මේ දිනවල බ්ලොග් ලියන්නට කියවන්නට මේකේ අයිතිකාරයාට වගතුවක් නැත. මුළු ගෙදරම තියෙන්නේ අලුත සම්ප්‍රප්පාප්ත වූ ක්ෂීර ජීවියාගේ අණසක යටතේය. ඔහුට ඕනෑ විදිහට නටන්නට මේකේ අයිතිකාරයාට විතරක් නොව ගෙදරට පය තබන හැමෝන්ටම සිදුවන්නේය.
නමින් ක්ෂීර ජීවියා උනත් කිරි බීමට ඔහු ඉතා අලසය. සැබවින්ම කිරි බීම හැරෙන්නට අනික් සියලු දේ සඳහා ඔහුට මනා උනන්දුවක් ඇත. කිරි බොන අතරේ සිනාසීම, කතා කිරීම, අවට සද්ද බද්ද ගැන විපරම් කිරීම, හතර වටේ කරකැවීම ආදී බොහෝ රාජකාරි ඔහුට ඇත.
එළියට එන්නට පෙර ඇතුළේ හිඳිද්දීත් ක්ෂීර ජීවියා වැඩ කලේ ඔහුට ඕනෑ විදියටම පමණක් විය. ඒ නිසා සාමාන්‍ය ක්ෂීර ජීවින් ගේ හැසිරීම අනුව ලියවුනු පත පොත අනුව හැසිරෙන්නට ඔහුට කිසි උවමනාවක් නොවීය. එළියට එන්නට නියමිත දින ලංවෙද්දි ඔහුට ඔලුව පහළට දමාගෙන එක විදිහකට හිටියේ නැත. විටෙක හරහටත්, විටෙක උඩටත් එහෙට මෙහෙට හැරීම ඔහුගේ සිරිත විය. නර්ස් නැන්දලා විසින් ඔහු උපත ලද පසු ජිම්නාස්ටික් ක්‍රීඩකයෙකු වනු ඇතැයි අනාවැකි ද කීවෝය. අන්තිමේදී ඩොක්ටර් මාමා විසින් ක්ෂීර ජීවියාව අල්ලා බලෙන් ඔලුව පහළට හරවන ලද්දේ මේ විපරියාස බලන් ඉන්නට බැරි තැනය!
ක්ෂීර ජීවියා වැඩ කරන්නේ ඔහුට ඕනෑ විදියට ඔහුට ඕනෑ වෙලාවටය.
ඔහු එළියට ආවෙත් ඩොක්ටර් මාමාලා ගේ සැළසුම් වෙලාවට නොව හදිසියේ ඔහුට ඕනෑ ආකාරයටය. ක්ෂීර ජීවියා එළියට එන්නට නියමිත දින පසුවීත් ඔහු කිසිත් හාවක් හූවක් නැතිව සුදානමක් නැතිව හරි සනීපයට හුන් හෙයින් සිසේරියන් සැත් කමකට නියමව සිටියදී...හරියට එදා සැත්කමට පැය ගණනකට කළින් දඩි බිඩියේ ඔහුම එන්නට තීරණය කළේය!
කෙසේ හෝ මගේ ක්ෂීර ජීවියා එළියට පැමිණියේය! ඔහු පැමිණෙන විට දෑස වසාගෙන ඉතා සන්සුන්ව ඔහු සිටි අන්දම මට දැනුදු මැවී පෙනේ. පසුව දේව දුතියක් වන් මගේ මිඩ් වයිෆ් විසින් ඔහුව මා මත තබනු ලද පසු ඔහු මුලින්ම කළේ මා දෙස එක එල්ලේ බැලීමය.
විශ්මයෙන් මමද ඔහු දෙස බලා සිටියෙමි.
ඇරඹුම එතැනිනි!

Many Congratz Niro!!
ReplyDeleteGood to see after long long time.. :)
Thank you ! Hopefully I will be able to post again soon
DeleteCongratulations new mom. Best for the kid & mom
ReplyDelete