Skip to main content

Posts

Showing posts from March, 2013

We got hitched! අපිත් බැන්ද ලු!!

    අපි බැන්ද දවස ගොඩක් විශේෂයි. එකක්, එදාට අවුරුදු 30 කට කලින් තමයි මගේ අම්මයි තාත්තත් හා හා පුරා කියල අමාරුවේ වැටුනේ. :D අනිත් එක, මගේ අලුත් අම්ම ගේ උපන් දිනෙත් එදාම යි... හෙට අනිද්දා බඳින්න ඉන්න අයට පුංචි දෙයක් කියන්න හිතුව... වෙඩින් එක කියන්නේ චිත්‍රපටියක් නෙවෙයි. උත්සවයක්. ඉතින් හොඳම දේ තමයි තමන්ගේ මගුල් ගෙදර හොඳට එන්ජෝයි කරන එක.  ඕනවට වඩා විච්චුරණ වැඩ කෑලි දාගත්තම ඒක කරන්න වෙලා මදි වෙනවා. ඕන නැති වියදමුත් එනවා. අන්තිමට කපල් එකට හොඳටම මහන්සියි. ආපු මිනිස්සු එක්ක පොඩ්ඩක් කතා කරලා, ඩාන්ස් කරන්න වත් වෙලා නැහැ. පටන් ගත්තු වෙලේ ඉඳන් ෆොටෝ ෂූට් විතරයි. අපේ මගුල් ගෙදර වෙඩින් කේක් කපන්න, කිරි කළ, ෂැම්පේන් වක් කරන ඒවා, කතා පවත්වන ඒවා, නැටුම් කණ්ඩායම්, කරන්න මම කැමති උනේ නැහැ. ගොයින් අවේ වෙනින් ඇඳුම් මාරු කරේ නැහැ මට ඒ වෙලාවක් තිබුනේ නැති නිසා. අනිත් එක හෝම් කමින් එකකුත් ගන්න නිසා, ඔය පොඩි වෙලාවට ඕකට වියදම් කරන්නත් මට ඕනෑකමක් තිබුනේ නැහැ. අන්දන්න ගියේ පැය 2.5 වගේ කාලයක්...ඉතින් මට කිසිම අමාරුවක්, මහන්සියක් තිබුනේ නැහැ වෙඩින් එක පුරාවට. ඇත්තටම මම මගේ වෙඩින් එ