මෙල්බන් තුරඟ තරඟ නිසා දිග සති අන්තයක් ලැබුනා. අපි ඒ නිවාඩුවට වික්ටෝරියා ප්‍රාන්තයේ පිටිසර පැත්තකට ගියා. ඒ පැත්තේ තියෙනවා විල්සන්ස් ප්‍රොම් කියන රක්ෂිත වනෝද්‍යානය. නැවතුනේ කිරි ගොවිපොළක. අක්කර 1140 ක්.
ඒකෙ අයිතිකාරි හරිම ප්‍රියමනාප, ආගන්තුක සත්කාරයට ලැදි, අවුරුදු 60 ක විතර ඕස්ට්‍රේලියානු ගැමි කාන්තාවක්.
ඇය කිව්වේ ඈ ඒ වගේ ගොවිපොළකම ඉපදිලා ජීවිතේම පිටිසර ගත කල බවත්, නගරෙට යන්න කිසි කැමැත්තක් නැති බවත්. එයා ට දූ ල තුනයි එක පුතයි. ළමයි හතර දෙනාටම ඒ වගේ විසාල ගොවි පොළවල් හතරක්. ඒ හැම එකක්ම බැංකු ණය අරං බිංදුවෙන් පටන් ගත් ඒවා. ඇගේ ගොවිපොලත් සැමියා එක්ක පටන් අරන් තියෙන්නේ අක්කර 100 න්...
එයාම ඉදිරිපත් වෙලා අපිව එයාගේ වත්තෙයි ගොවිපොලෙයි එක්කන් ගියා.
වත්තේ ඇවිදින ගමන් පලතුරු කඩ කඩා කන්නට දුන්නා. ගෙදර එනකොට කලින්දා දාපු බිත්තරත්, එවෙලේම කපපු එළවලුත්, එයා ගේ 'හෝම් මේඩ්' රුබාබ් ෂැම්පේන් බෝතලේකුත් තෑගී දුන්නා. ඇත්තටම තව මොනවා හරි ඕනෙද කියලත් පෙරැත්ත කරමින් ඇහුවත්, ඇයගේ ත්‍යාගශීලී ගුණය exploit කරන්න අපිට හිතුනේ නැහැ.
මේ හැම දේකින්ම මට පෙනුනේ ඈ මහන්සි වෙලා වැඩ කරන, කාරුණික කාන්තාවක් විදියට.
ඒ උනත්... කිරි ගොවිපොළේ එළදෙනුන් ගැන නම් ඇහුවේ දුක හිතෙන කතාවක්.
අපි බලන් හිටියා එළදෙනුන් පේලියට ඇවිත් කිරි පොම්ප තියෙන කැරකෙන වේදිකාවට නගින හැටි.
උන්ගේ තන බුරුල්ල අසාමාන්‍ය විදියට ලොකුයි. අයිතිකාර කාන්තාවම කිව්වේ ඒ කිරි එළදෙනුන් උපරිම කාර්යක්ෂමතාවෙන් කිරි දෙන්නටම හෝමෝන, බෙහෙත්, එහෙම දීල හදල තියෙන බව. අච්චර අසාමාන්‍ය ලොකු තන බුරුල්ලක් තියෙන්නේ ඒ නිසාලු. ඉතින් එහෙම නිසා උන්ගේ ඇඟේ 'බැලන්ස්' එක නැති වෙලා උන් ඉක්මනට දිරාපත් වෙලා මැරෙනවා ලු.
ඊ ළඟට ඇඟ හිරි වැටෙන කතාව උන්ට ඉපදෙන වහු පැටව් ගැන.
පැටියා පිරිමි නම් ඌ ව තියන් ඉන්නේ නෑ ලු...ඒ මොකද උන්ගෙන් ගොවිපොළට ලාභ ලැබෙන්නේ නැති නිසා. ඉතින් උන්ව ඉක්මනටම මසට මරණ බවයි දැනගන්නට ලැබුනේ.
ගැහැණු වහු පැටවූ ගාලක් ළඟට ත් අපි ගියා. සති 1-2 ඉඳන් පැටවූ එතන හිටියා. උන්ට අම්මා ගෙන් කිරි උරා බොන්න දෙන්නේ නැහැ. උන්ගේ කූඩු වල බෝතල් හයි කරලා තියෙනවා. ඒවාන් තමයි උන් කිරි බොන්නේ.
අයිතිකාර කාන්තාව මෙහෙම කිව්වා :
"මෙයාල තව ටිකක් ලොකු උනාම අපි මුන්ව තණ පිට්ටනියට නිදහස් කරනවා. එදාට මෙයාල දූවන හැටි බලන්න ඕනේ! අම්මෝ හරී වේගෙන් එතකොට තණ පිට්ටනියට දුවන්නේ"
මේ අසරණ සත්තු ජීවිත කාලෙම හිත් පිත් නැති 'කිරි මැෂින්' ටිකක් වෙලා කිරි දීලා දීලා මැරිලා යනවා.
අපි මේ රස කර කර බොන්නේ නැවුම් කිරි ද? කඳුළු ද? කියලා මට හිතුනා.
ප ලි:
තුරඟ තරඟ වලින් පස්සේ හැමදාම මිය ගිය අසුන් ගැන දැන ගන්නට ලැබෙනවා. මේ සැරෙත් එහෙම වෙලා කියලා දැක්කා. මිනිස්සුන්ගේ ඕනැ එපාකම් වලට කතා කරන්න බැරි සත්තු මැරෙනවා. කොහෙත් තැලෙන්නේ දුබලයා තමයි.
ප ප ලි:
මේ සමහර ගැහැණු වහු පැටවූ චීනේට විකුණන බවත් කිව්වා. මතක් උනේ අංකල් ටොම්ස් කැබින් පොත. ඒකෙ ඉන්න සමහර වහල්ලු ත් හොඳට කන්න දීල හොඳ ගානකට විකුනනවා. සමහර වෙලාවට පවුලේ තාත්තා එක්කෙනෙක්ට, අම්මා තව එක්කෙනෙක්ට, ළමයා තවත් එක්කෙනෙක්ට විකුනනවා.

වසු පැටියන් මසට මැරීම ගැනනම් දුකයි.ඇත්ත තමයි. ඔය සමහර රටවල ගෑණු දරුවොත් ඉපදුනාම මරන්නේ. ඔස්ට්‍රේලියාවේ බොහෝ එළදෙනුන් වර්ග දිනකට කිරි ලීටර් 40 -60 ක් වැනි ප්‍රමාණයක් ලබා දෙනවා නේද? එවන් කිරි ප්‍රමාණයක් එළදෙනගේ පැටවාට අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩියි නේද? වැස්සි පැටියාගේ වර්ධනය ගැනත් ඔවුන් සොයා බලනවා. එම නිසා ඔවුන්ට පෝශණ ඌනතාවයක් නැහැ කියන එක තමයි මගේ අදහස.
ReplyDeleteඔව් ඉයන්. මේ ගොවිපොලෙත් කිරි ලීටර් 60 ක් විතර එක්කෙනෙක්ගෙන් ලැබෙනවා කිව්වා. ඔව් වහු පැටියන්ට ඔක්කොම ප්‍රතිශක්තිකරන එන්නත් ,බෙහෙත් එහෙම ඔක්කොම දෙනවා. ඒත් උන්ව 'ඔප්ටිමයිස්' කරන්නේ පුළුවන් තරම් කිරි එරෙන්න මිසක් උන්ගේ ජීවිතය සුවෙන් ගතකරන්න නෙමෙයි. ඒ නිසයි උන්ට සාමාන්‍ය එළදෙනෙක් ට තරම් ආයු කාලයක් නැත්තේ සහ සාමාන්‍ය එළදෙනෙක්ට හැදෙන්නේ නැති ලෙඩ හැදිලා මැරෙන්නේ.
Deleteවහු පැටව් මැරීම ලංකාවෙත් වෙනවා. ගිය සතියේ පත්තරේකත් ඔය ගැන ගියා.. මෙහෙමයි අපි ගව පාලනය තහනම් කර නැතිනම්, ගව පාලනය නිසි පරිදි කරගෙන යන්න ඒ අයට ප්‍රා යෝගිකව ඒ දේ කරන්න වෙනවා.. පව් තමයි.. පොඩි සතුන්..
ReplyDeleteඔව් ගොවිපොළ කරන අයට දොස් කියනවා නෙමෙයි. එහෙම කරේ නැත්නම් මේ ගානට පාරිභෝගිකයාට කිරි විකුනන්නත් බැහැ. ඒ උනත් උනුත් හිත් පිත් තියෙන ප්‍රාණීන් ටිකක් නේ :(
Deleteඇත්ත නිරෝ...ඒත් අපිට වඩා ඒ මිනිස්සු සත්තුන්ට ආදරෙයි කියලා හිතෙනවා.
ReplyDeleteපිටිසරට වෙන්ට මිනිස්සුන්ගේ පොඩි ලැජ්ජා ගතියකුත් තියෙනවනේ?
හැක්. ඒ කියන්නේ ටවුනු එකේ ඉන්න පොඩ්ඩිලා සෝසල්..
Delete@PK
Deleteආදරෙයි -- හැබැයි ආදරේ සිලෙක්ටිව් නේද?
ලැජ්ජයි කිව්වේ පිටිසර කොල්ලෝ ද? ;)
ඔය ක්‍රමයේ වරදක් නැ මට නං පේන්නේ, ලංකාවේ හරක්ට තරං අවාසනාවක් නැ
ReplyDeleteඅප්පා ලංකාවේ කිරි පට්ටි වල සත්තුන්ට සලකන්නේ නැද්ද?...නැතුව ඇති තමයි :(
Deleteඑකඅතකට අසාධාරණයිත් තමයි. ඒත් එහෙම කරන්න වෙනව මම හිතන්නෙ. ඇත්තටම බලනකොට ලෝකෙ අනික් සත්තු, ගහ කොල ඔක්කොම මිනිස්සු තමන්ට ඕන විදිහට හැඩ ගසා ගන්නව. මේ තවත් අපි වගෙම ප්‍රාණියෙක් නේද කියල හිතන්නෙ නෑ. :(
ReplyDeleteඔව් හැම තැනම එක එක විදි වලින් මේ දේ වෙනවා. වහු පැටවූ මරන එක ගැන උනත් මම නොදැන හිටියා නෙමෙයි . ඒ උනත් එතකොට ඒක හදවතට දැනෙන්නේ අඩුවෙන් - නොපෙනෙන, දුර සිද්ධ වෙන දෙයක් නේ - ඒක යාන්ත්‍රිකයි එතකොට. ඒත් ඒ සත්තුන් ගේ අසරණ කම ඇස් පනාපිට දැක්කාම දැනෙන දේ වෙනස්.
Deleteහපොයි මොන අපරාධයක් ද?
ReplyDeleteනිරෝශිලා නාගරික ජිවිතයට ඇබ්බැහි වෙලා වගේ. කිරි කර්මාන්තය විතරක් නොවේ, මාළු, බිත්තර, මස් යන සියලු කර්මාන්ත වල තියන කුරිරු කම් ඔබ දන්නේ නැතුවා වගේ.
පොඩි ඌරංගෙ නැට්ට කැපීමේ සිට- කූඩු වල සිරවී ඇවිද ගන්න බැරි කිකිළියන් දක්වා මේ කුරිරු කම් විහිදෙනවා. අඩුම ගානේ ඕස්ට්‍රේලියාව වැනි රටවල මැරීම, තරමක් දුරට වධ දීමකින් තොරව කරනවා. සමහර රටවල් වල මරණ හැටි ඔබ අහල තියනවා නම්, ඔය එල දෙනුන් හා වසු පැටවුන් ගැන වෙන විදිහකට බලාවි.
සත්ත්ව ප්‍රභව ආහාර වලට විසඳුම කුමක්ද? එය ලෙහෙසි ප්‍රශ්නයක් නොවේ. ශාක ආහාර වලට යමු කියුවට, එය කුඩා පිරිසක් කරන තාක් කල් විකල්පයක්. අප සියල්ලන්ම එක රැයකින්, වෙජිටෙරියන්ලා වුණොත්, ගොඩක් දෙනෙක් ට කන්න නොමැති වෙනවා. හරක්ට කන්න දෙන්නේ ශාක ආහාර නිසා, ඒවා අපි කෑවම හරිය කියන එක පිළිතුරක් නොවේ.
තණ බිම් බොහොමයක හා ජලාශ වල වෙන කෘෂිකර්මාන්තයක් කරන්න බැහැ. මේක දිගට ලියන්නට හැකියි. වඩාත් ප්‍රයෝගික විසඳුම නම්, සත්ත්ව කර්මාන්තයේ භාවිතාවන් දියුණු කිරීමයි.
//හපොයි මොන අපරාධයක් ද?
Deleteනිරෝශිලා නාගරික ජිවිතයට ඇබ්බැහි වෙලා වගේ. කිරි කර්මාන්තය විතරක් නොවේ, මාළු, බිත්තර, මස් යන සියලු කර්මාන්ත වල තියන කුරිරු කම් ඔබ දන්නේ නැතුවා වගේ
//
ඔයාගේ දිග කමෙන්ට් එකට දිග උත්තරයක් ලියන්න හිතුනා උනත් ඔයා කියලා තියෙන ඔන්න ඔය ටික නිසා එහෙම නොකර ඉන්න හිතුවා
ඒ කියන්නේ නිරෝෂි, කොටට තමා ලියන්න ඕනේ. :)
Deleteඅපි මේ රස කර,කර බොන්නේ නැවුම් කිරිද?කදුළුද? මේ ටික නම් හිතට වැදුනා... චාරිකා සටහන අගෙයි
ReplyDeleteමට දැනුනු දෙයක් ගැන සටහන ලිව්වේ... :) ස්තුතියි අගය කිරීමට...
Deleteවිල්සන් ප්‍රොම් ගියාට බීච් එකට ගියේ නැද්ද?
ReplyDeleteගියා! හරි ලස්සනයි නේද?
Delete