එක දවසක් හැන්දෑවක කණාමැදිරි එළි පාරක
මං හෙව්වා තරු කැටයක්
මං හෙව්වා තරු කැටයක්
නිල් පාටින් පායා දිළෙන
නිල් පාටින් පායා දිළෙන.....
සිහිනයක ගිලී මා සිටියා
කවුරුදෝ විත් දොර බිඳිනා විට
සුළං පොදක් වත් ඇරුනු දොර පියනින්
ආවා නම් සිහිනයේ සුව අරන්
නාඳුනනා දෑසක්
නිවී නිවී දිලිසුනා මොහොතක්
සුහද ආරාධනාවක් අරන්
ඈ ඇවිත් දොරකඩට...
පවන් පොදකට වත් ඉඩක් ආ නොයෙද
අවකාශයම වසාගෙන ඈ සිටිනා විට මා අසල........
ඈ සිටිනා විට මා අසල...
මා අසල ලැගුම්ගනු පෙරාතුව
මා තුලට මොහොතකට එබුනා නම්
පැහැදිලිව දකින්නට තිබුනා
මා තුලම මා නොවන
පිටස්තරයකු සිටිනා වග
ඔබේ.. පෙම මා හටද
මා නොවන ඒ අමුත්තා වෙතද?
ඔබේ.... පෙම මා හටද
මා නොවන ඒ අමුත්තා වෙතද?
ඉස්කෝලේ අටේ, නවයේ පන්තියේදී වගේ ඉන්දෙද්දී ටී වී එකේ ගිය ටිකක් අමුතු කතාවක සින්දුවක් මේක. කතාවේ නම මතක නැහැ. කතාවේදී නම් අතුල අධිකාරි එක්ක පොඩි බබෙකුත් මේකේ කෑල්ලක් කියනවා මම හිතන්නේ...
නිකම්ම මොකක් හරි කතාවක් කියනවට වඩා ටිකක් හිතන්න දෙයක් තියෙන මේ වාගේ සිංදුවල මට හරිම අපුර්වත්වයක් දැනෙනවා.
මෙන්න අහලම බලන්න
මට මතක විදියට නාට්‍ය "සින්තටික් සිහින" අධ්‍යක්‍ෂණය අශෝක හඳගමගේ
ReplyDeleteඔව් නේ සින්තටික් සිහිනය! ඕකේ තිබුණු තව ලස්සන සින්දුවක් අර 'දැන් ඉතින් වෙන කුමක් කරන්නද' සින්දුව. ඒ දවස්වල ඉස්කෝලෙදි කවුරු හරි දැන් ඉතින් වෙන මොකක් කරන්නද කිව්ව ගමන් අනිත් අය 'ආ...රය කරනු මිස!' කියල කෑගහනවා :D
ReplyDeleteස්තුතියි