Skip to main content

වැඩකරුවෝ වීම නොහොත් ඉස්කෝලේ පාඩම්


දැන් අපි එකේ ඉඳන් 13 වසර වෙනකම්ම අවුරුදු ගාණක් ඉස්කෝලේ යනවනේ. ඒ ගිහින් ගණිතය, භාෂාව, විද්‍යාව, ආගම, සමාජ අධ්‍යයනය, සෞන්දර්යය වගේ ගොඩක් විෂය ඉගෙන ගන්නවා තමයි.
එක වසරේදී ඉගෙන ගත්තු ඒවලින් දෙක වසරට යනවා. දෙක වසරේදී ඉගෙන ගත්තු ඒවලින් තුන ට යනවා. ඔහොම ඔහොම...

තව දේවල් තියෙනවා විෂය වලට කිසිම අදාලත්වයක් නැති, හැබැයි ඊට සමානවම (සමහර විට ඊටත් වඩා) පසු කාලීනව ජීවිතේට ඕනි වෙන දේවල්.

මේ එහෙම පාඩමක්.
මේක මතක් උනේ සොඳුරු සිත ලියපු ඉස්කෝලේ පංති භාර ගුරුතුමියක ගේ දවස පටන් ගන්න කොට තියෙන වැඩ ගැන සටහනක් දැකලා.

ඇත්තටම විෂය ඉගෙන ගන්නයි, ක්‍රීඩා/කලා කටයුතු යි ඇරුනම තව කොච්චර වැඩ තියෙනවද ඉස්කෝලේ?!

ලංකාවේ ගොඩක් ඉස්කෝල වල උදේට පන්තිය පිරිසිඳු කරන්න ඕනේ ළමයි.
එතකොට උදේ බෙල් එක ගහන්න කලින් ප්‍රින්සිපල් ගේ කාර්යාලයට ගිහින් රෙජිස්ටර් එකයි, රෙකොර්ඩ් පොතයි ගේන්නත් ඕනේ.
ගුරු මේසේ පිහදාල අස් කරලා මේස රෙද්ද ගසල බසල, මල් වාස් එක හරිගස්සන්න ඕනේ.
කලු ලෑල්ල/වයිට් බෝඩ් එක පිහදාන්න ඕනේ.
බෞද්ධ ඉස්කෝල වල නම් මල් වට්ටිය හදල(ඒකට මල් නැති දවසට හොරෙන් ඉස්කෝල වත්තෙන්ම මල් කඩන එක වෙනම ගේමක්) පහන් හඳුන් කූරු පත්තු කරලා ලෑස්ති කරන්න ඕනේ.
තව පන්තියට ගෙවතු කෑල්ලක් තියෙනවා නම් හරි මල් පෝච්චි තියෙනවම් හරි, ඒවාට වතුර දාන්න ඕනේ.

ඕව අස්සේ උදේට කන්නත්(කන එක නම් දවස තිස්සෙම කරනවා තමයි), අමතක උනු හෝම් වර්ක් කරන්නත්, පොඩ්ඩක් සෙල්ලම් කරන්නත්, කලින් දවසේ බැලුව ෆිල්ම් එක ගැන සම්භාව්‍ය විචාරයක් කරන්නත්, ආවේ නැති දවස්වලට ලියපු ලියුම් වලට/මාසික පරීක්ෂණ ප්‍රශ්න පත්තර  ගෙදර පෙන්නුවා කියල හොර අත්සන් ගහන්නත් තියෙනවා.
(ඔය උදේට තියෙන වැඩ. තව අනිත් වෙලාවලට තව වැඩ ගොඩක් තියෙනවා. ෆ්‍රී පීරියඩ් එකක් එහෙම ආවොත් වැඩ දෙගුණ වෙනවා.)

මේ සිද්ධිය වෙනකොට මම නවය වසරේ විතර. අපිට හිටි සෙක්ෂන් භාර මිස් හරි වසයි. අපේ පංතියත් මහ පිස්සු පංතියක්. හැමදාම බැනුම් මොකක් හරි එකකට.

අපිට බාර දීල තිබුනා මල් පෝච්චි කීපයක්. ඒවා තිබුනේ පන්තිය ඉස්සරහ කොරිඩෝර් එකේ. අපිට තිබුණේ දවස ගානේ ඕවට වතුර දාන එක.
අනේ අපිත් අහිංසක ළමයි හැටියට ඕවට සීරුවෙන් වතුර දැම්ම.
ඒ උනාට අර මිස්ගේ වැඩේ හැමදාම උදේට ඇවිත් බනින එක, වතුර දාල නෑ කියලා.
අපි ඉතින් කියනවා 'වතුර දැම්ම මිස්' කියලා.
එයාගේ හිතේ අපි බොරු කියනවා කියල (බොරු කියන්න? මේ අපි? හරි හරි ඉතින් අපි ඔය දවස්වල හෙන කම්මැලි කෙල්ලෝ තමයි - හැබැයි මේකෙදි නම් ඇත්තටම අපි වතුර දැම්ම)

පස්සේ අන්තිමට අපිට හොඳ අදහසක් ආවා.
අපි කරේ පෝච්චි වලට වතුර දාල ඉවර වෙලා, අර මිස් එන වෙලාව ලං වෙනකොට කොරිඩොර් එකේ තැනින් තැන වතුර ඉහිරුව එක!

එයා එනකොට කොරිඩොර් එකේ පෝච්චි අවට වතුර පොඩ්ඩ පොඩ්ඩ හීරිලා.
එයාට ඉතිං හරි සතුටුයි.
'ආ යන්තම් දැන් නම් මේ ළමයි මගේ කීම අහනවා' කියල එයා යනවා!

ඕකෙන් අපි ඉගෙන ගත්තේ මෙන්න මේකයි:
වැඩක් කරාට මදි - වැඩේ කරා කියල පෙන්නන්නත් ඕනේ!

Comments

  1. ඒහෙම තමා.................. ගොඩක් අයට ඔ්නේ පේන්න වැඩ කරන්න....

    ReplyDelete
  2. වැඩක් කරාට මදි - වැඩේ කරා කියල පෙන්නන්නත් ඕනේ!

    අපොයි ඔව්!

    මං නං බ්ලොග් ලිපි ලියලා නිකං ඉන්නේ නෑ. ඒ ගැණ විස්තර හැකි හැම තැනකම සඳහන් කරනවා!

    ReplyDelete
  3. යා යා. සංදර්ශන මානසිකත්වය
    ඉස්කෝලෙ ඉදල බෝ කර ගන්ට ඕන ලෙඩක්. නැත්තං බෑ. අනික් උං එකකල

    ReplyDelete
  4. වැඩක් කරාට මදි - වැඩේ කරා කියල පෙන්නන්නත් ඕනේ! ++++++++++

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Pervert පොසම් සහ හොර පොසම්

ඔස්ට්‍රේලියාවට වසන්ත ඍතුව එළෙඹෙන කාලය යි මේ. අපේ ගෙවත්තේ පිටුපස පීච් ගහම රෝස පාට මල්වලින් පිරිලා. හරියට මේ වගේ .... (img  commons.wikimedia.org ) තව පහු වෙනකොට ඔය පීච් ගහේ ගෙඩි එනවා ය. ඊට පස්සේ එව්වා අපිට රස බලන්න නම් හොර පොසම්ලා ට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරන්න වෙනවා ය! පොසම් කියන්නේ ඕස්ට්‍රේලියාවේ ඉන්න නිසාචර සතෙකි. හරියට ලංකාවේ වඳුරෝ වගේ උන්ගෙන් පලතුරු බේරගන්න බැරි ය. පොසම් එක්ක ඇයි හොඳයි කම් පටන් ගත්තේ ඉස්සර විශ්ව විද්‍යාල  යන කාලේ ඉඳන් ය. ඒ කාලේ මං හිටියේ තව කෙල්ලෝ දෙන්නෙක් එක්ක කාමර තුනේ ෆ්ලැට් එහෙක ය. ඒ ෆ්ලැට් එකේ නාන කාමරේ සිවිලිමට පොඩ්ඩක් යටින් ජනේලයක් විය. ඒ ජනේලේ fly-screen එකක් විය. එතන එළියේ පොඩි පඩියක් විය. අපි එතෙන්ට ගිය දවසේ ඉඳන් ජනේලේ ඇරලා ය. fly-screen එක තිබුණු නිසාත්, අපි හිටියේ උඩ තට්ටුවක නිසාත් අපි ඒ ජනේලේ වැසීම ගැන හිතුවේ නැත. ඔහොම ඉන්න අතරේ ඒ ඇරුණු ජනෙල් පියන සහ fly-screen එක අතර හිඩැසට තව පදිංචිකාරයෙක් ආවේය. ඌ ඇවිල්ලා පොසම් සතෙකි. සමහර විට ඌ ට අතේ ඇති ගානට කුලියට තැනක් හොයා ගන්න බැරි වෙන්න ඇති ය. එහෙම හිතලා අපි අපේ පාඩුවේ නාන කාමරේ වැඩ කටයුතු

Bluetooth support on Android Emulator

I have been playing around with Android lately, and one thing that annoyed me is the emulator does not support Bluetooth (as opposed to J2ME emulator, which does). So if you do not have an actual Android device (like me), and you want to do Bluetooth/WiFi programming, you run in to a problem. Fortunately, there is a way out - Install the Android image on a VM and use your own Bluetooth device. This is what I did: Download Androidx86 from http://www.android-x86.org/ . This is an .iso file, so you'd need something like VMWare or VirtualBox to run it. Me, I use VirtualBox. When creating the virtual machine, you need to set the type of guest OS as Linux instead of Other. After creating the virtual machine, set the network adapter to 'Bridged'. Start the VM and select 'Live CD VESA' at boot. Now you need to find out the ip of this VM. Go to terminal in VM (use Alt+F1 & Alt+F7 to toggle) and use the netcfg command to find this. Now you need open a command

පර්යේෂණ සහ ආචාර ධර්ම අවසරය

පසුගිය සති කීපයකම නිරත වෙලා හිටිය වැඩක ප්‍රතිපල ඊයේ ලැබුණා. ඒ මගේ පර්යේෂණය සඳහා ඕනෑ උන 'ආචාර ධර්ම අවසරය' නැත්නම් ethics clearence එක ලැබීමයි. මගේ පර්යේෂණය මුලික වශයෙන් පරිගණක විද්‍යාව සහ මෘදුකාංග ඉංජිනේරු විෂයන් වලින් කෙරුනත්, මිනිසුන් ද සහභාගී කරවාගෙන කෙරෙන කොටසක් ඇති නිසා තමා මෙහෙම අවසරයක් ගන්ඩ උනේ. ටිකක් පැහැදිලි කරොත්, මේ පර්යේෂණයේ ප්‍රථිපලයක් වන මෘදුකාංග පද්ධතිය නිවැරදිව වැඩ කරනවාද නැද්ද කියන එක තහවුරු කරන්න එක විද්‍යාගාරයක කරලා බලල මදි (සහ කරන්න අමාරුයි). 'හැබෑ ලෝකයේ' එය වැඩ කරන හැටි බලන්ඩ ඕනේ. මගේ පර්යේෂණය 'ස්මාර්ට් තාක්ෂනය' නැත්නම්, කෘතිම බුද්ධිය සහිත ගෘහස්ත පද්ධතියක් (smart home) සම්බන්ධයෙන්. වෙනත් මෘදුකාංග වලට වඩා මේ වගේ පද්ධතියක් හදන කොට ගොඩක්ම සැලකිලිමත් වෙන්න ඕනේ මිනිස්සු මෙහෙම තාක්ෂනෙකට කොහොම ප්‍රතිචාර දක්වයිද කියලා.  හිතන්න, ඔයාලගේ ගෙදරත් කෘතිම බුද්ධියක් නැත්නම් 'ස්මාර්ට්' පද්ධතියක් හයි කරලා කියලා. මේ වගේ පද්ධති වල අරමුණ මිනිසුන්ගේ ජීවිතය පහසු කරන එක. උදාහරණයකට ඔන්න ඔයාගේ 'බුද්ධිමත් ගෙදර' ලව්වා ඔයාට පුළුවන් වෙලාවට ලයිට් දාන