Skip to main content

Posts

Showing posts from January, 2015

අපිට ඕනෑ ජනපති කෙනෙක්! We need a President!

අදීන වන්නට නම් ජනපතිවරු රජුන් නොකළ යුතුය. බහුතර චන්දෙන් පත්ව එන ජනපති කෙනෙක් වුවද සාමාන්‍ය පෘතග්ජන මිනිසෙකි. ඔහුට/ඇයට කොන්ද නමාගෙන එහෙයි එහෙයි කියන්නට යාම දීන කමකි.  තනතුරකට කළ ගුණ සැළකිය යුතු යයි සිතීමද මේ දීන කමේ ලක්ෂණයකි. අපි කළගුණ සළකමු පුද්ගලයන්ට, පුද්ගලික මට්ටමින්. ඇයි අපි මෙතරම් බය පක්ෂපාත වන්නේ?  ප්‍රශස්ති ගයන්නට තවත් සහේළිලා ප්‍රතික්ෂේප කරමු. වැරැද්ද දුටු තැන වැරදි යයි කීමට තරම් නිර්භය වෙමු. විරුද්ධ මත වලට ගරු කරමු. සැබෑ නිදහස පතා අරගලය නිමා නැත. එය නිම නොවන සදාකාලික ප්‍රයත්නයකි. නව ජනපති ඉන්ද්‍රජාලිකයකු නොවේ. බලය මෙන්ම වගකීමද ඇත්තේ අප අතමය. It is a beautiful day for  democracy. But the struggle is not finished. The new president cannot magically make things right. It is a constant struggle, allowing for dissent, and looking for solutions. Together. And now, there is hope.