Skip to main content

Posts

Showing posts from January, 2013

බෙයිජිං හි සත් දිනක් 2 : මහා ප්‍රාකාරය සහ අති විශේෂ චීන වැසිකිළි සමඟ තවත් කතා

<<බෙයිජිං හි සත් දිනක් 1 චීන මහා ප්‍රාකාරය බෙයිජිං වල ඇවිද්ද තැන වලින් හොඳම අත්දැකීම තමයි චීන මහා ප්‍රාකාර ගමන. මේකේ සමහර කොටස් විතරයි සංචාරකයන්ට යන්න දෙන්නේ. මොකද සමහර තැන් මේ වෙද්දී අනතුරුදායකයි. විශේෂයෙන්ම ශීත කාලේදී හිම නිසා. බෙයිජිං වල අපි හිටපු හොටෙල් එකේ ඉඳල පැයක් වගේ ඩ්‍රයිව් එකක දුරින් තිබුණු එහෙම සංචාරකයන්ට විවෘත Badaling හි ප්‍රාකාර කොටසට තමයි අපි ගියේ. ප්‍රාකාරය උඩට භාගයක් දුරට කේබල් කාර් එකකින් ගිහින් එතන ඉඳන් පයින් යන්න පහසුකම තියෙනවා. ගොඩක් තැන්වල නැග්මේ තිබුනේ දළ බෑවුමක්. ඒ නිසා නගින්න ටිකක් අමාරුයි. ඒ තැන් බහිද්දී කරන්න ඕනේ දුවගෙන දුවගෙන යන එකයි. නැත්නම් හිමින් බහින්න ගියොත් අමාරු වෙනවා. චීන මහා ප්‍රාකාරය නම් යන්න පුළුවන් නම් හැමෝම ජීවිත කාලය තුල බලන්න ඕනේ එකක් කියල මට හිතෙන්නේ. මුදුනට ගිහින් ඇහැට පෙනෙන තෙක් මානේ කඳු පන්ති හරහා කඳු කපාගෙන යන ප්‍රාකාරය දකින කොට මිනිස් හැකියාවේ ශක්තිය ගැන පුදුමයක් ඇති වෙනවා. විශේෂයෙන්ම මේක හදල තියෙන කාලයේ තිබුණු තාක්ෂණික මෙවලම් සහ, භූ විෂම තාවේ දුෂ්කරතා සැලකිල්ලට ගත්තම. මේකේ පෙනෙන මුර කුටි වගේ එව්වා වල ඉඳ

බෙයිජිං හි සත් දිනක් 1: හිමෙන් වැසුනු තහනම් නගරය සහ වෙනත් කතා

ගිය අවුරුද්ද අන්තිමේ බෙයිජිං යන්න හම්බුණා හදිසියෙන්. එහෙ පැවැත් උණු සම්මන්ත්‍රණය ට සහභාගී වෙන්න තමයි ගියේ. චීන වීසා සන්නිය  හදිසියේ යන්න උණු නිසා  වීසා හදන්න තිබ්බේ මාසයක් වගේ අඩු කාලයක්. ඒ සම්මන්ත්‍රණය 'A' ශ්‍රේණියේ එකක් නිසා තමයි දඩි බිඩි ගාල වදෙන් පොරෙන් හරි එහෙ ගියේ. හැබැයි ඇත්තම කියනවා නම මට අන්තිමට වීසා හම්බුනත් ආයේ නම් A ශ්‍රේණියේ නෙවෙයි මොන මගුල උනත් චීනෙට නම් යන්නෙම නෑ කියල හිතෙන තරමට චීන මෙල්බන් කොන්සුලේට් එක විකාරයක් කරා. සම්මන්ත්‍රණයකට යනවා නම් එයාලගේ හැටියට බිස්නස් වීස ගන්න ඕනෙලු. ඒක ගන්න චීන ආණ්ඩුවෙන් ලියුමක් ඕනේ. ඒකත් නිකම් ඊ මේල් කරලා බෑ. තැපැල් කරලා ඕනේ. හැබැයි ඔව්ව එයාලගේ වෙබ් සයිට් එකේ නෑ. එතෙන්ට ගිහාම තමයි ඔය බණේ කියන්නේ...ඉතින් ඔන්න කොහොම හරි කරලා ඉතින් චීනෙට ගියා ලු :D දැන් කියන්න යන්නේ එහෙ ගිහින් දැකපු කරපු දේ ... හිම හිම හිම! මේ කාලේ චීනෙට සිසිර ඉර්තුව. බෙයිජිං තියෙන්නේ උතුරට වෙන්න නිසා හොඳටම සීතලයි. හිම වැටිලා හැම දෙයක්ම සුදු පාටයි. උදේට බලද්දී හැම දෙයක්ම හිමෙන් වැහිලා ලෝකෙම සුදු පාටින් තමයි පෙනෙන්නේ. හිමීට හිමීට හිම වැටෙද්දී මම