මේ දවස් වල බෞද්ධ ජනතාව ඉන්න හැම රටකම වගේ කටින පින්කම් පැවැත්වෙන කාලේ.
මගේ දැනීමේ හැටියට, කටින පිංකම පැවැත්වෙන්නේ වස් විසීමේ නිමාව සනිටුහන් කරන්නයි.
වස් කාලය කියන්නේ වහින කාලෙනේ. ඉස්සරම බුදු හාමුදුරුවෝ ඉන්න කාලේ, හාමුරුවො ස්ථිර වාසස්ථාන වල පදිංචි වෙලා හිටියේ නැහැලු. ගමින් ගමට පිඬු සිඟා වදිමින්, ගහක් යට වගේ තාවකාලික තැනක තමයි වැඩ ඉඳල තියෙන්නේ. නමුත් ඉතින් මේ විදියට ගස් යට ඉන්න බැහැනේ ධාරානිපාත වැහි වහින කාලෙට. ගංගා උතුරලා පාරවල් කැඩිලා මඩවෙලා යටවෙලා යන නිසා පිඬු සිඟා වදින්නත් බැහැ.
ඉතින් මේ වැහි කාලේ කොහේ හරි ස්ථිර වාසස්තානෙක වැඩ ඉන්න බුදු හාමුදුරුවෝ අවසර දීල තියෙනවා. ඒකට තමයි වස් විසීම කියන්නේ. මෙහෙම වැසි කාලේ චන්ද්‍ර මාස 3 ක් වෙනකන් තිබිල තියෙනවා (ඉන්දියාවේ - සාවත්ති පුර පැත්තේ වෙන්නැති...). මේ මාස 3 ඉවර වුනාට පස්සේ තමයි 'කටින උත්සවය' සමරන්නේ.
ඉතින් ඉන්දියාවේ වස් කාලේ නෙවිනේ අනිත් රටවලට වහින කාලේ. උදාහරනෙකට ඔස්ට්‍රේලියාවට වහින්න පටන් ගත්තේ දැන්. අනිත් එක ඉතින් එකම රටෙත් වහින ඍතුව වෙනස් වෙන්න පුළුවන් තැනින් තැනට. නමුත්, බෞද්ධයෝ ලෝකේ හැම තැනම සම්ප්‍රදායක් වශයෙන් එකම කාලෙට තමයි කටින උත්සවය සමරන්නේ.
ඉතින් පහුගිය සති කීපෙදී ඕස්ට්‍රේලියාවේ කටින උත්සව 2 කට සහභාගී වෙන්න ලැබුන. එකක් නම් ලංකාවේ පන්සලක. ලංකාවේ විදියට තමයි. ඒක පුරුදුයිනේ. ඒක නිසා අනිත් උත්සවේ ගැන ලියන්නම්.
අනිත් කටින පිංකම තිබුනේ තායි පන්සලක. පන්සලක් කිව්වට ඒක ආරණ්‍යය ක්. බෝ ගහක්, පිළිම ගෙයක්, චයිත්‍යය ක් එහෙම නැහැ. මෙල්බන් ඉඳල පැය 1.5 විතර දුරින් - කි මි 100 කට කිට්ටු දුරකින් තියන්නේ. 'බෝධිවන ආරණ්‍යය' තමයි නම. කඳුකර, සෑහෙන්න ජන ශුන්‍ය පැත්තක තියෙන නිසා හරිම නිස්කලංකයි. නිකම් කැළෑ ප්‍රදේශයක් වගේ. ගොඩ දෙනෙක් අහල තියෙන අජන් චා හාමුරුවන්ගේ ගෝල පිරිසකගෙන් පැවත එන ථෙරවාද සම්ප්‍රදායේ ආරණ්‍යය ක්. මෙහෙ ඉන්නේ වනවාසී හාමුදුරුවෝ. ඉතින් ගිහියෝ එක්ක කතාවක්, වැඩි සම්බන්ධයක් නැහැ. නමුත් ඕනේ කෙනෙකුට දවල් දානේ පිළිගන්වන්න පුළුවනි. ලංකාවේ හාමුදුරු කෙනෙක් නම් මම තාමේ මෙහෙ දැකල නැහැ. නමුත් කලින් වැඩ හිටිය කියල අහල තියෙනවා. ඕස්ට්‍රේලියානු, බ්‍රිතාන්‍ය ජාතික හාමුදුරුවෝ තමයි වැඩියක් දැකල තියෙන්නේ.
මෙන්න බෝධිවන ආරණ්‍යයේ පින්තුර ටිකක් :
ඔය පලවෙනි පින්තුරේ පේන කැලෑවෙන් වැහිච්ච කඳු වල තමයි හාමුදුරුවන්ගේ කුටි
තියෙන්නේ. ඒ හරියට ගිහියන්ට යන්න අවසර නැහැ. හැබැයි ඔන්න කටිනෙ දවසේ නම්,
ගිහියන්ට උපස්ථායකයෙක් එක්ක ගිහින් එක කුටියක් ගිහින් බලල එන්න අවසර ලැබුන.
ඉතින් මේ ආරණ්‍ය පවත්වා ගෙන යන්නේ තායිලන්තේ රජතුමාගේ අනුග්‍රහයෙන්. කටින පින්කමේ බරත් වැඩිපුර අරන් තිබ්බේ එයාල. අපි උදේ 8.30 වගේ වෙද්දී ගියත්, කලින් දා රෑ ඉඳන් ආරණ්‍ය භුමියේ කුඩාරම් ගහගෙන ඒ කටයුතු කරපු තායි, චීන ජාතිකයෝ හිටිය. 2000 කට කිට්ටු පිරිසක් සහභාගී වන නිසා කෑම බීම එතන තියාගෙනම ඉව්වෙත් මෙයාල. හැබැයි එහෙම කියල අපිට උනත් කැමති කෑමක් පිළිගන්වන්න තහනම් නැහැ. තම තමන් ගේන දානේ උදේ 10 ට කලින් පිළියෙළ කරලා තිබ්බ දිග මේස වල තියන්න ඕනේ. බත් ජාති එක තැනකත්, ව්‍යංජන තව තැනකත්, රස කැවිලි වෙනමත්, තේ කෝපී වෙනමත් තියන්න තැන සකසල තිබුන. ඉතින් මේ කටින දවසේ හාමුදුරුවෝ 5 නමක් වගේ තමයි හිටියේ. මිනිස්සු 2000 විතර! හිතන්නකෝ මේ එන සෙනග හැමෝගෙම දානේ පිළිගන්නේ කොහොමද?
ආපු හැමෝටම දානේ බෙදන්න හම්බුනා! මෙහෙමයි - සෙනගට එළිමහනේ පේලි 2 ක් හැදෙන්න කියල හාමුදුරුවෝ මැදින් වැඩියා පාත්තරත් අරන්. අපි හැමෝටම බත් බෙදපු පිඟන් කලින් දීල තිබුනේ. හැමෝම බත් ටික ටික සන්සුන් ගමනින් බිම බලාගෙන වඩින හාමුරුවන්ගේ පාත්තරේට බෙදුව. පිටිපස්සෙන් එනවා ලොකු මුට්ටිය ක් උස්සගත්ත දෙන්නෙක්. පාත්තරේ පිරුනාම බත් ටික ඒකට දානවා. අන්තිමට හාමුදුරුවෝ ඒ ලොකු වළදින් බත් ටිකක් අරන්, ව්‍යන්ජනත් තමන් කැමති විදියට බෙදාගෙන වළඳනවා. ඉතිරි කෑම සේරම අරිනවා ගිහි කට්ටියට කන්න.
ඉතින් අර 5 නම මිනිස්සු 2000 පෝලිමක් මැද්දෙන් වඩින්න කොච්චර වෙලා ගියාද කියල හිතන්නකෝ. අපිට නම් ගානක් නැහැ. අපි ඉතින් දානේ බෙදුවට පස්සේ අයින් වෙන එකනේ. ඒත් අර හාමුදුරුවෝ අව්වේ සෙරෙප්පුවත් නොදා පැයකට වැඩියෙන් කාලේ අරන් හෙමින් හෙමින් ඇවිදගෙන ගිය හැටි! ඒත් මුනුවල තරහක් පෙනුනෙත් නැහැ. අපිට නම් දුක හිතුන, අපි වෙනුවෙන් එයාල මහන්සි වුන නිසා...
කොහොම හරි අන්තිමට ගිහි පිරිසත් කාල ඉවර උනාට පස්සේ දවල් 1 ට විතර කටින චීවරය පිළිගැන්වීමේ උත්සවය තිබුන. මේකෙදි කටින් සිවුර පුජා කලේ තායි රජ පවුලේ නියෝජිතයෙක්. ඊට පස්සේ සිවුරු පිරිකර අරන් ආපු හැමෝටම පුජා කරන්න ඉඩ දුන්න. එතකොට හාමුදුරු පිරිස වේදිකාවක් උඩ අසුන් අරන් ඉන්නේ. කටින සිවුර පිළිගන්න හාමුදුරුවෝ ඒ වෙලාවෙම ඇතුලට ගිහින් ඒක ඇඳන් ආවා. එයාලගේ සම්ප්‍රදායාලු ඒක.
ඉතින් මේ කතාවේ මාතෘකාවට එන්නේ දැනුයි. (හප්පේ ගිය වෙලාව නේද?)
ඔන්න දැන් කටින සිවුර පුජා කලාට පස්සේ අනික් අයත් සෑහෙන්න පිරිකර පුජා කරන්න ගත්ත. මම හිටියේ මගේ අඳුරන අක්කෙක්ගේ චුටි පැන්චියෙකුත් උකුල උඩ තියාගෙන. පැංචි ටිකක් දඟයි. ඉතින් එයාගේ දැඟලිල්ල පොඩ්ඩක් නවත්තන්න මම කිව්වා 'අන්න බබා අර බලන්න අර හාමුදුරුවොන්ට පිරිකර දෙන හැටි' කියල.
'පි - රීකර ? මොකද්ද ඒක?' පැන්චිට ප්‍රශ්නයක්.
'ඒ කිව්වේ හාමුදුරුවොන්ට තෑගි දෙනවා'
'ඕ ප්රෙසේන්ට්ස්!' ඔන්න පැන්චිට තේරුනා.
ටිකක් වෙලා බලන් හිටිය ලස්සනට කහ, රත්තරන් පාට වලින් දිලිහි දිලිහි කට්ටිය පුජා කරන පිරිකර දිහා.
'එතකොට ආන්ටි, අද හාමුදුරුවොන්ගේ බර්ත් ඩේ පාටි එක ද?'
හික්ස්. පොඩි එකාගේ ප්‍රශ්නෙට මොනා කියන්නද? සාධාරණ සිතුවිල්ලක් නේ!
වහින කාලේ ගැන එයාට කියල දෙන්න පටන් ගත්තත්, පොඩි එකා නළල රැලි කරගෙන ඒක තේරුම් ගන්න ට්‍රයි කරන හැටි දැකල මං ටක් ගාල කතාව වෙන පැත්තකට හැරෙව්වා!
මගේ දැනීමේ හැටියට, කටින පිංකම පැවැත්වෙන්නේ වස් විසීමේ නිමාව සනිටුහන් කරන්නයි.
වස් කාලය කියන්නේ වහින කාලෙනේ. ඉස්සරම බුදු හාමුදුරුවෝ ඉන්න කාලේ, හාමුරුවො ස්ථිර වාසස්ථාන වල පදිංචි වෙලා හිටියේ නැහැලු. ගමින් ගමට පිඬු සිඟා වදිමින්, ගහක් යට වගේ තාවකාලික තැනක තමයි වැඩ ඉඳල තියෙන්නේ. නමුත් ඉතින් මේ විදියට ගස් යට ඉන්න බැහැනේ ධාරානිපාත වැහි වහින කාලෙට. ගංගා උතුරලා පාරවල් කැඩිලා මඩවෙලා යටවෙලා යන නිසා පිඬු සිඟා වදින්නත් බැහැ.
ඉතින් මේ වැහි කාලේ කොහේ හරි ස්ථිර වාසස්තානෙක වැඩ ඉන්න බුදු හාමුදුරුවෝ අවසර දීල තියෙනවා. ඒකට තමයි වස් විසීම කියන්නේ. මෙහෙම වැසි කාලේ චන්ද්‍ර මාස 3 ක් වෙනකන් තිබිල තියෙනවා (ඉන්දියාවේ - සාවත්ති පුර පැත්තේ වෙන්නැති...). මේ මාස 3 ඉවර වුනාට පස්සේ තමයි 'කටින උත්සවය' සමරන්නේ.
ඉතින් ඉන්දියාවේ වස් කාලේ නෙවිනේ අනිත් රටවලට වහින කාලේ. උදාහරනෙකට ඔස්ට්‍රේලියාවට වහින්න පටන් ගත්තේ දැන්. අනිත් එක ඉතින් එකම රටෙත් වහින ඍතුව වෙනස් වෙන්න පුළුවන් තැනින් තැනට. නමුත්, බෞද්ධයෝ ලෝකේ හැම තැනම සම්ප්‍රදායක් වශයෙන් එකම කාලෙට තමයි කටින උත්සවය සමරන්නේ.
ඉතින් පහුගිය සති කීපෙදී ඕස්ට්‍රේලියාවේ කටින උත්සව 2 කට සහභාගී වෙන්න ලැබුන. එකක් නම් ලංකාවේ පන්සලක. ලංකාවේ විදියට තමයි. ඒක පුරුදුයිනේ. ඒක නිසා අනිත් උත්සවේ ගැන ලියන්නම්.
අනිත් කටින පිංකම තිබුනේ තායි පන්සලක. පන්සලක් කිව්වට ඒක ආරණ්‍යය ක්. බෝ ගහක්, පිළිම ගෙයක්, චයිත්‍යය ක් එහෙම නැහැ. මෙල්බන් ඉඳල පැය 1.5 විතර දුරින් - කි මි 100 කට කිට්ටු දුරකින් තියන්නේ. 'බෝධිවන ආරණ්‍යය' තමයි නම. කඳුකර, සෑහෙන්න ජන ශුන්‍ය පැත්තක තියෙන නිසා හරිම නිස්කලංකයි. නිකම් කැළෑ ප්‍රදේශයක් වගේ. ගොඩ දෙනෙක් අහල තියෙන අජන් චා හාමුරුවන්ගේ ගෝල පිරිසකගෙන් පැවත එන ථෙරවාද සම්ප්‍රදායේ ආරණ්‍යය ක්. මෙහෙ ඉන්නේ වනවාසී හාමුදුරුවෝ. ඉතින් ගිහියෝ එක්ක කතාවක්, වැඩි සම්බන්ධයක් නැහැ. නමුත් ඕනේ කෙනෙකුට දවල් දානේ පිළිගන්වන්න පුළුවනි. ලංකාවේ හාමුදුරු කෙනෙක් නම් මම තාමේ මෙහෙ දැකල නැහැ. නමුත් කලින් වැඩ හිටිය කියල අහල තියෙනවා. ඕස්ට්‍රේලියානු, බ්‍රිතාන්‍ය ජාතික හාමුදුරුවෝ තමයි වැඩියක් දැකල තියෙන්නේ.
මෙන්න බෝධිවන ආරණ්‍යයේ පින්තුර ටිකක් :
මේ තමයි ඈතින් පන්සල පෙන විදිහ |
ධර්ම ශාලාව |
පන්සලට එන පාර |
පන්සල ඇතුලේ තියෙන පිළිමේ සහ චුටි විල |
මල්... |
තව මල්... |
සහ තවත් මල් :) |
ඉතින් මේ ආරණ්‍ය පවත්වා ගෙන යන්නේ තායිලන්තේ රජතුමාගේ අනුග්‍රහයෙන්. කටින පින්කමේ බරත් වැඩිපුර අරන් තිබ්බේ එයාල. අපි උදේ 8.30 වගේ වෙද්දී ගියත්, කලින් දා රෑ ඉඳන් ආරණ්‍ය භුමියේ කුඩාරම් ගහගෙන ඒ කටයුතු කරපු තායි, චීන ජාතිකයෝ හිටිය. 2000 කට කිට්ටු පිරිසක් සහභාගී වන නිසා කෑම බීම එතන තියාගෙනම ඉව්වෙත් මෙයාල. හැබැයි එහෙම කියල අපිට උනත් කැමති කෑමක් පිළිගන්වන්න තහනම් නැහැ. තම තමන් ගේන දානේ උදේ 10 ට කලින් පිළියෙළ කරලා තිබ්බ දිග මේස වල තියන්න ඕනේ. බත් ජාති එක තැනකත්, ව්‍යංජන තව තැනකත්, රස කැවිලි වෙනමත්, තේ කෝපී වෙනමත් තියන්න තැන සකසල තිබුන. ඉතින් මේ කටින දවසේ හාමුදුරුවෝ 5 නමක් වගේ තමයි හිටියේ. මිනිස්සු 2000 විතර! හිතන්නකෝ මේ එන සෙනග හැමෝගෙම දානේ පිළිගන්නේ කොහොමද?
ආපු හැමෝටම දානේ බෙදන්න හම්බුනා! මෙහෙමයි - සෙනගට එළිමහනේ පේලි 2 ක් හැදෙන්න කියල හාමුදුරුවෝ මැදින් වැඩියා පාත්තරත් අරන්. අපි හැමෝටම බත් බෙදපු පිඟන් කලින් දීල තිබුනේ. හැමෝම බත් ටික ටික සන්සුන් ගමනින් බිම බලාගෙන වඩින හාමුරුවන්ගේ පාත්තරේට බෙදුව. පිටිපස්සෙන් එනවා ලොකු මුට්ටිය ක් උස්සගත්ත දෙන්නෙක්. පාත්තරේ පිරුනාම බත් ටික ඒකට දානවා. අන්තිමට හාමුදුරුවෝ ඒ ලොකු වළදින් බත් ටිකක් අරන්, ව්‍යන්ජනත් තමන් කැමති විදියට බෙදාගෙන වළඳනවා. ඉතිරි කෑම සේරම අරිනවා ගිහි කට්ටියට කන්න.
ඉතින් අර 5 නම මිනිස්සු 2000 පෝලිමක් මැද්දෙන් වඩින්න කොච්චර වෙලා ගියාද කියල හිතන්නකෝ. අපිට නම් ගානක් නැහැ. අපි ඉතින් දානේ බෙදුවට පස්සේ අයින් වෙන එකනේ. ඒත් අර හාමුදුරුවෝ අව්වේ සෙරෙප්පුවත් නොදා පැයකට වැඩියෙන් කාලේ අරන් හෙමින් හෙමින් ඇවිදගෙන ගිය හැටි! ඒත් මුනුවල තරහක් පෙනුනෙත් නැහැ. අපිට නම් දුක හිතුන, අපි වෙනුවෙන් එයාල මහන්සි වුන නිසා...
කොහොම හරි අන්තිමට ගිහි පිරිසත් කාල ඉවර උනාට පස්සේ දවල් 1 ට විතර කටින චීවරය පිළිගැන්වීමේ උත්සවය තිබුන. මේකෙදි කටින් සිවුර පුජා කලේ තායි රජ පවුලේ නියෝජිතයෙක්. ඊට පස්සේ සිවුරු පිරිකර අරන් ආපු හැමෝටම පුජා කරන්න ඉඩ දුන්න. එතකොට හාමුදුරු පිරිස වේදිකාවක් උඩ අසුන් අරන් ඉන්නේ. කටින සිවුර පිළිගන්න හාමුදුරුවෝ ඒ වෙලාවෙම ඇතුලට ගිහින් ඒක ඇඳන් ආවා. එයාලගේ සම්ප්‍රදායාලු ඒක.
ඉතින් මේ කතාවේ මාතෘකාවට එන්නේ දැනුයි. (හප්පේ ගිය වෙලාව නේද?)
ඔන්න දැන් කටින සිවුර පුජා කලාට පස්සේ අනික් අයත් සෑහෙන්න පිරිකර පුජා කරන්න ගත්ත. මම හිටියේ මගේ අඳුරන අක්කෙක්ගේ චුටි පැන්චියෙකුත් උකුල උඩ තියාගෙන. පැංචි ටිකක් දඟයි. ඉතින් එයාගේ දැඟලිල්ල පොඩ්ඩක් නවත්තන්න මම කිව්වා 'අන්න බබා අර බලන්න අර හාමුදුරුවොන්ට පිරිකර දෙන හැටි' කියල.
'පි - රීකර ? මොකද්ද ඒක?' පැන්චිට ප්‍රශ්නයක්.
'ඒ කිව්වේ හාමුදුරුවොන්ට තෑගි දෙනවා'
'ඕ ප්රෙසේන්ට්ස්!' ඔන්න පැන්චිට තේරුනා.
ටිකක් වෙලා බලන් හිටිය ලස්සනට කහ, රත්තරන් පාට වලින් දිලිහි දිලිහි කට්ටිය පුජා කරන පිරිකර දිහා.
'එතකොට ආන්ටි, අද හාමුදුරුවොන්ගේ බර්ත් ඩේ පාටි එක ද?'
හික්ස්. පොඩි එකාගේ ප්‍රශ්නෙට මොනා කියන්නද? සාධාරණ සිතුවිල්ලක් නේ!
වහින කාලේ ගැන එයාට කියල දෙන්න පටන් ගත්තත්, පොඩි එකා නළල රැලි කරගෙන ඒක තේරුම් ගන්න ට්‍රයි කරන හැටි දැකල මං ටක් ගාල කතාව වෙන පැත්තකට හැරෙව්වා!
මේක කියවන්න වින්ද දුකක්.
ReplyDeleteමොනවද අනේ මේ ගැජට් හරිම කරදරයි.
ආසා හිතෙන කතාවක්. බෞද්ධ පංසල් වල ඔය කෑම කන්න දෙන්නේ නෑ නේද? ඒ වගේ කතාවක් මට මතකයි.
මම නම් දාන එක්ක පට්ට තරහයි. අර තරම් කන්න නැති දුප්පත් මිනිස්සු අසරණ මිනිසුන්ට කන්න නොදී කන්න බොන්න ඕනෙවටත් වඩා තියෙන කෙනෙකුට කෑම දෙන එක දානයක් කියලා මට හිතෙන්නේ නෑ. වෙන එකක් තියා අර හොඳම පළතුරු ටික? කෑම නම් නැතත් කමක් නෑ කියමුකෝ. ඒක දැක්කම මගේ ඊර්ෂයාව ඔකඳ වෙන හැටි.....
@Il mondo
ReplyDeleteගැජට් වැඩිද? ඔන්න ටිකක් වෙනස් කරා. දැන් හරි කියල හිතනවා :) සොරි හොඳේ...
ඔව් ලංකාවේ දී පන්සල් වල සාමාන්‍යෙන් කන්න දෙන්නේ නැති උනාට, මම දැකල තියෙනවා පිටරට වල තියෙන ලාංකීය පන්සල් වල නම් කන්න දෙනවා. හැබැයි ලංකාවේ උනත්, නිතර යන එන අයට, විශේෂයෙන්ම දුර බැහැරක ඉඳන් එනවා නම්, තේ එකක් එහෙම නොදී අරින්නේ නැහැ. හැබැයි කටිනේදී නම් කන්න දෙන්නේ නැහැ මම හිතන්නේ.
මෙහෙ දී දානෙට ගොටුකොල, මුකුණු වන්න, නෙලුම් අල, කොස්, මයියොක්ක වගේ කෑම ජාති හදන නිසා කවුරුත් ආසයි ඒ කෑම එකට. නිතර හම්බ වෙන්නේ නැහැනේ.
ඔව් කෑම අපතේ දාන එක නම් මාත් ආසම නැති වැඩක්. මෙහමයි ඉතින්, දානේ දෙන්නේ ඇත්තටම එන මිනිස්සුන නෙවි, හාමුදුරුවන්ට. මුලික පරමාර්ථය ඒක. මිනිස්සු එන්නේ දානේ ට උදව් කරන්න සහ, තමනුත් ඒකට සහභාගී වෙලා පිනක් කරගන්න. මේක මනසට කරන පොඩි ප්‍රතිකර්මයක් :) නමුත් අන්තිමට වැඩිපුර වියදම් කරන්නේ එන මිනිස්සුන්ට කන්න දෙන්න. සිස්ටම් එකේ පොඩි අවුල් තියෙනවා තමයි. නමුත් චේතනාව නේ වැදගත්.
දානෙකදී කෑම අපතේ දාන්න ඕන නැහැ. ගෙදර එකතුවෙන අය ට දීල ඉතුරු නම්, ගෙදර අරන් යන්න දෙන්න පුළුවන්. ලංකාවේදී නම් අපි පාරට ගිහින් හම්බෙන කාට කාට හරි දීල එනවා. මේ කටිනේදීත් කෑම විසි කරනවා දැක්කේ නැහැ. මොකද, දානේ ඉවරවුනාම එයාලම ඉතුරු කෑම පාර්සල් කරලම මේස උඩින් තියල තිබ්බ, කැමති කෙනෙක්ට අරන් යන්න. මේ පන්සලේ විතරක් නෙවි, සිංහල පන්සල් වලත් ඕක තමයි කරන්නේ.
ස්තුතියි මේ පැත්තේ ආවට!
ඒ පොඩ්ඩිට තේරෙන භාෂාවකින් පස්සෙ වෙලාවක හරි කියල දෙන්න ඒ ගැන
ReplyDeleteඅයියෝ තව මලක් ඕනේ....
ReplyDeleteපොඩි උන් ෂෝයි...
ලංකාවේ පන්සල් වලත් ගිහියන්ට කන්න දෙනවා නේද??
අපේ පැත්තේ පන්සලක් තිබ්බා, ගියොත් මොනවා හරි නොකා එන්න දෙන්නෙම නෑ...
ඒත් ඒ තත්වෙ හැම පන්සලකම නැතුව ඇති.
*Comment Moderation අයින් කලොත් ලෙසිය් කමෙන්ට් කරන්න.
පන්සල් තියෙන්න ඕනෑ මේ වගේ සිත සන්සුන්වෙන තැන්වල තමයි.පන්සල් තියෙන්න ඕනෑ මේ වගේ සිත සන්සුන්වෙන තැන්වල තමයි.
ReplyDeleteමහා සද්දේ දාන තැන මට නං අරහං!
ෂා මාරයියේ ...ස්තුතියි මේ ලස්සන විස්තර ටිකට.....
ReplyDeleteමේකනේ වැඩේ. පුංචි කෙල්ලත් තරමක් දුරට හරි. ඔය වස් විසීම තාර්කික ව පැහැදිලි කරන්න අමාරුයි.
ReplyDeleteඔය වස් කාලය නිර්ණය වන්නේ ඉන්දියාවේ වස්සාන කාලය අනුවයි. මගේ මතකේ හැටියට ඉන්දියාවේ තියෙන්නේ සීසන් තුනයි. එකක් වස්සානය. බුදුන් වහන්සේ වස්සනේදී කොහේ හරි ආරාමයක් ඇතුලේ ඉන්න කිව්වේ ඇයි කියා බලාගන්න ඕනෙනං බුදු දහම මූලිකව පැතිරුණු බිහාරය , උත්තර ප්‍රදේශ්, අරුනාචල් ප්‍රදේශ්, බෙන්ගාල යන පළාත් වල වාර්ෂික වර්ෂාපතනය බලන්න. බොහෝවිට මිමි10000 පැනලා. හිමාල සුළං මුහුණතේ තියෙන අරුනාචල් වල ලෝකේ වැඩිම වර්ෂාපතනය එනම් මි මි 14000 විතර වාර්තා වෙනවා [සංසන්දනාත්මකව ලංකාවේ වැඩිම වර්ෂාපතනය ලැබෙන බටහිර කඳු බෑවුමේ වාර්තාව මිමි 5000 ක් විතර]. ඔන්න ඔය මහා මුරුගසන් වරිසාවෙන් ආරක්ෂා වෙන්නයි අර චක්‍රයක් වගේ හැමතැනම යන්න කියා කියූ ධර්ම ප්‍රචාරකයින්ටත් නීතියක් දැම්මේ එ කාලෙට යන්න එපා කියලා.
වැඩේ තියෙන්නේ අපේ රටවලට [ඔස්ට්‍රේලියාව විතරක් නොවේ ලංකාවෙත්] ඒ හැටි වහින්නෙත් නැහැ. අනික අපේ රටවල හැම තැනටම ඔය කාලෙම වහින්නෙත් නැහැ. ඉතින් ඔය වස් වසන එක තාර්කිකව පැහැදිලි කර දෙන්න ගියොත් ඒක නොදන්නා කෙනෙකුට අපට එකසිය ගානට ඇන ගන්න පුළුවන්.
@chanaka
ReplyDeleteමේකනේ. 'සම්ප්‍රදාය' කියන එක පොඩ්ඩෙක් ට තේරුම් කරලා දෙන විදිය මට තේරෙන්නේ නැහැ!
@Tharaka
මල් වලට කැමතිද? පහුගිය දවස් ටිකේ නම් මෙහෙ මල් පිරිලා තිබුන. වසන්ත කාලේ නිසා.
@කතන්දර
ඔව් නේ. වැඩිය කලබලයක් නැති පන්සලකට ගිහාම තමයි හිතේ කලබලෙත් නැති වෙන්නේ...
@ඔබ නොදුටු ලොවක්
ස්තුතියි! ඔයාල රස වින්ද නම් එච්චරයි
@Sujeewa Kokawala
ඒකනේ මටත් තියෙන ප්‍රශ්නේ. හිතට එකඟව කතා කරොත් කටින පින්කමේ 'logic' එක මටත් තේරෙන්නේ නැහැ. ඉතින් කොහොමද පොඩ්ඩට කියල දෙන්නේ.
හරියටම කිවුවොත් මේ කොයි හරියෙද?
ReplyDelete@කස්ස
ReplyDeleteමේක තමයි ලිපිනය:
Buddha Bodhivana Monastery
780 Woods Point Road
East Warburton, Victoria - 3799
ඔයා GPS එකකින් යනවා නම්, ඒවාට හරියටම ඔය නොම්මරේ ගන්නේ නැහැ. හැබැයි ලඟට එක්කන් යාවි. මගේ GPS එකේ 780 වෙනුවට 21 ගන්නේ. එතකොට එතන ඉඳන් විනාඩි 7 විතර තව ටිකක් ඉස්සර ගිහාම Magpie Lane කියල දකුණු අතට පොඩි පාරක් තියෙනවා. කොහොමත් ඔය හරියට යද්දී පාරට පන්සල පේන්නත් ගන්නවා.
හොද විස්තරයක්..විශේෂයෙන්ම පින්තූර ටිකත් එක්ක අපිවත් ඒ තැනට එක්ක ගියා වගේ... ඒ වගේමයි පින්කමේ විස්තරයත්...
ReplyDeleteකඨීන පින්කම් කියන ඒවා අද පැවැත්වෙන විදිය ගැන ටිකක් අවුල් තැන් තියෙනවා තමයි..එකක් සෘතු වෙනස්වීම් ගැන නොසලකා හැර කැලැන්ඩර් ක්‍රමයටම එය පැවැත්වීම.. ඒවා ටිකක් සකස්කරගෙන කරනවනං තවත් හොඳයි..ඒත් එහෙම වෙනස් කරන්න ගියාමත් අපේ අය කොහොම කොහොම ඕවා වෙනස් කරයිද කවුද දන්නේ එහෙම බැළුවම ඔහොම හොඳයි කියලත් හිතෙනවා..
දානමය පින්කම් ගැනත් වචනයක් කියන්න එපෑ...
ඇත්තටම දානයක් දීමෙදී එය සාර්ථක වෙන්න හුගක් කරුණු බලපානවා...
දානයක මූලික අරමුණ තමා ලෝභය නැසීම... එහිදී සිදු වෙන්නේ තමා සාධාරණ මාර්ගයකින් ධාර්මිකව උපයා සපයාගත්ත දේට තමාගේ සිතේ ඇති වී තිබෙන ආසාව අඩු කර ගැනීමට පුහුණු කරවීමක්...ඒ හරහා ලෝකයට ඇති අපගේ බැඳීම ක්‍රමක්‍රමයෙන් අඩු කරවීම...
එහිදී ලෝභය දුරු කිරීමට අමතරව තව තවත් කුසල් සිත වැඩි දියුණු කර ගැනීමටනං දානය දෙන කෙනා ඒ දේ දෙන සිත පිරිසිදු වීමත්.. දෙන දේ ධාර්මික දෙයක් වීමත්.. දෙන දේ පිරිසිදුවට හොදින් සකස් කර දීමත්.. වගේ කරුණු මෙන්ම ප්‍රතිග්‍රාහක පාර්ශවයේ පිරිසිදු කමත් බලපානවා.. ඒ හැම දේම හොඳින් ඇත්නම් එය උසස් දානයක් බවට පත් වෙනවා...
ඒත් අසාධාරණ මාර්ගවලින් හරි හම්බ කරන.. දානයෙනුත් තමන්ගේ තත්වය ලොකු කර පෙන්වන්න බලා පොරොත්තු වෙන.. දෙන දේ ලෝකෙට පේන්න විතරක් හොදින් සකස් කරන වගේ කටයුතු හරහානං දානයක් සාර්ථක දානයක් වෙන්නේ නැහැ...
ඒත් මේ දානයනං හරිම පිළීවෙලකට සිද්ධ වෙච්ච දෙයක් වග පේනවා... අනික එයට ගිය ඔබලාත් ඒ ගැන පැහැදීමකින් ඉන්නා වගත් පේනවා..එහෙම බලද්දි වැඩේ සාර්ථකයි...
අනිත් දේ තමා දාන වලදී කෑම අහක යනවා කියන පුහු තර්කය නිසා දාන ගැන ඇති වී තිබෙන මෝඩ මතවාද...
හරියට හොයලා බැළුවොත් තේරෙවි දානයකදී දෙන කිසිම ආහාරයක් අපතේ යන්නේ නැහැ කියන එක...
හිමිවරුන් වැළදුවාට පස්සේ අනිත් අයටත් කන්න බොන්න ඉඩ ලැබෙනවා..බුදු හාමුදුරුවෝ කෑම අපතේ යවන්න අනුදැන වඳාලේ නැහැ.. මිනිසුන්ට විතරක් නෙවෙයි සතා සීපාවටත් බඩගිනි දැනෙනවා.. මිනිසුන් කාල අවසන බල්ලන්ට බළලුන්ට කුරුල්ලන්ට දැම්මත් ඒක අපතේ යෑමක් හැටියට සලකන්න බැහැ.
එහෙම අපතේ යනවනං එයිට වඩා සිය දහස් ගුණයකින් ආහාර අපතේ යවන්නේ ධනපති පංතිය වෙනුවෙන් ආහාර සකස් කරන සුපිරි හෝටල් වල තමයි.. එක ආහාර දීසියක් වෙනුවෙන් ඔවුන් නාස්ති කරන එළවළු පලතුරු මස් මාළු ප්‍රමාණය ගැන සැලකුවාම දානවලදී කොහේද අපතේ යන්නේ..?
එළවළු සැරසිලි වලට ගන්න දේවල් වලින් කීයෙන් කීයද අවසානයේදී කාගේ හරි කුසකට යන්නේ..?
අඩුම තරමේ එවැනි හෝටලයක කෑමක් සෑදීමේදී එළවළුවක පලතුරක හොඳම කොටම අරගෙන ඉවත දමන අනිකුත් කොටස් දුගියෙකුටවත් දෙනවද.. එහෙමත් නැතිනම් කුණූ කූඩේ හරහා ගිහින් විනාස වෙලා යනවද...?ඒ කුණු ටික පනුවන්ටවත් නැතිව විනාස කෙරෙන වැඩ නෙවෙයිද කෙරෙන්නේ?
එහෙම බැළුවම දානවලදී කෑම අපතේ යවනවා කියලා කවුරු හරි කියනවනං එයිට වඩා එයාලා කොච්චර කෑම අපතේ යවනවද කියලා හොයලා බැලීම වැදගත්.. මේක එක තේ කෝප්පෙට රුපියල් දාස් ගණන් වියදම් කරන මිනිස්සු ඉන්න ලෝකයක්... ඒත් ඉතිං ඒ අධික වියදමෙන් වැඩි හරිය ෂෝ එකට මිස ඇති වෙන දේකට නෙවෙයි.. එහෙම බැළුවාම නිකං තත්වේ රැක ගන්න කියලා කෑම ජාතිත් මුදළුත් නාස්ති කරන මෝඩ සමාජයක දානයක් කියන දේ වෙනුවෙන් කරන්නේ ලොකු නාස්තියක්ය කියලා හිතන්නේ කොහොමද..?
මොනවා උනත් මේ වැඩේ හිත පහන් කරවන දෙයක්..එයට සම්බන්ධ වූ ඔබටත්.. එය අප හා බෙදා හදා ගැනීමෙන් අපගේ සිත් පහදවාලීමට සමත්වීමත් මත මේ පින තව තවත් වැඩෙමින් පවතිනවාය කියලා සිහිකරන්න කැමතියි...
අපි ගිහින් හෝටලේකින් වේලක් දමලා ඇරියට එකෙන් මොන හිත පහන් වීමක්ද..? පින් සිදුවීමක්ද..?
බොහෝම ස්තූතියි මේ අගනා විස්තරය දැක්වීම පිළීබඳව...
ගොඩක් දිග විස්තරයක් ලියල දානය ගැන අපි දැනුවත් කරාට ගොඩක්ම ස්තුතියි.
Deleteඔව් මාත් අර උඩ කිව්වා වගේ, දානෙකදී කෑම අපතේ යනවා කියල හිතන්න අමාරුයි. සෝබනේට දාන දෙන අය නෙවෙයි, මම කියන්නෙත් මාරයා කියල තිබ්බ වගේ දෙන දාන ගෙවල් ගැන. අපි දාන දෙන්නේ වටේ පිටේ කට්ටියයි නෑදැයෝ යාළුවොයි සහභාගී කරන්නේ. ඉතින් එයාලට කෑම දුන්න කියල අවුලක් නැහැනේ. හාමුදුරුවෝ ඔය උයන ඒවායින් බාගයක් වත් ජාති කන්නේ නැහැ. ඒක නෙවෙයි පොයින්ට් එක. ගෙදරට වැඩමවල වේලක් පුජ කිරීමෙන් ඇතිවෙන හිත සතුටුවීමයි මට නම් වැදගත්.
"මගේ දැනීමේ හැටියට, කටින පිංකම පැවැත්වෙන්නේ වස් විසීමේ නිමාව සනිටුහන් කරන්නයි"
ReplyDeleteකඨින පිංකම පැවැත්වෙන්නේ වස් විසීමේ නිමාවක් විදිහට නෙමේ. වස් සමාදන් වීමේදී පෙර වස් සමාදන් වුණු [ඇසළ පෝයට වස් සමාදන් වීම] භික්ෂූන් වහන්සේලා වප් පෝයට පෙර වස් පවාරණය කරනවා. ඊට පස්සේ වප් පෝයේ ඉදන් ඉල් පෝය දක්වා වෙන මාසයක කාලය තුළ ඕනේ දවසක කඨින චීවර පූජාව සිදු කරන්න පුලුවන්. ඒක නිසායි ඒ කාලය චීවර මාසය කියලාත් හැඳින්වෙන්නේ.