සති අන්තයේදී ලැබුණු අත්දැකීමක් මෙහෙම සටහන් කරන්නේ මට එහිදී ඉගෙන ගත් දේ,
සහ අත්විඳුනු දේ මතක තියාගන්න ඕනා නිසාත්, ඒ දේවල් තව එක්කෙනෙක්ට හරි
ප්‍රයෝජන වේවි කියාත් සිතෙන නිසාය.
එක පෝස්ට් එකකට ලියන්න සිතුවත්, දිග වැඩි වෙන නිසා එක කොටසක් මෙසේ සටහන් කරමි~
ස්ථානය: වික්ටෝරියා ප්‍රාන්තයේ පිටිසරබද කඳුකර පලාතක් වන හීල්ස්විල්
මෙහි රැස්ව සිටි පිරිස 40 විතර. ඉන් භාගයක් විතර ශ්‍රී ලාංකික. ඉතුරු අය චීන (චීන කියල අදහස් කරන්නේ තායි, බුරුම ආදී 'ඇස හීනි' ජනතාව හැමෝම.) සහ සුදු (ඕස්ට්‍රේලියානු, ජර්මානු, ස්කොට්). මගේ වර්ගීකරණය politically correct නොවෙන්න පුළුවන්. But whatever. :D
දේශකයා තමයි ඕස්ට්‍රේලියානු ජාතික 'ජැග්' ස්වාමීන් වහන්සේ. බුරුමයේ පැවිදි උන ථෙරවාද සම්ප්‍රදායේ භික්ෂුවක්. ලංකාවටත් ගිහින් තියෙනවා. ජීවිතේ පලවෙනි වතාවට 'ලංකාවට යාම' 'සුදුසුකමක්' හැටියට කෙනෙක් කීව. අපි සී වී ලියද්දි එහෙම පිටරට අධ්‍යාපනය හෝ පිටරට රැකියා කිරීම 'සුදුසුකමක්' හැටියට සටහන් කරනවා වගේ. :)
දේශක කිව්වට උන්වහන්සේ වැඩිපුර කරන්නේ ප්‍රශ්න වල ට පිළිතුරු දෙන එක. සුත්‍ර ආශ්‍රයෙන් බොහෝ නිරවුල්ව, විස්තරාත්මකව උන් වහන්සේ ඒ දේ කළා. ඒ කතිකා වලට සවන් දීම ඉතාම ආසා කරන දෙයක්. එකම බාධාව උනේ වෙලාව.
වැඩිමනත් ප්‍රශ්න ඇහුවේ සුදු ජාතිකයන්. ධර්ම කරුණු ගැන වගේම, ඔවුන් භාවනා කිරීම ගැනත් ප්‍රශ්න කළා. එයින් මට හිතුනේ මෙහෙම දෙයක්:
උපතින් බෞද්ධ අප තරම්, පසුව බෞද්ධ වූ ඔවුන් ධර්ම කරුණු නොදනී.
නමුත් අපට වඩා භාවනාව ට බොහෝ උනන්දුය. ප්‍රායෝගිකවම භාවනාව ප්‍රගුණ කරති.
මෙහිදී නැගුනු සමහර ප්‍රශ්න සහ පිළිතුරු මට මතක හැටියට සටහන් කරනවා.
ප්‍ර: අපට බුදු දහම ඉගෙන ගන්න පුළුවන් මුලාශ්‍ර මොනවාද? අන්තර්ජාලයේ බොහෝ දේ තිබුනත්, පොත පත බොහෝ තිබුනත්, ඒවායේ නිරවද්‍යතාවය ගැන අපට ගැටළු තිබෙනවා. සමහර තැන් පරස්පර විරෝධී.
උ: ඔව් අන්තර්ජාලයේ තිබෙන සියලු දේ නිවැරදි නැහැ. ඒ වගේම පත පොතත්. මෙහෙමයි. නිර්මල බුදු දහම ඉගෙන ගන්න නම්, බුදු හාමුදුරුවන් දේශනා කල සුත්‍ර වලට යන්න ඕනේ. ඒවා තිබෙන්නේ පාලි භාෂාවෙන්. නමුත් ඉංග්‍රීසි පරිවර්තන ඔබට සොයාගන්න පුළුවන් වේවි. මෙහිදී ඔබ කල්පනාකාරී වෙන්න ඕනේ, පරිවර්තනයේදී මුල් සුත්‍රය කුමක්ද, රචකයා එයට දී ඇති අර්ථ කථනය කුමක්ද කියා. බෝධි හාමුදුරුවන්ගේ 'In the Buddha's Words: An Anthology of Discourses from the Pali Canon' පොත මට රෙකමෙන්ඩ් කරන්න පුළුවනි මුල් පියවරක් හැටියට.
ප්‍ර: ඔබ කියනා සුත්‍ර බුදු හාමුදුරුවන් දෙසු ආකාරයටම සුරක්ෂිතව ඇතැයි කියා විශ්වාසයෙන් කියන්න පුලුවනිද?
උ: ඇත්ත වශයෙන්ම 100% එහෙම කියන්න බැහැ. නමුත් 90% ක් ඒ ධර්මය එසේම ඇතැයි කියා මා සිතනවා (මා වටහාගත් ආකාරයට). බුදු හාමුදුරුවන්ගේ කාලේ ධර්මය ග්‍රන්ථාරූඪ කර තිබුනේ නැහැ. සංඝයා එක්ව මේ සුත්‍ර සජ්ජායනා කරනවා ඒවා නිවැරදිව මතක තබාගන්න. මේක ඇත්තටම හොඳ ක්‍රමයක්. දෙයක් පොතක සටහන් කල විට තත්වය වෙනස් වෙනවා. රචකයාට තමන්ගේ පුද්ගලික අදහසක් සියුම්ව එයට ඇතුලත් කරන්න පුළුවනි. එවිට කල් යද්දී මුල් අරුත් වෙනස් වෙනවා. අත්වැරදීම් වෙන්නත් ඉඩ තියෙනවා. එක අකුරක් වැරදුනත් තේරුම වෙනස් වෙන්න පුළුවන්. ඊළඟට පරිවර්තනය කරද්දී තේරුම් වෙනස් වෙන්න පුළුවන්. අභිධර්ම පිටකයේ තිබෙන්නේ ධර්මය ගැන වෙනත් භික්ෂුන් ගේ අර්ථකතන (commentaries). ඒ නිසා යි සුත්‍ර පිටකයම කියවන්න යයි මා කියන්නේ.
එක උදාහරණයක් හැටියට මෙහෙණින් වහන්සේලා පිලිබඳ කියා ඇති සමහර දේ. මහා කාරුණික බුදුන් වහන්සේ එවැනි දේ කියන්න ඇතැයි මට විශ්වාස කරන්න අමාරුයි. ඒ දේවල් නම් (*සිනාසෙමින්) පසු කාලීනව කවුරු හරි 'oh these bloody nuns are a pain in the neck' කියා සිතපු කෙනෙක් ඇතුල් කරලා.
ප්‍ර: සමථ සහ විපස්සනා භාවනා දෙකක් මොනවාද? ඒ දෙකෙන් වඩා හොඳ මොන එකද?
උ: මෙහෙමයි බුදු හාමුදුරුවෝ කියල තියෙන්නේ ඒ දෙකම වඩන්න කියලයි. සමථයෙන් අපට ලැබෙන්නේ සමාධි ය (tranquility). විපස්සනාවෙන් නිරවුල් දැකීම (insight /'clear seen'). මම මෙහෙම කියන්නම්. ඔබට වතුර පිරවූ වීදුරු බෝතලයක් දෙනවා. එයට මඩ, වැලි, ගල්, බොරළු ආදී අපද්‍රව්‍ය කලවම් කරනවා. දැන් ඒ බෝතලය අල්ලා වැරෙන් හොලවනවා. ඔබේ මනසත් ඒ සොලවා කැලතු මඩ වතුර වගේ. නිතරම මනස සෙලෙවෙමින් තියෙන්නේ. වතුරේ ඇති අපද්‍රව්‍ය අයින් කරන්න නම් ඔබ මුලින් ඒ අපද්‍රව්‍ය හඳුනා ගන්න ඕනේ. මේක කරන්න නම් මුලින් ඔබ බෝතලය හොලවන එක නවත්තල එය නිසල කරන්න ඕනේ. ඒ නිසල කරන්න නම් ඔබ සමථය වඩන්න ඕනේ. අන්න එතකොට අර අපද්‍රව්‍ය කෙමෙන් තට්ටු වශයෙන් තැන්පත් වෙනවා ඔබට පේනවා. එතකොට ඔබ විපස්සනාව වඩලා ඒ අපද්‍රව්‍ය හඳුනාගෙන බැහැර කරනවා. මේ මඩ කියල මෙහිදී නිරුපනය වන්නේ ඔබේ රාග ද්වේශ මෝහ.
මේ දෙකෙන් එකක් විතරක් වැඩක් නැහැ. දෙකම ඕනේ. මුලින් සමථ භාවනාව ප්‍රගුණ කරද්දී ජ්‍යාන (ධ්‍යාන) ලැබෙනවා. ඒ කියන්නේ ඔබේ මනස නිසල වීම තල. නිතරම සමථ භාවනාවට පසුව විපස්සනාව වඩන්න ඕනේ. එවිටයි ඔබේ නිසල වූ සන්සුන් වූ මනසෙන් පැහැදිලි දැකීම ලැබෙන්නේ. සමස්තයක් විදියට මම දැකල තියෙනවා, ගැහැණු අයට සමථය වඩන්න පහසුයි. පිරිමි අයට විපස්සනාව වඩන්න පහසුයි. මේ දෙකොට්ටාසයේ අඩු පාඩුවක් නොවේ. ඒ මිනිස් මොළය දඩයම් යුගයේ පටන් පරිනාමය වූ හැටි.
ප්‍ර: විවිධ රටවල බෞද්ධ භික්ෂුන් වහන්සේලා සහ බෞද්ධ සම්ප්‍රදායන් විවිධයි. ඔබ එය දකින්නේ කෙසේද?
උ: මම සම්ප්‍රදායන් (traditions) අනුගමනය කරන්නේ නැහැ. නමුත් ඒ ඒ රටවලදී ඒ සම්ප්‍රදායන් අනුව හැසිරෙන්න ඕනේ. ශ්‍රී ලංකාවේදී ඔවුන්ට උචිත සම්ප්‍රදායක් තිබෙනවා. බුරුමයේදී ඔවුන්ට ගැලපෙන සම්ප්‍රදාය. නමුත් මම ඔස්ට්‍රේලියාවට පැමිණෙන විට ඒ සිරිත් ඒ රටවල් වලම තබලයි එන්නේ. මොකද ඒ සිරිත් විරිත් ඒ රට වල වල සංස්කෘතීන් හා අනුබද්ධ දේවල් මිසක් බුදු හාමුදුරුවන් දේශනා කල දේවල් නොවේ.
පුද්ගලිකව මම traditions වලට කැමති නැහැ. මොකද යම් යම් කාලවලදී යම් යම් භික්ෂුන් ප්‍රසිද්ධ වෙනවා. ඔවුන් වටේ මිනිස්සු එක රැස් වෙනවා. Cults ඇති වෙනවා. සමහරු එතකොට අනුගමනය කරන්නේ ධර්මය නොවේ අර පුද්ගලයාව. ඊට පස්සේ ඒක tradition එකක් වෙනවා. මේක හොඳ දෙයක් නොවෙයි. අහල තියෙනව නේද 'Absolute power corrupts absolutely' කියන කියමන.
ප්‍ර: මම වරක් ජර්මනියේදී දින 10 ක භාවනා ආරණ්‍යකට ගොස් අපුරු අත්දැකීමක් ලැබුවා. එය තිබුනෙත් ගස් කොලන් වලින් වටවුණු කැලාබද පෙදෙසක. ආපහු මම එන්න පිටත් උනේ තනිවම වාහනය පදවාගෙන. මට එන්න පුළුවන් උනේ ටික දුරයි. මට අවට ගස් කොලන් හරිම දීප්තිමත් කොළ පාටින් පේන්න ගත්තා. කුරුල්ලන්ගේ සද්දේ, මල් පිපිලා තිබිච්ච හැටි හැම දෙයක්ම පෙනෙන නිසා මට වාහනය පදවන්න අමාරුයි කියා දැනෙන්න උනා. මට හිතුනා 'මේක හරිම භයානකයි' කියා. පසුව මම ටික වෙලාවක් වාහනය නවතාගෙන හිටියා.
උ: ඔව් එහෙම වෙන්න පුළුවනි. එක දිගට භාවනා කරද්දී අපිට කලින් නොපෙනුණු දේ වඩාත් හොඳින් පේන්න ගන්නවා. (*සිනාසෙමින්) මේක ලෞකික ජීවිතේදී කරදර වන අවස්ථා තියෙනවා. එකනේ මම වාගේ වෙන්න කියන්නේ!
-*මෙතෙන්දි මම මැද්දට පැනල අජාන් බ්‍රහ්මවන්ශ හාමුදුරුවන්ගේ Basic method of Meditationපොතේ තියෙන මේ කොටස එකතු කරන්න හිතුවේ මේ ප්‍රශ්නය ඇහුව කාන්තාවට සිදුවුණු දේ පැහැදිලි කරන්න.
'You may imagine your mind to be a host at a party, meeting the guests as they come in the door. If one guest comes in and you meet them and start talking to them about this that or the other, then you are not doing your duty of paying attention to the new guest that comes in the door. Because a guest comes in the door every moment, all you can do is to greet one and then immediately go on to greet the next one. You cannot afford to engage in even the shortest conversation with any guest, since this would mean you will miss the one coming in next. In meditation, all experiences come through the door of our senses into the mind one by one in succession. If you greet one experience with mindfulness and then get into conversation with your guest, then you will miss the next experience following right behind'.
ප්‍ර: මම meditation retreat වලට ගිය විට එය අවසානයේ සිතට ඉතාම සැනසිලිදායක සුවයක් දැනෙනවා. ඒත් නැවත ලෞකික ජීවිතයට ගොස් ටික කාලෙකින් ඒ සුවය මැකී යනවා - මම උදේ සවස පැය දෙකක් පමණ භාවනා කලත්.
උ: ඔව්. මගේ අත්දැකීම නම් අඩුම තරමේ දවසට පැය 4 ක්වත් භාවනාව පුරුදු කරන්න ඕනා. නැත්නම් improve වෙන්න අමාරුයි.
ප්‍ර: ඒත් ගිහි ජීවිතයේ ප්‍රශ්න එක්ක එච්චර වෙලාවක් කැප කරන්න අමාරුයි නේ. මගේ ස්වාමියාගේ, ගෙදර දොර කටයුතු බලන්නත් ඕනා නේ
උ: (*සිනාසෙමින් සිවුර පෙන්වමින්) ඒකනේ... මේ පේනවා නේද විසඳුම...ඔව් ඉතින් විවාහය කියන්නේ කරදර වැඩි වීමක්. විශේෂයෙන් දෙන්න ගෙන් එක්කෙනෙක් ලෝකෝත්තර පැත්තටත් අනිකා ලෞකික පැත්තටත් නම්. එක්කෙනෙක් කියනවා 'let's have a beer' කියල. අනිත් එක්කෙනා කියනවා 'let's meditate' කියල. ඉතින් එතකොට අමාරුයි.
තව කරුණු සාකච්ඡා වුනු නමුත් දැනට මෙයින් පෝස්ට් එක ඉවර කරනවා.
මට මෙහිදී සිතුනු දෙයක්:
ශ්‍රී ලාංකිකයන් බුදු සසුන වෙනුවෙන්, එහි පැවැත්ම, ධර්ම ප්‍රචාරය වෙනුවෙන් මහන්සි වෙන බව ඇත්තය. ඒත් ඒ ධර්මයේ නියම ප්‍රයෝජනය ගන්නා බහුතරය ශ්‍රී ලාංකික අයද?

හොඳ පෝස්ටුවක් නිරෝ...ධර්මයෙන් නියම ප්‍රයෝජන ගන්න බහුතරය ශ්‍රී ලාංකික නෙමේ. ඒක ඇත්ත. බටහිර ජාතීන් තරම අපි භාවනාව ප්‍රගුන කරන්නේ නෑ කියලා මට හිතෙනවා. ඒ වගේම අපේ (ආසියාතික ) මානසික මට්ටම උඩ අපි සෝවාන්වීම වාගේ දේවල්වලට මුල් තැන දෙනවා.
ReplyDeleteමෙල්බන්වල මෙහෙනින්නාන්සේ කෙනෙක් ඇවිත් කොච්චර අය සෝවාන් කෙරෙව්වද? මේ වගේ තවත් අය දැන් දැන් තැන් තැන්වලින් මතුවෙනබවත් ආරංචියි. මේවායේ ඇත්ත විතරක් තෝරලා, බේරලා හරි මග යනවා නම් හොඳයි.
නිරෝ සති අන්තයේ කරලා තියන්නේ හොඳ වැඩක්...:)
//මෙල්බන්වල මෙහෙනින්නාන්සේ කෙනෙක් ඇවිත් කොච්චර අය සෝවාන් කෙරෙව්වද?
Deleteඑහෙමත් එකක්ද? මම ඒ කතාව නම් දැනන් හිටියේ නැහැ.
ඔව් අපි විචාර බුද්ධියෙන් හිතන්න ඕනේ හැම තිස්සෙම නේද?
//නිරෝ සති අන්තයේ කරලා තියන්නේ හොඳ වැඩක්...:)
ඔන්න ඔයත් මෙල්බන් ඉන්න එකේ යන්න පුළුවනි සති අන්තෙකට :)
මුලින්ම සාදු සාදු වටිනා දහම් කරුණු ටිකක් මතු කළාට. විශේෂයෙන්ම සමථය හා විපස්සනාව අතර ඇති වෙනස උන්වහන්සේ පහදපු ආකාරය විශිෂ්ටයි.
ReplyDeleteලාංකික බෞද්ධන්ට වෙලා තියෙන්නේ පරම්පරාවෙන් ආ වටිනා මැණිකක් කිසිම ප්‍රයෝජනයක් නොගෙන පෙට්ටගමක තබාගෙන ප්‍රවේශම් කරන කට්ටියට වුණු දේ. වටිනා මැණිකෙන් කිසිම ප්‍රයෝජනයක් ගන්නේ නැහැ. ඒත් පුරාජේරුව නම් අපමණයි. ලංකාවේ හුඟක් බෞද්ධයන්ගේ පුරාජේරුව අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. ඒත් බොහෝ විදේශිකයන් විශේෂයෙන් බටහිර රටවල ඇත්තන් ඒ මැණිකෙන් ප්‍රයෝජන ගන්නවා.
ස්තුතියි හසිත.
Deleteකාට නමුත් ප්‍රයෝජන උනා කියන්නේ මට සතුටක්!
ඔව් උන්වහන්සේ ගොඩක් නොදන්නා දේ ලිහිල්ව කියා දුන්නා. නිතරම සිනාසෙමින්. ඒ නිසා වාද කරන්න උනත් බයක් සැකක් හිතෙන්නේ නැහැ.
ඔයාගේ මැණිකේ උපමාව අපුරුයි.
මැණික් පහන අනුන් වෙනුවෙන් පෙට්ටගම ඇතුලේ දාල රකින අපි!
කොහෙද මේ තැන තියෙන්නෙ?
Deleteසමාවෙන්න කස්ස ඔයාගේ ප්‍රශ්නේ මට මගෑරිලා.
Deleteතැන නම් හීල්ස්විල් වල : Maitripa
හැබැයි මේක බී එස් වී (Buddhist society Victoria) එකෙන් සංවිධානය කරපු රිට්‍රීට් එකක්. මේ තැන එයාල දවස් තුනකට අරන් තමා එහෙම කරේ. ඒක නිසා එතෙන්ට නිකන් ගිහින් වැඩක් නැහැ. කවුරු හරි මුල් වෙලා සංවිධානය කරලා ස්වාමීන් වහන්සේ කෙනෙක් වැඩමවගන්න වෙනවා. මම බී එස් වී එකේ නැහැ. යෙහෙළියකගේ මාර්ගයෙන් දැන ගන්න ලැබුනේ මේ රිට්‍රීට් ඒක ගැන.
හරිම හොඳ ලිපියක් . හසිත කිවා හරි . ඕක මෙහෙමත් කියන්න පුළුවන් ''මැණික් ගලේ පය හැපුනත් කනා ඇහිඳලා ගනීද ''
ReplyDeleteස්තුතියි බින්දී.
Deleteඅපි දැන්වත් මැණික ඇහිඳ ගෙන ප්‍රයෝජනේ ගනිමු නේද?
සාදු සාදු සාදු.
ReplyDeleteමුලින්ම මේ වගේ වටින පොස්ට් එකක් දැම්මට නිරෝෂනී අක්කට මගේ ආචාරය. පී එච් ඩී එකක් කරන කෙනෙක් මේ දේවල් වලට යොමුවන එකත් ඉහලින්ම අගය කරනව.
//ඒත් ඒ ධර්මයේ නියම ප්‍රයෝජනය ගන්නා බහුතරය ශ්‍රී ලාංකික අයද?//
කනගාටුවෙන් උනත් නෑ කියල තමයි කියන්න වෙන්නෙ
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
අක්ක පොඩ්ඩක් මේ තැන් දෙකට ගිහින් බලන්නකො. මමත් නිතරම යන එන, ජීවිතේට ගොඩක් දේවල් ධර්මයෙන් ඉගෙනගන්න පුළුවන් තැන් දෙකක්. අන්තර්ජාලයේ තියෙන මැණිකක් වගේ වටිනව
බුද්ධ රශ්මි
ඕඝතරණ
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
අහ්: කියන්න බැරි උනානෙ. ඉස්සර ඉඳන් මම හී සර බලන්න හොරෙන් හොරෙන් එනව. ඔන්න අද තමයි මුලින්ම සටහනක් තියල යන්නෙ
ඔයාගේ සටහනත්, ලින්ක්ස් දෙකටත් ගොඩක් ස්තුතියි මල්ලි!
Deleteමම පී එච් ඩී එක කෙසේ වෙතත් අනිත් හැම දෙයක්ම නම් කරනවා කියල තමයි කට්ටිය කියන්නේ. :D :D
//ඉස්සර ඉඳන් මම හී සර බලන්න හොරෙන් හොරෙන් එනව
එහෙනම් අද ඉඳන් හොරෙන් හොරෙන් පායන්නේ නැතුව හැමෝන්ටම පේන්න පායන්නකෝ!
මමත් ආසයි අජාන් සාදුගෙ බනට..ඒත් ඉංගිරිසි දැනුම අඩු නිසා මට ටිකයි තේරුං යන්නෙ..සිංහලට පරිවර්ථනය කරලාතියෙන ඒවානම් ලේසියි...
ReplyDeleteමම එකපාරක් ධර්මයට කැමති වෙලා මෙත්තවිහාරි කියන කොළඹ ඉන්න ඩෙන්මාර්ක් හාමුදුරුවන්ගෙන් ධර්මය භාවනා ගැන තියෙන වැඩසටහන් ගැන අධ්‍යනය කරන්න ඕනි කියල කිව්වා..
උන්වහන්සේ සිනාසි එය ප්‍රතික්ෂේප කලා....මගේ තියන දැඟලිල්ලාව නිසා ධර්මය ටිකෙන් ටික ලබාදෙන්න උන් වහන්සේ කටයුතු කලා..
මං ඒ හාමුදුරුවන්ගෙන් ලෞකික ජීවිතයට ගොඩක් දේවල් එකතු කරගත්තා...
අජාන් හාමුදුරුවො ලංකාවට ආව වෙලේ සියලුම රෙකෝඩින් ඒ සාදු ගාව තියෙනවා..
සම්ප්‍රදායට ඇලෙන්නෙ නැතුව භාවනා කරන්න සිල් ගන්න පුලුවන් තැන් තියෙන්නෙ බොහොම අඩුවෙන්..ලංකාවෙ...
@ amila chathuranga
Deleteඅජාන් බ්‍රහ්මවංසෝ හිමියන් ලංකාවට වැඩම කළ අවස්ථාවක දේශනා කළ ධර්ම දේශනාවක වීඩියෝ එක ස්වාධීන රූපවාහිනියෙන් සීඩී එකක් විදිහට නිකුත් කළා. ඒකේ සිංහල උපසිරැසත් තියෙන නිසා වටහා ගන්න පහසු වේවි. ඒකේ පිටපතක් එවන්න පුලුවන් ක්‍රමයක් තියෙනවාද ??
මා ලඟත් තියෙනවා එක සී ඩී එකක්... ඒක හැබැයි අමිල අහලත් ඇති.
Deleteවෙසක් එකට බ්‍රහ්මවන්ශ හාමුදුරුවෝ ආපු වෙලේ හිනාවෙවී කිව්වා, උන්වහන්සේ ඉන්දුනීසියාවටද කොහෙද ගිය වෙලේ දැන ගත්තලු ලේඩි ගාගා ටත් වඩා උන්වහන්සේ ප්‍රසිද්ධයි කියල. :D :D
ජැග් හිමියන් කීව විදිහට, භාවනා කරන හිමිවරුන් පොත් ලියන්නේ අඩුවෙන්ලු...
සහතික ඇත්ත අක්කේ සමහර මිනිස්සු බෞද්ධ වෙලා තියෙන්නේ අම්ම තාත්තා බෞද්ධ නිසා නේ
ReplyDeleteධර්මය පිළිපදින්නේ නෑ ඒ උනාට නමට "බෞද්ධ"
බහුතරය එහෙම තමයි. උප්පැන්න සහතිකේට තිබුනට හරි වටහීමක්වත්, පිළිපැදීමක් වත් නැහැ.
Delete"උපතින් බෞද්ධ අප තරම්, පසුව බෞද්ධ වූ ඔවුන් ධර්ම කරුණු නොදනී."
ReplyDeleteඋපතින් බෞද්ධ උන අපි ධර්මය දන්නවද? මට නම් හිතෙන්නේ නැහැ අපේ ගෙවල් වල වැඩිහිටි බොහෝ දෙනෙක් කරන්නේ බුද්ධාගම අදහන එක අවබෝධ කරගැනීමක් නෙමෙයි. මන් තාම දන්නේ නැහැ
මම අදහස් කලේ, මුලික දේවල්...උදාහරනෙකට, දිට්ඨ ධම්ම වේදනීය කර්මය කියන්නේ මොකද්ද, ආනන්තරීය පාප කාර්ම මොනවාද, චතුරාර්ය සත්‍ය, ත්‍රිලක්ෂණය වගේ දේ. ඒ වගේම විවිධ නිධාන කතා. ඔය චුල්ලපන්ථක හාමුදුරුවන්ගේ කතාව, අජාසත්ත, ඛේමා, උප්පලවන්නාගේ කතා...
Delete(බුද්ධාගම සා පෙලට ඉගෙන ගත්තු කෙනෙක් මේවත් දන්නේ නැහැ කියනවනම් ඉතින්... :D :D)
උපතින් බුදු දහම හිමිවූවන් පාරුව කරතබගෙන පෙලපාලි යද්දි පාරුවෙන් සසර කතර එතෙර වන්නට උත්සාහයක්..
ReplyDeleteස්තුතියි නිරෝශනී බෙදාගත්තට...
ඔව් පාරුවේ කතාව මාත් අහල තියෙනවා.
Deleteබුදු හාමුදුරුවෝ කියල තියෙන්නේ එතෙර උනාට පස්සේ පාරුවත් අත් අරින්න කියල නේද?
මමත් දැකල තියෙන විදිහට උපතින් බෞද්ධ උන ගොඩක් දෙනෙක් ආමිස පූජාවට තමයි මුල් තැන දෙන්නෙ. පොත පතින් කියවල, බණ අහල බුද්ධාගමට හැරුණු ගොඩක් දෙනෙක් ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දෙනව.
ReplyDeleteඔව්. අපි පන්සල් යන එක, දාන දෙන එක, දැන් ආගමික නෙවෙයි සමාජයීය කටයුතු වෙලා.
Deleteමන් දන්න යාලුවෝ දහම් පාසල් ගිහින් තියෙන්නේ socialize වෙන්න :D (ඔන්න මම නම් දහම් පාසල් ගියේ නැහැ!)
ඒකෙ ලොකු වැරැද්දකුත් නැහැ ඉතින්, හැබැයි එතකොට අර ආගමික පැත්ත කරන්න වෙලාවක් නැතුවම යනවා.
කෙලින්ම උත්තරයක් දුන්නොත් කියන්න තියෙන්නෙ නෑ කියන එක.ලංකාවෙ වැඩි හරියක් ඉන්නෙ ත්‍රිපිටකය මොකක්ද කියලවත් දන්නෙ නැති අය
ReplyDeleteලංකාවෙි දැනට විපස්සනා භාවනා මධ්‍යස්ථාන 3ක් තියනවා. විදේශීයන් ගැන වර්ණනා කරලා තිබුනු නිසා දැම්මෙි.
ReplyDeletewww.dhamma.org.