Skip to main content

Posts

Showing posts from April, 2017

ආචාර්ය උපාධි කරන්න කැමැත්තෙන් ඉන්න අයට

මේ ලිපිය ඕස්ට්‍රේලියාවේ පරිගණක අංශයෙන් ආචාර්ය උපාධි කරන්න කැමැත්තෙන් ඉන්න අයටයි.  මේ දවස්වල පර්යේෂණ වලට ප්‍රතිපාදන ලැබෙන අංශ අතරේ, Data Science සහ IoT තියෙන්නේ ඉදිරියෙන්. මම පර්යේෂණය කරන්නේ වැඩියෙන්ම IoT සහ ඔය දෙකේ ඡේදන කුලකයේ. මේ දිනවල ව්‍යාපෘති සඳහා ප්‍රතිපාදන ලැබෙමින් පවතින නිසා මම සේවය කරන විශ්ව විද්‍යාලයේ, දක්ෂ ආචාර්ය උපාධි සිසුන්ට අවස්ථා තියෙනවා. මේ අංශ වලින් ආචාර්ය උපාධි කරන්න කැමැත්තක් තියෙනවා නම් හෝ කැමැත්තෙන් ඉන්න කෙනෙක් දන්නවා නම්, මෙන්න මේ ලින්ක් එකෙන්  මට  දැනගන්න සලස්වන්න.  හැබැයි ශිෂ්‍යත්ව සඳහා මෙන්න මේ අවම සුදුසුකම් ඕනේ: - පරිගණක විද්‍යා/ඉන්ජිනේරු අංශයේ අවුරුදු 4 ක උපාධියක්. තනි පර්යේෂණ ව්‍යාපෘතියක් තියෙන්න ඕනේ. පළමු පන්තියේ ගෞරව සාමාර්ථයක් තියෙනවා නම් ගොඩක් හොඳයි. - පර්යේෂණ ප්‍රකාශන එකක් හෝ ඕනේ. ඔයිට අමතරව ආචාර්ය උපාධි කරන්න කලින් හිතන්න දේවල්: - කරන පර්යේෂණයට ලොකු 'උණක්' තියෙන්න ඕනේ. - තනියම දේවල් හොයා ගෙන වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනේ. - ඉංග්‍රීසි ලිවීම සහ කියවීම හොඳින් පුහුණු වෙලා තියෙන්න ඕනේ. - අවුරුදු 3-4 වැය කරන්න සුදානම් වන්න (මේ නිසයි පර්යේෂ