Skip to main content

Posts

Showing posts from December, 2011

වෙජිටබල් පේස්ට්‍රි හදන හැටි

මම මේක බලාගත්තෙත් නෙට් එකේ රෙසිපි බ්ලොග් එකකින්. හරියටම කිව්වොත් මෙන්න මෙතනින් . ඉතින් ඕක චුට්ටක් වෙනස් කරලා, සිංහලෙන් දාන්නයි යන්නේ. මුලින්ම මේක මම හැදුවේ යාලුවෙක්ගෙ උපන් දිනේකට. කෑව හැමෝම ගොඩක් ආස උන නිසා එදා ඉඳන් මම කට්ටිය එකතු වෙන පාටි, ට්‍රිප් වලට මේක හදනවා. මේකේ ෆිලින් එකට එළවලු විතරක්ම දාන නිසා මස් මාළු කන්නේ නැති අයටත් කන්න පුළුවනි. ඔන්න දැන් මුලින්ම කියන්නේ, මේ තියෙන්නේ පේස්ට්‍රි එක ඇතුලට දාන ෆිලින් එක විතරයි. මෙහෙම පේස්ට්‍රි වලට කියන්නේ පෆ් පේස්ට්‍රි කියල. පෆ් පේස්ට්‍රි එක හදන එක මහා පන යන වැඩක්. මම එකම එක පාරක් හදල තියෙනවා ලංකාවේදී, ඒ මම කැම්පස් යන දවස්වල. අම්මේ එදා පේස්ට්‍රි එක හොඳට ආවත් ඒක හදල මගේ පණ ගියා. ඉතින් මෙහෙ නම් රෙඩි මේඩ් පෆ් පේස්ට්‍රි ශීට් කඩෙන් ගන්න තියෙනවා. මට කවුද කිව්වා ලංකාවෙත් සුපර් මාකට් වල දැන් තියෙනවා කියල. ඉතින් අඬුව තියෙද්දී මොකටද අත පුච්චගන්නේ ළමයි? ඔය කීල්ස් එකක් හරි කාගිල්ස් එකක හරි ෆ්රෝසන් ෆුඩ් සෙක්ෂන් එකට ගිහින් බලන්න මේ ශීට් තියෙනවද කියල. ඕනෙම නම් ඉතින් ඔච්චර අමාරුවක් තියෙනවා නම් පෆ් පේස්ට්‍රි හදන හැටිත් පස්සේ දාන්නම් :) ඕන

හිරු එළියෙන් උපන් හීන

බලන්න කාලය යන හැටි... මතකද ඒ වසන්තය? හරියට අද ඊයේ වාගේ. හිරු එළියෙන් උපන් අපේ හීන වල තිබුනේ එකම පාට. ඒ දවස්වල පායපු මීදුම් දේදුනු වගේ ම ඒ පාටත් මැකිලා ගිහින් දැන්. රතු පෑනෙන් වැරදි දාපු  සිහි සටහන් පෙරලන කොට, විස්තර කරන්න බැහැ දැනෙන මේ සොඳුරු වේදනාව...ශබ්දකෝශයේත් නැහැ වචනයක්. කමක් නැහැ යාළුවේ ඉතින්... මලේ සුවඳ ඔයා ළඟ තියාගන්න ආදරෙන් නපුරු කටු විතරක් මම ගන්නම් ඔයා වගේ කෙනෙක් හිඳීවිනේ තවත්, කොහේ හරි ... You know how the time flies Only yesterday was the time of our lives We were born and raised in a summer haze Bound by the surprise of our glory days I hate to turn up out of the blue uninvited But I couldn't stay away I couldn't fight it I had hoped you'd see my face And that you'd be reminded that for me it isn't over Nothing compares No worries or cares Regrets and mistakes they're memories made Who would have known how bittersweet this would taste? Nevermind I'll find someone like yo

අයි ලව් යු - කොන්දේසි සහිතයි!

ඔය උඩ තියෙන එක මට හම්බුනේ මගේ උපන් දිනේට පොඩිත්තෙක්ගෙන්. මම දැකල තියෙන අවංකම ලවු ලෙටර් එක තමයි ඔය. ඇත්තටම කොන්දේසි විරහිත සඳ එලිය සේ අචින්ත්‍ය අරකද මේකද ඔය ඔක්කොම තියෙන්නේ සාහිත්‍යයේ විතරයි. හැබෑ ලෝකේ තියෙන ආදරේ කොන්දේසි සහිතයි. ටිකක් ආත්මාර්තකාමීයි. ඒක තමයි ඇත්ත. පොඩි ළමයි බොරු කියන්නේ නැහැ කියන්නේ මෙන්න මේකයි... ...'Animals and children tell the truth, they never lie Which one is more human There's a thought, now you decide ' ~ Animal Song by Savage Garden

ඉර හඳ මොකටද අපේ ලෝකයට...

මේ ගෙවී යන්නේ ඕස්ට්‍රේලියාවේ ග්‍රීෂ්ම ඎතුවයි. තවම දෙසැම්බර් නිසා ග්‍රීස්මය ලැබුවා විතරක් නිසා ඉදිරියට තව සැහෙන්න රස්නය වෙන්න පුළුවන්. කිසිත් වැදගැම්මකට නැති සමර් නාමයක්වත් නැති පහුගිය අවුරුද්දේ සීතල ග්‍රීෂ්ම ඍතුවේද උපරිම උෂ්ණත්වය 40 ට ගියා. මේ පාර නම් හැබැයි රස්නය වැඩි වන ලකුණු පෙනෙන්න තියෙනවා. කොහොම උනත් මම නම් සීතලේ ගැහෙනවාට වඩා රස්නේ දැනෙන්නට ඉර එලිය හොඳට තියෙනවට කැමතියි. මට කොහොමත් සීතල වැඩියෙන් දැනෙන ඇබ්නෝමල් ගතියක් තියෙනවා. හික්ස්. ඉතින් වින්ටර් එකේ ඇඳුම් හතරක් විතර ඇඳගෙන මෆ්ලර් ඉයර් මෆ්ස් ග්ලවුස් බූට්ස් ඔය ඔක්කොම දාගෙන මිසක් මට නම් එලියට බහින්න බැහැ. ලස්සන ඇඳුමක් වත් අඳින්න නැහැනේ. අනේ ඊට වඩා මේ රස්නේ කාලේ මට දාහෙන් සම්පතයි. ඊයේ මම යාලුවෝ දෙන්නෙකුත් එක්ක ගියා ප්රෙස්ටන් මාකට්. ඒක හරියට අපේ ලංකාවේ ලොකු පොලක් වගේ. හැබැයි සාපේක්ෂව පිරිසිඳුයි සහ ක්‍රමානුකුලයි කියන්න පුළුවනි. එක එක ජාතියේ එළවලු, පලතුරු, මස් මාළු... තව එක එක රටවල කෑම ජාති... ඔය ගොටුකොල, කන් කුං, පොලොස් එහෙම ගන්න ඕනේ නම් මෙහෙට තමා අපි යන්නේ. සති අන්තෙට නම් ගොඩක් සෙනග එන තැනක්, නමුත් සතියේ දවස් වලට එච්

Miss Congeniality? I'd rather be Miss Originality

At some point in your life you got to face yourself. Like, you got to look in that mirror and see your face. Of course I realize that some fortunate people out there are born knowing themselves inside and out. These are the girls you meet in school who are eternally smiling - even when they've forgotton to do their homework. These are the people who are so confident with theselves, that they are not afraid to play the fool and look silly. I have always envied those who can so effortlessly be silly. 'Cause they sure look as if they're having a ball. To be able to do that requires confidence. I know that now. It's amazing how liberating it is to feel that its OK to be laughed at. To know that you don't always have to be perfect, that you cant always please everyone. The world out there is harsh and judging, there's no doubt about that. But then, so what? As long as you know that you're doing the right thing, does it matter what the world thinks? They w

ජීවන වෙරළේ මතක රොඩු ළඟ...

යෞවනේ දිවි තක්ෂිලාවේ ප්‍රේමයේ මනකෘත කෙරූ සිහිනයේ මංමුලාවේ සුවඳකි මා හිරකෙරූ  මතකයේ ඈතින් ... මතකයේ මෑතින් .... මතකයේ මෑතින් හිඳ.. මතකයේ ඈතින් හිඳ මතකයේ ඈතින් හිඳ... බලා සිටිනා ජීවිතේ.. මුළු ජීවිතේ... මතකයේ මෑතින් හිඳ...ලියා තිබුනා හදවතේ.. ගොලු හදවතේ... ගොලු හදවතේ... මුළු ජීවිතේ... ගොලු හදවතේ... Photo taken on the shores of Dove Lake, Cradle Mountain, Tasmania Song belongs to Kasun

When everything's made to be broken

ලටෙක් ජරමර - එක්සෙල් වල වගු ලේසියෙන් ලටෙක් කරන හැටි : Excel to Latex

විශ්ව විද්‍යාල වල ඉගෙන ගන්න අය ගොඩ දෙනෙක් ට ඕනේ වෙන එකක් තමයි ලටෙක්. විශේෂයෙන්ම පර්ශේෂණ වාර්තා, ගවේෂණ ලිපි, නිබන්ධන එහෙම ලියද්දි ගොඩක්ම ප්‍රයෝජන වත් වෙනවා. වින් වර්ඩ් වලට වඩා මේ වගේ දිගු ලියමන් ලියද්දි මම නම් කැමතිම ලටෙක් . අනිත් එක, ගණිත සුත්‍ර, සියුඩෝ කෝඩ් එහෙම ලියද්දි ලටෙක් වල පහසුකම් වැඩියි. නිමාවත් ලස්සනයි. වැඩේ තියෙන්නේ, පර්යේෂණ කරද්දී ගොඩක් වෙලාවට අපිට දත්ත සටහන් කරන්නේ එක්සෙල් ටේබල් එකනේ. මේවා සාමාන්‍යෙන් සැහෙන කොලම්න්ස් තියෙන ලොකු ටේබල්. මේවගේ ගබඩාවෙන දත්තත් දශම ස්ථාන කිහිපයක් තියෙන ටයිප් කරන්න වෙලා යන දත්ත. ඉතින් මේවා ලටෙක් ෆයිල් එකකට මුල ඉඳන් දානවා කියන්නේ පණ යන වැඩක්. මේකට පහසු විසඳුමක් ගැන තමයි මේ: මේ excel2latex . මේකෙන් ස්වයංක්‍රීයව එක්සෙල් ටේබල් එක ලටෙක් කෝඩ් එකට පරිවර්තනේ කරලා දෙනවා. මෙන්න මෙතනින් බාගන්න පුළුවනි. එක්සෙල් 2007 නම් මේක ස්ථාපනය කරන්න ටිකක් වට වන්දනාවේ යන්න ඕනේ. ඔයාලට එක්සෙල් වල 'Addin' ටැබ් එක පෙන්නේ නැත්නම් තමයි මෙහෙම වෙන්නේ හොඳේ. ඒකට කරන්න ඕනේ බාගත්තට පස්සේ එක්සෙල් වල අර උඩම වම් කෙලවරේ තියෙන ඇරෝ එකෙන් 'customize quick access