Skip to main content

Posts

Showing posts from May, 2014

අක්බමරු කථා වස්තුව

එකෝමත් එක රටක, ළඟදී බැන්ද නව යුවළකට සුභ ආරංචියක් ලැබුනලු දොස්තර ගෙන්. අලුත් කැදැල්ලට අලුත් අමුත්තෙක් එකතු වෙන්න යන බවට. එදා වෙන්ට-අම්මයි වෙන්ට-තාත්තයි දෙන්නම පැතුවලු එන්න ඉන්න කෙනා පුංචි දුවක්ම වෙන්ඩ ඕනේ කියල. කසාද බඳින්න කලින් වෙන්ට-අම්ම වෙන්ට-තාත්තව මුළින්ම දැක්ක දවසේ හිත ගිහින් තියෙන්නේ වෙන්ට-තාත්තගේ කැරළි කැරැළි කොන්ඩේ ටලු. ඉතින් ඒ හන්දා එයාට ඕනි උනෙත් ඒ වගේම දඟර ගැහුණු කොණ්ඩයක් තියෙන දුවෙක්ටලු. ඔන්න ඉතින් අම්ම පැතුව විදියටම හා හා පුරා කියල උපන් දූ පොඩ්ඩටත් තිබුණලු සිනිදු කැරළි කැරළි කොණ්ඩයක්! පුංචි බට්ටි කාලේ නම් පැංචි හරි ආසයි එයාගේ කර්ලි කොණ්ඩෙට. හැමදාම බේබි ෂැම්පු දාල හෝදලා වේලුනාම ගෙදර හින්දපු තෙල් ගාලා අම්මිම කොන්ඩේ හරිගස්සනවා කැරළි කැරළි වටේට වැක්කෙරෙන්න. යන යන තැන නැන්දලා ඉතින් ඔය සිනිඳු කැරළි අල්ල අල්ල හායි හුයි ගානවා. මේ බබා ටික ටික ලොකු වෙලා ඉස්කෝලේ යනවලු දැන්. දැන් නම් ඔක්කොම යාළුවන්ට තියෙන අවුල් වෙන්නේ නැති හරි කෙලින් කොන්ඩ ගස් වලට මේ දැරිවිට ටිකක් ඉරිසියා ලු. ඇයි ඉතින් එයාගේ දඟර කොණ්ඩේ පොඩ්ඩ ඇත්නම් ගැට ගැහෙනවා. ඊට වඩා ඒක දික් උනාට පෙනෙන්නෙත් නෑ...දඟරේ