Skip to main content

කන්නාඩි වෙළෙන්දෝ!

පිටසක්වළ ජීවීන් පෘථිවියට ආවොත් මොනවා වේවිද?

අවුරුදු ගාණක් තිස්සේ චිත්‍රපටි සහ රුපවාහිනී කර්මාන්තය මේ ප්‍රශ්නේ ට උත්තර 'නිපදවමින්' ලාභ ලබනවා!
බහුතරයක පිටසක්වළ ජීවීන් මිනිස්සුන්ට වඩා තාක්ෂණයෙන් දියුණු සත්ව කොටසක් හැටියට පෙන්වන්නේ. ඒ වගේම, බොහෝ විට මේ පිටසක්වළ-මිනිස් හමුව ඇතිකරන්නේ අර්බුදකාරී තත්වයක්.

සිනමාවේ විතරක් නෙවෙයි, සමහර විද්‍යාඥයන් පවා හිතන්නේ පිටසක්වළ-මිනිස් හමුවෙන් විශාල ගැටුම් ඇතිවෙන්න පුළුවන් බවත් ඒ ගැටුම් වලින් මිනිස්සු පරදින්න පුළුවන් බවත්.

image source: http://24.media.tumblr.com/c8591bbe160e7320445a243340faf0c5/tumblr_moebshgd6M1sqfr06o1_250.gif

ස්ටීවන් හෝකින්ස් කියන්නේ මෙහෙම:
පිටසක්වළ-මිනිස් හමුවත් කොලොම්බස් ඇමෙරිකාවට ගොඩබැස්ස වෙලේ රතු ඉන්දියානුවන් හමුවීම වගේ වෙන්ඩ පුළුවන්. ඒ හමුව රතු ඉන්දියානුවන්ට හොඳක් කළේ නැහැ නෙ.
["If aliens visit us, the outcome would be much as when Columbus landed in America, which didn't turn out well for the Native Americans," he said. http://news.bbc.co.uk/2/hi/8642558.stm]

ඒත් ඇයි අපි පිටසක්වළ ජීවීන් ඔච්චරම යුධකාමී, අපිව යටත් කරගන්න හදන පිරිසක් විදිහට දකින්නේ?

මානවවිද්‍යාඥවරියක් වන කැතරින් ඩෙනින් කියන්නේ
අපි පිටසක්වළයන් හමුවීම ගැන හිතන හැටියෙන්, වඩාත් පිළිබිඹු වන්නේ ඒ මනංකල්පිත පිටසක්වලයන් කොයි වගේද කියල නෙවෙයි, 'අපි' ඇත්තටම කොයි වගේද යන වග බවයි.
[She pointed out that if we detected a signal from extraterrestrials, we would be dealing not with extraterrestrial life itself, but with our human perceptions and representations of that extraterrestrial life.  She said that these perceptions would derive from and be shaped by popular culture and our own individual psychology and belief.
http://www.nickpope.net/detection-of-extraterrestrial-life.htm]


ඇත්තටම අපි නිතරම අනිත් මිනිස්සු(හෝ ජීවින්) ගැන හිතන්නේ තමන් ආදේශ කරගෙන. තමන්ගේ මනසේ මුල් බැහැගෙන තියෙන එක එක දෘෂ්ටිකෝණ වලින් පාට වෙච්චි කන්නාඩි කුට්ටමක් පැළඳගෙන.

මේ බලන්න කොලම්බස් මුල් වරට ඇමෙරිකා මහද්වීපය 'සොයා ගැනීම' කල අවස්ථාවේදී හමුවුන ස්වදේශික ඉන්දියානුවන් ගැන කිව්ව දේ:
"මේ මිනිස්සුන්ට සටන් කිරීම ගැන තියෙන්නේ ඉතාම අඩු දැනුමක්. මම අල්ලගත්තු හත් දෙනාගෙන් ඔබලාට ඒ බව පැහැදිලි වේවි. මේ දුපතේ මුළු ජනගහනයම පාලනය කරන්ඩත්, ඔවුන් ලව්වා අපිට අවශ්‍ය ඕනෙම දෙයක් කරගන්නත් මට පනස් දෙනෙක් හොඳටම ඇති."

[Sunday, 14 October 1492: ... These people have little knowledge of fighting, as Your Majesties will see from the seven I have had captured to take away with us so as to teach them our language and return them, unless Your Majesties' orders are that they all be taken to Spain or held captive on the island itself, for with fifty men one could keep the whole population in subjection and make them do whatever one wanted.*

 *= Cummins, John (1992). Columbus: Columbus' Own Journal of Discovery (newly restored and translated). New York: St. Martin's Press. p. 241. ISBN 0-312-07880-3.]


කොළම්බස් ගේ අරමුණ උනේ ස්පාඤ්ඤ අධිරාජය වෙනුවෙන් කොලනි පිහිටුවීම සහ (හොඳින් හෝ නරකින්) ක්‍රිස්තියානි ආගම පැතිරවීම. නැතුව අලුතෙන් මානව මිත්‍ර සබඳතා ඇතිකරගැනීම නෙවෙයි. ඒක නිසා තමයි ඔහු අර ගෝත්‍රිකයන්ගේ 'සටන් හැකියාව' ගැන අච්චර සැළකිලිමත් උනේ.

අන්න ඒ 'යටත්කරගැනීමේ' දෘෂ්ඨි කෝණයෙන් බලනවා නම් අපි පිටසක්වළ ජීවීන්ටත් ආදේශ කරන්නේ ඒ මානසිකවය මයි.

කොළම්බස් දෘෂ්ටිකෝණයෙන් නැතිව, වෙනත් ඇසකින් බලල ලියවෙච්ච පොත් සීරීස් එකක් තමයි ආතර් සී ක්ලාක්ගේ රාමා පොත් පෙළ. [Rendezvous with Rama (1972),Rama II (1989),The Garden of Rama (1991), Rama Revealed (1993)]

නැත්නම් කවුද දන්නේ පිටසක්වලයෝ අර ඩග්ලස් ඇඩම්ස් ගේ The Hitchhiker's Guide to the Galaxy පොතේ වගේ අපිව නිකම් 'මේ මොක්කුන්ද' වගේ කිසි ගාණකට ගන්නේ නැති වේවිද කියල?
[ඒ පොතේ හැටියට හෝමෝ සේපියන්ස් ල හෙවත් මිනිස්සු පෘථිවියේ ඉන්න තුන්වෙනියට බුද්ධිමත් ජීවීන්..සහ පෘථිවිය සහ මානව ශිෂ්ටාචාරය යනු පිටසක්වල ජීවීන් පිරිසකගේ අවුරුදු මිලියන 10ක විද්‍යාත්මක පරීක්ෂණයක්. හික්!]

image from: https://sphotos-a.xx.fbcdn.net/hphotos-prn1/p480x480/11615_571161769582885_49812351_n.jpg

අපේ කන්නාඩි වලට එක එක පාට ගා ගන්නෙ අපිමයි.
ගොඩක් වෙලාවට මේ පාට හැදෙන්නේ අපේ යටිහිතේ තියෙන බය, සැක, තරහ, ආසාවන් මිශ්‍ර කරලා.
සමහර විට ඒ අපි කැමතිම පාට. නැතිනම් අකමැතිම පාට.
මොනවා උනත් ඒවා දාගෙන ලෝකේ දිහා බලද්දී යතාර්ථය නම් පෙනෙන්නේ නැහැ.
හැබෑ තත්වය අපි හිතනවාට වඩා හාත්පසින් වෙනස් වෙන්ඩ පුළුවන්.

මම ඔබ නෙවෙයි!...
ඒ නිසා ඔබට අදාළ හැම දෙයක්ම මට අදාළ නැහැ!

image source: http://www.wisdomheart.org/2011/world-peace-over-lunch-are-you-otherizing/



සමහරු තමන් ගේ කන්නාඩි තව අයටත් දාන්න හදනවා!
සමහර වෙලාවට ඕනැ කමින් මිනිස්සුන්ව අන්ධ කරන්ඩත් මේ 'පාට කන්නාඩි වෙළෙන්දෝ' මේ  උපක්‍රමේ භාවිතා කරනවා. මිනිස්සුන්ව බේද කරන්න, නැති 'අර්බුද' ඇතිකරන්න, තමන්ගේ පුද්ගලික න්‍යායපත්‍ර ක්‍රියාත්මක කරන්න, මේ වෙළෙන්දෝ දක්ෂයි.

ඉතින් ඇයි අපි කාටවත් අපිව රවට්ටන්න ඉඩ දීල ඉන්නේ?
මේවගෙන් ගැලවෙන්න නම් විචාර බුද්ධිය පිහිටට ඉන්නවා. බෞද්ධයන්ට නම් කාලාම සුත්‍රය කියවල බලන්ඩත් පුළුවනි :)


 කැත හිතකින් දෙයක් දිහා බැලුවොත් පෙනෙන්නෙම කැත. ඒත් එතන 'කැත' තමන්ගේ හිත මිසක් වෙන දෙයක් නම් නෙවෙයි!

Comments

  1. සියල්ල සාපේක්ෂයි. හැබැයි මට අනුව මම හරී. අනිත් එවුන් වැරදියි.

    ReplyDelete
    Replies
    1. ඔයාට යමක් හිතෙනවා නම්, ඔයා එහෙම හිතන්නේ ඇයි කියල හොයල බලන එක තමයි වැදගත්! මොකද සමහර වෙලාවට ඔයාට වැරදෙන තැනුත් තියෙන්න පුළුවන් :)

      Delete
  2. රාමා සීරිස් එකේ අන්තිම කොටස් දෙක කියවීම වෙහෙසකරයි.

    ReplyDelete
    Replies
    1. ඔව් මුල් පොත් තරම් අන්තිම හොඳ නෑ :( සමහර තැන් නිකම් විකාර ගතියක් දැනුණා.

      Delete
  3. පිටසක්වල ජීවීන් අපිට වඩා දියුණු නම් ඔවුන් අපව සොයාගෙන පැමිණිය යුතුයි. එහෙම නැත්නම් අපටයි සිදුවන්නේ ඔවුන් සොයාගෙන යන්න. අපට වඩා අතිශයින් දියුණු ජීවීන් ඉන්න පුළුවන්. (මේහේ ඇවිල්ල යන්නත් පුළුවන් අපට නෙ‍ාපෙනී).

    චිත්‍රපටි වල නං ඉන්නෙ අපේ විදියට ඔලුව අතපය දාල හදාගත්ත කොටසක්. උන් ගැන කතා කරල වැඩක් නෑ.

    ReplyDelete
    Replies
    1. ඔව් එකඟයි ...වැඩේ තියෙන්නේ පිටසක්වළ ජීවීන්ට අපිව නිකං බැක්ටීරියා කොලනියක් ගානට පෙනෙනවද දන්නේ නෑ. එහෙම උනොත් නම් අපිව හොයාගෙන එන්න මහන්සි වෙන එකක් නෑ :D

      Delete
    2. // පිටසක්වල ජීවීන් අපිට වඩා දියුණු නම් ඔවුන් අපව සොයාගෙන පැමිණිය යුතුයි //

      පැමිනිය යුතුයි කියන්ට බෑ නේද? අපි වගේ මෝඩ අමනයො සෙට් එකක් හොයාගෙන එනවානම්, උන්දැලාත් අපි වගේම මොළේ කොලොප්පම් වෙච්ච පිටසක්වලොයො සෙට් එකක් වෙන්ට ඕන.. කවුද දන්නෙ, අපට මෙච්චර කාලෙකට පිටසක්වලයො හොයාගන්ට බැරුව තියෙන්නෙ උන්දැලා අපව මග අරින්ට ෆුල් ට්‍රයි එකක් දෙන හින්දද කියලා.?? :)

      Delete
    3. //කවුද දන්නෙ, අපට මෙච්චර කාලෙකට පිටසක්වලයො හොයාගන්ට බැරුව තියෙන්නෙ උන්දැලා අපව මග අරින්ට ෆුල් ට්‍රයි එකක් දෙන හින්දද කියලා.?? //

      ඒක මරු කතාව :D :D

      Delete
    4. // පිටසක්වල ජීවීන් අපිට වඩා දියුණු නම් ඔවුන් අපව සොයාගෙන පැමිණිය යුතුයි //
      ඒ කියන්නෙ උඹල වරෙල්ල කියන එක නෙවේ. අපිට කලින් අප සොයාගැනීමේ වැඩි හැකියාවක් තියෙනව කියන එකයි. අන්න ඒකයි මෙහෙම කිව්වෙ,

      //(මේහේ ඇවිල්ල යන්නත් පුළුවන් අපට නෙ‍ාපෙනී)//

      Delete
  4. මටත් තියෙන ප්‍රශ්ණය ඕකයි. ඇයි අපි කාටවත් රැවටෙන්නේ. මොළයක් තියෙන්නේ හිතලා බලලා තීරණය කරන්න නේද. අපි මොකටද කවුරුත් කියන් දේ පිලිගන්නේ. ඇයි අපිට ඒ ගැන හිතන්න බැරි.

    ReplyDelete
    Replies
    1. ස්වාධීන ව හිතන එක වැරැද්දක් විදිහට පොඩි කාලේ ඉඳන් ඔළුවට දාන නිසා වෙන්න ඇති!

      එහෙම කරන්න ගිහින් පන්ති කාමරේ දී පනිෂ් වුනු හැටිත් ලියන්නම් කෝ.

      Delete
  5. අපි හැමෝම උත්සහ කරන්නේ අපි දාගෙන ඉන්න පාට කන්ණාඩිය අනිත් අයට පලදවන්න.

    ReplyDelete
    Replies
    1. හික්ස් ඒක සහතික ඇත්ත. උපන්දා ඉඳන් එක එක කන්නාඩි වලින් අපිව condition වෙලා.

      හරි වැරදි කන්නාඩි අඳුන ගන්න නම් මොළේ පාවිච්චි කරන්න ඕනේ. සමහර ඒවා ගලවන්න කශේරුකාව පණ තියෙන්නත් ඕනේ.

      Delete
  6. හරි වැරදි වගේ ලොකු සංකල්ප විතරක් නෙමෙයි . රතු පාට , කොළ පාට වගේ සුළු සුළු සංකල්පත් අපි දා ගෙන ඉන්න කන්නාඩි නේද . කොටින්ම "මම " කියන එක පවා ...

    සමහරවිට පිටසක්වලයින් ආවත් අපිට නොදැනේවී , අපේ දෘෂ්ටි පථයට , සංකල්ප වලට අහුවෙන්නේ නැති උනොත් .

    ReplyDelete
    Replies
    1. ඔවු ඇත්තෙන්ම. බුදු දහමේ එන හැටියට 'මම' කන්නාඩිය ගලවන කෙනා දිනුම්! එහෙම නේද?

      හැබැයි සමහර කන්නාඩි බොහොම අහිංසක කන්නාඩි. නමුත් ඔය අතරේ හරිම භයානක කන්නාඩි ත් තියෙන බවත්, ඒවාවලින් තමන්තත් අනුන්ටත් හරිම අහිතකර දේ කරවන බවත් සිහියේ තියාගන්න ඕනෑ :)

      Delete
  7. පොඩ්ඩි මේ දවස්වල දාගෙන ඉන්න කන්නාඩි දාලා බැලුවොත් ලෝකේ නිකං මඟුල් සක්වලක් වගේ පෙනෙයි. :D

    ලියලා තියෙන විදිය අපූරුයි නිරෝ...

    ReplyDelete
    Replies
    1. ලෝකෙ ඉන්න ඔක්කොම පිරිමි තමන්ගේ ප්‍රේමවන්තයා වගේ පෙනෙයිද?

      Delete
    2. බුදු අම්මෝ! හරිම භයානක තත්වයක් නේ!
      වහාම පවුලේ වෛද්‍යවරයා හමුවන්න!

      හික් ස්තුතියි පොඩ්ඩි :D

      Delete
    3. @තිසර,

      නෑ නෑ. බලන , බලන පැත්තේ පේන්නේ ආදරෙන් වෙලුනු ජෝඩු, ඉටිපන්දම් එළි, රෝස මල්, හඳ එළිය, වයින් වීදුරු, වගේ එව්වා....:D:D

      Delete
  8. කාලයක් යද්දි අපි කාගෙත් කණ්නාඩි වල යන්තම් හරි පාට තැවරෙනවා. සමහර වෙලාවට එහෙම වෙන එක වැරදියිම කියන්නත් බැහැ. කාලයක් තිස්සේ විඳපු අත්දැකීම් ඇසුරෙන් ගාගත්ත පාටක් තුලින් ෆිල්ටර් වෙලා පේන දෙය, අපිට ජීවිතේ පහසු කරවන්න පුළුවන්. නමුත් වැදගත්ම දෙය තමයි, තමන්ගේ කණ්නාඩියේ පාට ගැන අවබෝධයෙන් ඉඳීම සහ අවශ්‍ය වෙලාවට ඒක ඉවත් කරලා බැලීමට හැකියාව තිබීම.

    ReplyDelete
    Replies
    1. ඔවු අඩු ගණනේ මම මෙන්න මෙහෙම කන්නාඩියක් දාගෙන ඉන්නේ කියල හරි තේරුම් ගන්න පුළුවන් නම් ඒකත් ලොකු දෙයක් නේද?

      Delete
  9. "ඇත්ත මම වැරැදි ඇති. ඒත් මම හිතන්නෙ මගේ හිතට අදහස් එන හැටියට..."

    - ආතර් බර්ට්න් : ඇටමැස්සා -

    ReplyDelete
  10. "ඇත්ත මම වැරැදි ඇති. ඒත් මම හිතන්නෙ මගේ හිතට අදහස් එන හැටියට..."

    - ආතර් බර්ට්න් : ඇටමැස්සා -

    ReplyDelete
    Replies
    1. "Ideas are far more powerful than guns. We don't let our people have guns. Why should we let them have ideas?"
      ― Joseph Stalin

      Delete
    2. බුරාගේ කමෙන්ට් එක දෙවරක් පල කිරීම මගින් ඔහුට අනවශ්‍ය ප්‍රචාරයක් ලබා දීම පිළිබඳ අපගේ බලවත් විරෝධය.!!

      -----------------

      අයිඩියා එකක් කිවුවම මට මතක් වෙන්නෙම අර වුඩී වුඩ්පෙකර්ට මරු අයිඩියා එකක් ආවහම ඔළුවට උඩින් බල්බ් එකක් පත්තුවෙන සීන් එක.. :)

      Delete
  11. මේ පිටසක්වල කතාව අපිට මෙච්චර පත්තියං වෙලා තියෙන්නේ මිනිස්සු සත්තු විතරක් ඉන්න ලෝකෙ ඒකාකාරී කියලා හිතෙන නිසා වෙන්න ඇති...
    මිනිස්සුන්ට හැමදාම අළුත් වෙනසක් ඕන නිසා එක එක දේවල් මවාගන්නවා..පිටසක්වල සංකල්පයත් ඒ වගේ එකක්..

    ReplyDelete
  12. ඔය ඒලියන්ලාගේ හොඳ පැත්ත ගැන කියවුනු ‍ෆිල්ම් කීපයකුත් මම දැකලා තියෙනවා ඔය ET වගේ ඇයි. එක ස්ටාර් ට්‍රෙක් එපිසෝඩ් එකකත් තිබුනේ එක්දාස් නවසිය පනස් ගනන්වල ඇවිත් පෘථිවිවාසීන්ට ඔය පොඩි පොඩි දේවල් ගැන තාක්ෂණය දීලා යන.

    මම ඒලියන්ස්ලා ගැන හොයන්න ඒ අදාල කට්ටියටම ඉඩදීලා වෙන වැඩ කර කර ඉන්නවා.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Pervert පොසම් සහ හොර පොසම්

ඔස්ට්‍රේලියාවට වසන්ත ඍතුව එළෙඹෙන කාලය යි මේ. අපේ ගෙවත්තේ පිටුපස පීච් ගහම රෝස පාට මල්වලින් පිරිලා. හරියට මේ වගේ .... (img  commons.wikimedia.org ) තව පහු වෙනකොට ඔය පීච් ගහේ ගෙඩි එනවා ය. ඊට පස්සේ එව්වා අපිට රස බලන්න නම් හොර පොසම්ලා ට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරන්න වෙනවා ය! පොසම් කියන්නේ ඕස්ට්‍රේලියාවේ ඉන්න නිසාචර සතෙකි. හරියට ලංකාවේ වඳුරෝ වගේ උන්ගෙන් පලතුරු බේරගන්න බැරි ය. පොසම් එක්ක ඇයි හොඳයි කම් පටන් ගත්තේ ඉස්සර විශ්ව විද්‍යාල  යන කාලේ ඉඳන් ය. ඒ කාලේ මං හිටියේ තව කෙල්ලෝ දෙන්නෙක් එක්ක කාමර තුනේ ෆ්ලැට් එහෙක ය. ඒ ෆ්ලැට් එකේ නාන කාමරේ සිවිලිමට පොඩ්ඩක් යටින් ජනේලයක් විය. ඒ ජනේලේ fly-screen එකක් විය. එතන එළියේ පොඩි පඩියක් විය. අපි එතෙන්ට ගිය දවසේ ඉඳන් ජනේලේ ඇරලා ය. fly-screen එක තිබුණු නිසාත්, අපි හිටියේ උඩ තට්ටුවක නිසාත් අපි ඒ ජනේලේ වැසීම ගැන හිතුවේ නැත. ඔහොම ඉන්න අතරේ ඒ ඇරුණු ජනෙල් පියන සහ fly-screen එක අතර හිඩැසට තව පදිංචිකාරයෙක් ආවේය. ඌ ඇවිල්ලා පොසම් සතෙකි. සමහර විට ඌ ට අතේ ඇති ගානට කුලියට තැනක් හොයා ගන්න බැරි වෙන්න ඇති ය. එහෙම හිතලා අපි අපේ පාඩුවේ නාන කාමරේ වැඩ කටයුතු

Bluetooth support on Android Emulator

I have been playing around with Android lately, and one thing that annoyed me is the emulator does not support Bluetooth (as opposed to J2ME emulator, which does). So if you do not have an actual Android device (like me), and you want to do Bluetooth/WiFi programming, you run in to a problem. Fortunately, there is a way out - Install the Android image on a VM and use your own Bluetooth device. This is what I did: Download Androidx86 from http://www.android-x86.org/ . This is an .iso file, so you'd need something like VMWare or VirtualBox to run it. Me, I use VirtualBox. When creating the virtual machine, you need to set the type of guest OS as Linux instead of Other. After creating the virtual machine, set the network adapter to 'Bridged'. Start the VM and select 'Live CD VESA' at boot. Now you need to find out the ip of this VM. Go to terminal in VM (use Alt+F1 & Alt+F7 to toggle) and use the netcfg command to find this. Now you need open a command

පර්යේෂණ සහ ආචාර ධර්ම අවසරය

පසුගිය සති කීපයකම නිරත වෙලා හිටිය වැඩක ප්‍රතිපල ඊයේ ලැබුණා. ඒ මගේ පර්යේෂණය සඳහා ඕනෑ උන 'ආචාර ධර්ම අවසරය' නැත්නම් ethics clearence එක ලැබීමයි. මගේ පර්යේෂණය මුලික වශයෙන් පරිගණක විද්‍යාව සහ මෘදුකාංග ඉංජිනේරු විෂයන් වලින් කෙරුනත්, මිනිසුන් ද සහභාගී කරවාගෙන කෙරෙන කොටසක් ඇති නිසා තමා මෙහෙම අවසරයක් ගන්ඩ උනේ. ටිකක් පැහැදිලි කරොත්, මේ පර්යේෂණයේ ප්‍රථිපලයක් වන මෘදුකාංග පද්ධතිය නිවැරදිව වැඩ කරනවාද නැද්ද කියන එක තහවුරු කරන්න එක විද්‍යාගාරයක කරලා බලල මදි (සහ කරන්න අමාරුයි). 'හැබෑ ලෝකයේ' එය වැඩ කරන හැටි බලන්ඩ ඕනේ. මගේ පර්යේෂණය 'ස්මාර්ට් තාක්ෂනය' නැත්නම්, කෘතිම බුද්ධිය සහිත ගෘහස්ත පද්ධතියක් (smart home) සම්බන්ධයෙන්. වෙනත් මෘදුකාංග වලට වඩා මේ වගේ පද්ධතියක් හදන කොට ගොඩක්ම සැලකිලිමත් වෙන්න ඕනේ මිනිස්සු මෙහෙම තාක්ෂනෙකට කොහොම ප්‍රතිචාර දක්වයිද කියලා.  හිතන්න, ඔයාලගේ ගෙදරත් කෘතිම බුද්ධියක් නැත්නම් 'ස්මාර්ට්' පද්ධතියක් හයි කරලා කියලා. මේ වගේ පද්ධති වල අරමුණ මිනිසුන්ගේ ජීවිතය පහසු කරන එක. උදාහරණයකට ඔන්න ඔයාගේ 'බුද්ධිමත් ගෙදර' ලව්වා ඔයාට පුළුවන් වෙලාවට ලයිට් දාන