Skip to main content

Posts

Showing posts from May, 2013

සිහසුන් ක්‍රීඩා හෙවත් A Game of Thrones නොහොත් ඇබ්බැහි වීම

කාලයෙන් කාලයට විවිධ දේ වලට 'ඇබ්බැහි වීම්' ඇතිවේ. රුපවාහිනී කතා මාලා , පොත් , පරිගණක ක්‍රීඩා, සංගීතය , ඡායාරුපකරණය , ඇතුළු බොහෝ ඇබ්බැහිකම් ජීවිතය රසවත් කරයි... Game of Thrones යනු මේ දින වල රුපවාහිනියේ ප්‍රචාරය වෙන මාගේ නවතම ඇබ්බැහිවීමයි! එය George R. R. Martin විසින් ලියන පොත් මාලාව මත පදනම් වී ඇත්තක්. රුපවාහිනී කතා වෘතාන්තය කෙතරම් විශිෂ්ට වුවත්, පොත් මාලාව ට මම වඩාත් කැමැත්තෙමි. රුපවාහිනියේ දිවෙන රුප රාමු සිත් ඇද ගනී. එසේ වුවත් ප්‍රධාන චරිත කිහිපයක්ම රූපවාහිනියට වඩා වෙනස් ව පොත් වල දිස්වේ. රුපවාහිනි කතා මාලාවේ සමහරක් සුදු කළු වශයෙන් දිස්වෙන චරිත ප්‍රත්‍යර්පණය ට වඩා පොත් වලින් හෙළිවන අළු පාට චරිත නිරුපණය ට මම ඇලුම් කරනවා! හිමෙන්, ගින්නෙන් ගැයෙන ගීතය  රුපවාහිනි කතා මාලාවේ නම Game of Thrones වුවත්, A Game of Thrones යනු පොත් පෙලේ පලවෙනි පොත ය. සැබෑවටම පොත් පෙලේ නම හිමෙන්, ගින්නෙන් ගැයෙන ගීතය හෙවත් A Song of Ice & Fire ය. දැනට පොත් පහක් ලියවී ඇති මේ කතාව අයිති වන්නේ මනස්සෘෂ්ටික මහා කාව්‍ය හෙවත් Epic Fantasy ගණයේ සාහිත්‍යයට බව කිව හැකිය. එසේ වුවත්,කල්පිතය, යතාර

මගුල් කෑම! : 2 ..වෙන්ඩ මනමාලිලාට වැදගත් අනම් මනම් ටිකක්

<<මෙන්න 1 කොටස කොහේද? දිනේ තෝරගත්තට පස්සේ තියෙන්නේ වෙඩින් එක ගන්ඩ තැනක් බුක් කරන එක. එතෙන්දි ඔයාල අමුත්තෝ කී දෙනෙක්ට ආරාධනා කරනවද කියල දළ වශයෙන් අදහසක් තියෙන්ඩ ඕනේ. මොකද ගොඩක් හෝල් වල අවම සහ උපරිම අමුත්තෝ ගානක් තියෙනවා. මම නම් පුද්ගලිකව උඩ තට්ටුවේ තියෙන හෝල් වලට කැමති නැහැ. මොකද ඒවා වල සාමාන්යෙන් සීලින් එක පහතයි. එතකොට පොඩ්ඩක් හිරවෙච්ච ගතියක් එන්ඩ පුළුවන්. උසට සීලින් එකක් තියෙන කොට වැඩිය ලස්සනයි... අනිත් එක පඩි නැග නැග bridal retinue එක එද්දී ඒකෙ ලස්සනත් යනවා. හෝල් එක බුක් කරද්දී එතන පිහිටීම ගැනත් පොඩ්ඩක් හිතන්න. ඒ කිව්වේ කොහෙද තියෙන්නේ කියලා. මනමාලිගේ ගෙදර ඉඳන් යන්න ළඟ වෙන තරමට හොඳයි. ඒ වගේම එන මිනිස්සුන්ට පහසු නම් තවත් හොඳයි. මොකද මිනිස්සු අපේ වෙඩින් එකට එන්නේ දහසකුත් එකක් කරදර මැද්දේ. එහෙව් එකේ හොයාගන්න අමාරු, දුර බැහැර තැනක තියෙන හෝල් තෝර නොගන්න තරමට තමයි හොඳ. අනික් එක තමයි වියදම :) මේකට තමයි ඉතින් වැඩිම වියදම යන්නේ. ගොඩක් වෙලාවට කෑම මෙනු දෙක තුනක් අතරින් තොරගන්ඩ තියෙන්නේ. ඉතින් තමන් ට කැමති විදිහට මෙනු එකේ දෙන කෑම ජාති බලල අතේ තියෙන ගානට එකක් තෝ

මගුල් කෑම! ..වෙන්ඩ මනමාලිලාට වැදගත් අනම් මනම් ටිකක් : 1

මගුලක් ගන්නවා කියන්නේ පණ යන වැඩක්! කසාද බැඳපු අය දන්නවා ඇති නේ... :D හැබැයි හරියට ප්ලෑන් කරලා එදා දවස ලස්සනට වැඩේ කෙරුනහම උණු මහන්සිය කමක් නැහැ කියලත් හිතෙනවා. ඉතින් මාස ගානක් තිස්සේ මගුල් ගෙදර වැඩ නිසා කෑව කටු ගැන හිතලා මට හිතුනා අනාගත මනමාලිලාට වැදගත් වෙන දේවල් ටිකක් ලියන්න. කවද්ද? ඔයාල බඳින්න ඉන්නවනම් පළවෙනි වැඩේ දිනයක් දා ගන්න එක. කේන්දර අනුව නැකත් බලල නම් එහෙමයි, නැත්නම් පහසු විදිහට දිනේ ගන්නත් පුළුවනි. නැකත් පොඩ්ඩක් ඔය නැකත් හදනකොට බලන්න දීල තියෙන නැකත් වෙලා එක්ක ඔයාලගේ වැඩ ටික කරගන්න වෙලා ඇද්ද කියල. රෙජිස්ට්‍රේෂන් එක සමහරු කලින් ගන්නව නේ. තවත් සමහරු මගුල් දවසේමයි රෙජිස්ටර් කරන්නේ. එහෙම මගුල් දවසෙම කරනවා නම් ඒකටත් පැය කාලක් වත් යනවා කියල හිතේ තියාගන්න...හැබැයි නැකත අනුව ඒ වෙලාව වෙනස් වෙනවා. ඒ කියන්නේ පෝරුවෙන් පස්සේ තමයි රෙජිස්ටර් කරන එක කරන්නේ. එතකොට පෝරුවෙන් බහින නැකතයි, රෙජිස්ටර් කරන නැකතයි අතර ගොඩක් වෙලා උඩ බලාගෙන නිකන් ඉන්න වෙන විදිහට හදා ගන්ඩ එපා. මොකද එතකොට උත්සවේ වෙලාව නිරාපරාදේ නාස්ති වෙනවා. ආපු අමුත්තන්ටත් කම්මැලියි... පෝරුවෙන් බැහැල පැය බාගයක් වගේ ත