දැන් ඉතින් සීතල යුද්ධය කිව්වාම හිතයිද දන්නෑ අර අමෙරිකාව - රුසියාව අතර තිබුණ (තාම තියෙනවද?) එක වගේ එකක් කියල. මේක මේ එහෙම එකක් නං නෙවේ. මේක A/C ප්‍රශ්නයක්. :D

මේකයි සිද්ධිය - අපේ ඔෆිස් එක දැන් මාස කීපෙකට කලින් තැන මාරු කරා. ඉතින් අලුත් තැනට ආපු දවසෙ ඉඳලා A/C එකට රණ්ඩු.
මෙහේ එක එක තැනට A/C එන්නෙ එක එක විදියට. එක් කෙනෙක්ට වැඩියෙන් - තව කෙනෙක්ට අඩුවෙන්. ඊටත් වඩා මේකෙ උෂ්ණත්වය 25 ට වගේ දැම්මත් මාරම සීතලයි. අනිත් එක මේවයෙ ෆෑන් ඕෆ් කරන්න බෑ. කොච්චරවත් හුළං පාර.

ඔෆිස් එකේ ඉන්න ගෑණු ළමයින්ට ඕනෙ A/C එක අඩූම කරන්න. මටත් පේන්න බෑ මේ කෙහෙල් මල් A/C එක. අපේ වැඩේ ඉතින් අඩු කරනව. අනේ මන්ද ඒ උනාට පිරිමි කට්ටියට තියෙන්නෙ මහ පුදුම A/C පිස්සුවක්. මේ වෙව්ලන තරමට අපිට සීතලයි. එයාල ගිහින් තව වැඩි කරනව.

reproduce වෙන්නෙත් නැති බග් එකක් හොයල හොයලම මොළේ කචල් වෙලා තියෙන වෙලාවට තව ඒ අස්සෙ හිම මිදෙන තරං හීතල හුළං පාර වදිනකොට ඉතින්!!

මං ඉන්න තැනට කෙළින්ම පොල්ලෙන් ගැහුව වගේ A/C. ඊටත් ඔළුවට මයි වැදෙන්නෙ. දැන් ඉතින් මං අර එස්කිමෝල වගේ hoodie sweater එකක් ඇඳගෙන ඉන්නෙ. නැත්නං හීතලේ මැරෙයි.

ඇත්තටම පිරිමින්ට මෙච්චර හීතලේ ඉන්න ඕනෙ ඇයි?? මං දැක්ක කොහෙද තිබුන එයාලගෙ සීතලට සංවේදනය වෙන මොළේද කොහේද තැනක් ගෑණු අයගෙ තරම් develop වෙලා නැතිලු. මං මේක මගෙ ඔෆිස් එකේ යෙහෙළියකට කිව්වාම ඇය කිව්වෙ මෙහෙම කතාවක් :

"හ්ම්ම් කොහොමත් ඒ ගොල්ලොන්ගෙ ගොඩක් දේවල් develop වෙලා නෑ තමයි"

හික්!

11 Responses to "අපේ ඔෆිස් එකේ සීතල යුද්ධය"

  1. Azrael Says:

    හා හා හරි හිනා, ඔව් අපි develop වෙලා අඩු හින්ද තමයි අපි simple එකෙ ආතල් එකේ ඉන්නෙ. නෑව ගිලුනත් බෑන්ඩ් චූන්!!! :)

    අපේ office එකෙ ගෑනු ලමයි ටිකත් හිටපු ගමන් jersey පොරොගෙන ඉන්නව, හෑබෑයි කියන තරම් සීතලක් නම් නෑ.

    cheers and tc. don't get a cold from the cold he he :D

  2. Kulendra Says:

    I guess this is common in all offices in SL :) One of my friends made a comment on one such incident; 'Umbala inne hariyata ammage bade innakotath AC daagena hitiya wage' ;)

  3. chamila_dealwis Says:

    අන්තිම පේළියට හිනා වෙන්න ඕනෙද?

    මම කාලයක් වැඩ කලා බැංකුවක. එතනනම් a/c වැඩි කරන්නේ වයසක ගෑණු අය. නිතරම remote එක අතේ.

  4. niroshinie Says:

    @Azrael:
    'කියන තරම් සීතලක් නම් නෑ.' Typical lol

    @Kulendra
    අන්න ඒක තමයි මාත් කියන්නෙ!

    @chamila_dealwis
    එයාල වයසක නිසා development ක්ෂය වෙලා ඇති. හිකිස්!

    @Chavie
    'මාත් A/C වලට එතරම් කැමති නෑ'
    ඒකනෙ මල්ලි. ඔයාගෙ නං development හොඳට වෙලා!

    Thanks for your comments guys!

  5. ෆා ද බ්ලොගී Says:

    අපේ ඔෆිස් එකෙත් ඔය ප්‍රශ්නෙම තිබ්බා.කට්ටියක් අඩු කරනකොට කට්ටියක් වැඩි කරනවා.ඔය අස්සේ සමහරු Cost Cutting කියලා A/C off කරලාම දානවා.
    අන්තිමේදි A/C machine තුනම කැඩුනට පස්සේ කට්ටියම ෆුල් ආතල් එකේ තැම්බි තැම්බි හිටියා.

  6. malee_msg Says:

    hehhee... අපේ ඔෆිස් එක නම් අනේ හරී ශෝයි.. 16 ට දැම්මත් 25 වගේ හොට්..!

  7. niroshinie Says:

    @ෆා ද බ්ලොගී:
    හයියෝ ජනෙල් වත් ඇරගත්තෙ නැද්ද ඉතින්!

    @malee_msg
    ෂා මාරයි නෙ. ඒ ජාතියෙ A/C අපෙ ඔෆිස් එකටත් තිබුනනං...

  8. realskullzero Says:

    damn...i ve lost my Sinhala fonts...any help please?

  9. niroshinie Says:

    @realskullzero
    hehe u gotta be a little more specific than that! did you mean that you couldn't type in Sinhala in this blog? That has happened to me too on blogs though I dont know what causes it..But if you close the browser tab and open again, it usually comes all right.

  10. උන්මත්තක Says:

    මරු පෝස්ට් එක. මගේ අරයාටත් ඔය AC පේන්න බෑ. හපෝ මටනං බෑ මේ AC එකේ ඉන්න කියලයි පටන් ගන්නෙ. ඔයා තව හොදයි. එයා ගොඩාාාාක් develop වෙලා හින්ද වෙන්නැති. ;) එහෙම නැතුව පුලුවනෑ මගේ ගෑනු ළමයනේ

  11. niroshinie Says:

    @උන්මත්තක
    හිකිස්! ඔව් ඔව් ඉතින් ඔයාට තියෙන්නෙ එයාගෙ ඩෙවෙලොප්මෙන්ට් ටිකක් ඔයාටත් අනුබද්ධ කරගන්නයි!

Post a Comment