Skip to main content

ආචාර්ය උපාධි කරන්න කැමැත්තෙන් ඉන්න අයට

මේ ලිපිය ඕස්ට්‍රේලියාවේ පරිගණක අංශයෙන් ආචාර්ය උපාධි කරන්න කැමැත්තෙන් ඉන්න අයටයි. 
මේ දවස්වල පර්යේෂණ වලට ප්‍රතිපාදන ලැබෙන අංශ අතරේ, Data Science සහ IoT තියෙන්නේ ඉදිරියෙන්. මම පර්යේෂණය කරන්නේ වැඩියෙන්ම IoT සහ ඔය දෙකේ ඡේදන කුලකයේ. මේ දිනවල ව්‍යාපෘති සඳහා ප්‍රතිපාදන ලැබෙමින් පවතින නිසා මම සේවය කරන විශ්ව විද්‍යාලයේ, දක්ෂ ආචාර්ය උපාධි සිසුන්ට අවස්ථා තියෙනවා.

මේ අංශ වලින් ආචාර්ය උපාධි කරන්න කැමැත්තක් තියෙනවා නම් හෝ කැමැත්තෙන් ඉන්න කෙනෙක් දන්නවා නම්, මෙන්න මේ ලින්ක් එකෙන් මට  දැනගන්න සලස්වන්න. 

හැබැයි ශිෂ්‍යත්ව සඳහා මෙන්න මේ අවම සුදුසුකම් ඕනේ:
- පරිගණක විද්‍යා/ඉන්ජිනේරු අංශයේ අවුරුදු 4 ක උපාධියක්. තනි පර්යේෂණ ව්‍යාපෘතියක් තියෙන්න ඕනේ. පළමු පන්තියේ ගෞරව සාමාර්ථයක් තියෙනවා නම් ගොඩක් හොඳයි.
- පර්යේෂණ ප්‍රකාශන එකක් හෝ ඕනේ.

ඔයිට අමතරව ආචාර්ය උපාධි කරන්න කලින් හිතන්න දේවල්:
- කරන පර්යේෂණයට ලොකු 'උණක්' තියෙන්න ඕනේ.
- තනියම දේවල් හොයා ගෙන වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනේ.
- ඉංග්‍රීසි ලිවීම සහ කියවීම හොඳින් පුහුණු වෙලා තියෙන්න ඕනේ.
- අවුරුදු 3-4 වැය කරන්න සුදානම් වන්න (මේ නිසයි පර්යේෂණයට ලොකු 'උණක්' තියෙන්න ඕනේ කියන්නේ. නැත්නම් එපා වෙනවා).
- ඔබ ආචාර්ය උපාධි කරන්න බලාපොරොත්තු වන්නේ කථිකාචාර්ය රැකියාවක් ගන්න ආචාර්ය උපාධියක් ඕනේ නිසාම  පමණක්ම නම් (ඒ කියන්නේ පර්යේෂණ කරන්න උනන්දුවක් නැත්නම්) ඒ අයව බඳවාගන්න නම් මගේ අදහසක් නැත කියලත් කෙලින්ම කියන්න ඕනේ.

ශිෂ්‍යත්වයක් ලැබුනොත් ශිෂ්‍යයන්ට විශ්ව විද්‍යා ගාස්තු සහ වියදමට මුදල් ලැබෙනවා. සාමාන්‍යයෙන්, මේ වියදමට ලැබෙන මුදල අවුරුද්දකට ඕස්ට්‍රේලියානු ඩොලර් 23,000 - 25,000 අතර. තනි කෙනෙක්ට ඒ මුදලෙන් හොඳින් ජීවත් වෙන්න පුළුවන් (හැබයි පවුලකට නම් මදි).

ඔන්න ඕක තමයි තොරණේ විස්තරේ. උඩ සඳහන් විදියට, උනන්දුවක් තියෙන කට්ටියට  වැඩි විස්තර දෙන්න පුළුවනි :)

Comments

  1. අදාල කෙනෙකුට දකින්න මේක ශෙයා කරනවා.

    ReplyDelete
  2. හප්පා, සුපර්වයිසර් මාර තදයිනේ! :D

    ReplyDelete
    Replies
    1. මයි කාර් මයි පෙට්‍රල්! :D

      Delete

Post a Comment

Popular posts from this blog

Pervert පොසම් සහ හොර පොසම්

ඔස්ට්‍රේලියාවට වසන්ත ඍතුව එළෙඹෙන කාලය යි මේ. අපේ ගෙවත්තේ පිටුපස පීච් ගහම රෝස පාට මල්වලින් පිරිලා. හරියට මේ වගේ .... (img  commons.wikimedia.org ) තව පහු වෙනකොට ඔය පීච් ගහේ ගෙඩි එනවා ය. ඊට පස්සේ එව්වා අපිට රස බලන්න නම් හොර පොසම්ලා ට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරන්න වෙනවා ය! පොසම් කියන්නේ ඕස්ට්‍රේලියාවේ ඉන්න නිසාචර සතෙකි. හරියට ලංකාවේ වඳුරෝ වගේ උන්ගෙන් පලතුරු බේරගන්න බැරි ය. පොසම් එක්ක ඇයි හොඳයි කම් පටන් ගත්තේ ඉස්සර විශ්ව විද්‍යාල  යන කාලේ ඉඳන් ය. ඒ කාලේ මං හිටියේ තව කෙල්ලෝ දෙන්නෙක් එක්ක කාමර තුනේ ෆ්ලැට් එහෙක ය. ඒ ෆ්ලැට් එකේ නාන කාමරේ සිවිලිමට පොඩ්ඩක් යටින් ජනේලයක් විය. ඒ ජනේලේ fly-screen එකක් විය. එතන එළියේ පොඩි පඩියක් විය. අපි එතෙන්ට ගිය දවසේ ඉඳන් ජනේලේ ඇරලා ය. fly-screen එක තිබුණු නිසාත්, අපි හිටියේ උඩ තට්ටුවක නිසාත් අපි ඒ ජනේලේ වැසීම ගැන හිතුවේ නැත. ඔහොම ඉන්න අතරේ ඒ ඇරුණු ජනෙල් පියන සහ fly-screen එක අතර හිඩැසට තව පදිංචිකාරයෙක් ආවේය. ඌ ඇවිල්ලා පොසම් සතෙකි. සමහර විට ඌ ට අතේ ඇති ගානට කුලියට තැනක් හොයා ගන්න බැරි වෙන්න ඇති ය. එහෙම හිතලා අපි අපේ පාඩුවේ නාන කාමරේ වැඩ කටයුතු

Bluetooth support on Android Emulator

I have been playing around with Android lately, and one thing that annoyed me is the emulator does not support Bluetooth (as opposed to J2ME emulator, which does). So if you do not have an actual Android device (like me), and you want to do Bluetooth/WiFi programming, you run in to a problem. Fortunately, there is a way out - Install the Android image on a VM and use your own Bluetooth device. This is what I did: Download Androidx86 from http://www.android-x86.org/ . This is an .iso file, so you'd need something like VMWare or VirtualBox to run it. Me, I use VirtualBox. When creating the virtual machine, you need to set the type of guest OS as Linux instead of Other. After creating the virtual machine, set the network adapter to 'Bridged'. Start the VM and select 'Live CD VESA' at boot. Now you need to find out the ip of this VM. Go to terminal in VM (use Alt+F1 & Alt+F7 to toggle) and use the netcfg command to find this. Now you need open a command

පර්යේෂණ සහ ආචාර ධර්ම අවසරය

පසුගිය සති කීපයකම නිරත වෙලා හිටිය වැඩක ප්‍රතිපල ඊයේ ලැබුණා. ඒ මගේ පර්යේෂණය සඳහා ඕනෑ උන 'ආචාර ධර්ම අවසරය' නැත්නම් ethics clearence එක ලැබීමයි. මගේ පර්යේෂණය මුලික වශයෙන් පරිගණක විද්‍යාව සහ මෘදුකාංග ඉංජිනේරු විෂයන් වලින් කෙරුනත්, මිනිසුන් ද සහභාගී කරවාගෙන කෙරෙන කොටසක් ඇති නිසා තමා මෙහෙම අවසරයක් ගන්ඩ උනේ. ටිකක් පැහැදිලි කරොත්, මේ පර්යේෂණයේ ප්‍රථිපලයක් වන මෘදුකාංග පද්ධතිය නිවැරදිව වැඩ කරනවාද නැද්ද කියන එක තහවුරු කරන්න එක විද්‍යාගාරයක කරලා බලල මදි (සහ කරන්න අමාරුයි). 'හැබෑ ලෝකයේ' එය වැඩ කරන හැටි බලන්ඩ ඕනේ. මගේ පර්යේෂණය 'ස්මාර්ට් තාක්ෂනය' නැත්නම්, කෘතිම බුද්ධිය සහිත ගෘහස්ත පද්ධතියක් (smart home) සම්බන්ධයෙන්. වෙනත් මෘදුකාංග වලට වඩා මේ වගේ පද්ධතියක් හදන කොට ගොඩක්ම සැලකිලිමත් වෙන්න ඕනේ මිනිස්සු මෙහෙම තාක්ෂනෙකට කොහොම ප්‍රතිචාර දක්වයිද කියලා.  හිතන්න, ඔයාලගේ ගෙදරත් කෘතිම බුද්ධියක් නැත්නම් 'ස්මාර්ට්' පද්ධතියක් හයි කරලා කියලා. මේ වගේ පද්ධති වල අරමුණ මිනිසුන්ගේ ජීවිතය පහසු කරන එක. උදාහරණයකට ඔන්න ඔයාගේ 'බුද්ධිමත් ගෙදර' ලව්වා ඔයාට පුළුවන් වෙලාවට ලයිට් දාන