Skip to main content

Posts

Showing posts from August, 2017

ගැහැණුන්ද මනුෂ්‍යයෝ ය!

අද උදේම මම වත්පොතේ  පිරිමි ලියපු ගෑණු සින්දු  නම් මේ අනර්ඝ රංගනය දුටිමි. සිනහාව නවතා ගන්නට බැරිවිය! කොතෙක් රසවත්ද නම්, සැමියාත් මමත් උදේ රැකියාවට යන්නට ලැහැස්ති වෙන හදිසියේ රන් හා සමාන කාලයෙන් විනාඩි 6 තත්පර 18 ම මේ ගායනය සහ රංගනය රස විඳින්නට වැය කළෙමු! මේ රංගනයේ අසන්නේ ගුත්තිලයේ පටන් අනන්තයට යන පාර තෙක් කොතෙකුත් (බහුතරයක්?) ගීත ලියවෙන්නේ පිරිමි විසින් ගැහැණු ගැන වන්නේ ඇයි කියාය... මෙය මටත් පොඩි කාලේ තිබුණු ප්‍රශ්නයකි! ගැහැණුන්ගේ ඇස්, කන්, නාසා, කොණ්ඩය සිට ඔවුන් ඇවිදින විදිය, කන බොන විදිය ආදී කී නොකී හැම දෙයක් ගැනම වර්ණනා කරන්නේ පිරිමි ය. ඒ උනත් ඒකෙ අනික් පැත්ත - එනම් පිරිමි ගැන - එසේ ගැහැණුන් ගේ හඬින් නෑසෙන තරම් ය. හැට හතර මායම ඇත්තේත් ගැහැණුන්ට පමණි. ගැහැණුන්ගේ ඇඳුම ගැනත් වාද කරන්නේ පිරිමි ය. මල්ලේ පොල් වගේ යයි ඔබට සිතෙන්නට පුළුවන් නමුත්, මීට අදාළ යයි මට සිතෙන කතාවක් පහත දක්වමි: - මගේ (පිරිමි) මිතුරෙකු වරක් කියා සිටියේ ඔහුගේ අම්මා කලිසම් ඇඳීමට ඔහු විරුද්ධ බවත් ඔහු සමඟ ගමන් යන විට සාරි හෝ සාය ගවුම් ඇඳ එන ලෙස ඇයට කියන බවය. එහෙත් ඔහුගේ පෙම්වතිය කලිසම් ඇඳීම ගැන ඔහුට ප්‍රශ්නයක

නිදි ගෝල කතා වස්තුව

විශ්ව විද්‍යාලයේ අලුත් අධ්‍යයන වාරය පටන් අරන්. එදා පළවෙනි දවස.  මගේ විෂය උනත් එදා පළවෙනි දේශනය නිසා මායි තව කථිකාචාර්ය කෙනෙකුයි දෙන්නෙක්ම ගියා පන්තියට. අනිත් කථිකාචාර්ය තමයි උපාධි සම්බන්ධීකාරක. ඉතින් ඔහුට ඕන වෙලා තිබ්බේ උපාධිය ගැන පොඩි හැඳින්වීමක් කරන්න මුලින්ම. මම ළමයින්ට මාව හඳුන්වා දුන්න විෂයේ කථිකාචාර්ය හැටියට. මිතුරු කථිකාචාර්යත් හඳුන්වල දීල එයාට දේශනයේ මුල් භාගේ බාර දීල මම පැත්තකට උනා.... විනාඩි දහයක්-පහළොවක් යන කොට ඔන්න ළමයෙක් ආවා පන්තියට. ඇවිත් ඉස්සරහ පේළියේම වාඩි උනා. ඔන්න තව විනාඩි දහයක් යනකොට පොර හොඳට අසුනේ දිග ඇදුනා...ඇස් දෙක පියාගත්තා...ඔන්න ඉතින් ළමයා නිදි! [අපිටත් ඉස්සර දේශන වල නින්ද ගිහින් තියෙනවා තමයි...හැබැයි ඉතින් නිදා ගෙන නම් නෑ...නිදි කිරා වැටුනා මිසක්!] මටයි මිතුරු කථිකාචාර්යටයි හිනා යන්න ආවත් අමාරුවෙන් හිටියා හිනා නොවී. ඉතින් ඔන්න ඔහුගේ කොටස ඉවර වෙලා ඔහු ගියා...ළමයා තාම නිදි...ඉතින් දෙවන අර්ධය මම පටන් ගත්තා...ළමයි අතරමග ප්‍රශ්න අහනවා. මම ඒවාට උත්තර දෙනවා. දේශනයේ පැය දෙක ඉවර වෙන්න ලං වෙලා දැන්...දේශනය පැහැදිලි කරලා මම දැන් ප්‍රශ්න අහනවා. ඔන්න නිදි ළමයා එක