Skip to main content

Posts

Showing posts from January, 2012

1917 - 2012 : මගෙත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ ජීවත් වේවා!

ටී එම් ජයරත්න මහත්මයාගේ සින්දුවේ තියෙන්නේ නම් 'සියක් ආයු ලැබ, මගෙත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ ජීවත් වේවා!' කියල. ඒත් ඈ දැනටමත් අවුරුදු අනූ පහක් ආයු ලබා තියෙන නිසා සියක් ආයු ලබාවි කියල මට සහතිකයි. හරි නම් මේ ලිපිය ලියවෙන්න තිබුනේ ජනවාරි 16 වැනිදා. එදා තමයි ඇගේ උපන් දිනේ තිබුනේ. නමුත් පහු වෙලා හරි මේක ලියවුනා කියල ඈ සතුටු වෙනවා මිසක් මා එක්ක තරහ වෙන එකක් නම් නැහැ... කලින් ඈ ගැන එහෙන් මෙහෙන් අහල තිබුනත් හරියටම ඈව මුලින්ම දැක ගත්තේ 1994 අවුරුද්දේ. හරියටම මතක නැති උනත් මැයි මාසේ හරි අප්‍රේල් අග හරි වෙන්න ඕනේ. බොක්ස් ප්ලීට් 3 ගානේ දෙපැත්තට තියාපු අලුත් සුදු ගවුමත් ඇඳන් මම ඈ ළඟ ඉගෙන ගන්න ගියේ ශිෂ්‍යත්වේ සමත් වෙලා 6 වසරට. ඒ අවුරුද්දේ බාලිකා පාසල් වලින් වැඩිම ලකුණු ඕනේ වී තිබුන ඈ ලඟට යන්න.   ලොකු තැනක්, අමාරු වේවි, ආඩම්බර කාරියෝ ඉඳීවි ... ඔහොම දේවල් පුංචි මට සමහරු කලින් කියල තිබුන ඈ ලඟට යනවා කිව්වම. ඒත් මොකක්දෝ හේතුවක් නිසා මට කිසිම බයක් දැනුනේ නැහැ. නිල් පාට ගේට්ටුවෙන් ඇතුලට ගිහාම සුදු අරලිය මල් පිරිච්ච ලස්සන හිනාවකින් ඈ මාව පිළිගත්තා. ලංකාව වටෙන්ම ආපු යාලුවෝ ගොඩකුත්

මයික්‍රෝ වේව් සරණං ගච්චාමි

කාලෙකින් අද අතිරහ වගයක් කෑවා. කාලෙකින් කිව්වට ගිය සතියෙත් කෑවා තමයි ඉතින්. :D මගේ යාලුවෙක්ගෙ අම්මල ලංකාවේ ඉඳන් නිවාඩුවට එද්දී ගෙනවිත් මට දුන්නු ලොකු කැවුම්, අතිරහ පාර්සලයක් යුනි එකේ ෆ්‍රිජ් එක ඇතුලේ තියෙනවා. මගේ වැඩේ ඕකෙන් එකක් දෙකක් හවසට කන එක. අම්ම නම් ගෙදරදී පරණ කැවුම් පුස් කන්න කලින් ෆ්‍රිජ් එකේ දාල පස්සේ ස්ටීම් කරලා දෙනවා. එතකොට අර හයිය ගතිය නැතිවෙලා ගිහින් රහට එනවා ආයේ. ඒත් ඉතින් යුනි එක ඇතුලේ ස්ටීම් කරන්න බැහැනේ. මම කලින් වතාවේ මයික්‍රෝ වේව් එකේ විනාඩියක් විතර දාල බැලුවාම අතිරහ එකේ මැද නිකම් රබර් වෙලා. අපරාදේ දුකේ බැහැ...මම අද අතිරහ උඩට නටන උණු වතුර යන්තම් ඉහල තප්පර 15 විතර මයික්‍රෝ වේව් එකේ දැම්ම. අද නම් හොඳටම ගානට ආව. ම්ම් yummy ! කම්මැලි කමේ එක්ස්පෙරිමෙන්ට්ස් රන් කර කර ඉන්දැද්දී හවසට සීනි නැති කෝපි එකක් එක්ක අතිරහ දෙකම කාල දැම්මාම කම්මැලිකමත් නැති උනා. Sugar high කියන්නේ මේකටද මන්දා! අපේ ගෙදර කොහොමත් සීනි වැඩිය පාවිච්චි කරන්නේ නැති නිසා මට සීනි පොඩ්ඩක් කෑවත් හයි වෙනවා. මුලින්ම මම තුම්මුල්ලේ ඕපන් කැන්ටින් එකෙන් ප්ලේන් ටී එකක් බිව්ව දවස මට අද වගේ මතකයි! අම්මේ

බාර්බී ඩෝල් සින්ඩ්රෝම් : කසාදයට බාර්බී කෙනෙක්

මේක ලියන්න හිතුනේ සොසී අක්ක ගේ මුණු පොතේ තිබ්බ දෙයක් දැකලයි. මේ තියෙන්නේ ඒ ස්ටේටස් එක (සොසී අක්ක විරුද්ධ නොවේ යයි හිතනවා) : කෙල්ලෙක් කොල්ලෙක් ගෙන් අහනවා. “ඔයා බඳින්න හොයන්නේ මොන වගේ කෙල්ලක් ද කියලා.එතකොට එයා කියනවා. විවාහයට මං හොයන්නෙ හොඳ ලස්සන කෙල්ලෙක් කොණ්ඩය දිග හීනි දිගැටි සුදු ලස්සන කෙල්ලෙක් කෙල්ල ගෙ ඇස් වල ට උනන කඳුළු සඟවන ගමන් ඇය හිමීට හිනා වෙනවා. ම‘සිත උපන් ආලය ගැන කියා ගන්න මත්තෙන් දුරස්‍ වුනෙමි සඟවා නෙතු කඳුළු පියන් අස්සෙන් ඕකේ ඉන්න කොල්ල ට ගැලපෙන්නේ අපි හැමෝම දන්නා බාර්බී ඩෝල් කෙනෙක් කියල තමා මට නම් හිතෙන්නේ. ඇයි ඉතින් බාර්බිත් උසයි, සුදුයි, හීනියි. කොන්ඩේ දිගයි. හරිම ලස්සනයි. හදවතක් නම් නැහැ. මොළය කුත් නැහැ. එත් ඉතින් Requirement spec එකේ ඒවා තිබුනේ  නැහැනේ! ඉතින් මොකද? කෙනෙක් අහවි. නැහැ බාර්බී (හෝ කෙන්) ඩෝල් කෙනෙක් හොයා ගෙන කසාද බඳින එකේ කිසිම අවුලක් නැහැ. ඒක ඉතින් තම තමන්ගේ කැමැත්ත. හැබැයි අවුල තියෙන්නේ මෙතන. මම දැකල තියෙනවා බාර්බී ලා (පිරිමි ළමයි), කෙන් ලා (ගැහැණු ළමයි) එක්ක ඉඳල, ඊට පස්සේ එයාලට චෝදනා කර කර නහයෙන් අඬන ය. මේ චෝදනා පත්තරේ පහත ඒවා අඩ

Love ... at your own risk

Photo belongs to Me.  Taken somewhere along the coast of Sorrento on a lovely Summer day in December, 2011. Do click on the pic and see it at full size - you wont be sorry :)

අපි නොදන්න කප් කේක් - හෙවත් ස්පන්චි

මම ගෙදර ඉන්දැද්දී, සමහර දවස් වලට හවසට ගේ ළඟ තිබුන බේකරියට ගිහින්, මොනවා හරි කන්න අරන් එනවා ගෙදර අයට. වැඩ ඇරිලා එනකොට සමහර වෙලාවට අම්ම කෝල් කරලා ත් කියනවා 'පුතේ කන්න මොනා හරි අරන් එන්න කියල'. ඉතින් ඔය 'මොනා හරි' කියල අම්ම කියන්නේ ස්පන්චි වලට කියල මම දන්නවා. අම්ම යි මායි දෙන්නම ස්පන්චි කන්න හරි හපනියෝ. මොකක් හරි හේතුවක් නිසා ලංකාවේ කට්ටිය ස්පන්චි ස්පන්චි කිව්වට ලෝකේ ගොඩක් අය මේවට කියන්නේ 'කප් කේක්' කියල. නමින් කොහොම හැඳින්වුනත් ගොඩක් අය ආස කරන කෑමක් තමා මේ කප් කේක්. ඉතින් ආයි තව වැල් වටාරම් නැතිව අද මේ හදන්න කප් කේක් හදන හැටි කියන්නයි. මේ හදන්නේ චොකලට් කප් කේක් හොඳේ. නිකම් ප්ලේන් වැනිලා ඒවාට වඩා රසයිනේ. ඔන්න ඕනේ කරන දේවල්: - කප්කෙක් 8 පමණ හදාගන්න පුළුවනි කොකෝවා පව්ඩර් හොඳට පුරවපු මේස හැඳි 1 කිරි කෝප්ප 1 (නටන උණු වතුරේ කිරි පිටි මේස හැඳි 2 විතර දාල හදාගන්න. මේක රස්නෙන් තියාගන්න) පිටි ග්‍රෑම් 175 බේකින් පව්ඩර් තේ හැඳි 2 බටර් ග්‍රෑම් 115 සීනි ග්‍රෑම් 200 ලොකු බිත්තර 2 වැනිලා තේ හැඳි 2 ක්‍රීම් ඔෆ් ටාටා පව්ඩර් තේ හැඳි 1/8 ක් විතර උණු පිටි ක

මුහුදෙන් එහා අර මොනවා පෙනේදෝ - ඇහැට නොපෙනෙන දේ දකින කැමරාව

ලඟදි ගිය ට්‍රිප් එකකදී ගත්ත ෆොටෝස් හදද්දී මේ පහල තියෙන ෆොටෝ එක දිහා හොඳට බැලුවාම පොඩි අමුත්තක් පේන්න ගත්ත. බලන්නකෝ ඔයාලටත් පේනවද කියල... ෆොටෝ එකේ දකුණු කෙලවරේ ක්ෂිතිජය හරියට වෙන්න... පේනවද නිකම් යාන්තම් skyscrapers වල චායාවන්? මේක පැහැදිලි කරන්න පාට අයින් කරාම මෙන්න මෙහෙම පේන්න ගත්ත... හරි පුදුමයි නේ..මුහුදින් එහා බිල්ඩින් පේන්නේ කොහොමද? ටිකක් වෙලා ගිහාම තමයි මට තේරුනේ. අපි ගියේ වික්ටෝරියා ප්‍රාන්තයේ සොරෙන්ටෝ කියන හරියට. මේකේ සිතියම දිහා බැලුවම හිතාගන්න පුළුවනි මෙහෙම පේන්නේ කොහොමද කියල...... Image from Google Maps හැබැයි මට තාම මේ ෆොටෝ එක ගත්ත තැන හරියටම මතක නැති නිසා හිතාගන්න බැහැ මේ පේන්නේ කොයි හරියේ බිල්ඩින්ද කියල...

ජීවන යාත්‍රාව පදවන ඔබ සැමට ...

කුනාටු පිරී සාගරේ පුංචි නැවක් යන්නා නැවියා බෝ පරිස්සමින් එය පදවන්නා එය පදවන්නා... එය පදවන්නා... නැවියා බෝ පරිස්සමින් එය පදවන්නා  අලුත් කිව්වට මේකත් තවත් එක දවසක් විතරයි. ඒත් ජීවිතේ අලුත් කරගන්න හොඳ අවස්තාවක්... ඕගොල්ලෝ හැමෝටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!