Skip to main content

Posts

Showing posts from April, 2011

software මල්ලි

From an email I received: Too funny not to share~ " නෑ නෑ මල්ලි , තමුසෙලව ඇතුලට ගන්න බෑ . දන්නෙ නැද්ද ඕයි , දැන් අපිටත් එක්ක දඩ ගහනවා " බස් කොන්දොස්තර මොරදෙන්නට විය . " අනේ අයියෙ මම ඉක්මනට බැහැලා යන්නං ..." " ඔන්න ඔහෙ ඇතුලට ගනින් බං ..." ඒ බසයේ රියදුරුය . " හා හා නගිනවකෝ එහෙනං , අනේ මංද ඕයි තමුසෙලත් " මූණ පුරා රැවුල වවාගත් , බෝතල් අඩි කණ්ණාඩි දමාගත් කොල්ලෙක් බසයට ගොඩවිය . ගංජා ගැසූවෙක් මෙන් එහෙට මෙහෙට පැද්දුන ඔහු , සතියක් පමණ නොනිදා සිටියකු මෙන් සෙස්සන්ට දිස්විය . ටී - ෂර්ට් එකක් හා ඩෙනිමක් ඇඳහුන් ඔහුගේ කරේ බෑගයකි . උරහිසේ තවත් බෑගයක් වූ අතර එහි ඉදිරිපස පොකට්ටුවට අත දැමූ ඔහු එළියට ගත්තේ විරිඳු රබානකි . උගුරේ රැල් බුරුල් හැර සියලු දෙනාටම මංද හිනාවක් පෑ ඔහු , රබාන වාදනය කරන්නට ගත්තේය . ඩං රඟර්ර්ර්ර් ටං ඩං රඟර්ර්ර්ර් ටං // සරසවි නැත වරම් දීල තාලෙට කවි පද කියන්න [ ඩඟරං ටං ..... ඩඟරං ටං ..... ] ගණදෙවි නැත නුවණ දීල හරි පාරක් හොයා ග