චි කිව්වට ලෝකේ ගොඩක් අය මේවට කියන්නේ 'කප් කේක්' කියල. නමින් කොහොම හැඳින්වුනත් ගොඩක් අය ආස කරන කෑමක් තමා මේ කප් කේක්. ඉතින් ආයි තව වැල් වටාරම් නැතිව අද මේ හදන්න කප් කේක් හදන හැටි කියන්නයි. මේ හදන්නේ චොකලට් කප් කේක් හොඳේ. නිකම් ප්ලේන් වැනිලා ඒවාට වඩා රසයිනේ. ඔන්න ඕනේ කරන දේවල්: - කප්කෙක් 8 පමණ හදාගන්න පුළුවනි කොකෝවා පව්ඩර් හොඳට පුරවපු මේස හැඳි 1 කිරි කෝප්ප 1 (නටන උණු වතුරේ කිරි පිටි මේස හැඳි 2 විතර දාල හදාගන්න. මේක රස්නෙන් තියාගන්න) පිටි ග්‍රෑම් 175 බේකින් පව්ඩර් තේ හැඳි 2 බටර් ග්‍රෑම් 115 සීනි ග්‍රෑම් 200 ලොකු බිත්තර 2 වැනිලා තේ හැඳි 2 ක්‍රීම් ඔෆ් ටාටා පව්ඩර් තේ හැඳි 1/8 ක් විතර උණු පිටි ක

මුහුදෙන් එහා අර මොනවා පෙනේදෝ - ඇහැට නොපෙනෙන දේ දකින කැමරාව

ලඟදි ගිය ට්‍රිප් එකකදී ගත්ත ෆොටෝස් හදද්දී මේ පහල තියෙන ෆොටෝ එක දිහා හොඳට බැලුවාම පොඩි අමුත්තක් පේන්න ගත්ත. බලන්නකෝ ඔයාලටත් පේනවද කියල... ෆොටෝ එකේ දකුණු කෙලවරේ ක්ෂිතිජය හරියට වෙන්න... පේනවද නිකම් යාන්තම් skyscrapers වල චායාවන්? මේක පැහැදිලි කරන්න පාට අයින් කරාම මෙන්න මෙහෙම පේන්න ගත්ත... හරි පුදුමයි නේ..මුහුදින් එහා බිල්ඩින් පේන්නේ කොහොමද? ටිකක් වෙලා ගිහාම තමයි මට තේරුනේ. අපි ගියේ වික්ටෝරියා ප්‍රාන්තයේ සොරෙන්ටෝ කියන හරියට. මේකේ සිතියම දිහා බැලුවම හිතාගන්න පුළුවනි මෙහෙම පේන්නේ කොහොමද කියල...... Image from Google Maps හැබැයි මට තාම මේ ෆොටෝ එක ගත්ත තැන හරියටම මතක නැති නිසා හිතාගන්න බැහැ මේ පේන්නේ කොයි හරියේ බිල්ඩින්ද කියල...

ජීවන යාත්‍රාව පදවන ඔබ සැමට ...

කුනාටු පිරී සාගරේ පුංචි නැවක් යන්නා නැවියා බෝ පරිස්සමින් එය පදවන්නා එය පදවන්නා... එය පදවන්නා... නැවියා බෝ පරිස්සමින් එය පදවන්නා  අලුත් කිව්වට මේකත් තවත් එක දවසක් විතරයි. ඒත් ජීවිතේ අලුත් කරගන්න හොඳ අවස්තාවක්... ඕගොල්ලෝ හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!