Pages

Wednesday, October 21, 2015

වසන්ත අකරතැබ්බ - මල් වලට වෙඩි තියමු!

මේ දවස්වල අපි ඉන්න පැත්තට වසන්තය ලබලා.
වසන්ත කාලෙට මල් පිපිලා ගස් වල දළු දාල එනවා කියල හැමෝම දන්නවනේ. ලංකාවේ සමහර කට්ටිය හිතන් ඉන්නේ මෙල්බන් කිව්වාම කොන්ක්‍රීට් වනාන්තරයක් කියලා. ඒ උනාට ඇත්ත කතාව නම් මෙහෙ ගස් වැල්, වන සතුන් ගෙන් පිරිලා.


මේ අතීතයේ හෙළයන් විසින් මෙල්බන් හි ගොඩනැගු සිරිසඟබෝ ප්‍රතිමාවක් ... නොවේ.
 
ගස් වැල්, උද්‍යාන තියෙන එක හරිම හොඳ දෙයක් උනාට, පරාග අසාත්මිකතා තියෙන අන්ත අසරණ කට්ටියට නම් වසන්ත කාලෙට ඒ ගස් වැල්, උයන් වලින් හරිම අපලයි.
වසන්තයේ තණකොළ කපන සුවඳ එනකොටම පරාග අසාත්මිකතා කාරයන්ට වැඩේ සෙට් වෙනවා.

හචිස් හචිස්!
ඇස් රතු වෙනවා. කඳුළු පිරෙනවා.
උගුර රිදෙන්න ගන්නවා.
දවස් දෙකකින් ටිෂු පෙට්ටිය ඉවරයි. ඒ මදිවට උගුර රිදෙන නිසා කතා කරන්න බෑ. ඇඟ ත් රිදෙනවා.

අනේ පව් අපි :(

තණකොළ කපන සුවඳට සමහරු ආසයි.
මමත් ආස සුවඳ ජාති තියෙනවා. ලයිස්තුවේ උඩින්ම තියෙන්නේ පිච්ච මල් සුවඳ.
මම කලින් ඉගෙන ගත් විශ්ව විද්‍යාලයේ ගොඩනැගිලි දෙකක් යා කරන දෙවෙනි මහලේ පාලමක් අතරින් යනකොට පිච්ච මල් සුවඳින් නහය පිරෙනවා. ඒ පාලම දෙපැත්තෙන් ආරුක්කු හදලා උසට වැවුණු පිච්ච මල් වැල් නිසයි. මල් පිපෙන වසන්ත කාලෙට එතැන සුරංගනා ලෝකයක් වගේ.

පිච්ච මල් ගැන කියන්න ගිහින් ට්‍රැක් එක පැන්නා නේ.

Won't you come into the garden? I would like my roses to see you
තණකොළ විතරක් නෙමෙයි පිච්ච වගේ මල් ගස් වලිනුත් පරාග හැදිලා පරිසරයට නිකුත් වෙනවා. පරිසරයේ උණුසුම වැඩි වෙන කාලෙට වැඩි වැඩියෙන් පරාග නිෂ්පාදනය වෙනවලු. පහුගිය දවස් වල මම මෙල්බන් වල අත්වින්ද රස්නේම ඔක්තෝම්බර් දින කිහිපයේදී මගේ හචිස් හචිස් එක උග්‍ර උන නිසා මේ කතාව ඇත්ත කියල හිතන්න පුළුවන්.

මේ 2011 වසන්තයේ කැන්බරා වල ෆ්ලොරියාඩ් මල් ප්‍රදර්ශනයේ පින්තුරයක් 
මේ පරාග අසාත්මිකතා වලට ඉතින් බෙහෙත් නැහැ. පාලනයක් තමයි කරන්න පුළුවන්. වසන්තය ලබන කොට මෙහෙ ෆාමසි වල මේවට ඇන්ටි හිස්ටමින් පෙති, නහයට ගහන ස්ප්‍රේ වගේ දේවල් සුලබව දකින්න පුළුවන්.
හොඳම දේ පරාග වාරය පටන් ගන්න පොඩ්ඩකට කලින් ඉඳන්ම මේ පෙති/ස්ප්‍රේ පාවිච්චි කරන එක ලු. එතකොට හැදෙන්නෙම නැහැ ලු. හැබැයි ඉතින් පරාග වාරේ ඉවර වෙනකම් ම දිනපතා ඒවා ගන්න ඕනේ. ඒ කියන්නේ සැප්තැම්බර් අග ඉඳන් දෙසැම්බර් මුල වගේ වෙනකම්.

මේ අසාත්මිකතා හැමෝන්ටම හැදෙන්නේ නැහැ. බෝවෙන්නෙත් නැහැ. පරම්පරාවෙන් යන එකක් වෙන්න පුළුවන් කියල අහල තියෙනවා.
මේ මගේ විෂය නෙමෙයි නිසා මට මේ ගැන තියෙන්නේ එහෙන් මෙහෙන් කියවලා අහුලා ගත්තු දැනුමක්. ඒ නිසයි මම 'ලු', 'අහල තියෙනවා' කියල ලියන්නේ. කොහොමත් නොදන්න දේවල් දන්නවා වගේ කියන්න මම කැමතිම නැහැ! 

පරාග කියන්නේ ස්වභාවික පරිසරයේ තියෙන දෙයක්. අද ඊයේ පහල උණු දෙයක් නෙමෙයිනේ. 
එතකොට මිනිස්සු පරිසරය එක්ක ගනුදෙනු කරන්න අරන් ගොඩක් කල්. ඉතින් මම මේ කල්පනා කරන්නේ ඇයි මෙහෙම සමහර මිනිස් සිරුරු හැඩ ගැහිලා තියෙන්නේ කියලා. මොකද්ද මේ 'පරාග අසාත්මිකතා' වල අරමුණ?
Source: tumbler

පැහැදිලිවම 'බග්' එකක්!

8 comments:

  1. ලස්සන විස්තරයක්. මෙල්බර්න් ලස්සන නගරයක්. කීප පාරක් සංචාරය කරන්න ලැබුණා. සුපර් මාර්කට් වල එහෙන් මෙහන් සිංහල වචන ඇහෙනවා. දෙසැම්බර් වල සෙන්ටිග්‍රේඩ් පනහට වගේ උශ්ණත්වය නගින කොට නම් පොඩ්ඩක් අවුල්.

    ReplyDelete
    Replies
    1. මෙල්බර්න්වල උෂ්ණත්වය මං දන්නා තරමින් කවදාකවත් පනහට ගිහින් නෑ

      Delete
    2. ස්තුතියි ඉයන්...ඔව් මෙල්බන් වල ලොකු ලාංකික කමියුනිටි එකක් ඉන්නවා නේ.

      රසික හරි...50 ට නම් ගිහිං නෑ. හතලිස් ගණන් තමයි වැඩිම. ඒ උනත් ලංකාවේ රස්නෙට වඩා මේ රස්නේ අමාරු ගතියක් තියෙනවා. අව්ව හරිම සැරයි. ඉයන්ට 50 ක් වගේ තේරුනේ ඒ නිසා වෙන්න ඇති.

      Delete
  2. මාත් පව් ගොඩේලු. :(

    ReplyDelete
    Replies
    1. පව් නේද අපි :(
      Here, have a Telfast or a Nasonex. What else to do!

      Delete
  3. මේ ළමයා හරි ලෙඩ ළමයෙකු වගෙයි!

    ReplyDelete
    Replies
    1. අපේ අම්මත් නිතරම කියනවා !

      Delete