Skip to main content

ඉර හඳ මොකටද අපේ ලෝකයට...


මේ ගෙවී යන්නේ ඕස්ට්‍රේලියාවේ ග්‍රීෂ්ම ඎතුවයි. තවම දෙසැම්බර් නිසා ග්‍රීස්මය ලැබුවා විතරක් නිසා ඉදිරියට තව සැහෙන්න රස්නය වෙන්න පුළුවන්. කිසිත් වැදගැම්මකට නැති සමර් නාමයක්වත් නැති පහුගිය අවුරුද්දේ සීතල ග්‍රීෂ්ම ඍතුවේද උපරිම උෂ්ණත්වය 40 ට ගියා. මේ පාර නම් හැබැයි රස්නය වැඩි වන ලකුණු පෙනෙන්න තියෙනවා.
කොහොම උනත් මම නම් සීතලේ ගැහෙනවාට වඩා රස්නේ දැනෙන්නට ඉර එලිය හොඳට තියෙනවට කැමතියි. මට කොහොමත් සීතල වැඩියෙන් දැනෙන ඇබ්නෝමල් ගතියක් තියෙනවා. හික්ස්. ඉතින් වින්ටර් එකේ ඇඳුම් හතරක් විතර ඇඳගෙන මෆ්ලර් ඉයර් මෆ්ස් ග්ලවුස් බූට්ස් ඔය ඔක්කොම දාගෙන මිසක් මට නම් එලියට බහින්න බැහැ. ලස්සන ඇඳුමක් වත් අඳින්න නැහැනේ. අනේ ඊට වඩා මේ රස්නේ කාලේ මට දාහෙන් සම්පතයි.

ඊයේ මම යාලුවෝ දෙන්නෙකුත් එක්ක ගියා ප්රෙස්ටන් මාකට්. ඒක හරියට අපේ ලංකාවේ ලොකු පොලක් වගේ. හැබැයි සාපේක්ෂව පිරිසිඳුයි සහ ක්‍රමානුකුලයි කියන්න පුළුවනි. එක එක ජාතියේ එළවලු, පලතුරු, මස් මාළු... තව එක එක රටවල කෑම ජාති... ඔය ගොටුකොල, කන් කුං, පොලොස් එහෙම ගන්න ඕනේ නම් මෙහෙට තමා අපි යන්නේ. සති අන්තෙට නම් ගොඩක් සෙනග එන තැනක්, නමුත් සතියේ දවස් වලට එච්චරම නැහැ. ඒ තියෙද්දිත් අපිට ඊයේ පාකින් ස්පේස් එකක් හම්බුනේ නැහැ. පාර පැනල එහා පැත්තේ තමා පාක් කරන්න උනේ. ඉතින් කාර් එකෙන් බැස්ස ගමන්...අම්මෝ ලංකාවට ගියා වගේ රස්නේ! වෙනසට තියෙන්නේ වැඩිය දාඩිය දන්නේ නැහැ. මට නම් ඉතින් හරි සතුටුයි!

යාලුවෝ දෙන්නට එයාලගේ බඩු ගන්න කියල මම මගේ ලිස්ට් එක ගන්න වෙන්වුනා. මට ඉතින් ඔය මහා ලොකුවට එළවලු මාළු අරන් වැඩක් තියෙනවය. මම විතරනේ කන්න ඉන්නේ. ඉතින් මම හැමදාම මාළු ගන්නකොට ඒ මනුස්පය නෝන්ඩි දානවා මේ චුටි මාළුවා විතරද ගන්නේ කියල. එයා නම් කියයි. කිලෝ ගණන් අරන් ඒවා ෆ්‍රිජ් එකේ ගල් වේවි තියෙයි ඊට පස්සේ. මම ඉතින් ඔය නෙක්ටරින් ගෙඩි 2-3 ක්, පාස්නිප් අලයක්, ගොටුකොල මිටියක්, මාලුවෙක් එහෙම අරගෙන පැය භාගයක් යද්දී බඩු ටික අරන් ඉවර කරා. මේ වෙනකොට හොඳටම දවල් වෙලා මට මාරම බඩ ගිනියි. බෑග් උස්සන් ඇවිද්ද නිසා මහන්සිත් එක්ක. ඊටත් වඩා හවසට කැම්පස් ගිහින් වැඩ කරන්නත් තියෙනවා. වැඩ මතක් උනාම මගේ ඔලුවත් රිදෙන්න ගත්තා...

මේ මාකට් එකේ තැන තැන කඩ පේලි මැද්දට වෙන්න මිනිස්සුන්ට වාඩි වෙන්න හදල තියෙනවා. සති අන්තෙට නම් මේකේ හරි මැද තියෙන පියානෝ එක වාදනය කර කර සින්දු කියන කට්ටියත් එනවා. හැබැයි ඉතින් එදා නම් නැහැ.
එපා වෙලා බඩගින්නේ යාලුවෝ එනකන් ඉන්දැද්දී ළඟ තිබුණු ඩෝ නට් වෑන් එකෙන් උණු ජෑම් ඩෝ නට් එකකුත් අරන් මං ගිහින් වාඩි උනා අර බංකුවක.

මෙන්න ටික වෙලාවක් යද්දී කවුද මගේ අතින් අදිනවා.
බැලින්නම් ලස්සනම ලස්සන සුදු පැටියෙක්. අවුරුදු 2 ක් වගේ ඇති. රෝස පාට චබී මුණයි, රත්තරන් පාට කැරලි කොන්ඩෙයි නිසා එයා ඇත්තටම බෝනික්කෙක් වගේ. සපත්තු දෙකත් ගලවාගෙන මොනාදෝ කිය කිය හිනා වෙනවා...

මේ චුටි බබාට මොනවා හිතෙනවා ඇත්ද මට හිතුන. මට මොහොතකට එයා වෙන්න ඇත්නම්! හෙට දවසේ කරන්න තියෙන වැඩ අමතක කරලා ඔලුව සැහැල්ලු කරගෙන එයා වගේ හිනා වෙන්න ඇත්නම්!

මේ බබාට නම් මේ මාකට් එක හරිම ලස්සනට පේනවා ඇති...

නත්තල් ළඟ නිසා මාකට් එක සැරසිලි වලින් දිලිසෙනවා. එක එක පාට, එක එක ජාතියේ මාමල නැන්දලා ලොකු මලු පුරවන් එහෙ මෙහෙ යනවා. ඒ මැද නත්තල් සීයල. සීයල කීවට නත්තල් මාමලානේ මේගොල්ලෝ... අර පිනි මුව අං තට්ටුවක් දාගත්තු නැන්දෙකුත්! ශා එයා ගාව රතු කොළ අං තට්ටු ගොඩයි.
 ඇයි එතකොට මේ තියෙන කඩ වල බඩු! කහ රතු කොළ තැඹිලි එක එක පාට එළවලු පලතුරු! අර සෙල්ලම් බඩුත් තියෙනවා. මේ ළඟ ඉන්න නැන්දගේ අතේ මොකද්ද මේ? වටේ සීනි කැට තැවරිච්ච, මැද රතුම රතු ජෑම්! හරිම සුවඳයි... අර අතන ඉන්නේ අයිස් ක්‍රීම් දෙන මාමල වගයක්. මං වගේ බබාලා ගොඩයි එතන.
ආ මේ මොනාද මේ බෝල බෝල හැමතැනම පා වෙන්නේ? අර අතන ඉන්න මාමගේ කටින් නේ මේ බෝල එන්නේ බොලේ! අල්ලන්න ඕනේ මාත් මේ බෝලයක්! මගේ මමීට ගිහින් දෙන්න පුළුවන්. අහ් කෝ ඒවා ඇල්ලුවාම නැති වෙනවනේ...හලේ හරි ශෝක් මේ බෝල සෙල්ලම...

පොඩි කාලේදී බලන් හිටියේ ලොකු වෙනකම්. ලොකු වෙලා රට රටවල යන්න, පොත්වල ටී වී එකේ දැකපු දේ කරන්න ලොකු ආසාවක් තිබුනේ. ඒත් දැන්... හැමදාම පොඩි ළමයෙක් වෙලා ඉන්න තිබුන නම් කොච්චර හොඳද?

ඉර හඳ මොකටද අපේ ලෝකයට
අපේ සිනා කන් බැබලෙනවා
රෑ කළ අහසේ දිදුලන තරු ලෙස
ප්‍රාර්ථනා මල් පුදිනවා

මිණි මුතු අතරේ නොරැඳෙන දෑසේ
කැට කැබලිති රන් මතු වෙනවා
සක්විති රජවරු අප අතරේ නැත
කව හෝ දවසක රජ වෙනවා
දුක සංකාවන් නැති ලස්සන සිහිනේ
රෑ දාවල් අපි හිනැහෙනවා
ලෝකෙම ඇහැ ළඟ දකින්න හිතුනම
දෑස පියාගෙන නිදියනවා...

Comments

  1. ඒක නම් සහතික ඇත්ත. පොඩ්ඩි නම් තාම චූටි ලමයෙක් වගේමයි. :)

    ReplyDelete
  2. දැණ් නම් පොඩි කාලෙට යනවනම් අවුරුදු 2ක් විතර කාලෙට යන්න වෙනවා මොකද අවුරුදු 3 විතර ඉඳන් මොන්ටිසෝරි එහෙම යන්න වෙනවනේ

    ReplyDelete
  3. @පොඩ්ඩි
    හා හා දැන් එහෙම කියල හරියන්නේ නැහැ. අපි දැක්කනේ අර කවුද දොස්තර කෙනෙක් ඔයා ගැන කියපු ලස්සන සින්දුව :D

    @ම
    ඒක නම් ඇත්ත තමයි. පොඩි කාලේ ඉඳන්ම ලෝකේ නැති බර ළමයින්ගේ ඔලුවලට දාන එක හරිම පවු. දන්නවද තව පොඩි කතාවක් මතක් උනා, මගේ නැන්ද කෙනෙක් කියනවා එයාගේ ආච්චි, නැන්ද පොඩි කාලේ එයාට කියල කිසිම වැඩක් කර ගන්න කැමති නෑලු. ඒ ආච්චි කියනවා ලු අනේ මේ ගෑනු ළමයින්ට සැහැල්ලුවෙන් ඉන්න පුළුවන් මේ පොඩි කාලේ විතරයි. බැඳලා ගිහාම දුක් විඳින්න වෙනවා - මේ ළමයට ඉන්න දෙන්න කියල.

    ReplyDelete
  4. උඩ පිංතුරේ ඉන්නෙ අම්මයි, තාත්තයි, නං තාත්ත මගෙ වයසට ළඟ කෙනෙක් කියල හිතුන, කොන්ඩෙන් කිව්වෙ.
    අද තමා මේ බ්ලොග් එක දැක්කෙ. මගෙ සයිට් එකේ තිබුන කොමෙන්ට් එක නිසා, ප්‍රොෆයිල් බැලුවම දැක්කෙ, බ්ලොග් එකක් ලියන දුවෙක් කියල. සන්තෝෂයි අඳුන ගන්න ලැබුන එක ගැන.

    [වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කලොත්, කොමෙන්ට් දාන අයට ලොකු පහසුවක්]

    ReplyDelete
  5. ස්තුතියි ඔබා මාමේ!
    ඔව් ඒ අම්මයි තාත්තයි...ඒ දවස් වල ස්ටයිල් එක කොන්ඩේ ලොකුවට වවන එක වෙන්නැති. :D ඔය 80 ගණන්වල මුල ගත්ත එකක්.
    වෙරිෆිකෙෂනුත් ඔන්න අයින් කරා !

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Bluetooth support on Android Emulator

I have been playing around with Android lately, and one thing that annoyed me is the emulator does not support Bluetooth (as opposed to J2ME emulator, which does). So if you do not have an actual Android device (like me), and you want to do Bluetooth/WiFi programming, you run in to a problem. Fortunately, there is a way out - Install the Android image on a VM and use your own Bluetooth device. This is what I did: Download Androidx86 from http://www.android-x86.org/ . This is an .iso file, so you'd need something like VMWare or VirtualBox to run it. Me, I use VirtualBox. When creating the virtual machine, you need to set the type of guest OS as Linux instead of Other. After creating the virtual machine, set the network adapter to 'Bridged'. Start the VM and select 'Live CD VESA' at boot. Now you need to find out the ip of this VM. Go to terminal in VM (use Alt+F1 & Alt+F7 to toggle) and use the netcfg command to find this. Now you need open a command...

මගුල් කෑම! 4 : වෙන්ඩ මනමාලිලාට වැදගත් අනම් මනම් ටිකක්...

පටන් ගත්තම ඉවර නොකර දෙයක් ඇද ඇද ඉන්න එක මගේ නරක පුරුද්දක් :( මඟුල් කතා ලියන්ඩ පටන් ගත්තට ඉවර කරේ නෑනේ... << මෙන්න 1 කොටස  << මෙන්න 2 කොටස  << මෙන්න 3 කොටස  ඔන්න අනිත් කොටස තමයි මේ... :) වෙඩින් එකේ දෙවෙනි මනමාලිලා නොහොත් බ්‍රයිඩ්ස්මේඩ් ලා ඇතුළු කට්ටියත් ඉන්නවා නම්, එයාල තෝරාගන්න කොට සහ එයාලට ඇඳුම් තෝරාගන්න කොට පොඩ්ඩක් සැළකිලිමත් වෙන්න ඕනේ. මම නම් හිතන්නේ මනමාලි සහ මනමාලයා ට  වඩා කැපී පෙනෙන අය මේකට ගන්න නරකයි. ඒ දෙන්නට complement වෙන අය ගත්තම තමයි කපල් එක ලස්සනට කැපිල පෙනෙන්නේ...උදාහරණයක් විදියට දෙවෙනි මනමාලිලා සහ මනමාලයෝ කපල් එකට වඩා උසට ලොකුවට හිටියොත් කපල් එක කුරුමිට්ටෝ දෙන්නෙක් වගේ පෙනිලා අනිත් කට්ටියව ෆෝකස් වෙලා පෙනේවි.  දැන් ඉතින් ඔය කට්ටිය ගන්න ගිහාම නෑදෑ පිරිවර volunteer කරන්න ගන්න පුළුවන් එයාලව හෝ එයාලගේ දූලා පුතාලව :D ඒ උනාට ඒ බලපෑම් වලට යට වෙන්නේ නැතුව කපල් එකට ගැළපෙන අයව විතරක් ගන්න එක තමයි හොඳ. එයාලටත් ඉතින් ආස ඇති තමයි, ඒ උනාට වෙඩින් එක කියන්නේ කපල් එකේ දවසනේ. ඒ හන්දා කපල් එකට හොඳ විදිහට තමා වැඩ සිද්ධ වෙන්න...

PopCo - Read it!

I recently came across this book 'PopCo' by Scarlett Thomas. Its what is apparently known as 'Mathematical Fiction'. Non-math ppl, don't go away though! Its not technical at all ...It discusses stuff ranging from Cryptography , Reimann Hypothesis and Alan Turing to homeopathic remedies when you're 'feeling like glass' and even a cake recipe for a cake called 'Let them eat cake'!.. This book is loads of fun and can send your imagination overdrive. I suppose its central character Alice being a sort of geek gal, it would appeal to fellow geeks (like me)! Apart from being a fun read, it also questions some things that we take for granted today. Like, how much lies are consumers forced to digest by the corporate propaganda. Certain info on how milk is produced freaked me out totally that I havent been able to drink milk without a guilty conscience for days! Closing comment from the book : Change the World