Skip to main content

ගිම්හානයේ අග රන්වන් දින

මේ ගෙවෙන්නේ ගිම්හානයේ අග කොටස. 

පසු ගිය සතියේ ඉතාම තද රස්නයක් තිබුණු සතියක්... නිවෙස් වල වායු සමීකරණය නැතිව ඉන්න බැරි තරම්. 

ජනවාරි 25 සවස අපි පවුලම - දෙන්නෙක් වැඩ ඉවර වෙලා, එක්කෙනෙක් එයාගේ පෙර පාසල ඉවර වෙලා - ගෙදර එද්දී හයහමාර පහු වෙලා. සවස් උනත් ඉර එළිය හොඳට ... මේ දවස් වල රැ නවයට ත් එළියයි නේ. 

ජනවාරි 26 බදාදා ඕස්ට්‍රේලියානු දිනය අපේ නිවාඩු දිනයක්. ඉතින් අපි 25 සවස ගෙදර ඇවිත් රෑ කෑම හදන අතරේ කතා කරේ පස්සෙන්දා මොකද කරන්නේ - කොහෙද යන්නේ කියලා. මේ දවස් වල ඔමික්රෝන් උවදුර  නිසා පරිස්සමෙන් යන්නත් ඕනේ. 

ඒ අතරේ ඇමතුමක් ආව යාලුවෙක් ගෙන් - යෝජනාවක් ආවා වෙරළ ට යන්න - පස්සෙන්ද නෙමෙයි - එදා ම - එවෙලේම! යුද්ධයක් කරලා පොඩි මෑන් ට ත් පොඩ්ඩක් කවාගෙන, පිහිනුම් ඇඳුම් ඔක්කොමත් අරන් ගියා!

එදා අපි ගියේ Seaford. මුහුදට බහින කොටත් රෑ 9 ට කිට්ටු යි ! දවසෙම රත් වෙලා ඉඳලා මුහුද ට බැස්සම හරිම සනීපයක් දැනුනේ ... ගිම්හාන කාලේ නිසා රෑ උනත් වතුර උණුසුම්. පැයක පමණ වතුරේ ඉඳලා තමයි අපි එදා ගෙදර ආවේ. ඒ පස්සෙන්දා නිවාඩු දිනයේත් ආයෙත් වෙරළ ට යන්න සැලසුම් කරලා ... 

ජනවාරි 26 අපි ගියේ තව ටිකක් එහා Sorrento වලට. Sorrento මම හරිම ආස පැත්තක්. නොගැඹුරු මුහුදු වෙරළ සහ සැර නැති රැළි නිසා පොඩ්ඩෝ එක්ක යන්න පුළුවන් බය නැතුව. 


කළින් දවසේ පාවිච්චි කරපු තෙත පිහිනුම් ඇඳුම් සෝදා වෙලාගෙන, අපි වෙරළට යන විට දවල් කෑම වෙලාව. යාලුවෝ කුඩාරමක්, Esky එකක් පිරෙන්න සිසිල් බීම ගෙනැත් තිබුණා. අපි දවාලට කන්න කෑම අරන් ගියා. මේ පල්ලෙහායින් තියෙන්නේ අපේ ඇඳුම් අනම්මනම් තබන්න, ඇඳුම් මාරු කරන්න එහෙම යොදා ගත්ත චුටි කුඩාරම.


මිනිස්සු ගොඩක් හිටියත්, ලොකු වෙරළ තිරයක් නිසා තදබදයක් තිබුණේ නැහැ. තද හිරු එළිය නිසා වැල්ල රත් වෙලා. ඒ රස්නය නිසාම ගියවෙලේ ඉඳන් වතුරේ! මුහුදේ ගොඩක් දුරට ගියත් ඉණ ලඟට වගේ වතුර තිබුණේ. පොඩි අයට ඒ නිසා හිතේ හැටියට වතුරේ දඟලන්න ඉඩ තිබුණා. 

වතුරට බැස්ස නිසා ජංගම දුරකථන ළග තියා ගත්තේ නැහැ. ඉතින්, වතුරේ හිටිය පැය 4-5 ම වෙනදට විනාඩි පහෙන් පහට සිදුවන e-mail, notifications වැනි දේවල් වල 'කරදරය' නැතිව ඉන්න ලැබීම කොතරම් සහනයක් ද කියා තේරුණේ පස්සේ ඒ ගැන මතක් කරද්දී!

මුහුදු වතුරේ බැහැල ඔළුව උඩු අතට හරවා ගෙන, පාවෙමින් අහස දිහා බලාගෙන ඉන්න එක භාවනාවක් වගේ. 

ඒ වගේම වෙරළේ පොඩි දරුවන් සෙල්ලම් කරන හැටි බලාගෙන ඉන්න එකත් හරිම රසවත්. ප්ලාස්ටික් සෙල්ලම් බඩු වලට බැරි ගොඩක් දේවල් කරන්න මුහුදු රැළි, සිප්පි කටු සහ වැලි කැට වලට පුළුවන් !


සවස 2 ට පමණ අහසේ ඕස්ට්‍රේලියානු ගුවන් හමුදාවෙන් අප හිටි තැන පහු කරගෙන ප්‍රදර්ශන පියාසැරියක් ගමන් කරා. ඕස්ට්‍රේලියානු දිනය වෙනුවෙන්. වෙරළේ හැම දෙනාම මොහොතකට තම තමන්ගේ කෙළි සෙල්ලම් නවතා ඒ දෙස බලාගෙන හිටියා.

එදා නම් ඇත්තටම 'රන්වන්' දවසක්! 







Comments

Popular posts from this blog

Pervert පොසම් සහ හොර පොසම්

ඔස්ට්‍රේලියාවට වසන්ත ඍතුව එළෙඹෙන කාලය යි මේ. අපේ ගෙවත්තේ පිටුපස පීච් ගහම රෝස පාට මල්වලින් පිරිලා. හරියට මේ වගේ .... (img  commons.wikimedia.org ) තව පහු වෙනකොට ඔය පීච් ගහේ ගෙඩි එනවා ය. ඊට පස්සේ එව්වා අපිට රස බලන්න නම් හොර පොසම්ලා ට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරන්න වෙනවා ය! පොසම් කියන්නේ ඕස්ට්‍රේලියාවේ ඉන්න නිසාචර සතෙකි. හරියට ලංකාවේ වඳුරෝ වගේ උන්ගෙන් පලතුරු බේරගන්න බැරි ය. පොසම් එක්ක ඇයි හොඳයි කම් පටන් ගත්තේ ඉස්සර විශ්ව විද්‍යාල  යන කාලේ ඉඳන් ය. ඒ කාලේ මං හිටියේ තව කෙල්ලෝ දෙන්නෙක් එක්ක කාමර තුනේ ෆ්ලැට් එහෙක ය. ඒ ෆ්ලැට් එකේ නාන කාමරේ සිවිලිමට පොඩ්ඩක් යටින් ජනේලයක් විය. ඒ ජනේලේ fly-screen එකක් විය. එතන එළියේ පොඩි පඩියක් විය. අපි එතෙන්ට ගිය දවසේ ඉඳන් ජනේලේ ඇරලා ය. fly-screen එක තිබුණු නිසාත්, අපි හිටියේ උඩ තට්ටුවක නිසාත් අපි ඒ ජනේලේ වැසීම ගැන හිතුවේ නැත. ඔහොම ඉන්න අතරේ ඒ ඇරුණු ජනෙල් පියන සහ fly-screen එක අතර හිඩැසට තව පදිංචිකාරයෙක් ආවේය. ඌ ඇවිල්ලා පොසම් සතෙකි. සමහර විට ඌ ට අතේ ඇති ගානට කුලියට තැනක් හොයා ගන්න බැරි වෙන්න ඇති ය. එහෙම හිතලා අපි අපේ පාඩුවේ නාන කාමරේ වැඩ කටයුතු

Bluetooth support on Android Emulator

I have been playing around with Android lately, and one thing that annoyed me is the emulator does not support Bluetooth (as opposed to J2ME emulator, which does). So if you do not have an actual Android device (like me), and you want to do Bluetooth/WiFi programming, you run in to a problem. Fortunately, there is a way out - Install the Android image on a VM and use your own Bluetooth device. This is what I did: Download Androidx86 from http://www.android-x86.org/ . This is an .iso file, so you'd need something like VMWare or VirtualBox to run it. Me, I use VirtualBox. When creating the virtual machine, you need to set the type of guest OS as Linux instead of Other. After creating the virtual machine, set the network adapter to 'Bridged'. Start the VM and select 'Live CD VESA' at boot. Now you need to find out the ip of this VM. Go to terminal in VM (use Alt+F1 & Alt+F7 to toggle) and use the netcfg command to find this. Now you need open a command

පර්යේෂණ සහ ආචාර ධර්ම අවසරය

පසුගිය සති කීපයකම නිරත වෙලා හිටිය වැඩක ප්‍රතිපල ඊයේ ලැබුණා. ඒ මගේ පර්යේෂණය සඳහා ඕනෑ උන 'ආචාර ධර්ම අවසරය' නැත්නම් ethics clearence එක ලැබීමයි. මගේ පර්යේෂණය මුලික වශයෙන් පරිගණක විද්‍යාව සහ මෘදුකාංග ඉංජිනේරු විෂයන් වලින් කෙරුනත්, මිනිසුන් ද සහභාගී කරවාගෙන කෙරෙන කොටසක් ඇති නිසා තමා මෙහෙම අවසරයක් ගන්ඩ උනේ. ටිකක් පැහැදිලි කරොත්, මේ පර්යේෂණයේ ප්‍රථිපලයක් වන මෘදුකාංග පද්ධතිය නිවැරදිව වැඩ කරනවාද නැද්ද කියන එක තහවුරු කරන්න එක විද්‍යාගාරයක කරලා බලල මදි (සහ කරන්න අමාරුයි). 'හැබෑ ලෝකයේ' එය වැඩ කරන හැටි බලන්ඩ ඕනේ. මගේ පර්යේෂණය 'ස්මාර්ට් තාක්ෂනය' නැත්නම්, කෘතිම බුද්ධිය සහිත ගෘහස්ත පද්ධතියක් (smart home) සම්බන්ධයෙන්. වෙනත් මෘදුකාංග වලට වඩා මේ වගේ පද්ධතියක් හදන කොට ගොඩක්ම සැලකිලිමත් වෙන්න ඕනේ මිනිස්සු මෙහෙම තාක්ෂනෙකට කොහොම ප්‍රතිචාර දක්වයිද කියලා.  හිතන්න, ඔයාලගේ ගෙදරත් කෘතිම බුද්ධියක් නැත්නම් 'ස්මාර්ට්' පද්ධතියක් හයි කරලා කියලා. මේ වගේ පද්ධති වල අරමුණ මිනිසුන්ගේ ජීවිතය පහසු කරන එක. උදාහරණයකට ඔන්න ඔයාගේ 'බුද්ධිමත් ගෙදර' ලව්වා ඔයාට පුළුවන් වෙලාවට ලයිට් දාන