Skip to main content

Posts

Showing posts from February, 2014

මගුල් කෑම! 4 : වෙන්ඩ මනමාලිලාට වැදගත් අනම් මනම් ටිකක්...

පටන් ගත්තම ඉවර නොකර දෙයක් ඇද ඇද ඉන්න එක මගේ නරක පුරුද්දක් :( මඟුල් කතා ලියන්ඩ පටන් ගත්තට ඉවර කරේ නෑනේ... << මෙන්න 1 කොටස  << මෙන්න 2 කොටස  << මෙන්න 3 කොටස  ඔන්න අනිත් කොටස තමයි මේ... :) වෙඩින් එකේ දෙවෙනි මනමාලිලා නොහොත් බ්‍රයිඩ්ස්මේඩ් ලා ඇතුළු කට්ටියත් ඉන්නවා නම්, එයාල තෝරාගන්න කොට සහ එයාලට ඇඳුම් තෝරාගන්න කොට පොඩ්ඩක් සැළකිලිමත් වෙන්න ඕනේ. මම නම් හිතන්නේ මනමාලි සහ මනමාලයා ට  වඩා කැපී පෙනෙන අය මේකට ගන්න නරකයි. ඒ දෙන්නට complement වෙන අය ගත්තම තමයි කපල් එක ලස්සනට කැපිල පෙනෙන්නේ...උදාහරණයක් විදියට දෙවෙනි මනමාලිලා සහ මනමාලයෝ කපල් එකට වඩා උසට ලොකුවට හිටියොත් කපල් එක කුරුමිට්ටෝ දෙන්නෙක් වගේ පෙනිලා අනිත් කට්ටියව ෆෝකස් වෙලා පෙනේවි.  දැන් ඉතින් ඔය කට්ටිය ගන්න ගිහාම නෑදෑ පිරිවර volunteer කරන්න ගන්න පුළුවන් එයාලව හෝ එයාලගේ දූලා පුතාලව :D ඒ උනාට ඒ බලපෑම් වලට යට වෙන්නේ නැතුව කපල් එකට ගැළපෙන අයව විතරක් ගන්න එක තමයි හොඳ. එයාලටත් ඉතින් ආස ඇති තමයි, ඒ උනාට වෙඩින් එක කියන්නේ කපල් එකේ දවසනේ. ඒ හන්දා කපල් එකට හොඳ විදිහට තමා වැඩ සිද්ධ වෙන්න ඕනේ  :) බ්‍රයිඩ්ස්

රෝස පොට්ටුව පරව වැටුණා...

උයන්පල්ලන් වෙතයි!  මල් පොට්ටු සුරතලී   හිරු නොදුටු සමනලී  උයන්පල්ලන් නොසළකා දැමු  ඈ ලපටි සෙව්වන්දිනී  මලක් ලෙස පිපෙන්නට  නොදැන සිටි යෞව්වනී  පිපාසෙට දිය පොදක්  නොලැබ වියලුණු මුකුලිනී   උයන්පල්ලනි ගරුතර  ළතෙත් කරුණා නොම වෙද? මල් රකින්නට නොදත් නම් ඔබ  ඇයි උයන්පල්ලන් වුනේ? (නිමිත්ත: http://www.33000.in/2014/02/facebook-photos-ends-in-suicide.html http://www.bbc.co.uk/sinhala/multimedia/2014/02/140206_lanka_facebook_suicide.shtml )