Skip to main content

software මල්ලි


From an email I received: Too funny not to share~

"නෑ නෑ මල්ලි, තමුසෙලව ඇතුලට ගන්න බෑ. දන්නෙ නැද්ද ඕයි, දැන් අපිටත් එක්ක දඩ ගහනවා"
බස් කොන්දොස්තර මොරදෙන්නට විය.

"
අනේ අයියෙ මම ඉක්මනට බැහැලා යන්නං..."

"
ඔන්න ඔහෙ ඇතුලට ගනින් බං..." බසයේ රියදුරුය.

"
හා හා නගිනවකෝ එහෙනං, අනේ මංද ඕයි තමුසෙලත්"

මූණ පුරා රැවුල වවාගත්, බෝතල් අඩි කණ්ණාඩි දමාගත් කොල්ලෙක් බසයට ගොඩවිය. ගංජා ගැසූවෙක් මෙන් එහෙට මෙහෙට පැද්දුන ඔහු, සතියක් පමණ නොනිදා සිටියකු මෙන් සෙස්සන්ට දිස්විය.ටී-ෂර්ට් එකක් හා ඩෙනිමක් ඇඳහුන් ඔහුගේ කරේ බෑගයකි. උරහිසේ තවත් බෑගයක් වූ අතර එහි ඉදිරිපස පොකට්ටුවට අත දැමූ ඔහු එළියට ගත්තේ විරිඳු රබානකි.


උගුරේ රැල් බුරුල් හැර සියලු දෙනාටම මංද හිනාවක් පෑ ඔහු, රබාන වාදනය කරන්නට ගත්තේය.

ඩං රඟර්ර්ර්ර් ටං ඩං රඟර්ර්ර්ර් ටං//
සරසවි නැත වරම් දීල තාලෙට කවි පද කියන්න [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]
ගණදෙවි නැත නුවණ දීල හරි පාරක් හොයා ගන්න [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]
කිසි දෙවියෙක් හිටියේ නෑ අන්තිමෙ මා ගොඩට ගන්න [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]
පිටරැටි සුද්දෝ හොයපුව තමයි හිටියෙ පිහිට වන්න
[
ටට්ට ඩඩ්ඩ ටට්ඩඩටං...... ටට්ට ඩඩ්ඩ ටට්ඩඩටං...... ]
හමබ කරපු හැම සතේම institute පුදල තමා [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]
අම්ම අප්ප එකතුවෙලා මෙතනටවත් ගත්තෙ මෙ මා [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]
මොරටු, කොලඹ, කැළණියෙනුත් මං වගෙ උන් බුරුතු එනා [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]
එහෙම එන්න මට බැරිවුනෙ මං පෙර කල කරුමෙ තමා

[
ටට්ට ඩඩ්ඩ ටට්ඩඩටං...... ටට්ට ඩඩ්ඩ ටට්ඩඩටං...... ]
නැකැත් බලල පුංචි කාලෙ කිව්ව අකුරු මතක නැතේ [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]
ජවා, සී, සී ප්ලස් ප්ලස් වෙනුවට මතක ඇතේ [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]
ලැන්වේජස් ඕනෙ එකක් එක්කල මම ඔට්ටු වෙතේ [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]
ASP, PHP
කැස්සහමත් දොට්ට එතේ

[
ටට්ට ඩඩ්ඩ ටට්ඩඩටං...... ටට්ට ඩඩ්ඩ ටට්ඩඩටං...... ]
ඩේටාබේස්, සර්වර් කේස් කරන්න නෑ කිසිම බයක් [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]
ඇනලයිසින්, නෙට් වර්කින් මෙව්වෑනුත් ඕන එකක් [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]
ප්රින්ට් කේස්, ඩිසයින් කේස් නන් පුලුවනි ටිකක් ටිකක් [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]
කොම්පියුටින් කිව්වෝතින් මම කරනව ඕන දෙයක්

[
ටට්ට ඩඩ්ඩ ටට්ඩඩටං...... ටට්ට ඩඩ්ඩ ටට්ඩඩටං...... ]
වේකන්සියකට දැම්මම එකම එකට සීයක් උන් [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]
පෝලිම් විය ඇවිත් ඇවිත් ගන්නේ නෑ ඔක්කොම උන් [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]
පාරින් පාරට ඉන්නව දුසිම් දුසිම් අයි ටී උන් [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]
ආරංචිය තව එනවලු ඉස්සරහට මං වගෙ උන්



[
ටට්ට ඩඩ්ඩ ටට්ඩඩටං...... ටට්ට ඩඩ්ඩ ටට්ඩඩටං...... ]

චේන් කඩල, පොකට් ගහල නෑ මම හොර වැඩ කරන්නෙ [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]
ෆිෂින් කරල, හැකින් කරල නෑ කෙනෙකුට දුකක් දෙන්නෙ [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]
මමම කරල මමම හදල පොඩි software එකක් දෙන්නෙ [ඩඟරං ටං..... ඩඟරං ටං..... ]
මෙ දුක අහල පිං සළකල පුලුවන්නං එකක් ගන්නෙ

[
ටට්ට ඩඩ්ඩ ටට්ඩඩටං...... ටට්ට ඩඩ්ඩ ටට්ඩඩටං...... ඩං..... ]
රබාන බෑගයේ ඔබා ගත් ඔහු එම බෑගයෙන්ම ලැප්ටොප් කම්පුටරයක් හා සී.ඩී දෙකක් එළියට ගත්තේය.
ලැප්ටොප් එක දිගෑරගත් ඔහු, එහි තිරය ඉදිරියට හරවා නැවතත් කතාකරන්නට විය
මහත්තයෝ...,
මහත්තයෝ මේ තියන්නෙ මමම හදපු ඇප්ලිකේෂන් දෙකක්. මේ හැම එකක්ම කීප සැරයක්ම ටෙස්ට් කරලා බොහොම සාර්ථකයි කියල සහතික කරලා තියන්නෙ. මේ වගේ එකක් කඩෙන් ගන්න ගියොත් එකක් රුපියල් 500ක් 600ක් වෙනවා. මම මේ දෙකම දෙන්නෙ රුපියල් 700කට. කැමති කෙනෙක් ඉන්නවානං කතාකරල ඉල්ලන්න. මීට අමතරව වෙන ඕනෙම වර්ගයක සිස්ටම්, ඇප්ලිකේෂන්, වෙබ්සයිට් වගේ හැම දෙයක්ම මම කරනවා. මං වගේ කොල්ලෙක්ට ජීවත් වෙන්න පොඩි උදව්වක් කරන්න
පුලුවන්කමක් තියනවානනං ලොකු පිනක්...

එසේ කියූ ඔහු තවත් සී.ඩී කිහිපයක් අතට ගෙන බසයේ ආසන එකින් එක ලඟට ගොස් බසයෙන් බැසගිය අතර සිටි සෑම කෙනාටම තමගේ විසිටින් කාඩ්පතක් දීමටද අමතක නොකළේය.

:D
I don't know who the original author of this is...Who ever you are, awesome piece of writing!

Comments

  1. http://r4ng4.blogspot.com/2011/04/blog-post_2964.html

    akki it was written by one of our fellow bloggers :)

    ReplyDelete
  2. how ever this is a nice post.I have see this post before in Elakiri.com .

    But after in another day i tried to find it again but I can,t find the Thread.

    so it is here thnx to you.!!!

    ARE YOU FROM KALUTARA........?

    ReplyDelete
  3. @deeps thanks nangi! I hadn't seen it at the time i wrote this - however even in that blog they say they don't know who the original author is...

    @rajith you're welcome...:D no i am not actually from kalutara, but i used to go to some of prasanna sir's classes there...

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Pervert පොසම් සහ හොර පොසම්

ඔස්ට්‍රේලියාවට වසන්ත ඍතුව එළෙඹෙන කාලය යි මේ. අපේ ගෙවත්තේ පිටුපස පීච් ගහම රෝස පාට මල්වලින් පිරිලා. හරියට මේ වගේ .... (img  commons.wikimedia.org ) තව පහු වෙනකොට ඔය පීච් ගහේ ගෙඩි එනවා ය. ඊට පස්සේ එව්වා අපිට රස බලන්න නම් හොර පොසම්ලා ට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරන්න වෙනවා ය! පොසම් කියන්නේ ඕස්ට්‍රේලියාවේ ඉන්න නිසාචර සතෙකි. හරියට ලංකාවේ වඳුරෝ වගේ උන්ගෙන් පලතුරු බේරගන්න බැරි ය. පොසම් එක්ක ඇයි හොඳයි කම් පටන් ගත්තේ ඉස්සර විශ්ව විද්‍යාල  යන කාලේ ඉඳන් ය. ඒ කාලේ මං හිටියේ තව කෙල්ලෝ දෙන්නෙක් එක්ක කාමර තුනේ ෆ්ලැට් එහෙක ය. ඒ ෆ්ලැට් එකේ නාන කාමරේ සිවිලිමට පොඩ්ඩක් යටින් ජනේලයක් විය. ඒ ජනේලේ fly-screen එකක් විය. එතන එළියේ පොඩි පඩියක් විය. අපි එතෙන්ට ගිය දවසේ ඉඳන් ජනේලේ ඇරලා ය. fly-screen එක තිබුණු නිසාත්, අපි හිටියේ උඩ තට්ටුවක නිසාත් අපි ඒ ජනේලේ වැසීම ගැන හිතුවේ නැත. ඔහොම ඉන්න අතරේ ඒ ඇරුණු ජනෙල් පියන සහ fly-screen එක අතර හිඩැසට තව පදිංචිකාරයෙක් ආවේය. ඌ ඇවිල්ලා පොසම් සතෙකි. සමහර විට ඌ ට අතේ ඇති ගානට කුලියට තැනක් හොයා ගන්න බැරි වෙන්න ඇති ය. එහෙම හිතලා අපි අපේ පාඩුවේ නාන කාමරේ වැඩ කටයුතු

Bluetooth support on Android Emulator

I have been playing around with Android lately, and one thing that annoyed me is the emulator does not support Bluetooth (as opposed to J2ME emulator, which does). So if you do not have an actual Android device (like me), and you want to do Bluetooth/WiFi programming, you run in to a problem. Fortunately, there is a way out - Install the Android image on a VM and use your own Bluetooth device. This is what I did: Download Androidx86 from http://www.android-x86.org/ . This is an .iso file, so you'd need something like VMWare or VirtualBox to run it. Me, I use VirtualBox. When creating the virtual machine, you need to set the type of guest OS as Linux instead of Other. After creating the virtual machine, set the network adapter to 'Bridged'. Start the VM and select 'Live CD VESA' at boot. Now you need to find out the ip of this VM. Go to terminal in VM (use Alt+F1 & Alt+F7 to toggle) and use the netcfg command to find this. Now you need open a command

පර්යේෂණ සහ ආචාර ධර්ම අවසරය

පසුගිය සති කීපයකම නිරත වෙලා හිටිය වැඩක ප්‍රතිපල ඊයේ ලැබුණා. ඒ මගේ පර්යේෂණය සඳහා ඕනෑ උන 'ආචාර ධර්ම අවසරය' නැත්නම් ethics clearence එක ලැබීමයි. මගේ පර්යේෂණය මුලික වශයෙන් පරිගණක විද්‍යාව සහ මෘදුකාංග ඉංජිනේරු විෂයන් වලින් කෙරුනත්, මිනිසුන් ද සහභාගී කරවාගෙන කෙරෙන කොටසක් ඇති නිසා තමා මෙහෙම අවසරයක් ගන්ඩ උනේ. ටිකක් පැහැදිලි කරොත්, මේ පර්යේෂණයේ ප්‍රථිපලයක් වන මෘදුකාංග පද්ධතිය නිවැරදිව වැඩ කරනවාද නැද්ද කියන එක තහවුරු කරන්න එක විද්‍යාගාරයක කරලා බලල මදි (සහ කරන්න අමාරුයි). 'හැබෑ ලෝකයේ' එය වැඩ කරන හැටි බලන්ඩ ඕනේ. මගේ පර්යේෂණය 'ස්මාර්ට් තාක්ෂනය' නැත්නම්, කෘතිම බුද්ධිය සහිත ගෘහස්ත පද්ධතියක් (smart home) සම්බන්ධයෙන්. වෙනත් මෘදුකාංග වලට වඩා මේ වගේ පද්ධතියක් හදන කොට ගොඩක්ම සැලකිලිමත් වෙන්න ඕනේ මිනිස්සු මෙහෙම තාක්ෂනෙකට කොහොම ප්‍රතිචාර දක්වයිද කියලා.  හිතන්න, ඔයාලගේ ගෙදරත් කෘතිම බුද්ධියක් නැත්නම් 'ස්මාර්ට්' පද්ධතියක් හයි කරලා කියලා. මේ වගේ පද්ධති වල අරමුණ මිනිසුන්ගේ ජීවිතය පහසු කරන එක. උදාහරණයකට ඔන්න ඔයාගේ 'බුද්ධිමත් ගෙදර' ලව්වා ඔයාට පුළුවන් වෙලාවට ලයිට් දාන