මගේ අවුරුදු දෙක හමාරේ පුතුට ඊයේ doctor කිට් එකක් තෑගි ලැබුණා. ඉතින් ඒකෙ තියෙන සෙල්ලම් වෙද නලාව කනේ ගහන් එයා 'doctor' වෙලා.
මේ වයසේ දී පොඩ්ඩන් ට role play සෙල්ලම් ගොඩක් වැදගත් බව සහ, ඒවා වලට වැඩිහිටි අය අවම වශයෙන් මැදිහත් වෙන තරමට හොඳ බව මම ළගකදී කියෙව්වා. ඒකට හේතුව විදියට තිබුනේ වැඩිහිටි අපි නිතරම හිතන්නේ කොටුවක් ඇතුලේ, නැත්නම් පුංචි රාමුවක් ඇතුලේ. ඒත් පොඩ්ඩන්ගේ පරිකල්පනයේ රාමු ඊට වඩා ගොඩක් ලොකු දුරකට විහිදිලා තියෙන්නේ. අපි එයාලගේ සෙල්ලම් ගෙවල් අස්සට ගිහින් ඒවා ට උපදෙස් දෙන්න ගියාම එයාල නිකම්ම අපේ රාමුවට කොටු වෙන බව තමයි ඒ ලිපියේ තබුනේ.
Photo by Patty Brito on Unsplash |
ඉතින් මම පුතුට doctor චරිතය දීල, වෙද නලාව කනේ පැළඳ ගන්න හැටි සහ ලෙඩ උන කෙනාගේ පපුව ට ඒක තියල ලප් ඩප් සද්දේ අහන්න කියල කියා දීල පැත්තකට වෙලා හිටිය.
doctor ළගට යන්නේ ලෙඩ උනාම කියල එයා දන්නවා. හැබැයි පහුගිය අවුරුද්දේ corona නිසා වැඩිපුර තිබුනේ video call හෝ voice call හරහා doctor appointments. මම හිතන්නේ එයා වෙද නලාව ඇත්තටම පාවිච්චි වෙන හැටි දැකල ඇත්තේ ලගකදී නම් සැරයක් හෝ දෙසැරයක්.
ඔන්න ඉතින් එයා පටන් ගත්ත වෙද නලාවෙන් ලෙඩ බලන්න. මට සහ Pooh bear ට එයා බෙහෙත් දුන්නා. ඔහොම විනාඩි කිහිපයක් එයා මම කියා දුන්න 'රාමුව' ඇතුලේ හිටිය !
ඊ ළඟට වෙද නළාව කෙළවර අල්ලගත්ත පුතු 'ෂු' සද්දයක් දා ගෙන සාලේ වටේට යන්න ගත්තා!
'මම vacuum කරනවා!'
ආයේ විනාඩි කිහිපයකින් මා ළගට ඇවිත් වෙද නළාව මං දිහාට දික් කරන්. 'මම elephant කෙනෙක්! වතුර දානවා!'
මගේ අවුරුදු තිස් ගාණක මොළේ ට වෙද නළාවක් විතරක්ම උන ඒ පුංචි ප්ලාස්ටික් කෑල්ල, vacuum cleaner එකක්, අලි හොඬවැල ක්, microphone එකක්, කෝප්පයක්, පැස්ටා bowl එකක් විදියට සිතු පැතු විදියට shape shift කරන අරුම පුදුම වස්තුවක් කරන්න පුතාගේ අවුරුදු දෙක හමාරේ මොළේ ට පුළුවන් උනා !
නිරෝට ලස්සන කතා පොතක් ලියාන්ට පුළුවන් නෙව "අරුම පුදුම වෙද නලාව" ටයිටල් එක සහ ඔය සිදුවීම් ටික දාලා. අර අපි පොඩි කාලෙ කියෝපු රුසියන් පොත් වගේ. ලොකු අකුරු තියෙන, ලොකු ලස්සන පින්තූරු තියෙන. සිබිල් ඇන්ටිට කිවුවනං ලස්සන පින්තූරු ටිකක් ඇඳගන්ටත් පුළුහං..
ReplyDeleteAnyhow, glad to see you after eons... :-)