Skip to main content

Posts

Showing posts from October, 2011

ෆෝම් පිරවිලි - අවාසනාවකට ඇත්ත කතාවක්

From PhD Comics (පේන්නැද්ද? චුට්ටක් ලොකු කරලා බලන්නක) මට මේ ලෝකේ තියෙන කම්මැලිම වැඩක් තමයි පතරංග ජාතක වගේ තියෙන ෆෝම් පුරවන එක. ඒ උනාට අවාසනාවකට මට පහුගිය සති කීපෙම ෆෝම් පුරවන එක ඇරෙන්න වෙන වැඩක් තිබුනෙම නැහැ. කැන්ගරු සංගණනය සහ ජාත්‍යාලේ ඔන්න මේකෙන් තමයි මේ ෆෝම් සෙල්ලම පටන් ගත්තේ. දැන් ඉතින් හිතාවිද දන්නේ නෑ මේක කන්ගරුවෝ ගණන් කරන එකක් කියල. මේ කියන්නේ කැන්ගරු රටේ තිබිච්චි ජන සන්ගනනේ ගැන හොඳේ.  ලංකාවේ වගේ කට්ටි පනින්නත් බැහැ. පුරවල දුන්නේ නැත්තම් එකසිය ගානට දඩ. රුපියල්ද ? ඩොලර්නෙ... අලි වගේද හරක් කිව්වලු. මේක පුරවන්න තිබුනේ අගෝස්තු 9. ඔන්න ඉතින් දිනේ ලං වෙනකොට කැන්ගරු ලන්තේ ඉන්න අපේ කට්ටියගෙන් ඊ මේල්, ටෙක්ස්ට් එන්න ගත්තා ෆෝම් එකේ අර ප්‍රශ්නෙට  'සිංහල' කියල මතක ඇතුව දාන්න - මේ ප්‍රශ්නෙටත් 'සිංහල' කියල මතක ඇතුව දාන්න - අරකද මේකද කියල. ඒ කිව්වේ සංගණන පත්‍රිකාවේ අහල තියෙනවා 'ඔබේ ආදීතමයා කුමන ජාතිකයෙක්ද', 'ඔබේ මව් භාෂාව කුමක්ද' වගේ ඒවා. බලන්නකෝ ඉතින් ජාත්‍යාලේ නේද. වාහන ලියාපදිංචි වාහනයක් ගන්න එක නම් හරිම ලේසියි මෙහෙ. ඒ කිව්වේ ලංකාවේ වගේ ගණ