Skip to main content

ෆෝම් පිරවිලි - අවාසනාවකට ඇත්ත කතාවක්

From PhD Comics (පේන්නැද්ද? චුට්ටක් ලොකු කරලා බලන්නක)

මට මේ ලෝකේ තියෙන කම්මැලිම වැඩක් තමයි පතරංග ජාතක වගේ තියෙන ෆෝම් පුරවන එක. ඒ උනාට අවාසනාවකට මට පහුගිය සති කීපෙම ෆෝම් පුරවන එක ඇරෙන්න වෙන වැඩක් තිබුනෙම නැහැ.

කැන්ගරු සංගණනය සහ ජාත්‍යාලේ
ඔන්න මේකෙන් තමයි මේ ෆෝම් සෙල්ලම පටන් ගත්තේ. දැන් ඉතින් හිතාවිද දන්නේ නෑ මේක කන්ගරුවෝ ගණන් කරන එකක් කියල. මේ කියන්නේ කැන්ගරු රටේ තිබිච්චි ජන සන්ගනනේ ගැන හොඳේ.  ලංකාවේ වගේ කට්ටි පනින්නත් බැහැ. පුරවල දුන්නේ නැත්තම් එකසිය ගානට දඩ. රුපියල්ද ? ඩොලර්නෙ... අලි වගේද හරක් කිව්වලු. මේක පුරවන්න තිබුනේ අගෝස්තු 9. ඔන්න ඉතින් දිනේ ලං වෙනකොට කැන්ගරු ලන්තේ ඉන්න අපේ කට්ටියගෙන් ඊ මේල්, ටෙක්ස්ට් එන්න ගත්තා ෆෝම් එකේ අර ප්‍රශ්නෙට  'සිංහල' කියල මතක ඇතුව දාන්න - මේ ප්‍රශ්නෙටත් 'සිංහල' කියල මතක ඇතුව දාන්න - අරකද මේකද කියල. ඒ කිව්වේ සංගණන පත්‍රිකාවේ අහල තියෙනවා 'ඔබේ ආදීතමයා කුමන ජාතිකයෙක්ද', 'ඔබේ මව් භාෂාව කුමක්ද' වගේ ඒවා. බලන්නකෝ ඉතින් ජාත්‍යාලේ නේද.


වාහන ලියාපදිංචි
වාහනයක් ගන්න එක නම් හරිම ලේසියි මෙහෙ. ඒ කිව්වේ ලංකාවේ වගේ ගණන් නැහැ. ඉතින් ඊ ළඟ ෆෝම් පිරවිල්ල උනේ වාහනේ මගේ නමට ලියාපදිංචි කරන්නයි. පලවෙනි පාර ගිහින් ආපහු හැරිලා එන්න උනා ලියකියවිලි මදි වෙලා. ශිෂ්‍ය වීසා වලින් ඉන්න අයට පදිංචිය තහවුරු කරන ලියකියවිලි 2 ක් පෙන්නන්න ඕන. හොඳ වෙලාවට ගෙදර ලයිට්, ගෑස් බිල් මගේ නමට එන්නේ. ඉතින් බිලක් පෙන්නලා ශේප් උනා. හැබැයි අපරාදේ කියන්න බෑ වැඩේට විනාඩි 15 වගේ තමයි ගියේ. ගියා ගත්ත ආවා.

සම්මේලන ෆෝම් - හවායි අරහං ද?
ආචාර්ය උපාධියක වැදගත් කොටසක් තමයි තමන්ගේ පර්යේෂණයට අදාළ ලිපි මුද්‍රණය කිරීම (අනේ මන්ද නේ ලියන සිංහල වචන හරියට පරිවර්තනේ වෙලාද කියල. වැරදි නම් සමාව භාජන යකට දාල දෙන්න හොඳේ). සම්මේලන කියන්නේ මෙහෙම මුද්‍රණය කරන අවස්තාවක්. මේවට ලිපි අනුමත වීම ටිකක් අමාරුයි - ඇයි ඉතින් මොනවා හරි කරලා තියෙන්නත් එපයි ලියන්න. කොහොම හරි අමාරුවෙන් ලිපියක් තේරුනා කියමුකෝ. මේවට ලිපිය පළ කරනවට කර්තෘ සල්ලි ගෙවන්නත් ඕනේ. ඉතින් ගොඩක් වෙලාවට මේ සල්ලි කර්තෘ අනුබද්ධ විශ්ව විද්‍යාලයෙන් ගෙවනවා. හැබැයි ඒ සල්ලි ගන්නත් ඉතින් .... අර සුපුරුදු ෆෝම් සෙල්ලම් කරන්න ඕනේ.
හප්පේ මේ ෆෝම් එකත් හරි - භාරදෙන චීන ගෑනු කෙනාත් හරි. එයා හරියට මගේ දිහා බැලුවේ සල්ලි එයාගේ අතින් ඉල්ලනවා වගේ. සම්මේලන වල ශ්‍රේණි ගත කිරීම් ගැන දේශනාවක් කරපු එයා ඊ ගාවට කියනවා ලඟදි ඩීන් A ශ්‍රේණියේ සම්මේලනයකටත් සල්ලි පාස් කරේ නැතිලු. එකට හේතුව එක හවායි වල තිබීම ලු. කට්ටිය හවායි ගිහින් ෆුල් ආතල් අරන් එවි කියල බය උනාද දන්නේ නෑ. එක අතකට මෙහෙ හැමදාම හීතලේ ගැහි ගැහි ඉන්න නිසා කට්ටිය හවායි වලම නවතීවි කියල හිතුවද දන්නෙත් නැහැ. මට ඉතින් අහන්න හිතුන ශ්‍රේණිය බලන්නෙත් නැත්තම් මොන බම්බුවකටද එහෙනම් ශ්‍රේණිය ඉල්ලන්නේ කියල. අනිත් එක මේ ලඟදි මෙහෙ ජාතික පර්යේෂණ කවුන්සිල් (ARC) එක ඔය ශේණිගත කිරීම් අවලංගු කරා. චීන අක්ක දන්නේ නැද්ද මන්ද ඒක. ඔය බහු බුත නැතුව ෆෝම් එක භාරගත්ත නම් ඉවරයිනේ. මොකද සල්ලි පාස් කරන්නේ එයාද?

හොස්ටල් නවාතැනේ ෆෝම් : ගැහැනුද? පිරිමිද? වෙනත්ද? දන්නේ නැද්ද?
මම ඉන්න නවාතැනට 2012 අයදුම් කරන්නත් තව මහා ෆෝම් රාජයෙක් පුරවන්න ඕනේ. පුදුම ප්‍රශ්න අහන්නේ. මේකේ තිබුන එක ප්‍රශ්නයක් තමයි මේ  -
ඔබ පහත කුමන ලිංගයට අයත් ද : ගැහැණු/ පිරිමි/ වෙනත්/ නොදනී
මට හරි ආසයි ඕකේ 'නොදනී' තෝරපු කෙනෙක් එක්ක ටිකක් කතා කරන්න! :D

ඔන්න ඔහොමයි ෆෝම් සෙල්ලම කරේ. මේ දවස් වල මම මගේ පර්යේෂනෙට අමතරව තවත් පර්යේෂණයක් කරනවා - ගෙදර ලයිට් බිල් ගැන. ඒ කේ වැදගත් කඩඉමක් හෙට. ඒ ගැන පස්සේ කියන්නම්...

Comments

  1. අපෝ මටත් ෆෝම් පිරවිල්ල කියන්නෙ එපාම කරපු දෙයක්... සාමාන්‍යයෙන් දැන්‍ කරන්නෙ අත්සන ගහල ඕන එකක් පුරෝගනින් කියල දෙන එක...

    ReplyDelete
  2. Publish = ප්‍රකාශනය කිරීම

    මුද්‍රණය කිරීම = Printing

    ReplyDelete
  3. @සාතන්
    ඔව් අප්පා... මටත් එහෙම කරන්න හිතිලා තියෙනවා..

    @කතන්දර
    හරි හරි...බොහොම ස්තුතියි කකා!

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Bluetooth support on Android Emulator

I have been playing around with Android lately, and one thing that annoyed me is the emulator does not support Bluetooth (as opposed to J2ME emulator, which does). So if you do not have an actual Android device (like me), and you want to do Bluetooth/WiFi programming, you run in to a problem. Fortunately, there is a way out - Install the Android image on a VM and use your own Bluetooth device. This is what I did: Download Androidx86 from http://www.android-x86.org/ . This is an .iso file, so you'd need something like VMWare or VirtualBox to run it. Me, I use VirtualBox. When creating the virtual machine, you need to set the type of guest OS as Linux instead of Other. After creating the virtual machine, set the network adapter to 'Bridged'. Start the VM and select 'Live CD VESA' at boot. Now you need to find out the ip of this VM. Go to terminal in VM (use Alt+F1 & Alt+F7 to toggle) and use the netcfg command to find this. Now you need open a command...

මගුල් කෑම! 4 : වෙන්ඩ මනමාලිලාට වැදගත් අනම් මනම් ටිකක්...

පටන් ගත්තම ඉවර නොකර දෙයක් ඇද ඇද ඉන්න එක මගේ නරක පුරුද්දක් :( මඟුල් කතා ලියන්ඩ පටන් ගත්තට ඉවර කරේ නෑනේ... << මෙන්න 1 කොටස  << මෙන්න 2 කොටස  << මෙන්න 3 කොටස  ඔන්න අනිත් කොටස තමයි මේ... :) වෙඩින් එකේ දෙවෙනි මනමාලිලා නොහොත් බ්‍රයිඩ්ස්මේඩ් ලා ඇතුළු කට්ටියත් ඉන්නවා නම්, එයාල තෝරාගන්න කොට සහ එයාලට ඇඳුම් තෝරාගන්න කොට පොඩ්ඩක් සැළකිලිමත් වෙන්න ඕනේ. මම නම් හිතන්නේ මනමාලි සහ මනමාලයා ට  වඩා කැපී පෙනෙන අය මේකට ගන්න නරකයි. ඒ දෙන්නට complement වෙන අය ගත්තම තමයි කපල් එක ලස්සනට කැපිල පෙනෙන්නේ...උදාහරණයක් විදියට දෙවෙනි මනමාලිලා සහ මනමාලයෝ කපල් එකට වඩා උසට ලොකුවට හිටියොත් කපල් එක කුරුමිට්ටෝ දෙන්නෙක් වගේ පෙනිලා අනිත් කට්ටියව ෆෝකස් වෙලා පෙනේවි.  දැන් ඉතින් ඔය කට්ටිය ගන්න ගිහාම නෑදෑ පිරිවර volunteer කරන්න ගන්න පුළුවන් එයාලව හෝ එයාලගේ දූලා පුතාලව :D ඒ උනාට ඒ බලපෑම් වලට යට වෙන්නේ නැතුව කපල් එකට ගැළපෙන අයව විතරක් ගන්න එක තමයි හොඳ. එයාලටත් ඉතින් ආස ඇති තමයි, ඒ උනාට වෙඩින් එක කියන්නේ කපල් එකේ දවසනේ. ඒ හන්දා කපල් එකට හොඳ විදිහට තමා වැඩ සිද්ධ වෙන්න...

PopCo - Read it!

I recently came across this book 'PopCo' by Scarlett Thomas. Its what is apparently known as 'Mathematical Fiction'. Non-math ppl, don't go away though! Its not technical at all ...It discusses stuff ranging from Cryptography , Reimann Hypothesis and Alan Turing to homeopathic remedies when you're 'feeling like glass' and even a cake recipe for a cake called 'Let them eat cake'!.. This book is loads of fun and can send your imagination overdrive. I suppose its central character Alice being a sort of geek gal, it would appeal to fellow geeks (like me)! Apart from being a fun read, it also questions some things that we take for granted today. Like, how much lies are consumers forced to digest by the corporate propaganda. Certain info on how milk is produced freaked me out totally that I havent been able to drink milk without a guilty conscience for days! Closing comment from the book : Change the World