Skip to main content

බෙයිජිං හි සත් දිනක් 2 : මහා ප්‍රාකාරය සහ අති විශේෂ චීන වැසිකිළි සමඟ තවත් කතා

<<බෙයිජිං හි සත් දිනක් 1

චීන මහා ප්‍රාකාරය

බෙයිජිං වල ඇවිද්ද තැන වලින් හොඳම අත්දැකීම තමයි චීන මහා ප්‍රාකාර ගමන. මේකේ සමහර කොටස් විතරයි සංචාරකයන්ට යන්න දෙන්නේ. මොකද සමහර තැන් මේ වෙද්දී අනතුරුදායකයි. විශේෂයෙන්ම ශීත කාලේදී හිම නිසා. බෙයිජිං වල අපි හිටපු හොටෙල් එකේ ඉඳල පැයක් වගේ ඩ්‍රයිව් එකක දුරින් තිබුණු එහෙම සංචාරකයන්ට විවෘත Badaling හි ප්‍රාකාර කොටසට තමයි අපි ගියේ.

ප්‍රාකාරය උඩට භාගයක් දුරට කේබල් කාර් එකකින් ගිහින් එතන ඉඳන් පයින් යන්න පහසුකම තියෙනවා. ගොඩක් තැන්වල නැග්මේ තිබුනේ දළ බෑවුමක්. ඒ නිසා නගින්න ටිකක් අමාරුයි. ඒ තැන් බහිද්දී කරන්න ඕනේ දුවගෙන දුවගෙන යන එකයි. නැත්නම් හිමින් බහින්න ගියොත් අමාරු වෙනවා.

චීන මහා ප්‍රාකාරය නම් යන්න පුළුවන් නම් හැමෝම ජීවිත කාලය තුල බලන්න ඕනේ එකක් කියල මට හිතෙන්නේ. මුදුනට ගිහින් ඇහැට පෙනෙන තෙක් මානේ කඳු පන්ති හරහා කඳු කපාගෙන යන ප්‍රාකාරය දකින කොට මිනිස් හැකියාවේ ශක්තිය ගැන පුදුමයක් ඇති වෙනවා. විශේෂයෙන්ම මේක හදල තියෙන කාලයේ තිබුණු තාක්ෂණික මෙවලම් සහ, භූ විෂම තාවේ දුෂ්කරතා සැලකිල්ලට ගත්තම.
මේකේ පෙනෙන මුර කුටි වගේ එව්වා වල ඉඳන් මොන්ගෝලියානු සතුරන්ට චීන සොල්දාදුවෝ ඊතල විදින්න ඇති නේද?

මහා ප්‍රාකාරේ දී උන දෙබසක් තමයි මේ...

මේකේ A කොහේ ගියත් කියන කතාවක් තමයි අනේ අපි ගිය ආත්මෙක මෙහෙට එන්න ඇති කියල.
A : අනේ අපිත් ඉතින් ගිය ආත්මෙක මේකේ උඩට වෙලා ඊතල විද විද ඉන්න ඇති නේද අනේ?
B : ඔයා කවද හරි දවසක හඳට ගියත් කියයි අනේ අපි ගිය ආත්මෙකත් මේ හඳට වෙලා ඉන්න ඇති කියල.


මහා ප්‍රාකාරය ගැන දුක හිතෙන කතාවකුත් ඇහුනා. මහා ප්‍රාකාරයට 'මහා කනත්ත' කිව්වත් වරදක් නැහැලු. ඒ මොකද කිව්වොත් මේක හදද්දී ප්‍රාකාරේ වැඩ වලට ගත්තු මිනිස්සු නොයෙක් අනතුරු, ලෙඩ, හාමත වගේ හේතු නිසා මරුනලු. එයාලගේ මිනී දාස් ගණන් මේ ප්‍රාකාරේ අත්තිවාරම් වලට යට කරලා තියෙනවලු. බලාගෙන යනකොට චීනේ ඒ කාලෙත් 'Slave labour' තිබිල තියෙනවනේ! හැබැයි ඉතින් ඔය රජ කාලේ කොයි රටෙත් එහෙම වෙන්න ඇති නේද? ඉතිහාසය දන්නා කෙනෙක් ට තමයි ඒකට උත්තර දෙන්න වෙන්නේ...(ඔන්න හසිත අවස්තාව :D )

මෙහෙමත් වෙළෙන්දෝ !!

චීනේ ෂොපින් යන එක මහා එපා කරපු දෙයක් උනා. විශේෂයෙන්ම මම භාෂාව දන්නේ නැති නිසාත්, මා එක්කල චීන ජාතිකයෙක් ගියේ නැති නිසාත්. මට වැඩියෙන්ම එපා උනේ මේ වෙළෙන්දෝ එක්ක හෙට්ටු කරලා. සමහරු නම් ඔය Bargaining වලට කැමතියි නේ. මට පේන්න බැහැ ඕක. ඒත් චීනේ සමහර තැන් වලට යනවා නම් (සිල්ක් මාකට් එක වගේ) හෙට්ටු කරන්නේ නැතිව බැහැ. ඔය පහතින් දාන්නේ ඔහොම හෙට්ටු කරන කොට වෙන සාමාන්‍ය දෙබසක්:

මම: (හිම සපත්තු පෙන්වමින්) මේක කීයද? [යුවාන් 100-150 කට වඩා මේකට ගෙවන්න මට අදහසක් නැත]
වෙළෙන්දා: ආ ඔයා මොන රටෙන්ද?


මම: ශ්‍රී ලංකාවෙන් 

වෙළෙන්දා: ඕ ඒක හරි හොඳ රටක්නේ... හරි මේක මම ඇමරිකන් කාරයෙක්ට දෙන්නෙ යුවාන් 2000 කට.


මම: 2000 ක්???

වෙළෙන්දා: ඔව් එත් ඔයා මගේ යාළුවානේ...මම ඔයාට නිසා දෙන්නම් මේක යුවාන් 1000 කට.

මම: (මම කොහොමද හලෝ ඔයාගේ යාලුවෙක් වෙන්නේ. හම්බුනෙත් මේ දැන්) 1000 කට ඕක මට ගන්න සල්ලි නැහැ...ඒ ගාන ගොඩක්ම වැඩියි නේ මේකට.

වෙළෙන්දා: හරි හරි එහෙනම් 750 යි.

මම: එත් වැඩියි. මට එපා (මම දැන් යන්න හදනවා මේක ගන්න අදහස අත ඇරලා)

වෙළෙන්දා: ඉන්න ඉන්න! 700 යි! ගන්නවද?

මම: සමාවෙන්න මට ඕකට 100 කට වඩා ගෙවන්න බැහැ.

වෙළෙන්දා: 100 ක්??? මේ ඔරිජිනල් අග් බූට්ස්!! නියම බැටළු හම්!! මේ බලන්න ... (ලයිටර් එකක් අරන් සපත්තුවේ බූල් පුච්චයි)

මම: වෙන්න ඇති. ඒත් මා ගාව සල්ලි නැහැ.

වෙළෙන්දා: ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගෙවන්න කෝ.

මම: බැහැ ඒකෙත් සල්ලි නැහැ. මට ඕක එපා. මම යනවා. (කඩෙන් එලියට එමින්)

වෙළෙන්දා: හරි හරි ඔයා දිනුම් 250 ට දෙන්නම්.

මම: එපා.

වෙළෙන්දා: (කඩෙන් එලියට යන මං පිටිපස්සේ දුවන් එමින්) ඉන්න ඉන්න ...හරි හරි එහෙනම් 120 ක් දෙන්න.

මම: හා 
[පස්සේ මට හිතුනේ ඕක හදන්න යුවාන් 50 ක් වත් ගියාද දන්නේ නැහැ කියල. Original Ugg my foot!]


හෙට්ටු නොකර ගන්න කඩ, ෂොපින් මෝල් එහෙමත් නැතුව නෙවෙයි. එහෙම ගන්න යනවා නම් යන්න ඕනේ වැන්ෆුජින් වීදිය වගේ තැනකට. ඒ මුළු වීදියම තියෙන්නේ කඩ සාප්පු, සහ කන්න තැන්...මේ තියෙන්නේ ඒ වීදියේ ෆොටෝ එකක්:





සිල්ක් රෙදි හදන හැටි
අපි එක දවසක් සිල්ක් කම්හලකට ගියා. ඒකෙ පට පනුවාගේ කොශේ ඉඳන් සිල්ක් රෙද්ද වියන කන්ම බලන්න පුළුවන් උනා.




 
ඔන්න ඉස්සෙල්ලම පට පණු කෝෂ උණු වතුරේ තම්බනවා. අනේ එයාල මැරෙනවා එතකොට. සිල්ක් රෙදි හදන්න පට පනුවෝ දාස් ගණන් මෙහෙම තම්බල මරනවා කියල මට තේරුනේ එදයි.


ඊට පස්සේ පනුවව එලියට ගන්නවා.

ඊට පස්සේ කෝශේ අරන් ලෝහ ස්ටෑන්ඩ් එකේ දිග අරිනවා.
ඔය විදිහ ලේයර් වේලලා දිග ඇරලා තමයි සිල්ක් නුල් හදන්නේ. මේ ගෑනු ළමයි සිල්ක් ක්විල්ට් එකක් හදන්නයි මේ යන්නේ.


කපටි මසාජ්

මේ චීන ගයිඩලා සමහරු මහා දත් දොස්තරලා. සූරා කන්නම හදන අය එමටයි.
ඔන්න අපි තහනම් නගරය බලන්න ගිහින් එනකොට අපේ ගයිඩ් වාහනේ එන ගමන් කියවන්න ගත්තා පාරම්පරික චීන වෛද්‍ය ක්‍රම ගැන. එයා කිව්වේ ඒවා ඔක්කොම 100% ස්වභාවිකයි, අතුරු ප්‍රතිපල නැහැ කියල. ඊට පස්සේ එයා කිව්වා දැන් අපි ඔයාලව එහෙම පාරම්පරික වෛද්‍ය මධ්‍යස්තානයකට එක්කන් යනවා. එතැනදී ඔයාලට අපි නොමිලේ ෆුට් මසාජ් එකක් දෙනවා කියල. දවසම ඇවිදලා මහන්සි වෙලා හිටි නිසා අපිත් කැමති උණා.
ඔන්න ඉතින් ඒකට ගිහාම හොඳට පිරිසිඳු සහ ලොකුවට පෙනෙන්න තිබුන ඒ ස්තානය. එයාල කිව්වේ නම් චීන රජයෙන් කරන එකක් කියල. හැබැයි ඉතින් ඕව ෂුවර් නැහැ. ඉතින් අපි එක ශාලාවකට ගිහින් කකුල් දෙක උණු වතුර එකකට දාල ටිකක් හිටියා. ඒ උණු වතුර එකට මොනාද බෙහෙත් කොළ බෑග් එකකුත් දාල තුබුන. එහෙම විනාඩි 10 විතර ඉන්න කියල ඊට පස්සේ ඔන්න ආව චීන කොලු ගැටයෝ ටිකක් ෆුට් මසාජ් දෙන්න. ඉතින් ඒ අතරේ තව චීන ගෑනු ළමයෙක් ඉඳන් දේශනාවක් කරන්න ගත්තා එයාලගේ ක්‍රම වේදේ ගැන. අනේ මන්දා ඒ ලෙක්චර් එක අහන ඉඳල මට නින්ද යන්නත් ආව. කියෝනව කියෝනව ඉවරයක් නැහැ. කිව්වෙම බටහිට ක්‍රමේ වැරදියි, එයාලගේ ක්‍රමේ හොඳයි තමයි. ටිබෙට් වලින් එයාල අවුරුදු දාස් ගානක් පැරණි බෙහෙත් හොයාගෙනලු තියෙන්නේ.
ටිබෙට් රටේ ගෑනු අය නාන්නේ ජීවිතේටම වාර 3 යි ලු. ඒත් එයාල නිරෝගී ලු. එහෙම වෙන්නේ මේ ඉපැරණි බලවත් බෙහෙත නිසාලු. ඔන්න ඕව තමා කිව්වේ.

ඉතින් එයාගේ ලෙක්චර් එක අන්තිමට සුදු කෝට් ඇඳ ගත්ත 'දොස්තර' ල වගයක් ඇවිත් අපේ අත් බැලුවා. අතේ රේඛා වලින් ලු එයාල ලෙඩ කියන්නේ. ඒ පාර අත බලල දොස්තර කියන්න ගන්නවා ඔයාට මේ ලෙඩේ තියෙනවා, අර ලෙඩේ තියෙනවා, ඉක්මනටම බෙහෙත් කරන්න ඕනේ කියල. එයාලට ඒ ලෙඩ ඔක්කොම හොඳ කරන්නත් පුළුවන් කියල ත් කිව්වා. අපි ඉතින් මුකුත් නොකිය ඔහේ අහගෙන හිටියා. එයාල කියෝලා කියෝලා අන්තිමට තමයි හොඳම කෑල්ල කිව්වේ... බෙහෙත් වලට යන වියදම. ලෙඩ හොඳ වෙන්න නම් මාස දෙකක් බෙහෙත් කරන්න ඕනෙලු. මාසෙකට බෙහෙත් වලට වියදම ලංකාවේ මුදලින් රුපියල් 50,000/= විතර!!
එයාලගේ බෙහෙත් ඕනේ නැහැ කියල කීප සැරයක් කියල අන්තිමට වදෙන් බේරෙන්න ටිකක් තදින් කතා කරාටත් පස්සේ තමා අපිට කරදර කරන එක නැවැත්තුවේ!
එතනින් එළියට එද්දී ඔසී ජාතිකයෙක් කියනවා මෙහෙම හිනා වෙවී:
"හොඳට තියෙයි මුන් දෙන බෙහෙත් අරන් ඔස්ට්‍රේලියාවට ගියොත්! කොරන්ටින් එකේදී ඒවා ඔක්කොම අල්ලලා විසි කරාට පස්සේ අපිට හුළං තමයි!"
[ඕස්ට්‍රේලියාවේ කොරන්ටින් නීති හරි තදයි. ඔය ශාක කොටස්, ආයුර්වේද බෙහෙත්, කෑම එහෙම රට ඇතුලට අරන් යන්න හරි අමාරුයි. :D :D ]


බෙයිජිං ටොයිලට් හෙවත් හැපී රූම්

මම චීනේ යනවා කිව්වම මගේ එක මිතුරියක් කිව්වා ඊට අවුරුද්දකට කලින් එයා චීනේ ගිය වෙලාවේ අත්
විඳපු ටොයිලට් ප්‍රශ්න. හැබැයි එයාම ආයෙත් කිව්වා එයා ගියේ ගොඩක් ගම්බද පලාතක ට නිසාත් මම යන්නේ බෙයිජිං නිසාත්, බෙයිජිං වල එහෙම ප්‍රශ්න නැති වේවි කියලත්...එයා කිව්ව ඒ ටොයිලට් ප්‍රශ්නය ඔයාල හිතන්නේ අපිරිසිඳු කම කියලද? නැහැ...වෙන දෙයක්... :D
එයා කිව්වම මටත් පුදුම හිතුනා. හැබැයි මට පුද්ගලිකව එක අත් විඳින්න ලැබුන ඒක බෙයිජිං නගරේ. නිකම් පොඩි තැනකත් නෙවෙයි. ලොකු සුඛෝපභෝගී ෂොපින් මෝල් එහෙක....දැන් කියන්න බලන්න මොකද්ද මේ විශේෂත්වය කියල?

ඒ තමයි...ටොයිලට් එකේ දොරවල් නැති එක!! දොර කැඩිලා නෙවෙයි...දොරක් නෑ! ඒ කියන්නේ සාමාන්‍ය ටොයිලට් වල වගේ ස්ටෝල්ස් කීපයක් තියෙනවා වෙන් කරලා...හැබැයි එහෙක වත් දොරවල් නෑ! අනිත් එක ඒවා Squatting toilets. එතකොට ඉතින් ආවරණය කරගන්නවත් බෑනේ ඇඳුමකින් වත්! 
හොඳ වෙලාවට ගෑනු පිරිමි වෙන් කරලා තිබුනේ. මම ඇතුලට ගිය ගමන් සීන් එක තේරිලා අනික් පැත්තට හැරිලා ආව. හැබැයි ඒකෙ හිටපු ගෑනු අයට නම් ඔහේ ගාණක් නෑ. එක්කෙනෙක් හොඳට නිකට අත්දෙක උඩ තියාගෙන විවේකී සුවයෙන් ගෝලීය අර්බුදයක් ගැන හිත හිත ඉන්න විලාසයක් තමයි හැරෙන තැපෑලෙන් ආපහු එද්දී මම දැක්කේ! :D
PS: චීන අය ටොයිලට් එකට කිව්වේ හැපී රූම් කියා ය :D 

සබ්වේ (උමං දුම්රිය)

බෙය්ජින් වල එහෙ මෙහෙ යන්න ලේසිම සහ ලාභම විදිහ උමං දුම්රිය හෙවත් Subway එක. ස්ටේෂන් අතරින් subway line මාරු කරමින් ගොඩක් තැන්වලට යන්න පුළුවන්. ඒ වගේම කොහෙට ගියත් එක්කෙනෙක්ට ගාන යුවාන් 2 යි. ඒ වගේම හරිම User friendly.  ගමනාන්තය දක්වා දුම්රිය ස්ටේෂන් මැන්ඩරින් සහ ඉංග්‍රීසි දෙකෙන්ම පෙන්වනවා. නිවේදනය කරනවත් එක්ක. ඉතින් මැන්ඩරින් නොදන්නා කෙනෙක්ට උනත් පහසුවෙන් බහින තැන මිස් වෙන්නේ නැහැ. හැබැයි එකම දේ අධික තදබදය තමයි. විශේෂයෙන් rush hour එකේදී. අම්මෝ එච්චර මිනිස්සු මම දැකල නැහැ ජීවිතේට!

ම්ම් ඉතින් ඔන්න ඕක තමයි මගේ චීන සංචාරේ විස්තරේ... :) අසා සිටි ඔබ සැමට ස්තුතියි!

Comments

  1. I will never go close to a woman from Tibet ever!

    ReplyDelete
    Replies
    1. Nah I don't really think that story was true..But why would you need to worry about going close to Tibetan women? :P

      Delete
  2. හැපි රූම් කතාව ලස්සනයි. ඒත් මගේ හිත් ගත්තේ අර A සහ Bදෙදෙනාගේ සංවාදය.

    හැබෑටම කවුද ඒ? :D

    පින්තූරු ටිකත් වෙනදා වගේම ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පොඩ්ඩි. :)
      ඒ දෙන්න මම අඳුනන දෙන්නෙක් අනේ! :D

      Delete
  3. චන්දිත් එක්ක අපිත් චීනේ සංචාරයක් ගියා වගේ..ස්තුතියි ලස්සනට ලියලා අපිත් එක්ක බෙදාගත්තට..

    ReplyDelete
    Replies
    1. ඔයාටත් ස්තුතියි කියවල අදහස් කිව්වට. :)
      ඒක නෙවෙයි කවුද දැන් ඔය චන්දි ?

      Delete
    2. මමත් රූගෙන් අහන්ටමයි හිටියේ. කවුද මේ චන්දි කියලා. :)

      Delete
  4. දැන් නම් කීයටවත් චිනේ යන්නේ නැහැ . පොඩි කුමාරිහාමිගේ කතායි මේකයි දැක්කම ..

    දොර නැති ටොයිලට් ..අය්යෝ

    විස්තර ටික නම් නියමයි.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි බින්දි.

      එහෙම ම හිතන්නත් එපා. මොනවා නැති උනත් චීන මහා ප්‍රාකාරය හරි බලාගන්න පුළුවන් නේ... හැබැයි මම හිතන්නේ චීන මිතුරෙක් එක්කල යන්න තියෙනවා නම් ගොඩක් හොඳයි.

      Delete
  5. අදම තමා මා ඔබගේ බ්ලොග් අඩවිය දුටුවේ. ස්තුතියි රසවත් විස්තරයට සහ සේයාරූ වලට.

    ඒ එක්කම, මට මේ “හැපි-රූම්” කථාව දුටුවාම පරණ විහිළු කථාවක් මතක් වුණා ඉස්සර ඉස්කෝලෙ යන කාලේ අහපු... දැන්කාලෙ වගේ ඒකාලේ රූපවාහිනී එහෙම තිබුනේ නැහැ. රේඩියෝව තමා සිංදුවක්, නාට්‍යයක්, ප්‍රවෘත්තීයක් අහන්න තිබුන විදිය. රේඩියෝවේ යන ජනප්‍රියම වැඩසටහනක් තමා ආදුනික ගී තරග.
    සාමාන්‍යයෙන් මේ ආදුනික ගී ගායනයට එන ගායකයන් සමඟ පුංචි සාකච්ඡාවක් පවත්වනවා ගීතය ගායනයට කලින්. ඉතිං මෙහෙම ආපු කෙනෙක්ගෙන් නිවේදකතුමා අහලා තියෙනවා ඔඹට මේ ගායන හැකියාවන් ලැබුනේ සහජයෙන්මද කියලා. එතකොට ආදුනික ගායකයා කියලා තියෙනවා අපේ ගෙදර වැසිකිලියේ දොර නැතිවුනදා ඉදලා කියලා. හොල්මන් වූ නිවේදකයා කියලා තියෙනවා ඔඹ කියන කථාව මට හරියට තේරුනේ නැහැ ටිකක් පැහැදිලි කලෝතින් කියලා.
    එවිට අදුනිකයා කීවලූ; මේකනේ... අපේ ගෙදර ඔක්කොම හයක් ඉන්නවා. ඉතිං වැසිකිලියේ දොර නැතිවූදා සිට එය පාවිච්චි කරන විට සින්දු කියන්න වෙනවා. මේවන කොට අපි සියඵ දෙනාගේම ගායන හැකියාවන් වැඩි දියුණු වෙලා තියෙනවා එක් අයෙකුට අනෙකා නොදෙවෙනි වන අයුරින්. මගේ අනෙක් සහෝදර සහෝදරියනුත් ඉදිරියේදී මෙම වැඩසටහනටම සහභාගී වන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලා.

    ReplyDelete
    Replies
    1. ඔයාගේ කතාව ට මට තනියම හිනා ගියා... :D ගායක පරපුරක්ම එක පවුලෙන් බිහි වෙන්න ඇති!

      මේක මම පුද්ගලිකව දැක්කේ නැහැ. මගේ චීනෙට ගිය අර මිතුරිය කිව්වේ...චීනේ ඒ දොර නැති ටොයිලට් වල ඇතුලේ ඉන්න අය ඉන්නේ අතින් මුණ වහගෙනලු. මම හිතන්නේ ඒ ලොජික් එක, එතකොට තමන් කවුද කියල කාටවත් පේන්නෙත් නැහැ. අනිත් අයව තමන්ට පේන්නෙත් නැහැ!!

      Delete
  6. අර ජාතියෙ Original Ugg බූට්ස් ටිකක් මෙහෙට ඉම්පෝට් කරන බිස්නස් එකක් පටන් ගන්න කියල මම බැලුවෙ. සතියෙන් කෝටිපතියෙක් උනහැකි!! ඔය වගේ පට කර්මාන්ත ශාලාවක් ඉස්සර ලංකාවෙත් තිබ්බ. දැන් ඒක වැහිල.

    මේ හෙට්ටු කිරිල්ල දැක්කම මතක් උනේ, Russell Peters චීන කඩේකින් හෙට්ටු කරන හැටි ගැන කියන ක්ලිප් එක බලල තියෙනවද?

    ReplyDelete
    Replies
    1. // සතියෙන් කෝටිපතියෙක් උනහැකි!!
      ඔව් ඔව් අනිවා. මටත් හිතිල තියෙන්නේ ඔය වැඩේ මෙහෙ පටන් ගන්න. :D :D

      හැබැයි ඒ පට රෙදි නම් ඇත්තටම හොඳයි... රෝ සිල්ක් කියන ජාතියේ රෙදි වගයක් මම ලංකාවෙන් ගත්ත කලින්. ඉන්දියාවෙන් ගෙන්නන එකක්ද කොහේද. ඒ පාටම චීනේ තිබුන...අරකට වඩා ගොඩක් සිනිඳුයි, සනීපයි...

      //Russell Peters චීන කඩේකින් හෙට්ටු කරන හැටි ගැන කියන ක්ලිප් එක බලල තියෙනවද?
      ඒක දැකල මාව සහමුලින්ම නොමඟ ගියානේ. දැන් ඒකෙ හැටියට චීන කට්ටිය හෙට්ටු කරන්නේ නැහැ කියලනේ කියන්නේ. ඒත් බෙයිජිං පුර වැසියෝ සහ මුලින්ම වෙනස් නේ!!

      Delete
  7. මේක මම කියවපු ලස්සනම දේශාඨන සටහන් වලින් එකක්? අර දෙබස් එහෙම නියමයි. ඕස්ට්‍රේලියාවෙ කට්ටිය හුඟක් චීනෙට සංචාර වලට යනවා නේද?

    ReplyDelete
    Replies
    1. ඇගයුමට ගොඩක් ස්තුතියි!

      //ඕස්ට්‍රේලියාවෙ කට්ටිය හුඟක් චීනෙට සංචාර වලට යනවා නේද?//
      හ්ම්ම් අනේ මන්දා වෙන්න ඇති. මේකනේ ඉතින් දැන් ඔස්ට්‍රේලියාවත් චීනේ වගේනේ!! :D :D
      මම නම් සංචාරෙටම නෙවෙයි ගියේ. කොන්ෆෙරන්ස් එකක් තිබුන නිසා ඒක පිටින් දාල පැන ගත්ත!

      Delete

Post a Comment

Popular posts from this blog

Bluetooth support on Android Emulator

I have been playing around with Android lately, and one thing that annoyed me is the emulator does not support Bluetooth (as opposed to J2ME emulator, which does).
So if you do not have an actual Android device (like me), and you want to do Bluetooth/WiFi programming, you run in to a problem.

Fortunately, there is a way out - Install the Android image on a VM and use your own Bluetooth device. This is what I did:
Download Androidx86 from http://www.android-x86.org/. This is an .iso file, so you'd need something like VMWare or VirtualBox to run it. Me, I use VirtualBox.
When creating the virtual machine, you need to set the type of guest OS as Linux instead of Other.
After creating the virtual machine, set the network adapter to 'Bridged'.Start the VM and select 'Live CD VESA' at boot.Now you need to find out the ip of this VM. Go to terminal in VM (use Alt+F1 & Alt+F7 to toggle) and use the netcfg command to find this.Now you need open a command prompt and go to …

පරණ අවුරුද්දේ අන්තිම POST එක

පරණ අවුරුද්දේ අන්තිම පැය ටිකනේ දැන් මේ ගෙවෙන්නේ. ඉතින් අන්තිම පොස්ට් එක සිංහලෙන් ලියන්න හිතුනා..
හ්ම්ම්..අද නම් මං අපරාදෙ කියන්නැතිව බහු ජන හිතාය වැඩ ගොඩක් කළා.. ඒ කිව්වේ අවුරුදු කෑමක් හැදුවා - සාලෙ මොප් කළා - පහන පොලිෂ් කළා ...ආ තව අසල්වාසීන්ට කැවිලි පිඟං අරන් ගියා...මගේ කාමරේ අස් කරා (- ඒක ඉතින් බහු ජන නෙවෙයි නෙ - මට විතරයි නෙ :D )

ඉස්සෙල්ලම කියන්නම් හදපු කෑම ගැන - හැදුවෙ බිබික්කම් හෙවත් පොල් කේක් හෙවත් පෝරං ආප්ප (කැමති එකක් කියාගන්න. අම්බලංගොඩ පැත්තෙ බිබික්කං කියනවා, පානදුරේ පෝරං ආප්ප, කොළඹ පොල් කේක් --- හ්ම්ම් පැටලුනාද මන්ද කොහොම හරි මං ඔය පළාත් තුනේම ඒව කියනව. අසන්නෝ සිහි බුද්ධියෙන් අසත්වා )

ඒක හදන්න හරී ලේසියි. අමාරු පොල් ගාන එක විතරයි :) පැණි සීනි ලිප තියලා ඒක පත් පැණි වෙන කොට පොල් සහ කැන්ඩීඩ් පීල් දාන්න යි තියෙන්නෙ. හැබැයි පත් පැණි සීන් එක නම් ටිකක් සංකීර්ණ්යි. ඒක බලන්න ගිහින් ඇඟිල්ලත් පිච්චුනා :(
මට මේ පාර කැන්ඩීඩ් පීල් හොයාගන්න බැරිඋනා :( අපරාදෙ කියන්න බෑ පුනර්ජීවනයේ නගරයේ නම් කේක් බඩු ගන්න නියම තැනක් තියෙනවා. මැරවින් ගේ අඩවියේ නැද්ද මන්ද.
ඉතින් මං මෝඩය වගේ ඉස්සෙල්ලම පොල් පැණි මි…

පර්යේෂණ සහ ආචාර ධර්ම අවසරය

පසුගිය සති කීපයකම නිරත වෙලා හිටිය වැඩක ප්‍රතිපල ඊයේ ලැබුණා. ඒ මගේ පර්යේෂණය සඳහා ඕනෑ උන 'ආචාර ධර්ම අවසරය' නැත්නම් ethics clearence එක ලැබීමයි.

මගේ පර්යේෂණය මුලික වශයෙන් පරිගණක විද්‍යාව සහ මෘදුකාංග ඉංජිනේරු විෂයන් වලින් කෙරුනත්, මිනිසුන් ද සහභාගී කරවාගෙන කෙරෙන කොටසක් ඇති නිසා තමා මෙහෙම අවසරයක් ගන්ඩ උනේ.

ටිකක් පැහැදිලි කරොත්, මේ පර්යේෂණයේ ප්‍රථිපලයක් වන මෘදුකාංග පද්ධතිය නිවැරදිව වැඩ කරනවාද නැද්ද කියන එක තහවුරු කරන්න එක විද්‍යාගාරයක කරලා බලල මදි (සහ කරන්න අමාරුයි). 'හැබෑ ලෝකයේ' එය වැඩ කරන හැටි බලන්ඩ ඕනේ.

මගේ පර්යේෂණය 'ස්මාර්ට් තාක්ෂනය' නැත්නම්, කෘතිම බුද්ධිය සහිත ගෘහස්ත පද්ධතියක් (smart home) සම්බන්ධයෙන්. වෙනත් මෘදුකාංග වලට වඩා මේ වගේ පද්ධතියක් හදන කොට ගොඩක්ම සැලකිලිමත් වෙන්න ඕනේ මිනිස්සු මෙහෙම තාක්ෂනෙකට කොහොම ප්‍රතිචාර දක්වයිද කියලා. 
හිතන්න, ඔයාලගේ ගෙදරත් කෘතිම බුද්ධියක් නැත්නම් 'ස්මාර්ට්' පද්ධතියක් හයි කරලා කියලා. මේ වගේ පද්ධති වල අරමුණ මිනිසුන්ගේ ජීවිතය පහසු කරන එක. උදාහරණයකට ඔන්න ඔයාගේ 'බුද්ධිමත් ගෙදර' ලව්වා ඔයාට පුළුවන් වෙලාවට ලයිට් දාන්න/නිවන්න, …