Skip to main content

Posts

Showing posts from June, 2015

තොප්පි දා ගැනීම

පහුගිය දවසක මම පළවෙනි පාරට ඕස්ට්‍රේලියාවේ උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගී උනා. කලින් යාළුවොන්ගේ උපාධි උත්සව වලදී එයාල එක්ක 'සෙල්ෆි' අරගන්න එක, එයාලගේ පිහිටෙන් කන බොන එක වගේ දේවල් මිසක් උත්සවේ ඇතුළට ගිහින් තිබුණේ නෑනේ. ලංකාවේ උපාධි ප්‍රදානෝත්සව වලට වඩා වෙනස්කම් කීපයක් දැක්කා.. එකක් තමා වෙනම තැනක හෝල් එකක නෙමේ විශ්ව විද්‍යාලය ඇතුලේමයි තියන්නේ. මෙහෙම කරන්න පුළුවන් වෙන්නේ අවුරුද්දකට කීප වතාවක් මෙහෙම ප්‍රදානෝත්සව තියෙන නිසාත්, එක වාරයකදී දවස් කීපයක් තිස්සේ සැසි කීපයක් පවත්වන නිසාත් වෙන්න ඇති (එතකොට එක සැසියකට එන ළමයි ගාන පොඩ්ඩක් නිසා ගොඩක් ලොකු ශාලාවක් ඕනේ වෙන්නේ නෑ). ඇඳුම නම් කියන්නේ 'formal' එකක් අඳින්න කියලා. පිරිමි ළමයි ගොඩක් ටයි කෝට් අඳිනවා. ගෑණු ළමයිනටත් ඕනෙනම් කලිසමක් අඳින්න පුළුවන්, ඒත් ගොඩක් අය ලස්සන ගවුමක් අඳිනවා. තම තමන්ගේ ජාතික ඇඳුම් උනත් කැමති නම් අඳින්න පුළුවන්. එදා උත්සවය පටන් ගත්තේ උදේ 10ට උනත් උපාධි ලබන අයට උදේ 8 - 9 වගේ වෙනකොට එන්න කියලා තිබුණා. ඇදගෙන නාගැනීමේ ජන්ම පුරුද්ද නිසාම ඔසරියක් එක්ක පැය ගානක් නටලා යන්තම් 9 වෙනකොට තමයි අල්ලපු වටේ ඉන්න මාත් එත