ඊයේ මම එම් සී ජී ගිය දෙවෙනි දවස ය. පලවෙනි දවස ගැන මෙතන ලියා ඇත. දවස්
දෙකම ලංකාවේ ටීම් එක දිනුව නිසා අපිට දවස් දෙකම අමතක නොවන අත්දැකීම්ය !
(අපි ඉතින් කියන්නේ අපි ගිය නිසා දිනුව කියලාය.)
එම් සී ජී කෝච්චියේ යනවා නම් බහින්න ඕනේ 'ජොලිමොන්ට්' කියන නවතුමෙනි. ලංකාව ගහන මැච් එකක් ඇති දවසට ජොලිමොන්ට් යන කෝච්චිය සම්පුර්නෙන්ම වාගේ නිල කහ වර්ණයෙන් දිස්වේ. මෙහෙ කාලගුණ දෙපාර්තුමෙන්තුවත් ලංකාවේ වගේද කියා සිතෙන විදිහට ඊයේ කාලගුනේ සීතල වෙනවා කියල තිබ්බ ත් සිදුවුනේ එකේ අනික් පැත්තය. සීතල වෙයි කියා අපි ජැකට් අනං මනම් ඔක්කොමත් පෙරවාගෙන, සන් ස්ක්‍රීන් කැප් කිසිවක් නැතුව ගිය නමුත් එතන ගිනි අවුවය.
කෙසේ වෙතත් සුපුරුදු පරිදි මේ සිටින්නේ මෙල්බන් ද නැතහොත් කොළඹද යයි සිතෙන තරමට ලංකාවේ කට්ටියගෙන් එම් සී ජී පිරී ගොස්ය. සිංහ කොඩි සියයකට එක ඔසී කොඩියක් වාගේ පෙනෙන්නට තිබුණි (අයියෝ පව්). ඔය අස්සේ අල්ලපු රටේ කොඩිද තිබුණු අතර ඒවා වනුනේ ඔසී පිලට වාසි අවස්තාවන් වලදී පමණය. නමුත් මැච් එක ලංකාවේ පැත්තට එන්න පටන් ගත් විට අල්ලපු රටේ අයියලා වාෂ්ප වී තිබුනේ අතිශය පුදුම විදිහටය (සමහර විට මලයාලි මන්තර බලයකින් වෙන්න ඇති).
මෙහිදී ඔසී ජනතාව ලාංකීය ජනතාවගේ කටේ බලයට යටවී දුක්ඛිත තත්වයක සිටි බව කිව යුතුය. යන්තම් කිහිප වරක් ඔවුන්ගේ සාම්ප්‍රදායික 'ඔසී ඔසී ඔසී - ඔයි ඔයි ඔයි' චියර් එක පටන් ගත්තද, ලාංකීය ජනතාවද එයට එක්වී (ඔවුන්ට සහය දීමේ කාරුණික චේතනාවෙන්), 'ඔසී' යන්නෙහි 'ඔ' යන්න 'පු' යන්නෙන් රීප්ලේස් කිරීම නිසා එයද ලත් තැනම ලොප් විය. එයින් පසුද 'ඔසී ඔසී' ගාන්නට පටන් ගත් හැම විටම ලාංකීය ජනතාව (නොදැනුවත් කම නිසා) මහා සද්දෙන් 'අන්නසී' යනුවෙන් එය අගට එකතු කිරීම නිසා එම අසරණ ඕස්ට්‍රේලියානු ක්‍රීඩා ලෝලීන්ට වැලේ වැල් නැති විය.
කෙසේ වෙතත් සමස්තයක් වශයෙන් චියර් කිරීම් සාමකාමීව සිදුකෙරුනද, මොලේ නැති දෙතුන් දෙනෙකුද ආරක්ෂක අංශ වෙතින් එලියට යවනු දුටුවෙමු. ලංකාවේ අයියල මෙන්ම සුදු අයියලාද මේ අතර විය. සල්ලි ගෙවා මැච් බැලීමට පැමිණ 'ඇන්ටි සෝෂල්' හැසිරීම නිසා තව දඩත් කන්න වීම මොන මැටි වැඩක්ද කියා මට නම් සිතුනි.
මැච් එක පටන් ගන්න විට මාලිංග පිලිබඳ අපේ කට්ටිය කල ගුණ කතන ඔහුට ඇසුනා නම් ඔහුට මරණ භය ඇතිවනු නියතය. අන්තිමේ ඔහු විකට් 4 ගෙන තත්වය යන්තම් සමනය කර ගත්තේය.
එක අවස්තාවකදී අප සිටි අන්තයට තිසර පෙරේරා ෆීල්ඩ් කිරීමට පැමිණි නිසා ලාංකීය ජනතාව මහත් සේ කලබලයට පත් වුහ. බොහෝ වෙලා ඔහුගේ නම එක දිගට කෑ ගැසූ පසු ඒ කන්කරච්චලෙන් බේරීමට ඔහු පිරිසට අත වැනීම විශේෂ සිද්ධියක් විය.
මැච් එක අවසානයේදී ඇන්ජලෝ ඇතුළු තවත් ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ග්‍රවුන්ඩ් එකේ සිට මොනවාදෝ බෙදා දෙනු දුටු සියලු දෙනා මොනවා හරි කමක් නෑ කියා ඒ දෙසට දිව ගියහ. පසුව දැනගත් පරිදි ඔවුන් දී ඇත්තේ කහ පාට රබර් බෝල ය. මෙහිදී එසේ ලබාගත් රබර් බෝලයක් ඇන්ජි අතින් අත්සන් කර ගැනීමට සමත් උණු එක්තරා තරුණියක්, ඒ සතුටට උපන් ගෙයි පිස්සුව තවත් දෙගුණ තෙගුණ වූවාක් මෙන් හඬමින් සිනාසෙමින් දිව යනවා දක්නට ලැබුණි.
අවසානයට කියන්න ඇත්තේ මෙල්බන් ජනතාව යන්තම් ඔන්න කටේ බලෙන් මැච් එක ගොඩ දමා දුන් බව ය. දැන් ඊළඟ එක ඇත්තේ බ්‍රිස්බේන් ජනතාව අතේ ය :D :D :D
ප ලි : පින්තුර වල අයිතිය මිතුරු දුලීප ගේ. Yes I am kicking myself for forgetting to take my camera :(

![]() |
| මැච් එක මැදදී...කන්න වෙයි කියල බයේ හිටියේ |

| අපේ චියරින් ස්කොඩ් එක! |

මැච් එක ඉවර වෙලා පපර බෑන්ඩ් එකත් එක්ක එළියේ ටික වෙලාවක්... |