Skip to main content

අපේ ඔෆිස් එකේ සීතල යුද්ධය

දැන් ඉතින් සීතල යුද්ධය කිව්වාම හිතයිද දන්නෑ අර අමෙරිකාව - රුසියාව අතර තිබුණ (තාම තියෙනවද?) එක වගේ එකක් කියල. මේක මේ එහෙම එකක් නං නෙවේ. මේක A/C ප්‍රශ්නයක්. :D

මේකයි සිද්ධිය - අපේ ඔෆිස් එක දැන් මාස කීපෙකට කලින් තැන මාරු කරා. ඉතින් අලුත් තැනට ආපු දවසෙ ඉඳලා A/C එකට රණ්ඩු.
මෙහේ එක එක තැනට A/C එන්නෙ එක එක විදියට. එක් කෙනෙක්ට වැඩියෙන් - තව කෙනෙක්ට අඩුවෙන්. ඊටත් වඩා මේකෙ උෂ්ණත්වය 25 ට වගේ දැම්මත් මාරම සීතලයි. අනිත් එක මේවයෙ ෆෑන් ඕෆ් කරන්න බෑ. කොච්චරවත් හුළං පාර.

ඔෆිස් එකේ ඉන්න ගෑණු ළමයින්ට ඕනෙ A/C එක අඩූම කරන්න. මටත් පේන්න බෑ මේ කෙහෙල් මල් A/C එක. අපේ වැඩේ ඉතින් අඩු කරනව. අනේ මන්ද ඒ උනාට පිරිමි කට්ටියට තියෙන්නෙ මහ පුදුම A/C පිස්සුවක්. මේ වෙව්ලන තරමට අපිට සීතලයි. එයාල ගිහින් තව වැඩි කරනව.

reproduce වෙන්නෙත් නැති බග් එකක් හොයල හොයලම මොළේ කචල් වෙලා තියෙන වෙලාවට තව ඒ අස්සෙ හිම මිදෙන තරං හීතල හුළං පාර වදිනකොට ඉතින්!!

මං ඉන්න තැනට කෙළින්ම පොල්ලෙන් ගැහුව වගේ A/C. ඊටත් ඔළුවට මයි වැදෙන්නෙ. දැන් ඉතින් මං අර එස්කිමෝල වගේ hoodie sweater එකක් ඇඳගෙන ඉන්නෙ. නැත්නං හීතලේ මැරෙයි.

ඇත්තටම පිරිමින්ට මෙච්චර හීතලේ ඉන්න ඕනෙ ඇයි?? මං දැක්ක කොහෙද තිබුන එයාලගෙ සීතලට සංවේදනය වෙන මොළේද කොහේද තැනක් ගෑණු අයගෙ තරම් develop වෙලා නැතිලු. මං මේක මගෙ ඔෆිස් එකේ යෙහෙළියකට කිව්වාම ඇය කිව්වෙ මෙහෙම කතාවක් :

"හ්ම්ම් කොහොමත් ඒ ගොල්ලොන්ගෙ ගොඩක් දේවල් develop වෙලා නෑ තමයි"

හික්!

Comments

  1. හා හා හරි හිනා, ඔව් අපි develop වෙලා අඩු හින්ද තමයි අපි simple එකෙ ආතල් එකේ ඉන්නෙ. නෑව ගිලුනත් බෑන්ඩ් චූන්!!! :)

    අපේ office එකෙ ගෑනු ලමයි ටිකත් හිටපු ගමන් jersey පොරොගෙන ඉන්නව, හෑබෑයි කියන තරම් සීතලක් නම් නෑ.

    cheers and tc. don't get a cold from the cold he he :D

    ReplyDelete
  2. I guess this is common in all offices in SL :) One of my friends made a comment on one such incident; 'Umbala inne hariyata ammage bade innakotath AC daagena hitiya wage' ;)

    ReplyDelete
  3. අන්තිම පේළියට හිනා වෙන්න ඕනෙද?

    මම කාලයක් වැඩ කලා බැංකුවක. එතනනම් a/c වැඩි කරන්නේ වයසක ගෑණු අය. නිතරම remote එක අතේ.

    ReplyDelete
  4. දුක තමයි! ;) මාත් A/C වලට එතරම් කැමති නෑ! ඔය development ගැන නං මං දන්නෙ නෑ ඕං! lol :D

    ReplyDelete
  5. @Azrael:
    'කියන තරම් සීතලක් නම් නෑ.' Typical lol

    @Kulendra
    අන්න ඒක තමයි මාත් කියන්නෙ!

    @chamila_dealwis
    එයාල වයසක නිසා development ක්ෂය වෙලා ඇති. හිකිස්!

    @Chavie
    'මාත් A/C වලට එතරම් කැමති නෑ'
    ඒකනෙ මල්ලි. ඔයාගෙ නං development හොඳට වෙලා!

    Thanks for your comments guys!

    ReplyDelete
  6. අපේ ඔෆිස් එකෙත් ඔය ප්‍රශ්නෙම තිබ්බා.කට්ටියක් අඩු කරනකොට කට්ටියක් වැඩි කරනවා.ඔය අස්සේ සමහරු Cost Cutting කියලා A/C off කරලාම දානවා.
    අන්තිමේදි A/C machine තුනම කැඩුනට පස්සේ කට්ටියම ෆුල් ආතල් එකේ තැම්බි තැම්බි හිටියා.

    ReplyDelete
  7. hehhee... අපේ ඔෆිස් එක නම් අනේ හරී ශෝයි.. 16 ට දැම්මත් 25 වගේ හොට්..!

    ReplyDelete
  8. @ෆා ද බ්ලොගී:
    හයියෝ ජනෙල් වත් ඇරගත්තෙ නැද්ද ඉතින්!

    @malee_msg
    ෂා මාරයි නෙ. ඒ ජාතියෙ A/C අපෙ ඔෆිස් එකටත් තිබුනනං...

    ReplyDelete
  9. damn...i ve lost my Sinhala fonts...any help please?

    ReplyDelete
  10. @realskullzero
    hehe u gotta be a little more specific than that! did you mean that you couldn't type in Sinhala in this blog? That has happened to me too on blogs though I dont know what causes it..But if you close the browser tab and open again, it usually comes all right.

    ReplyDelete
  11. මරු පෝස්ට් එක. මගේ අරයාටත් ඔය AC පේන්න බෑ. හපෝ මටනං බෑ මේ AC එකේ ඉන්න කියලයි පටන් ගන්නෙ. ඔයා තව හොදයි. එයා ගොඩාාාාක් develop වෙලා හින්ද වෙන්නැති. ;) එහෙම නැතුව පුලුවනෑ මගේ ගෑනු ළමයනේ

    ReplyDelete
  12. @උන්මත්තක
    හිකිස්! ඔව් ඔව් ඉතින් ඔයාට තියෙන්නෙ එයාගෙ ඩෙවෙලොප්මෙන්ට් ටිකක් ඔයාටත් අනුබද්ධ කරගන්නයි!

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Pervert පොසම් සහ හොර පොසම්

ඔස්ට්‍රේලියාවට වසන්ත ඍතුව එළෙඹෙන කාලය යි මේ. අපේ ගෙවත්තේ පිටුපස පීච් ගහම රෝස පාට මල්වලින් පිරිලා. හරියට මේ වගේ .... (img  commons.wikimedia.org ) තව පහු වෙනකොට ඔය පීච් ගහේ ගෙඩි එනවා ය. ඊට පස්සේ එව්වා අපිට රස බලන්න නම් හොර පොසම්ලා ට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරන්න වෙනවා ය! පොසම් කියන්නේ ඕස්ට්‍රේලියාවේ ඉන්න නිසාචර සතෙකි. හරියට ලංකාවේ වඳුරෝ වගේ උන්ගෙන් පලතුරු බේරගන්න බැරි ය. පොසම් එක්ක ඇයි හොඳයි කම් පටන් ගත්තේ ඉස්සර විශ්ව විද්‍යාල  යන කාලේ ඉඳන් ය. ඒ කාලේ මං හිටියේ තව කෙල්ලෝ දෙන්නෙක් එක්ක කාමර තුනේ ෆ්ලැට් එහෙක ය. ඒ ෆ්ලැට් එකේ නාන කාමරේ සිවිලිමට පොඩ්ඩක් යටින් ජනේලයක් විය. ඒ ජනේලේ fly-screen එකක් විය. එතන එළියේ පොඩි පඩියක් විය. අපි එතෙන්ට ගිය දවසේ ඉඳන් ජනේලේ ඇරලා ය. fly-screen එක තිබුණු නිසාත්, අපි හිටියේ උඩ තට්ටුවක නිසාත් අපි ඒ ජනේලේ වැසීම ගැන හිතුවේ නැත. ඔහොම ඉන්න අතරේ ඒ ඇරුණු ජනෙල් පියන සහ fly-screen එක අතර හිඩැසට තව පදිංචිකාරයෙක් ආවේය. ඌ ඇවිල්ලා පොසම් සතෙකි. සමහර විට ඌ ට අතේ ඇති ගානට කුලියට තැනක් හොයා ගන්න බැරි වෙන්න ඇති ය. එහෙම හිතලා අපි අපේ පාඩුවේ නාන කාමරේ වැඩ කටයුතු

Bluetooth support on Android Emulator

I have been playing around with Android lately, and one thing that annoyed me is the emulator does not support Bluetooth (as opposed to J2ME emulator, which does). So if you do not have an actual Android device (like me), and you want to do Bluetooth/WiFi programming, you run in to a problem. Fortunately, there is a way out - Install the Android image on a VM and use your own Bluetooth device. This is what I did: Download Androidx86 from http://www.android-x86.org/ . This is an .iso file, so you'd need something like VMWare or VirtualBox to run it. Me, I use VirtualBox. When creating the virtual machine, you need to set the type of guest OS as Linux instead of Other. After creating the virtual machine, set the network adapter to 'Bridged'. Start the VM and select 'Live CD VESA' at boot. Now you need to find out the ip of this VM. Go to terminal in VM (use Alt+F1 & Alt+F7 to toggle) and use the netcfg command to find this. Now you need open a command

පර්යේෂණ සහ ආචාර ධර්ම අවසරය

පසුගිය සති කීපයකම නිරත වෙලා හිටිය වැඩක ප්‍රතිපල ඊයේ ලැබුණා. ඒ මගේ පර්යේෂණය සඳහා ඕනෑ උන 'ආචාර ධර්ම අවසරය' නැත්නම් ethics clearence එක ලැබීමයි. මගේ පර්යේෂණය මුලික වශයෙන් පරිගණක විද්‍යාව සහ මෘදුකාංග ඉංජිනේරු විෂයන් වලින් කෙරුනත්, මිනිසුන් ද සහභාගී කරවාගෙන කෙරෙන කොටසක් ඇති නිසා තමා මෙහෙම අවසරයක් ගන්ඩ උනේ. ටිකක් පැහැදිලි කරොත්, මේ පර්යේෂණයේ ප්‍රථිපලයක් වන මෘදුකාංග පද්ධතිය නිවැරදිව වැඩ කරනවාද නැද්ද කියන එක තහවුරු කරන්න එක විද්‍යාගාරයක කරලා බලල මදි (සහ කරන්න අමාරුයි). 'හැබෑ ලෝකයේ' එය වැඩ කරන හැටි බලන්ඩ ඕනේ. මගේ පර්යේෂණය 'ස්මාර්ට් තාක්ෂනය' නැත්නම්, කෘතිම බුද්ධිය සහිත ගෘහස්ත පද්ධතියක් (smart home) සම්බන්ධයෙන්. වෙනත් මෘදුකාංග වලට වඩා මේ වගේ පද්ධතියක් හදන කොට ගොඩක්ම සැලකිලිමත් වෙන්න ඕනේ මිනිස්සු මෙහෙම තාක්ෂනෙකට කොහොම ප්‍රතිචාර දක්වයිද කියලා.  හිතන්න, ඔයාලගේ ගෙදරත් කෘතිම බුද්ධියක් නැත්නම් 'ස්මාර්ට්' පද්ධතියක් හයි කරලා කියලා. මේ වගේ පද්ධති වල අරමුණ මිනිසුන්ගේ ජීවිතය පහසු කරන එක. උදාහරණයකට ඔන්න ඔයාගේ 'බුද්ධිමත් ගෙදර' ලව්වා ඔයාට පුළුවන් වෙලාවට ලයිට් දාන