Skip to main content

Posts

ආදර භූතයා

ගොඩක් අය 'භූතයන්ට' භයයි නේ. දැන් ඔය සමහර ඉඩම් වලට ගෙවල් වලටත් 'භූත දෝෂ' කියන ඒවා තියෙනවා කියල සමහර යට හරි හරි ප්‍රශ්න වෙනවනේ. හැබැයි  'බහුභුතයෝ' ඊට වෙනස්. බහු භූතයා කියන්නේ නිකම් 'ජෝකර්' කෙනෙක්ට වගේ නේද? සමහර මෝඩ චාටර් වැඩ කරන අයට 'මොන බහුබුතයෙක්ද' කියල බනිනවා ඇහිලා තියෙනවා. ඒ උනාට කාට හරි හම්බ වෙලා තියෙනවද ' ආදර භූතයෙක් '? :D :D මේ ආදර භූතයා මට හම්බු උනේ ඉස්කෝලේ යන කාලේදී. මට මතක හැටියට මම දහය වසරේ විතර. අපේ ඉස්කෝලේ තියෙන ප්‍රධාන හෝල් එකේ පොඩි කොරිඩෝර් එකක් වගේ කෑල්ලක් තියෙනවා...මම හිතන්නේ එක අර වේදිකාව යටින් යන හිස් ඉඩක් වගේ එකක්. ඔය passage ways, dressing room එකටත් සම්බන්ධයි. හෝල් එකේ මේ පැත්තෙන් රිංගුවාම අනෙක් පැත්තෙන් මතු වෙන්නේ. පොඩ්ඩක් අවුල් වගේ නම් වේදිකාව යටින් යන පොඩි බිම් ගෙවල් පද්ධතියක් වගේ එකක් මවාගන්ඩකො. මම හිතන්නේ auditorium හෙවත් ශ්‍රවනාගාර වල එහෙම තමයි හදන්නේ. මේ පින්තුරේ යට දකුණු කෙලවරේ තියෙන්නේ වේදිකාව යටින් යන චුටි උමගක් වගේ ඒවා... image from :http://www.videoccasions-nw.com/history/cst/audiview.gif ...

Cylon memories: paying to get scared!!

Warning: Only fans of Battlestar Galactica will relate to some things in this post. Other people...ah well we cannot expect everyone to have good taste in TV :P It always surprises me how much we like to be scared. We may call it 'thrilling' but in all honesty, when I was screaming my ass off on this roller coaster so aptly named the Cylon ride, I was not thrilled. I was scared. I was absolutely, mindlessly, scared.  But then again I did not shut my eyes. Nor did I cry (which is more than I can say for some other passengers on the Cylon ride! hah! Aren't I brave?) So perhaps I was not actually terrified either. Also, if I was really scared shitless then why do I find myself wishing that I could go again? Anyone who plans to visit Singapore, if you love rollercoasters, and BSG, do pop in to Universal Studios! They have this AWESOME BSG themed twin rollercoaster. One is named Human, and the other one is Cylon. Having been informed by previous riders, I chose the Cylon r...

We got hitched! අපිත් බැන්ද ලු!!

    අපි බැන්ද දවස ගොඩක් විශේෂයි. එකක්, එදාට අවුරුදු 30 කට කලින් තමයි මගේ අම්මයි තාත්තත් හා හා පුරා කියල අමාරුවේ වැටුනේ. :D අනිත් එක, මගේ අලුත් අම්ම ගේ උපන් දිනෙත් එදාම යි... හෙට අනිද්දා බඳින්න ඉන්න අයට පුංචි දෙයක් කියන්න හිතුව... වෙඩින් එක කියන්නේ චිත්‍රපටියක් නෙවෙයි. උත්සවයක්. ඉතින් හොඳම දේ තමයි තමන්ගේ මගුල් ගෙදර හොඳට එන්ජෝයි කරන එක.  ඕනවට වඩා විච්චුරණ වැඩ කෑලි දාගත්තම ඒක කරන්න වෙලා මදි වෙනවා. ඕන නැති වියදමුත් එනවා. අන්තිමට කපල් එකට හොඳටම මහන්සියි. ආපු මිනිස්සු එක්ක පොඩ්ඩක් කතා කරලා, ඩාන්ස් කරන්න වත් වෙලා නැහැ. පටන් ගත්තු වෙලේ ඉඳන් ෆොටෝ ෂූට් විතරයි. අපේ මගුල් ගෙදර වෙඩින් කේක් කපන්න, කිරි කළ, ෂැම්පේන් වක් කරන ඒවා, කතා පවත්වන ඒවා, නැටුම් කණ්ඩායම්, කරන්න මම කැමති උනේ නැහැ. ගොයින් අවේ වෙනින් ඇඳුම් මාරු කරේ නැහැ මට ඒ වෙලාවක් තිබුනේ නැති නිසා. අනිත් එක හෝම් කමින් එකකුත් ගන්න නිසා, ඔය පොඩි වෙලාවට ඕකට වියදම් කරන්නත් මට ඕනෑකමක් තිබුනේ නැහැ. අන්දන්න ගියේ පැය 2.5 වගේ කාලයක්...ඉතින් මට කිසිම අමාරුවක්, මහන්සියක් තිබුනේ නැහැ වෙඩින් එක පුරාවට. ඇත්තටම ම...

බෙයිජිං හි සත් දිනක් 2 : මහා ප්‍රාකාරය සහ අති විශේෂ චීන වැසිකිළි සමඟ තවත් කතා

<<බෙයිජිං හි සත් දිනක් 1 චීන මහා ප්‍රාකාරය බෙයිජිං වල ඇවිද්ද තැන වලින් හොඳම අත්දැකීම තමයි චීන මහා ප්‍රාකාර ගමන. මේකේ සමහර කොටස් විතරයි සංචාරකයන්ට යන්න දෙන්නේ. මොකද සමහර තැන් මේ වෙද්දී අනතුරුදායකයි. විශේෂයෙන්ම ශීත කාලේදී හිම නිසා. බෙයිජිං වල අපි හිටපු හොටෙල් එකේ ඉඳල පැයක් වගේ ඩ්‍රයිව් එකක දුරින් තිබුණු එහෙම සංචාරකයන්ට විවෘත Badaling හි ප්‍රාකාර කොටසට තමයි අපි ගියේ. ප්‍රාකාරය උඩට භාගයක් දුරට කේබල් කාර් එකකින් ගිහින් එතන ඉඳන් පයින් යන්න පහසුකම තියෙනවා. ගොඩක් තැන්වල නැග්මේ තිබුනේ දළ බෑවුමක්. ඒ නිසා නගින්න ටිකක් අමාරුයි. ඒ තැන් බහිද්දී කරන්න ඕනේ දුවගෙන දුවගෙන යන එකයි. නැත්නම් හිමින් බහින්න ගියොත් අමාරු වෙනවා. චීන මහා ප්‍රාකාරය නම් යන්න පුළුවන් නම් හැමෝම ජීවිත කාලය තුල බලන්න ඕනේ එකක් කියල මට හිතෙන්නේ. මුදුනට ගිහින් ඇහැට පෙනෙන තෙක් මානේ කඳු පන්ති හරහා කඳු කපාගෙන යන ප්‍රාකාරය දකින කොට මිනිස් හැකියාවේ ශක්තිය ගැන පුදුමයක් ඇති වෙනවා. විශේෂයෙන්ම මේක හදල තියෙන කාලයේ තිබුණු තාක්ෂණික මෙවලම් සහ, භූ විෂම තාවේ දුෂ්කරතා සැලකිල්ලට ගත්තම. මේකේ පෙනෙන මුර කුටි ව...

බෙයිජිං හි සත් දිනක් 1: හිමෙන් වැසුනු තහනම් නගරය සහ වෙනත් කතා

ගිය අවුරුද්ද අන්තිමේ බෙයිජිං යන්න හම්බුණා හදිසියෙන්. එහෙ පැවැත් උණු සම්මන්ත්‍රණය ට සහභාගී වෙන්න තමයි ගියේ. චීන වීසා සන්නිය  හදිසියේ යන්න උණු නිසා  වීසා හදන්න තිබ්බේ මාසයක් වගේ අඩු කාලයක්. ඒ සම්මන්ත්‍රණය 'A' ශ්‍රේණියේ එකක් නිසා තමයි දඩි බිඩි ගාල වදෙන් පොරෙන් හරි එහෙ ගියේ. හැබැයි ඇත්තම කියනවා නම මට අන්තිමට වීසා හම්බුනත් ආයේ නම් A ශ්‍රේණියේ නෙවෙයි මොන මගුල උනත් චීනෙට නම් යන්නෙම නෑ කියල හිතෙන තරමට චීන මෙල්බන් කොන්සුලේට් එක විකාරයක් කරා. සම්මන්ත්‍රණයකට යනවා නම් එයාලගේ හැටියට බිස්නස් වීස ගන්න ඕනෙලු. ඒක ගන්න චීන ආණ්ඩුවෙන් ලියුමක් ඕනේ. ඒකත් නිකම් ඊ මේල් කරලා බෑ. තැපැල් කරලා ඕනේ. හැබැයි ඔව්ව එයාලගේ වෙබ් සයිට් එකේ නෑ. එතෙන්ට ගිහාම තමයි ඔය බණේ කියන්නේ...ඉතින් ඔන්න කොහොම හරි කරලා ඉතින් චීනෙට ගියා ලු :D දැන් කියන්න යන්නේ එහෙ ගිහින් දැකපු කරපු දේ ... හිම හිම හිම! මේ කාලේ චීනෙට සිසිර ඉර්තුව. බෙයිජිං තියෙන්නේ උතුරට වෙන්න නිසා හොඳටම සීතලයි. හිම වැටිලා හැම දෙයක්ම සුදු පාටයි. උදේට බලද්දී හැම දෙයක්ම හිමෙන් වැහිලා ලෝකෙ...

සයිනස් අමාරුව තියෙන අයට (ඔලුව කැක්කුමට විසඳුමක්)

ගොඩක් සෙම අමාරු තියෙන අයට හැදෙන ලොකු ලෙඩක් තමයි ඔය සයිනස් නිසා ඇතිවෙන ඔලුව කැක්කුම.  මට නම් ගොඩක් වෙලාවට ඉස්සර තද රස්නේ වෙලාවට එලියට ගිහින්, ඊට පස්සේ ආයේ A/C ඇතුලට ගියොත් අනිවාර්යෙන් ඔලුව රිදෙන්න ගන්නවා. නැත්නම් හදිසි කාලගුණ වෙනසක් උනොත් - ඒ කියන්නේ එක පාරටම උෂ්ණ ඉඳන් සීතලට මාරු උනොත්, හරි සීත ඉඳන් උෂ්නට මාරු උනොත් හරි, ඒත් ඉවරයි. නැතිනම් රෑට අයිස්ක්‍රීම් කෑවොත්... මේක තියෙන අය අත්දැකීමෙන් දන්නවා මේ හිසරදේට පැනඩෝල් වැඩ කරන්නේ නැහැ කියල. ඔන්න ඉතින් මේකෙන් 100% ගැලවෙන්න ඔය කිසිම පේන් කිලර්ස් මුකුත් නැති ක්‍රමයක් කියන්නයි යන්නේ. මට මේක කියල දුන්නේ දොස්තර මහතෙක්. දැන් අවුරුදු පහක් තිස්සේ මට නම් මේක හොඳටම වැඩ... ක්‍රමයක් කිව්වට මෙතන අනුගමනය කරන්න ඕනේ දේවල් දෙකක් තියෙනවා. 1) උදේට ඇඟ හොදද්දී බලන්න කොන්ඩේ තෙමෙනවද කියල. විශේෂෙන් ඔලුවේ පිටිපස්සේ අග හරියේ කොන්ඩේ. එහෙම තෙමෙනවනම් ඒක වලක්වගන්න. හොඳම දේ ෂවර් කැප් එකක් පාවිච්චි කරන එක. 2) හැමදාම ඔලුවෙන් හිට ගන්න. දැන් ඉතින් හිනාවෙන්න එපා. ඔලුවෙන් හිටගන්න කිව්වට මෙන්න මේ යෝගා අභ්‍යාසේ තමා කරන්න කිව්වේ . (ඒකෙ ඉ...

සම අයිතීන්

එහෙට යනවා නම් ඔයා කොට කලිසම් එහෙම ඇඳන් එන්න එපා ඇයි? ඇයි කියන්නේ හවසට ෆෝමල් විදිහට විතරයි යන්න දෙන්නේ. එතකොට ඔයා මොකද්ද අඳින්නේ? ආ මමද? මම ඉතින් මොකක් හරි පොඩි කොට කෑල්ලක් ඇඳන් එන්නම්. මාර කෙළියක්නේ . දැන් මට කොට කලිසම් අඳින්න එපා කිව්වේ. ඔව් ඉතින් ගෑනු ළමයි එහෙම ඇන්දට කමක් නැහැ. ඕගොල්ලොන්ට තමයි බැරි. අනේ අම්මප...ඔය දැක්කද..ඔහොම තියාගෙනත් නේ මේගොල්ලෝ සම අයිතීන් ඉල්ලන්නේ. අපි සම අයිතීන් ඉල්ලන්නේ ඕගොල්ලෝ වෙනුවෙන් අනේ. ? නෑ ඉතින් අපිට දැනටත් තියෙන ඕගොල්ලොන්ට නැති අයිතීන් ටික ඕගොල්ලොන්ටත් එතකොට හම්බෙයි නේ ..:D :D $%%#?!!!!!! ඔන්න කට්ටියට තේරුනේ නැත්නම් : ගොඩක් හොටෙල් වල රෑ කෑමට යනකොට සෙමි ෆෝමල් වගේ ඇඳන් හිටියේ නැත්තනම් ඇතුලට යන්න දෙන්නේ නැහැ. හොටෙල් එකේ නැවතිලා ඉන්න අයට උනත්. ඒ කිව්වේ ඉතින් කොට කලිසමක් ඇඳන් රබර් සෙරෙප්පු දෙකක් දාල වගේ නම් යන්න දෙන්නේ නෑ. හැබැයි ඉතින් ඕක වැඩියෙන් බලපාන්නේ පිරිමි අයට තමයි. ගැනු කෙනෙක් ඉතින් ඔය මොක ඇඳන් ගියත් (රබර් සෙරෙප්පු ඇරෙන්න) වැඩිය ගානක් නැහැ. මේක ගැන ගොඩක් කොල්ලෝ කම්ප්ලේන් කරනවා! :D :D ප ලි : මෙය මනඃකල්පිත දෙබසක් ...