Skip to main content

වෙජිටබල් පේස්ට්‍රි හදන හැටි

මම මේක බලාගත්තෙත් නෙට් එකේ රෙසිපි බ්ලොග් එකකින්. හරියටම කිව්වොත් මෙන්න මෙතනින්. ඉතින් ඕක චුට්ටක් වෙනස් කරලා, සිංහලෙන් දාන්නයි යන්නේ.

මුලින්ම මේක මම හැදුවේ යාලුවෙක්ගෙ උපන් දිනේකට. කෑව හැමෝම ගොඩක් ආස උන නිසා එදා ඉඳන් මම කට්ටිය එකතු වෙන පාටි, ට්‍රිප් වලට මේක හදනවා.


මේකේ ෆිලින් එකට එළවලු විතරක්ම දාන නිසා මස් මාළු කන්නේ නැති අයටත් කන්න පුළුවනි. ඔන්න දැන් මුලින්ම කියන්නේ, මේ තියෙන්නේ පේස්ට්‍රි එක ඇතුලට දාන ෆිලින් එක විතරයි. මෙහෙම පේස්ට්‍රි වලට කියන්නේ පෆ් පේස්ට්‍රි කියල. පෆ් පේස්ට්‍රි එක හදන එක මහා පන යන වැඩක්. මම එකම එක පාරක් හදල තියෙනවා ලංකාවේදී, ඒ මම කැම්පස් යන දවස්වල. අම්මේ එදා පේස්ට්‍රි එක හොඳට ආවත් ඒක හදල මගේ පණ ගියා. ඉතින් මෙහෙ නම් රෙඩි මේඩ් පෆ් පේස්ට්‍රි ශීට් කඩෙන් ගන්න තියෙනවා. මට කවුද කිව්වා ලංකාවෙත් සුපර් මාකට් වල දැන් තියෙනවා කියල. ඉතින් අඬුව තියෙද්දී මොකටද අත පුච්චගන්නේ ළමයි? ඔය කීල්ස් එකක් හරි කාගිල්ස් එකක හරි ෆ්රෝසන් ෆුඩ් සෙක්ෂන් එකට ගිහින් බලන්න මේ ශීට් තියෙනවද කියල. ඕනෙම නම් ඉතින් ඔච්චර අමාරුවක් තියෙනවා නම් පෆ් පේස්ට්‍රි හදන හැටිත් පස්සේ දාන්නම් :)

ඕන කරන දේවල් :
තම්බල කොටු කොටු වෙන්න කපා ගත්ත එළවලු කෝප්ප 1 (ඕනෙම එළවලු වර්ගයක් ගන්න පුළුවනි. අල, කැරට්, ග්‍රීන් පීස්, ගෝවා මල්, බෝංචි ... ඕනෙම දෙයක්)
දිගට කපා ගත්ත ලොකු ලුණු ගෙඩි 2
කපාගත්ත තක්කාලි ගෙඩි 2
අවු මිරිස් කරල් 2 ක් (තම තමන් මිරිස් කන හැටියට මේක අඩු වැඩි කරගන්න)

කොත්තමල්ලි කුඩු මේස හැඳි 1
සුදුරු කුඩු තේ හැඳි 1
මිරිස් කුඩු තේ හැඳි 1 (මේකත් තමන්ට ඕනේ හැටියට)
ඉඟුරු සුදු ලුණු සම සමව හොඳට තලලා තේ හැඳි 1
කරපිංචා කොළ ටිකක්
තෙල් මේස හැඳි 1
ඕනේ හැටියට ලුණු


තෙල් ටික රත් කරලා ළූණු තෙම්පරාදු කරගන්න. ඒකටම කරපිංචා, කොත්තමල්ලි කුඩු, සුදුරු කුඩු, සහ මිරිස් කුඩු දාන්න. තත්පර 30 විතර බැදගන්න
ඉඟුරු සුදුලුනු එකතු කරලා විනාඩියක් විතර බැදගන්න
මේකටම තක්කාලි සහ අවුමිරිස් එකතු කරලා මිශ්‍ර වෙනතුරු බදින්න
අන්තිමට තම්බල කපපු එළවලු ටික එකතු කරන්න
රසේ හැටියට ලුණු දාන්න
මේ මිශ්‍රණය පියන නොවසා විනාඩි 5 ක් විතර උයාගන්න ඕනේ. අන්තිම රිසල්ට් එක ටිකක් තෙතමයක් සහිත, ඒත් දියාරු නැති එකක් වෙන්න ඕනේ.


දැක්ක නේද ලස්සනට හරි ගානට එළවලු කොටු කපල තියෙන හැටි :D


දැන් ඉතින් ඔච්චරයි. ඕක හදන්න පටන් ගන්න කොට මම අර ක්ෂණික පේස්ට්‍රි ශීට් 2 ක් ෆ්රීසර් එකෙන් එලියට අරන් තියනවා සීතල යන්න. මේවා ගොඩක්ම සීතල ගියත් බැහැ - එතකොට නිකම් චොර ගතියක් එනවා. ඉතින් මේක හදල ඉවර වෙද්දී ගානට පේස්ට්‍රි ශීට් ඩිෆ්රොස්ට් වෙනවා. ඊට පස්සේ මේ හදාගත්ත පිරවුම මැද්දට තියල තමන්ට කැමති හැඩේකට පේස්ට්‍රි කපාගෙන සෙල්සියස් 200 කට රත් කරපු අවන් එකක විනාඩි 25 විතර බේක් කරගන්න තමයි තියෙන්නේ...
ආ තව එකක් පිරවුම තියල නවද්දී දාල වල මම නම් බිත්තර කහ මද ගානවා ඇලවෙන්න. ඒ බිත්තරේම සුදු මද අවන් එකට දාන්න කලින්, නවාගත්ත පේස්ට්‍රි මතු පිට ගෑවාම ලස්සන නිමාවක් එනවා.



දැන් ඕනෙනම් ඔය මිශ්‍රණය හදල එකත් එක්කම තම්බල කපපු බිත්තර පලු උනත් තියන්න පුළුවනි. ඒ වගේම මේවා බේක් කරද්දී තෙල් කඩදාසියක් බේකින් ට්‍රේ එකේ තියල ඒක උඩ තියල බේක් කරන්න අමතක කරන්නත් එපා....



Comments

  1. මළා ....මං මේ රෙසිපියක් ලියන ගමං මේ පැත්තෙ ආවෙ. බලනකොට හැමෝම රෙසිපි ලියනව වගේ....

    ReplyDelete
  2. රෙසිපි රැල්ලක් ද මන්දා නේද :D

    ReplyDelete
  3. ඔයාට උයන්ටත් පුලුවන්ද? ඉහි...ඉහි...හී හී
    ලස්සනේ බැරුවා. ඒ වගේම මාර රහ පාටයි. ට්‍රයි කරලා බලන්නම්කෝ. මොනවා හැදෙයිද කියන්ට නම් බෑ.

    ඔය රැල්ලට අහු උනොත් මාව නම් ගහගෙන යනවා අනිවාර්යයෙන්ම. :D

    ReplyDelete
  4. @Poddi
    උයන්න ඉතින් ටික ටික පුළුවන්...එක එක ඒවා හදල බලන්න යි, ඒවා වටේ ඉන්න අයට බෙදන්නයි ආසයි.
    අනිත් එක ඉතින් උයන්න බැරි උනොත් හාමතේ ඉන්න වේවිනෙ. කව්ද නැත්තම් මට මෙහෙ උයල දෙන්නේ? :D

    @ඊ මේල් කවිකාරි
    ලින්ක් එකටත් මෙහෙ ඇවිත් ගියාටත් ස්තුතියි!

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Pervert පොසම් සහ හොර පොසම්

ඔස්ට්‍රේලියාවට වසන්ත ඍතුව එළෙඹෙන කාලය යි මේ. අපේ ගෙවත්තේ පිටුපස පීච් ගහම රෝස පාට මල්වලින් පිරිලා. හරියට මේ වගේ .... (img  commons.wikimedia.org ) තව පහු වෙනකොට ඔය පීච් ගහේ ගෙඩි එනවා ය. ඊට පස්සේ එව්වා අපිට රස බලන්න නම් හොර පොසම්ලා ට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරන්න වෙනවා ය! පොසම් කියන්නේ ඕස්ට්‍රේලියාවේ ඉන්න නිසාචර සතෙකි. හරියට ලංකාවේ වඳුරෝ වගේ උන්ගෙන් පලතුරු බේරගන්න බැරි ය. පොසම් එක්ක ඇයි හොඳයි කම් පටන් ගත්තේ ඉස්සර විශ්ව විද්‍යාල  යන කාලේ ඉඳන් ය. ඒ කාලේ මං හිටියේ තව කෙල්ලෝ දෙන්නෙක් එක්ක කාමර තුනේ ෆ්ලැට් එහෙක ය. ඒ ෆ්ලැට් එකේ නාන කාමරේ සිවිලිමට පොඩ්ඩක් යටින් ජනේලයක් විය. ඒ ජනේලේ fly-screen එකක් විය. එතන එළියේ පොඩි පඩියක් විය. අපි එතෙන්ට ගිය දවසේ ඉඳන් ජනේලේ ඇරලා ය. fly-screen එක තිබුණු නිසාත්, අපි හිටියේ උඩ තට්ටුවක නිසාත් අපි ඒ ජනේලේ වැසීම ගැන හිතුවේ නැත. ඔහොම ඉන්න අතරේ ඒ ඇරුණු ජනෙල් පියන සහ fly-screen එක අතර හිඩැසට තව පදිංචිකාරයෙක් ආවේය. ඌ ඇවිල්ලා පොසම් සතෙකි. සමහර විට ඌ ට අතේ ඇති ගානට කුලියට තැනක් හොයා ගන්න බැරි වෙන්න ඇති ය. එහෙම හිතලා අපි අපේ පාඩුවේ නාන කාමරේ වැඩ කටයුතු

Bluetooth support on Android Emulator

I have been playing around with Android lately, and one thing that annoyed me is the emulator does not support Bluetooth (as opposed to J2ME emulator, which does). So if you do not have an actual Android device (like me), and you want to do Bluetooth/WiFi programming, you run in to a problem. Fortunately, there is a way out - Install the Android image on a VM and use your own Bluetooth device. This is what I did: Download Androidx86 from http://www.android-x86.org/ . This is an .iso file, so you'd need something like VMWare or VirtualBox to run it. Me, I use VirtualBox. When creating the virtual machine, you need to set the type of guest OS as Linux instead of Other. After creating the virtual machine, set the network adapter to 'Bridged'. Start the VM and select 'Live CD VESA' at boot. Now you need to find out the ip of this VM. Go to terminal in VM (use Alt+F1 & Alt+F7 to toggle) and use the netcfg command to find this. Now you need open a command

පර්යේෂණ සහ ආචාර ධර්ම අවසරය

පසුගිය සති කීපයකම නිරත වෙලා හිටිය වැඩක ප්‍රතිපල ඊයේ ලැබුණා. ඒ මගේ පර්යේෂණය සඳහා ඕනෑ උන 'ආචාර ධර්ම අවසරය' නැත්නම් ethics clearence එක ලැබීමයි. මගේ පර්යේෂණය මුලික වශයෙන් පරිගණක විද්‍යාව සහ මෘදුකාංග ඉංජිනේරු විෂයන් වලින් කෙරුනත්, මිනිසුන් ද සහභාගී කරවාගෙන කෙරෙන කොටසක් ඇති නිසා තමා මෙහෙම අවසරයක් ගන්ඩ උනේ. ටිකක් පැහැදිලි කරොත්, මේ පර්යේෂණයේ ප්‍රථිපලයක් වන මෘදුකාංග පද්ධතිය නිවැරදිව වැඩ කරනවාද නැද්ද කියන එක තහවුරු කරන්න එක විද්‍යාගාරයක කරලා බලල මදි (සහ කරන්න අමාරුයි). 'හැබෑ ලෝකයේ' එය වැඩ කරන හැටි බලන්ඩ ඕනේ. මගේ පර්යේෂණය 'ස්මාර්ට් තාක්ෂනය' නැත්නම්, කෘතිම බුද්ධිය සහිත ගෘහස්ත පද්ධතියක් (smart home) සම්බන්ධයෙන්. වෙනත් මෘදුකාංග වලට වඩා මේ වගේ පද්ධතියක් හදන කොට ගොඩක්ම සැලකිලිමත් වෙන්න ඕනේ මිනිස්සු මෙහෙම තාක්ෂනෙකට කොහොම ප්‍රතිචාර දක්වයිද කියලා.  හිතන්න, ඔයාලගේ ගෙදරත් කෘතිම බුද්ධියක් නැත්නම් 'ස්මාර්ට්' පද්ධතියක් හයි කරලා කියලා. මේ වගේ පද්ධති වල අරමුණ මිනිසුන්ගේ ජීවිතය පහසු කරන එක. උදාහරණයකට ඔන්න ඔයාගේ 'බුද්ධිමත් ගෙදර' ලව්වා ඔයාට පුළුවන් වෙලාවට ලයිට් දාන