හිට්ලර් යනු මා සිටිනා විශ්ව විද්‍යාලයේ ප්‍රසිද්ධ පොරකි.
එහෙත් ඔහු කවුද කින්ද මන්ද කියා කවුරුත් දන්නේ නැත. ඔහු පොරක් වන්නේ විශ්ව විද්‍යාලයේ රහස් බාගැනීමේ ජාලයේ ටෙරා බයිට් විසි පහක් පමණ වැඩිම අන්තර්ගතයක් බෙදා ගෙන සිටි නිසාය. සිංහලෙන් කියනවා නම් ෆයිල් ෂෙයාරින් නෙට්වර්ක් එකේ වැඩිම කන්ටෙන්ට් එකක් තිබ්බේ ඔහුගේය.
එය රහස් බාගැනීමේ ජාලයක් වන්නේ බුද්ධිමය දේපල නීති ක්‍රියාත්මක වන මේ රටේ චිත්‍රපටි, රුපවාහිනී කතා මාලා, පරිගණක මෘදුකාංග ආදිය මෙසේ නිකම් බා ගැනීම තහනම් නිසාය. කැම්පස් එකේ ජාල පරිපාලකවරු නට අසු වුනොත් මෙය වැහෙනවාය.
මෙම ජාලය ක්‍රියාත්මක වන්නේ කැම්පස් එක ඇතුලේ පමණි. එසේ හෙයින් මෙයින් වැඩ ගත හැකි වන්නේද විශ්ව විද්‍යාල භූමිය තුල නේවාසිකාගාර වල ඉන්නේ නම් පමණි.
එක දිනක් ගොනු බෙදා ගැනීමට ලොග් වන විට හිට්ලර් අපුරු පණිවුඩයක් හැමෝටම පෙනෙන ලෙසට දමා තිබුණි :
'ෆ්‍රී මුවීස් බාගන්න සිස්ටම් එක මොකද්ද කියල කැම්පස් ලයිබ්රි එකෙන් අහන්න තරම් මොලයක් නැති ගොන් හරකුනේ, කැම්පස් ඇවිල්ල වැඩක් නැහැ. ගෙදෙට්ටම වෙලා හිටු!' - [ 'ඩෝන්ට් බී අ f****** ඉඩියට්' ලෙස සුද්ද සිංහලෙන්ම පටන් ගෙන තිබුණු එහි සැර බාල පරිවර්තනයක් මෙහි දැම්මෙමි :) ]
කෙසේ නමුත් පසු ගිය දිනෙක හිට්ලර් සදහටම අපෙන් වෙන්වී ගියේය.
ඒ වෙන කිසිවක් නිසා නොව ඔහුගේ උපාධිය හමාර කොට ගම රට බලා ගිය නිසාය. ඔහු යන බව කියා මෙසේජ් එකක් දා තිබුණු බැවින් පසු ගිය මාසය තුල කට්ටිය ම හිටු කියා ඔහුගෙන් පුලු පුළුවන් දේ බා ගැනීමේ මහා සංග්‍රාමයේ යෙදුනෝය. මම තුමියගේද හාඩ් ඩිස්ක් කට්ටටම පිරී ඉතිරී ගියේ රටේ නැති චිත්‍රපටි, ටී වී සීරීස් වලිනි.
කිසිදා නොදුටු හිට්ලර්, නුඹට සුභ පතමි! මේ කර ගත් මහා පුණ්‍ය කර්මයෙන් ලබන ආත්මයේදී මහා හාඩ් ඩිස්ක් රාජයෙක් වී උපදීවා යයි පතමි!

ඔය වගේ ලොකු ලොකු තාප්ප වල පොඩි පොඩි කවුළු හදන උන් හෙන සිරා පොරවල් මට අනූව නම්. (සමාජෙට අනූව වැරදි උනාට) දැකලා නැති උනාට ඉතිං මේ වගේවත් එහෙම පොරක් ගැන ලියන එක ඔයාගේ හොඳකම. හැබැයි ඒකා ලංකාවේ ඩයල් එකක් ද දන්නේ නැහැ නේ?
ReplyDeleteමට මේ පෝස්ට් එක හම්බ උනේ 'හිට්ලර්' කියල ගූග්ල් සර්ච් කරාම.නියමයි!! :D
ReplyDelete@malee_msg
ReplyDeleteමලී නගාව දැක්ක කල්! :D
ඔව් ඇත්තටම ලංකාවේ කෙනෙක් වෙන්නත් පුළුවනි...කොහොම උනත් අනිත් අය ගැන හිතුව කෙනෙක්. තනියම බුදු වෙන්න හැදුව කෙනෙක් නෙවෙයි.
@TharieHImself
ඇයි ඉතින් ඔයා හිට්ලර් ගැන හොයන්නේ :P
මං භයෙන් මේක කියෙවුවෙ.ඔයා යුදෙවුවෙක් කියල හිතුවේ !!
ReplyDeleteහික්ස් යුදෙව්වක් නම් හිට්ලර් ගේ හැරයාම ගැන දුක් වෙන්නේ නෑනේ! :D
ReplyDeleteමාර ප්‍රාර්තනාව.එක එහෙම්ම වෙන්න කියල ඉල්ලනව.හැබැයි මෙහෙ බාල මාට්ටු වුනොත්!
ReplyDeleteඒකනේ හොඳ ගැලපෙන ප්‍රර්ථනා නේද! බාන එක නම් ඉතින් නොකරනම අය අඩුයි... අහු වෙන්න කරොත් ඉතින් මෝඩ කම තමයි. ඒකනේ අර හිට්ලරුත් කියල තිබ්බේ :D
ReplyDelete