ගොඩක් අය 'භූතයන්ට' භයයි නේ. දැන් ඔය සමහර ඉඩම් වලට ගෙවල් වලටත් 'භූත දෝෂ' කියන ඒවා තියෙනවා කියල සමහර යට හරි හරි ප්‍රශ්න වෙනවනේ.
හැබැයි 'බහුභුතයෝ' ඊට වෙනස්. බහු භූතයා කියන්නේ නිකම් 'ජෝකර්' කෙනෙක්ට වගේ නේද? සමහර මෝඩ චාටර් වැඩ කරන අයට 'මොන බහුබුතයෙක්ද' කියල බනිනවා ඇහිලා තියෙනවා.
ඒ උනාට කාට හරි හම්බ වෙලා තියෙනවද 'ආදර භූතයෙක්'? :D :D
මේ ආදර භූතයා මට හම්බු උනේ ඉස්කෝලේ යන කාලේදී. මට මතක හැටියට මම දහය වසරේ විතර.
අපේ ඉස්කෝලේ තියෙන ප්‍රධාන හෝල් එකේ පොඩි කොරිඩෝර් එකක් වගේ කෑල්ලක් තියෙනවා...මම හිතන්නේ එක අර වේදිකාව යටින් යන හිස් ඉඩක් වගේ එකක්. ඔය passage ways, dressing room එකටත් සම්බන්ධයි. හෝල් එකේ මේ පැත්තෙන් රිංගුවාම අනෙක් පැත්තෙන් මතු වෙන්නේ.
පොඩ්ඩක් අවුල් වගේ නම් වේදිකාව යටින් යන පොඩි බිම් ගෙවල් පද්ධතියක් වගේ එකක් මවාගන්ඩකො. මම හිතන්නේ auditorium හෙවත් ශ්‍රවනාගාර වල එහෙම තමයි හදන්නේ.
ඒකට ස්වභාවික ආලෝකය එන්න තැනක් නැහැ. ඉතින් එක කොටසකට ලයිට් හයි කරලා තිබුන. හැබැයි ඉතින් ලයිට් දැම්මත් අඩ අඳුරක් වගේ තියෙනවා. ඒ වගේම පොඩ්ඩක් වත් ලයිට් එලිය එන්නේ නැති තැනුත් තියෙනවා.
අපි කරන්නේ ඉතින් සෙල්ලම් කරද්දී ඔය 'උමං' අස්සේ රිංගන එක! විශේෂයෙන් ම ඒ දවස් වල 'පොයින්ට් බින්දුව' කියල හැංගිමුත්තන් සෙල්ලමක් තිබුන. ඔය කළුවර උමං අස්සට රින්ගුවොත් ආයේ හොයනව බොරු!
ඉතින් ඔය පොඩ්ඩක් වත් එළියක් නැති කෑල්ලට අපි කිව්වේ 'කළුවර කාමරේ' කියල. කළුවර කාමරේ ට යන එක අපිට නිකන් අර හොල්මන් මන්දිරයක් ඇතුලට යනවා වගේ ත්‍රිල් එකක්!
ත්‍රිල් එක ගන්න විදි දෙකයි:
එකක් භය වීම.
අනිත් එක යටි ගිරියෙන් කෑ ගහල, ළඟ ඉන්න යාලුවාගේ බෙල්ල මිරිකලා, භය කිරීම!
ඔන්න ඉතින් දවසක් අපි කතා උනා 'භූතයෝ ගෙන්නන සෙල්ලම' කරන්න!
ඒ කියන්නේ අර Tumbler talking කියන වැඩේ. [එක පාරක් පොඩි කුමාරිහාමි ත් මේ ගැන එයාගේ අත්දැකීමක් ලියල තිබුන.]
ඉතින් මේ විදිය සිරා සෙල්ලමක් කරන්න අපි තෝරාගත්තේ අර කළුවර කාමරේ ගාව යන්තම් එලිය තියෙන තැනක්.
ඔන්න ඉස්සෙලම එක්කෙනෙක් පන්තියෙන් හොරකම් කරගත්තු චෝක් කෑල්ලකින් Ouija Board එක ඇන්දා. එකේදී කරන්නේ රවුමට ඉංග්‍රීසි හෝඩිය A, B, C, D....,Z කියල ලිව්වා. ආ තව YES, NO කියලත් ලිව්වා දෙපැත්තෙන්.
මෙන්න මේ වගේ:
කොහෙන්ද මන්ද වීදුරුවකුත් හොයාගත්තා.හෝම් සයන්ස් රූම් එකෙන් ඉස්සුවේ එහෙම නැහැ. අපි එහෙම වැඩ කරනවද අනේ?
දැන් අපි භුතය ගෙන්නන්න ලෑස්තියි!
මේකෙදි කරන්නේ හතර දෙනෙක් අර චෝක් රවුම වටේ වාදී වෙලා වීදුරුව මුනින් අතට හරවල රවුම මැදින් තියනවා. ඊට පස්සේ අර හතරදෙනා ම එක ඇඟිල්ලක් වීදුරුව උඩින් තියනවා. හරිද? ඒක හරියට මෙන්න මේ වගේ:
ඔතෙන්ට ඇඟිලි තියන්න ඉදිරිපත් උන අයගෙන් මමත් එක්කෙනෙක්! අනිත් තුන් දෙනාට අපි ලන්දු යි බින්දු යි සින්දු යි කියමුකෝ.
මේ අයගෙන් ලන්දු යි බින්දු යි හොඳම යාලුවෝ.
සින්දු, මගේ හොඳම යාලුවා.
ඔතනින් ලන්දු තමයි මේ භූත සෙල්ලමේ එක්ස්පර්ට්. මාත් ඇතුළු අනිත් අය මේක මීට කලින් කරලා තිබුනේ නැහැ! ඉතින් ලන්දු තමා 'මෙහෙම කරන්ඩ - අරෙහෙම කරන්ඩ' කියල උපදෙස් දුන්නේ.
"දැන් ඔය තුන්දෙනාම එක අතක දබර ඇඟිල්ල මේ වීදුරුව උඩින් තියන්න...ඔහොම නෙවෙයි. මේ මං තියල තියෙන විදිහට. කෝ බලන්න...හරි. සින්දු...ආ හරි...හරි ඔය දෙන්නත් හරි"
ලන්දු අපට උපදෙස් දුන්නේ හරියට මහවැලි ව්‍යාපෘතිය කරන්ඩ යනව වගේ බරපතල විදිහට!
ඊට පස්සේ හැමෝන්ටම නිහඬ වෙන්න කියල ලන්දු මොනවාද කියෙව්වා ... කවුරු හරි මෙතන භූත ආත්මයක් ඉන්නවනම් එන්න අපිත් එක්ක කතා කරන්ඩ කියල ආරාධනාවක් කරා.
විනාඩි දෙක තුනක් ගියා. ලන්දු ගල් පිළිමයක් වගේ වීදුරුව දිහා බලන් ඉන්නවා.
අනිත් අය ඉතින් දැන් නලියනවා.
කෝ මේ භුතය? දැන් එයිද? දැන් එයිද?
අපේ හිත වල බුර බුරා නැගෙමින් තිබුනේ ඒ ප්‍රශ්නේ.
"I can sense him."
ලන්දු එක පාරට කිව්වා. දැන් මෙතැන් පටන් භූතයා එක්කල කතාව කඩ්ඩෙන්. අර බෝඩ් එකේ ලියල තියෙන්නෙත් ඉංග්‍රීසි හෝඩිය නේ. හොඳ වෙලාවට අපේ ආරාධනාව පිළිඅරන් ඇවිත් හිටියේ පොෂ් භූතයෙක් (!). මොකද ඌ ඔක්කොම ඉංග්‍රීසියෙන් තමයි උත්තර දුන්නේ.
"What is your name?"
ලන්දු ඇහුව පලවෙනි ප්‍රශ්නේ.
දැන් කොහොමද භුතය උත්තර දෙන්නේ?
අර වීදුරුව බෝඩ් එකේ අකුරු උඩ යන්න ගත්ත.
අපි හතර දෙනා ඇඟිල්ල ගානේ වීදුරුව උඩ තියාගෙන ඉන්නව. වීදුරුව ඉංග්‍රීසි අකුරු එකින් එක වෙත යමින් භුතයාගේ උත්තර spell out කරනවා.
දැන් තෙරෙනේවනේ සිද්ධිය?
ඉතින් ඔන්න වීදුරුව ලිස්සල ගියා Z අකුර ගාවට.
ඊ ගාවට A අකුර....අන්තිමට K අකුර ගාවට ගිහින් නතර උනා.
භුතයගේ නම Zak!
මෙහෙම නමක් තියෙන්න මූ පහුගිය ආත්මේ කොයි ජාතියේ එකෙක් වෙලා හිටියද මන්ද?
මට හිතුන.
කොහොම හරි ඔන්න ඔය විදිහේ ප්‍රශ්න කීපයක් Zak භුතයාගෙන් අපි ඇහුව. අපි කිව්වට ඒවා ඔක්කොම ඇහුවේ ලන්දු තමයි. ඒ දැනගත් විස්තර අනුව, මූ කොලු භූතයෙක්. ඒ කිව්වේ කොලු කාලේදී පරලොව ගිය කෙනෙක්.
දැන් තමයි ඔන්න හොඳම හරිය.
"Do you have a message for someone here?"
ලන්දු ඇහුව.
උත්තරේ spell out උනා බෝඩ් එක මත: YES
"Who is it?"
ලන්දු ට දැනගන්න ඕනේ භූත ලොවෙන් පණිවුඩේ එවල තියෙන්නේ කාටද කියල.
වීදුරුව L අකුර ලඟට ගියා.
නතර උනා.
"මේ කියන්නේ L අකුරෙන් පටන් ගන්න නමක් තියෙන කෙනෙක්ට තමයි Zak ගේ පණිවුඩේ ඇවිත් තියෙන්නේ..."
ලන්දු පැහැදිලි කරා.
"ම්ම් කවුද මෙතන..." ලන්දු බබා වගේ අහනව.
ඔය අස්සේ ඔතන හිටිය මගේ අති ජාත මිත්‍ර නෝමනී. නෝමනී තාමත් මගේ හොඳම ෆිට් එකක්. ඒ වගේම තාමත් ටිකක් ටියුබ් ලයිට් :D .
එයාගේ සම්පුර්ණ නම නෝමනී ලලලා. එයාගේ ලලලා නම වැඩිය කවුරුත් දැනන් හිටියේ නැහැ. නෝමනී හුටස් ගාල අත උස්සල කියාපි
"ඒ මගේ දෙවෙනි නම ලලලා නේ! මටද දන්නේ නැහැ අනේ භූත පණිවිඩේ!" කියල.
"දෙවෙනි නම නේ. මම හිතන්නේ පලවෙනි නම L අකුරෙන් පටන් ගන්න එක්කෙනෙක්"
ලන්දු නෝමනී දිහා ඔරවගෙන කිව්වා.
ඉතින් ඔතන L අකුරෙන් පටන් ගන්න පලවෙනි නම තියෙන කෙනා ලන්දු විතරයි.
ලන්දු කියන්නෙත් නැහැ මේ පණිවිඩ එයාටයි කියල. අනිත් අය කියන්නෙත් නැහැ. කට්ටියගෙන් භාගයක් බිරාන්ත වෙලා. අනිත් භාගේ හිකි හිකි ගානවා.
මේක කරන්ඩ පුලුවනෑ!
ඒ පාර මම කිව්වා ලන්දු ඔයා විතරයිනේ L අකුරෙන් මුල් නම තියෙන කෙනෙක්ට ඉන්නේ. එහෙනම් භූත පණිවිඩේ ඔයාට වෙන්ඩ ඇති කියල.
ලන්දු : "හ්ම්ම් ... Zak ගෙන් අහන්ඩ ඕනේ හරියටම..."
ආයෙමත් වීදුරුව ඉංග්‍රීසි අකුරු හොයනවා....
"Is the message for Landu?"
උත්තරේ : YES
ලන්දු ආඩම්බරෙන් එයාගේ දිග කොන්ඩෙ ගැස්සුවා.
ඊළඟ ප්‍රශ්නය ...
"Who is it from?"
උත්තරේ : ZURI
ඒ පාර මෙන්න ලන්දු ඇඹරෙනවා...හිනා වෙනවා...එයාගේ යාලුවා බින්දු ට මොනවාද කනට කරලා කියනවා...බින්දු ලන්දුව කොනිත්තනවා...එක විකාරයයි.
ඉතින් අපි හැමෝන්ටම පැහැදිලි උනා දැන් මේ අභිරහස් 'Zuri' කවුද කියල.
"ඒ මට ට්‍රයි කරන බෝයි කෙනෙක් අනේ..."
අපි අහන්නේ නැතුවම ලන්දු අපිට පැහැදිලි කරා.
ඊට පස්සේ ඉතින් භූත සංවාදය තනිකරම ලව් ලෙටර් එකක් වගේ තමයි. ඔක්කොම ප්‍රශ්න සහ උත්තර සම්බන්ධ උනේ ලන්දු සහ සූරී ගේ නිමල අකලංක ප්‍රේමය ට. කොටින්ම මේකේ භුතය Zak නියම අනංග චරිතේ හෙවත් 'සපෝටර්' චරිතේ තමයි කරන්නේ.
උදාහරෙනෙකට ඔන්න ලන්දු අහනවා මෙහෙම:
"What does Zuri want?"
ඉතින් උත්තරේ එනවා මෙහෙම :
"Zuri wants you to need him"
කොහොමද රොමැන්ටික් ඩයලොග් එක?!
අවාසනාවකට romance නැගල ගියාට මම, සින්දු, නෝමනී ඇතුළු කට්ටියටම දැන් මේක හරිම කම්මැලියි.
තමන්ගේ ආදර කතාව තමන්ට කොච්චර රසවත් උනත් අනිත් අයට ඒකෙ මෙලෝ රහක් නැති වෙන්ඩ පුළුවන් කියල සමහරු තේරුම් ගන්නේ නැහැනේ!
ඉතින් අර කවුද කීව වගේ සමහර වෙලා වලදී 'ගේම් එක චේන්ජ් කරන්ඩ' වෙනවා!
ලන්දු විනාඩි දහෙකට එළියට ගිහින් එන්නම් කියල නැගිට්ටේ ඔය අතරේ.
මම සින්දු දිහා බැලුවා. සින්දු මගේ දිහා බැලුවා. අපි දෙන්නත් පොඩ්ඩක් නැගිටලා එලියට ගියේ ලන්දුට නෑහෙන්න යමක් කතා කරගන්න.
මද විරාමයෙන් පසුව කට්ටිය ආයෙමත් එක්කාසු උනා. ලන්දු, බින්දු, මම සහ සින්දු... කතාකරගත්ත විදිහට මායි සින්දු යි වාඩි වෙලා හිටි විදිහ පොඩ්ඩක් වෙනස් කරා. අපි හතර දෙනා ආයෙත් වීදුරුව උඩින් ඇඟිලි තියාගත්තා.
ඔන්න ඉතින් ලන්දු ආයෙමත් මොකද්දෝ හර්දයාංගම ආදරණීය පුරස්නයක් යොමු කරා අපේ Zak හෙවත් 'ආදර භූතයා' ට.
වීදුරුව ගමන් කරන්ඩ ගත්තා ආයෙමත්.
මේ පාර නම් වීදුරුව ගියේ අමුතු විදිහකට. නැවතී නැවතී ...ටිකක් haphazard විදිහට... හරියට නියමිත අකුර තෝරාගන්න අමාරුයි වගේ.
ඔන්න පලවෙනි අකුර ට ගියා.
B
ලන්දු ගේ මුණ පොඩ්ඩක් විතර ඇඹුල් වෙනවා මට ඇස් කොණින් පෙනුණා.
ඊළඟ අකුර...
L
කට්ටියම ටිකක් සීරියස් උණා.
ආයෙමත් ඊළඟ අකුර...
O
දැන් නම් කවුරුත් හාවක් හූවක් නැහැ. බින්දුගේ මුණ සුදුමැලි වෙලා.
කලින් අකුරු වලදී ඇද වෙමින්, නැවතී නැවතී ගිය වීදුරුව දැන් ලේසියෙන් යනවා.
ඊළඟ අකුර....
O
ඊළඟට ....
D
..................
කවුදෝ එක්කෙනෙක් හූ තියාගෙන දිව්වා...ඒ එක්කම යටි ගිරියෙන් කෑගැසීම්, හඬා වැළපීම්, සිනා සීම් මැද මහා ලොකු කලබැගෑනියක් ඇති උනා!
ලන්දුගේ ප්‍රේම භූත පුරාණය එතනින් සමාප්ත උනා!
:D :D
හැබැයි 'බහුභුතයෝ' ඊට වෙනස්. බහු භූතයා කියන්නේ නිකම් 'ජෝකර්' කෙනෙක්ට වගේ නේද? සමහර මෝඩ චාටර් වැඩ කරන අයට 'මොන බහුබුතයෙක්ද' කියල බනිනවා ඇහිලා තියෙනවා.
ඒ උනාට කාට හරි හම්බ වෙලා තියෙනවද 'ආදර භූතයෙක්'? :D :D
මේ ආදර භූතයා මට හම්බු උනේ ඉස්කෝලේ යන කාලේදී. මට මතක හැටියට මම දහය වසරේ විතර.
අපේ ඉස්කෝලේ තියෙන ප්‍රධාන හෝල් එකේ පොඩි කොරිඩෝර් එකක් වගේ කෑල්ලක් තියෙනවා...මම හිතන්නේ එක අර වේදිකාව යටින් යන හිස් ඉඩක් වගේ එකක්. ඔය passage ways, dressing room එකටත් සම්බන්ධයි. හෝල් එකේ මේ පැත්තෙන් රිංගුවාම අනෙක් පැත්තෙන් මතු වෙන්නේ.
පොඩ්ඩක් අවුල් වගේ නම් වේදිකාව යටින් යන පොඩි බිම් ගෙවල් පද්ධතියක් වගේ එකක් මවාගන්ඩකො. මම හිතන්නේ auditorium හෙවත් ශ්‍රවනාගාර වල එහෙම තමයි හදන්නේ.
![]() |
මේ පින්තුරේ යට දකුණු කෙලවරේ තියෙන්නේ වේදිකාව යටින් යන චුටි උමගක් වගේ ඒවා... image from :http://www.videoccasions-nw.com/history/cst/audiview.gif |
ඒකට ස්වභාවික ආලෝකය එන්න තැනක් නැහැ. ඉතින් එක කොටසකට ලයිට් හයි කරලා තිබුන. හැබැයි ඉතින් ලයිට් දැම්මත් අඩ අඳුරක් වගේ තියෙනවා. ඒ වගේම පොඩ්ඩක් වත් ලයිට් එලිය එන්නේ නැති තැනුත් තියෙනවා.
අපි කරන්නේ ඉතින් සෙල්ලම් කරද්දී ඔය 'උමං' අස්සේ රිංගන එක! විශේෂයෙන් ම ඒ දවස් වල 'පොයින්ට් බින්දුව' කියල හැංගිමුත්තන් සෙල්ලමක් තිබුන. ඔය කළුවර උමං අස්සට රින්ගුවොත් ආයේ හොයනව බොරු!
ඉතින් ඔය පොඩ්ඩක් වත් එළියක් නැති කෑල්ලට අපි කිව්වේ 'කළුවර කාමරේ' කියල. කළුවර කාමරේ ට යන එක අපිට නිකන් අර හොල්මන් මන්දිරයක් ඇතුලට යනවා වගේ ත්‍රිල් එකක්!
ත්‍රිල් එක ගන්න විදි දෙකයි:
එකක් භය වීම.
අනිත් එක යටි ගිරියෙන් කෑ ගහල, ළඟ ඉන්න යාලුවාගේ බෙල්ල මිරිකලා, භය කිරීම!
ඔන්න ඉතින් දවසක් අපි කතා උනා 'භූතයෝ ගෙන්නන සෙල්ලම' කරන්න!
ඒ කියන්නේ අර Tumbler talking කියන වැඩේ. [එක පාරක් පොඩි කුමාරිහාමි ත් මේ ගැන එයාගේ අත්දැකීමක් ලියල තිබුන.]
ඉතින් මේ විදිය සිරා සෙල්ලමක් කරන්න අපි තෝරාගත්තේ අර කළුවර කාමරේ ගාව යන්තම් එලිය තියෙන තැනක්.
ඔන්න ඉස්සෙලම එක්කෙනෙක් පන්තියෙන් හොරකම් කරගත්තු චෝක් කෑල්ලකින් Ouija Board එක ඇන්දා. එකේදී කරන්නේ රවුමට ඉංග්‍රීසි හෝඩිය A, B, C, D....,Z කියල ලිව්වා. ආ තව YES, NO කියලත් ලිව්වා දෙපැත්තෙන්.
මෙන්න මේ වගේ:
![]() |
පින්තුරේ ගත්තේ: http://www.cyclismo.org/cgi-bin/spirit.cgi |
කොහෙන්ද මන්ද වීදුරුවකුත් හොයාගත්තා.
දැන් අපි භුතය ගෙන්නන්න ලෑස්තියි!
මේකෙදි කරන්නේ හතර දෙනෙක් අර චෝක් රවුම වටේ වාදී වෙලා වීදුරුව මුනින් අතට හරවල රවුම මැදින් තියනවා. ඊට පස්සේ අර හතරදෙනා ම එක ඇඟිල්ලක් වීදුරුව උඩින් තියනවා. හරිද? ඒක හරියට මෙන්න මේ වගේ:
![]() |
පින්තුරේ ගත්තේ::http://www.wikihow.com/Create-a-Ouija-Board |
ඔතෙන්ට ඇඟිලි තියන්න ඉදිරිපත් උන අයගෙන් මමත් එක්කෙනෙක්! අනිත් තුන් දෙනාට අපි ලන්දු යි බින්දු යි සින්දු යි කියමුකෝ.
මේ අයගෙන් ලන්දු යි බින්දු යි හොඳම යාලුවෝ.
සින්දු, මගේ හොඳම යාලුවා.
ඔතනින් ලන්දු තමයි මේ භූත සෙල්ලමේ එක්ස්පර්ට්. මාත් ඇතුළු අනිත් අය මේක මීට කලින් කරලා තිබුනේ නැහැ! ඉතින් ලන්දු තමා 'මෙහෙම කරන්ඩ - අරෙහෙම කරන්ඩ' කියල උපදෙස් දුන්නේ.
"දැන් ඔය තුන්දෙනාම එක අතක දබර ඇඟිල්ල මේ වීදුරුව උඩින් තියන්න...ඔහොම නෙවෙයි. මේ මං තියල තියෙන විදිහට. කෝ බලන්න...හරි. සින්දු...ආ හරි...හරි ඔය දෙන්නත් හරි"
ලන්දු අපට උපදෙස් දුන්නේ හරියට මහවැලි ව්‍යාපෘතිය කරන්ඩ යනව වගේ බරපතල විදිහට!
ඊට පස්සේ හැමෝන්ටම නිහඬ වෙන්න කියල ලන්දු මොනවාද කියෙව්වා ... කවුරු හරි මෙතන භූත ආත්මයක් ඉන්නවනම් එන්න අපිත් එක්ක කතා කරන්ඩ කියල ආරාධනාවක් කරා.
විනාඩි දෙක තුනක් ගියා. ලන්දු ගල් පිළිමයක් වගේ වීදුරුව දිහා බලන් ඉන්නවා.
අනිත් අය ඉතින් දැන් නලියනවා.
කෝ මේ භුතය? දැන් එයිද? දැන් එයිද?
අපේ හිත වල බුර බුරා නැගෙමින් තිබුනේ ඒ ප්‍රශ්නේ.
"I can sense him."
ලන්දු එක පාරට කිව්වා. දැන් මෙතැන් පටන් භූතයා එක්කල කතාව කඩ්ඩෙන්. අර බෝඩ් එකේ ලියල තියෙන්නෙත් ඉංග්‍රීසි හෝඩිය නේ. හොඳ වෙලාවට අපේ ආරාධනාව පිළිඅරන් ඇවිත් හිටියේ පොෂ් භූතයෙක් (!). මොකද ඌ ඔක්කොම ඉංග්‍රීසියෙන් තමයි උත්තර දුන්නේ.
"What is your name?"
ලන්දු ඇහුව පලවෙනි ප්‍රශ්නේ.
දැන් කොහොමද භුතය උත්තර දෙන්නේ?
අර වීදුරුව බෝඩ් එකේ අකුරු උඩ යන්න ගත්ත.
අපි හතර දෙනා ඇඟිල්ල ගානේ වීදුරුව උඩ තියාගෙන ඉන්නව. වීදුරුව ඉංග්‍රීසි අකුරු එකින් එක වෙත යමින් භුතයාගේ උත්තර spell out කරනවා.
දැන් තෙරෙනේවනේ සිද්ධිය?
ඉතින් ඔන්න වීදුරුව ලිස්සල ගියා Z අකුර ගාවට.
ඊ ගාවට A අකුර....අන්තිමට K අකුර ගාවට ගිහින් නතර උනා.
භුතයගේ නම Zak!
මෙහෙම නමක් තියෙන්න මූ පහුගිය ආත්මේ කොයි ජාතියේ එකෙක් වෙලා හිටියද මන්ද?
මට හිතුන.
කොහොම හරි ඔන්න ඔය විදිහේ ප්‍රශ්න කීපයක් Zak භුතයාගෙන් අපි ඇහුව. අපි කිව්වට ඒවා ඔක්කොම ඇහුවේ ලන්දු තමයි. ඒ දැනගත් විස්තර අනුව, මූ කොලු භූතයෙක්. ඒ කිව්වේ කොලු කාලේදී පරලොව ගිය කෙනෙක්.
දැන් තමයි ඔන්න හොඳම හරිය.
"Do you have a message for someone here?"
ලන්දු ඇහුව.
උත්තරේ spell out උනා බෝඩ් එක මත: YES
"Who is it?"
ලන්දු ට දැනගන්න ඕනේ භූත ලොවෙන් පණිවුඩේ එවල තියෙන්නේ කාටද කියල.
වීදුරුව L අකුර ලඟට ගියා.
නතර උනා.
"මේ කියන්නේ L අකුරෙන් පටන් ගන්න නමක් තියෙන කෙනෙක්ට තමයි Zak ගේ පණිවුඩේ ඇවිත් තියෙන්නේ..."
ලන්දු පැහැදිලි කරා.
"ම්ම් කවුද මෙතන..." ලන්දු බබා වගේ අහනව.
ඔය අස්සේ ඔතන හිටිය මගේ අති ජාත මිත්‍ර නෝමනී. නෝමනී තාමත් මගේ හොඳම ෆිට් එකක්. ඒ වගේම තාමත් ටිකක් ටියුබ් ලයිට් :D .
එයාගේ සම්පුර්ණ නම නෝමනී ලලලා. එයාගේ ලලලා නම වැඩිය කවුරුත් දැනන් හිටියේ නැහැ. නෝමනී හුටස් ගාල අත උස්සල කියාපි
"ඒ මගේ දෙවෙනි නම ලලලා නේ! මටද දන්නේ නැහැ අනේ භූත පණිවිඩේ!" කියල.
"දෙවෙනි නම නේ. මම හිතන්නේ පලවෙනි නම L අකුරෙන් පටන් ගන්න එක්කෙනෙක්"
ලන්දු නෝමනී දිහා ඔරවගෙන කිව්වා.
ඉතින් ඔතන L අකුරෙන් පටන් ගන්න පලවෙනි නම තියෙන කෙනා ලන්දු විතරයි.
ලන්දු කියන්නෙත් නැහැ මේ පණිවිඩ එයාටයි කියල. අනිත් අය කියන්නෙත් නැහැ. කට්ටියගෙන් භාගයක් බිරාන්ත වෙලා. අනිත් භාගේ හිකි හිකි ගානවා.
මේක කරන්ඩ පුලුවනෑ!
ඒ පාර මම කිව්වා ලන්දු ඔයා විතරයිනේ L අකුරෙන් මුල් නම තියෙන කෙනෙක්ට ඉන්නේ. එහෙනම් භූත පණිවිඩේ ඔයාට වෙන්ඩ ඇති කියල.
ලන්දු : "හ්ම්ම් ... Zak ගෙන් අහන්ඩ ඕනේ හරියටම..."
ආයෙමත් වීදුරුව ඉංග්‍රීසි අකුරු හොයනවා....
"Is the message for Landu?"
උත්තරේ : YES
ලන්දු ආඩම්බරෙන් එයාගේ දිග කොන්ඩෙ ගැස්සුවා.
ඊළඟ ප්‍රශ්නය ...
"Who is it from?"
උත්තරේ : ZURI
ඒ පාර මෙන්න ලන්දු ඇඹරෙනවා...හිනා වෙනවා...එයාගේ යාලුවා බින්දු ට මොනවාද කනට කරලා කියනවා...බින්දු ලන්දුව කොනිත්තනවා...එක විකාරයයි.
ඉතින් අපි හැමෝන්ටම පැහැදිලි උනා දැන් මේ අභිරහස් 'Zuri' කවුද කියල.
"ඒ මට ට්‍රයි කරන බෝයි කෙනෙක් අනේ..."
අපි අහන්නේ නැතුවම ලන්දු අපිට පැහැදිලි කරා.
ඊට පස්සේ ඉතින් භූත සංවාදය තනිකරම ලව් ලෙටර් එකක් වගේ තමයි. ඔක්කොම ප්‍රශ්න සහ උත්තර සම්බන්ධ උනේ ලන්දු සහ සූරී ගේ නිමල අකලංක ප්‍රේමය ට. කොටින්ම මේකේ භුතය Zak නියම අනංග චරිතේ හෙවත් 'සපෝටර්' චරිතේ තමයි කරන්නේ.
![]() |
Image from: http://t3ak.roblox.com/13f8139854d20e92586a856280527ab2 |
උදාහරෙනෙකට ඔන්න ලන්දු අහනවා මෙහෙම:
"What does Zuri want?"
ඉතින් උත්තරේ එනවා මෙහෙම :
"Zuri wants you to need him"
කොහොමද රොමැන්ටික් ඩයලොග් එක?!
අවාසනාවකට romance නැගල ගියාට මම, සින්දු, නෝමනී ඇතුළු කට්ටියටම දැන් මේක හරිම කම්මැලියි.
තමන්ගේ ආදර කතාව තමන්ට කොච්චර රසවත් උනත් අනිත් අයට ඒකෙ මෙලෝ රහක් නැති වෙන්ඩ පුළුවන් කියල සමහරු තේරුම් ගන්නේ නැහැනේ!
ඉතින් අර කවුද කීව වගේ සමහර වෙලා වලදී 'ගේම් එක චේන්ජ් කරන්ඩ' වෙනවා!
ලන්දු විනාඩි දහෙකට එළියට ගිහින් එන්නම් කියල නැගිට්ටේ ඔය අතරේ.
මම සින්දු දිහා බැලුවා. සින්දු මගේ දිහා බැලුවා. අපි දෙන්නත් පොඩ්ඩක් නැගිටලා එලියට ගියේ ලන්දුට නෑහෙන්න යමක් කතා කරගන්න.
මද විරාමයෙන් පසුව කට්ටිය ආයෙමත් එක්කාසු උනා. ලන්දු, බින්දු, මම සහ සින්දු... කතාකරගත්ත විදිහට මායි සින්දු යි වාඩි වෙලා හිටි විදිහ පොඩ්ඩක් වෙනස් කරා. අපි හතර දෙනා ආයෙත් වීදුරුව උඩින් ඇඟිලි තියාගත්තා.
ඔන්න ඉතින් ලන්දු ආයෙමත් මොකද්දෝ හර්දයාංගම ආදරණීය පුරස්නයක් යොමු කරා අපේ Zak හෙවත් 'ආදර භූතයා' ට.
වීදුරුව ගමන් කරන්ඩ ගත්තා ආයෙමත්.
මේ පාර නම් වීදුරුව ගියේ අමුතු විදිහකට. නැවතී නැවතී ...ටිකක් haphazard විදිහට... හරියට නියමිත අකුර තෝරාගන්න අමාරුයි වගේ.
ඔන්න පලවෙනි අකුර ට ගියා.
B
ලන්දු ගේ මුණ පොඩ්ඩක් විතර ඇඹුල් වෙනවා මට ඇස් කොණින් පෙනුණා.
ඊළඟ අකුර...
L
කට්ටියම ටිකක් සීරියස් උණා.
ආයෙමත් ඊළඟ අකුර...
O
දැන් නම් කවුරුත් හාවක් හූවක් නැහැ. බින්දුගේ මුණ සුදුමැලි වෙලා.
කලින් අකුරු වලදී ඇද වෙමින්, නැවතී නැවතී ගිය වීදුරුව දැන් ලේසියෙන් යනවා.
ඊළඟ අකුර....
O
ඊළඟට ....
D
..................
කවුදෝ එක්කෙනෙක් හූ තියාගෙන දිව්වා...ඒ එක්කම යටි ගිරියෙන් කෑගැසීම්, හඬා වැළපීම්, සිනා සීම් මැද මහා ලොකු කලබැගෑනියක් ඇති උනා!
ලන්දුගේ ප්‍රේම භූත පුරාණය එතනින් සමාප්ත උනා!
:D :D
ඔය වැඩේ කරලා වුණු හොඳ හුටපටයක් ගැන ඒබ්‍රහම් ටී කොවූර්ගේ මා කළ ගවේෂණ පොතේ තියෙනවා
ReplyDeleteපොත නැහැනේ... හොයාගන්න ඕනේ.. !
Deleteඅතීතයට ගියා නිරෝ...ඒ කාලේ කොච්චර නම් සුන්දරද? ඕනි කොල්ලෙක් දිහා බල, බලා ඉන්ට තිබුනානේ. අද එහෙමද? :D:D
ReplyDeleteඇයි ඉතින් දැනුත් 'බලන්න' කාගේ තහනමක් ද?
Deleteමේ ඉස්කෝලේ කොළඹ 8 පැත්තෙ එකක්ද? :)
ReplyDeleteනැහැ ... ඒ පැත්තේ නම් කනත්ත ළඟ නිසා භූතයෝ වැඩිපුර ඉන්නවා ඇති :D
Deleteඅපොයි හොඳටම හිනා ගියා..කොහොම වුනත් මේ වගේ මරි වැඩ කලේ නැත්තං ඉස්කෝලෙ කාලේ කිසි වැඩක් නෑනේ...
ReplyDeleteවයසට ගිහින් මතක තියෙන්නේ හරි මෙහෙම දේවල් මිසක් විභාග වලට ලිව්ව හැටි නෙවෙයි නේ නේද :)
Deleteඉස්කෝලෙ කාලෙ කතා නං කොච්චර කිව්වත් එපා වෙන්නෙ නෑ නේද?
ReplyDelete//කොහෙන්ද මන්ද වීදුරුවකුත් හොයාගත්තා. හෝම් සයන්ස් රූම් එකෙන් ඉස්සුවේ එහෙම නැහැ. අපි එහෙම වැඩ කරනවද අනේ?//
ඔව් ඕගොල්ලො ඉතින් හොරකං කරන්නේ........ නෑ එක්කො ඕනෙ නෑ ! :D :D :D
අනේ මේ... ඔය පරිප්පු ඉස්කෝල වල කතා අපි ගණන් ගනී!!
Deleteග්ර්ර්ර් !!!!
:P :P :P
හී හී පරිප්පු ඉස්කෝලේ පව්....නෑ නෑ හොඳ වැඩේ.
Deleteඒකට කියන තව නමක් දන්නවද නිරෝ ...AA ලු.
හැහ්? ඒ මොකද්ද අනේ? එයාලගේ ආදර්ශ පාඨයෙ මුල අකුරු දෙක ද?
Deleteඔක අැත්තක්ද....?????
ReplyDelete