Skip to main content

Posts

Showing posts from July, 2015

වැඩකරුවෝ වීම නොහොත් ඉස්කෝලේ පාඩම්

දැන් අපි එකේ ඉඳන් 13 වසර වෙනකම්ම අවුරුදු ගාණක් ඉස්කෝලේ යනවනේ. ඒ ගිහින් ගණිතය, භාෂාව, විද්‍යාව, ආගම, සමාජ අධ්‍යයනය, සෞන්දර්යය වගේ ගොඩක් විෂය ඉගෙන ගන්නවා තමයි. එක වසරේදී ඉගෙන ගත්තු ඒවලින් දෙක වසරට යනවා. දෙක වසරේදී ඉගෙන ගත්තු ඒවලින් තුන ට යනවා. ඔහොම ඔහොම... තව දේවල් තියෙනවා විෂය වලට කිසිම අදාලත්වයක් නැති, හැබැයි ඊට සමානවම (සමහර විට ඊටත් වඩා) පසු කාලීනව ජීවිතේට ඕනි වෙන දේවල්. මේ එහෙම පාඩමක්. මේක මතක් උනේ සොඳුරු සිත ලියපු ඉස්කෝලේ පංති භාර ගුරුතුමියක ගේ දවස පටන් ගන්න කොට තියෙන වැඩ ගැන සටහනක් දැකලා. ඇත්තටම විෂය ඉගෙන ගන්නයි, ක්‍රීඩා/කලා කටයුතු යි ඇරුනම තව කොච්චර වැඩ තියෙනවද ඉස්කෝලේ?! ලංකාවේ ගොඩක් ඉස්කෝල වල උදේට පන්තිය පිරිසිඳු කරන්න ඕනේ ළමයි. එතකොට උදේ බෙල් එක ගහන්න කලින් ප්‍රින්සිපල් ගේ කාර්යාලයට ගිහින් රෙජිස්ටර් එකයි, රෙකොර්ඩ් පොතයි ගේන්නත් ඕනේ. ගුරු මේසේ පිහදාල අස් කරලා මේස රෙද්ද ගසල බසල, මල් වාස් එක හරිගස්සන්න ඕනේ. කලු ලෑල්ල/වයිට් බෝඩ් එක පිහදාන්න ඕනේ. බෞද්ධ ඉස්කෝල වල නම් මල් වට්ටිය හදල(ඒකට මල් නැති දවසට හොරෙන් ඉස්කෝල වත්තෙන්ම මල් කඩන එක වෙනම ගේමක්) පහන් හඳුන් කූරු පත්තු ක