Skip to main content

ලටෙක් ජරමර - එක්සෙල් වල වගු ලේසියෙන් ලටෙක් කරන හැටි : Excel to Latex

විශ්ව විද්‍යාල වල ඉගෙන ගන්න අය ගොඩ දෙනෙක් ට ඕනේ වෙන එකක් තමයි ලටෙක්. විශේෂයෙන්ම පර්ශේෂණ වාර්තා, ගවේෂණ ලිපි, නිබන්ධන එහෙම ලියද්දි ගොඩක්ම ප්‍රයෝජන වත් වෙනවා. වින් වර්ඩ් වලට වඩා මේ වගේ දිගු ලියමන් ලියද්දි මම නම් කැමතිම ලටෙක්. අනිත් එක, ගණිත සුත්‍ර, සියුඩෝ කෝඩ් එහෙම ලියද්දි ලටෙක් වල පහසුකම් වැඩියි. නිමාවත් ලස්සනයි.
වැඩේ තියෙන්නේ, පර්යේෂණ කරද්දී ගොඩක් වෙලාවට අපිට දත්ත සටහන් කරන්නේ එක්සෙල් ටේබල් එකනේ. මේවා සාමාන්‍යෙන් සැහෙන කොලම්න්ස් තියෙන ලොකු ටේබල්. මේවගේ ගබඩාවෙන දත්තත් දශම ස්ථාන කිහිපයක් තියෙන ටයිප් කරන්න වෙලා යන දත්ත. ඉතින් මේවා ලටෙක් ෆයිල් එකකට මුල ඉඳන් දානවා කියන්නේ පණ යන වැඩක්.
මේකට පහසු විසඳුමක් ගැන තමයි මේ:

මේ excel2latex. මේකෙන් ස්වයංක්‍රීයව එක්සෙල් ටේබල් එක ලටෙක් කෝඩ් එකට පරිවර්තනේ කරලා දෙනවා.
මෙන්න මෙතනින් බාගන්න පුළුවනි.

එක්සෙල් 2007 නම් මේක ස්ථාපනය කරන්න ටිකක් වට වන්දනාවේ යන්න ඕනේ. ඔයාලට එක්සෙල් වල 'Addin' ටැබ් එක පෙන්නේ නැත්නම් තමයි මෙහෙම වෙන්නේ හොඳේ. ඒකට කරන්න ඕනේ බාගත්තට පස්සේ එක්සෙල් වල අර උඩම වම් කෙලවරේ තියෙන ඇරෝ එකෙන් 'customize quick access toolbar' වෙත ගිහින්-> More Commands


ඊට පස්සේ 'Addins' පෙන විදියට මෙහෙම හදාගන්න.





දැන් එක්සෙල් වල උඩම වම් කෙලවරේ මෙහෙම කොළ පාට බට්න් එකක් පෙනේවි.



 දැන් මේ බටන් එක ක්ලික් කරාම එන ඩයලොග් එකේ 'Browse' ගිහින් ඔයාල අර බාගත්ත Excel2Latex.xla ෆයිල් එක Addin එකක් හැටියට ස්ථාපනය කරගන්න පුළුවනි.




මගේ නම් ටැබ් එකේ මේක පෙන්න ගත්තේ Excel restart කරාම. කොහොම හරි අන්තිමට මෙහෙම පෙනේවි:





බලන්න මේ වගේ එක්සෙල් වගු ටොන් එකක් විතර


හරිම ලේසියෙන් ලටෙක් කර ගන්න පුළුවන්!

මේ තියෙන්නේ ඔය උඩ පේන වගුවට අදාළ ඔටෝ හැදුන ලටෙක් කෝඩ් එක:


% Table generated by Excel2LaTeX from sheet 'Latex'
\begin{table}[htbp]
  \centering
  \caption{Add caption}
    \begin{tabular}{rrrrrrrrrrr}
    \toprule
          & Total(ms)     & Tp    & Td    & Tj    & Tc    & Ts    & Tr    & \#Stolen & \#Done & Speedup \\
    \midrule
          & 39373 & 64    & 3     & 22    & 29098 & 94    & 105   & 11    & 26    & 0.846545 \\
          & 30474 & 52    & 2     & 60    & 30076 & 106   & 52    & 12    & 27    & 1.095262 \\
          & 31265 & 54    & 3     & 29    & 30799 & 167   & 41    & 12    & 27    & 1.057924 \\\hline
    AVG   & 33704 & 56.66667 & 2.666667 & 37    & 29991 & 122.3333 & 66    & 11.66667 & 26.66667 & 0.99991 \\
    \bottomrule
    \end{tabular}%
  \label{tab:addlabel}%
\end{table}%


ඔයාලට තියෙන්නේ ඔය කෝඩ් එක තමන්ගේ ලටෙක් ෆයිල් ඒකට කොපි කර ගන්නයි. :)

Comments

  1. වැදගත් ලිපියක්, මම ඇත්තටම ඔය ලටෙක්ස් ගැන ඇහුවමයි ......

    ReplyDelete
  2. ඇත්තද පන්සල්? ඉගෙන ගන්න අය, නැත්නම් පර්යේෂණ වාර්තා එහෙම ලියන අය තමා ඉතින් වැඩිපුර පාවිච්චි කරන්නේ. මාත් දැන ගත්තේ ලංකාවේදී කැම්පස් එකේ නීතියක් දැම්ම නිබන්ධන සහ වාර්තා ලටෙක් වලින්ම ලියන්න කියල... මේකේ සිංහල වර්ෂන් එකකුත් තියෙනවා සින්ටෙක් කියල.

    ReplyDelete
  3. ඇත්තටම ස්තුතියි මේ පෝස්ට් එකට, මම අනිවා ඔය ගැන හොයලා බලනවා ...

    සෑහෙන්න වැදගත් .......

    වර්ඩ් වැරිෆිකේෂන් අයින් කලොත් මොකද ..

    ReplyDelete
  4. අම්මෝ table දාන්න ගිහින් විදපු දුකක් ඒ දවස් වල
    :)
    cells merge කරල එහෙම හදන්න ගියාම මුලින්ම කොලේක ඇදල එහෙම ලෑස්ති වෙන්න ඕනෙ. :)
    පස්සෙ convert කරන plugin එකක් හම්බුනා table එක word වල හදල generate කරන.
    :)
    සෑහෙන වැදගත් ලිපියක්.
    :)

    ReplyDelete
  5. හාපොයි!! ලටෙස්.. රිපෝට් හදන්න විදපු දුකක්!!
    ඒත් ඉතින් කස්ට කාල කරපු එකත් එක අතකට හොදා..

    "Off on a Tangent ~ හිතුමතේ හී සර" මම දැක්කෙ අදනෙව!!

    ReplyDelete
  6. @පන්සල්
    වෙරිෆිකේෂන් එකක් එනවද? ⊙.☉ ඒක ගැන බලන්නම්

    @kanishka©
    ඔව් මාත් මුලින් එහෙම තමයි... දැන් තියෙන තත්වේ අනුව එහෙම කළා නම් මට මගේ දත්ත ටික වගු ගත කරන්නම අවුරුද්දක් විතර යාවි කියල හිතුන නිසා තමා මම මෙහෙම එකක් ගැන හෙව්වේ...මගේ ලොග් ෆයිල් වලින් දැනට එක්සෙල් වලට දාන්නේ. ඒකත් ඔටෝ එක්සෙල් කරවන්නම කෝඩ් කෑල්ලක් ලියන්නත් හිතෙනවා දැන්. මේ දත්ත එක්ක තියෙන්නේ පුදුම වදයක් වෙලාවකට

    @'සුළඟ'
    ඔවු මුලදී නම් මාත් කැම්පස් එකේ සර් ලට බැන බැන තමයි ඉගෙන ගත්තේ. හැබැයි දැන් නම් මම හිතන්නේ නිබන්ධන, research papers, technical reports වලට සුදුසුම ලටෙක් කියලයි :)

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Pervert පොසම් සහ හොර පොසම්

ඔස්ට්‍රේලියාවට වසන්ත ඍතුව එළෙඹෙන කාලය යි මේ. අපේ ගෙවත්තේ පිටුපස පීච් ගහම රෝස පාට මල්වලින් පිරිලා. හරියට මේ වගේ .... (img  commons.wikimedia.org ) තව පහු වෙනකොට ඔය පීච් ගහේ ගෙඩි එනවා ය. ඊට පස්සේ එව්වා අපිට රස බලන්න නම් හොර පොසම්ලා ට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරන්න වෙනවා ය! පොසම් කියන්නේ ඕස්ට්‍රේලියාවේ ඉන්න නිසාචර සතෙකි. හරියට ලංකාවේ වඳුරෝ වගේ උන්ගෙන් පලතුරු බේරගන්න බැරි ය. පොසම් එක්ක ඇයි හොඳයි කම් පටන් ගත්තේ ඉස්සර විශ්ව විද්‍යාල  යන කාලේ ඉඳන් ය. ඒ කාලේ මං හිටියේ තව කෙල්ලෝ දෙන්නෙක් එක්ක කාමර තුනේ ෆ්ලැට් එහෙක ය. ඒ ෆ්ලැට් එකේ නාන කාමරේ සිවිලිමට පොඩ්ඩක් යටින් ජනේලයක් විය. ඒ ජනේලේ fly-screen එකක් විය. එතන එළියේ පොඩි පඩියක් විය. අපි එතෙන්ට ගිය දවසේ ඉඳන් ජනේලේ ඇරලා ය. fly-screen එක තිබුණු නිසාත්, අපි හිටියේ උඩ තට්ටුවක නිසාත් අපි ඒ ජනේලේ වැසීම ගැන හිතුවේ නැත. ඔහොම ඉන්න අතරේ ඒ ඇරුණු ජනෙල් පියන සහ fly-screen එක අතර හිඩැසට තව පදිංචිකාරයෙක් ආවේය. ඌ ඇවිල්ලා පොසම් සතෙකි. සමහර විට ඌ ට අතේ ඇති ගානට කුලියට තැනක් හොයා ගන්න බැරි වෙන්න ඇති ය. එහෙම හිතලා අපි අපේ පාඩුවේ නාන කාමරේ වැඩ කටයුතු

Bluetooth support on Android Emulator

I have been playing around with Android lately, and one thing that annoyed me is the emulator does not support Bluetooth (as opposed to J2ME emulator, which does). So if you do not have an actual Android device (like me), and you want to do Bluetooth/WiFi programming, you run in to a problem. Fortunately, there is a way out - Install the Android image on a VM and use your own Bluetooth device. This is what I did: Download Androidx86 from http://www.android-x86.org/ . This is an .iso file, so you'd need something like VMWare or VirtualBox to run it. Me, I use VirtualBox. When creating the virtual machine, you need to set the type of guest OS as Linux instead of Other. After creating the virtual machine, set the network adapter to 'Bridged'. Start the VM and select 'Live CD VESA' at boot. Now you need to find out the ip of this VM. Go to terminal in VM (use Alt+F1 & Alt+F7 to toggle) and use the netcfg command to find this. Now you need open a command

පර්යේෂණ සහ ආචාර ධර්ම අවසරය

පසුගිය සති කීපයකම නිරත වෙලා හිටිය වැඩක ප්‍රතිපල ඊයේ ලැබුණා. ඒ මගේ පර්යේෂණය සඳහා ඕනෑ උන 'ආචාර ධර්ම අවසරය' නැත්නම් ethics clearence එක ලැබීමයි. මගේ පර්යේෂණය මුලික වශයෙන් පරිගණක විද්‍යාව සහ මෘදුකාංග ඉංජිනේරු විෂයන් වලින් කෙරුනත්, මිනිසුන් ද සහභාගී කරවාගෙන කෙරෙන කොටසක් ඇති නිසා තමා මෙහෙම අවසරයක් ගන්ඩ උනේ. ටිකක් පැහැදිලි කරොත්, මේ පර්යේෂණයේ ප්‍රථිපලයක් වන මෘදුකාංග පද්ධතිය නිවැරදිව වැඩ කරනවාද නැද්ද කියන එක තහවුරු කරන්න එක විද්‍යාගාරයක කරලා බලල මදි (සහ කරන්න අමාරුයි). 'හැබෑ ලෝකයේ' එය වැඩ කරන හැටි බලන්ඩ ඕනේ. මගේ පර්යේෂණය 'ස්මාර්ට් තාක්ෂනය' නැත්නම්, කෘතිම බුද්ධිය සහිත ගෘහස්ත පද්ධතියක් (smart home) සම්බන්ධයෙන්. වෙනත් මෘදුකාංග වලට වඩා මේ වගේ පද්ධතියක් හදන කොට ගොඩක්ම සැලකිලිමත් වෙන්න ඕනේ මිනිස්සු මෙහෙම තාක්ෂනෙකට කොහොම ප්‍රතිචාර දක්වයිද කියලා.  හිතන්න, ඔයාලගේ ගෙදරත් කෘතිම බුද්ධියක් නැත්නම් 'ස්මාර්ට්' පද්ධතියක් හයි කරලා කියලා. මේ වගේ පද්ධති වල අරමුණ මිනිසුන්ගේ ජීවිතය පහසු කරන එක. උදාහරණයකට ඔන්න ඔයාගේ 'බුද්ධිමත් ගෙදර' ලව්වා ඔයාට පුළුවන් වෙලාවට ලයිට් දාන