මෙල්බන් තුරඟ තරඟ නිසා දිග සති අන්තයක් ලැබුනා. අපි ඒ නිවාඩුවට වික්ටෝරියා ප්‍රාන්තයේ පිටිසර පැත්තකට ගියා. ඒ පැත්තේ තියෙනවා විල්සන්ස් ප්‍රොම් කියන රක්ෂිත වනෝද්‍යානය. නැවතුනේ කිරි ගොවිපොළක. අක්කර 1140 ක්. ඒකෙ අයිතිකාරි හරිම ප්‍රියමනාප, ආගන්තුක සත්කාරයට ලැදි, අවුරුදු 60 ක විතර ඕස්ට්‍රේලියානු ගැමි කාන්තාවක්. ඇය කිව්වේ ඈ ඒ වගේ ගොවිපොළකම ඉපදිලා ජීවිතේම පිටිසර ගත කල බවත්, නගරෙට යන්න කිසි කැමැත්තක් නැති බවත්. එයා ට දූ ල තුනයි එක පුතයි. ළමයි හතර දෙනාටම ඒ වගේ විසාල ගොවි පොළවල් හතරක්. ඒ හැම එකක්ම බැංකු ණය අරං බිංදුවෙන් පටන් ගත් ඒවා. ඇගේ ගොවිපොලත් සැමියා එක්ක පටන් අරන් තියෙන්නේ අක්කර 100 න්... එයාම ඉදිරිපත් වෙලා අපිව එයාගේ වත්තෙයි ගොවිපොලෙයි එක්කන් ගියා. වත්තේ ඇවිදින ගමන් පලතුරු කඩ කඩා කන්නට දුන්නා. ගෙදර එනකොට කලින්දා දාපු බිත්තරත්, එවෙලේම කපපු එළවලුත්, එයා ගේ 'හෝම් මේඩ්' රුබාබ් ෂැම්පේන් බෝතලේකුත් තෑගී දුන්නා. ඇත්තටම තව මොනවා හරි ඕනෙද කියලත් පෙරැත්ත කරමින් ඇහුවත්, ඇයගේ ත්‍යාගශීලී ගුණය exploit කරන්න අපිට හිතුනේ නැහැ. මේ හැම දේකින්ම මට පෙනුනේ ඈ මහන්සි වෙලා වැඩ කරන, කාරුණික කාන්තාව...
Just some random arrows of thought...