මම මේක බලාගත්තෙත් නෙට් එකේ රෙසිපි බ්ලොග් එකකින්. හරියටම කිව්වොත් මෙන්න මෙතනින් . ඉතින් ඕක චුට්ටක් වෙනස් කරලා, සිංහලෙන් දාන්නයි යන්නේ. මුලින්ම මේක මම හැදුවේ යාලුවෙක්ගෙ උපන් දිනේකට. කෑව හැමෝම ගොඩක් ආස උන නිසා එදා ඉඳන් මම කට්ටිය එකතු වෙන පාටි, ට්‍රිප් වලට මේක හදනවා. මේකේ ෆිලින් එකට එළවලු විතරක්ම දාන නිසා මස් මාළු කන්නේ නැති අයටත් කන්න පුළුවනි. ඔන්න දැන් මුලින්ම කියන්නේ, මේ තියෙන්නේ පේස්ට්‍රි එක ඇතුලට දාන ෆිලින් එක විතරයි. මෙහෙම පේස්ට්‍රි වලට කියන්නේ පෆ් පේස්ට්‍රි කියල. පෆ් පේස්ට්‍රි එක හදන එක මහා පන යන වැඩක්. මම එකම එක පාරක් හදල තියෙනවා ලංකාවේදී, ඒ මම කැම්පස් යන දවස්වල. අම්මේ එදා පේස්ට්‍රි එක හොඳට ආවත් ඒක හදල මගේ පණ ගියා. ඉතින් මෙහෙ නම් රෙඩි මේඩ් පෆ් පේස්ට්‍රි ශීට් කඩෙන් ගන්න තියෙනවා. මට කවුද කිව්වා ලංකාවෙත් සුපර් මාකට් වල දැන් තියෙනවා කියල. ඉතින් අඬුව තියෙද්දී මොකටද අත පුච්චගන්නේ ළමයි? ඔය කීල්ස් එකක් හරි කාගිල්ස් එකක හරි ෆ්රෝසන් ෆුඩ් සෙක්ෂන් එකට ගිහින් බලන්න මේ ශීට් තියෙනවද කියල. ඕනෙම නම් ඉතින් ඔච්චර අමාරුවක් තියෙනවා නම් පෆ් පේස්ට්‍රි හදන හැටිත් පස්සේ දාන්නම් :) ඕන ...
Just some random arrows of thought...