Skip to main content

සිහසුන් ක්‍රීඩා හෙවත් A Game of Thrones නොහොත් ඇබ්බැහි වීම


කාලයෙන් කාලයට විවිධ දේ වලට 'ඇබ්බැහි වීම්' ඇතිවේ. රුපවාහිනී කතා මාලා, පොත්, පරිගණක ක්‍රීඩා, සංගීතය, ඡායාරුපකරණය, ඇතුළු බොහෝ ඇබ්බැහිකම් ජීවිතය රසවත් කරයි...

Game of Thrones යනු මේ දින වල රුපවාහිනියේ ප්‍රචාරය වෙන මාගේ නවතම ඇබ්බැහිවීමයි! එය George R. R. Martin විසින් ලියන පොත් මාලාව මත පදනම් වී ඇත්තක්.

රුපවාහිනී කතා වෘතාන්තය කෙතරම් විශිෂ්ට වුවත්, පොත් මාලාව ට මම වඩාත් කැමැත්තෙමි. රුපවාහිනියේ දිවෙන රුප රාමු සිත් ඇද ගනී. එසේ වුවත් ප්‍රධාන චරිත කිහිපයක්ම රූපවාහිනියට වඩා වෙනස් ව පොත් වල දිස්වේ. රුපවාහිනි කතා මාලාවේ සමහරක් සුදු කළු වශයෙන් දිස්වෙන චරිත ප්‍රත්‍යර්පණය ට වඩා පොත් වලින් හෙළිවන අළු පාට චරිත නිරුපණය ට මම ඇලුම් කරනවා!

හිමෙන්, ගින්නෙන් ගැයෙන ගීතය 

රුපවාහිනි කතා මාලාවේ නම Game of Thrones වුවත්, A Game of Thrones යනු පොත් පෙලේ පලවෙනි පොත ය. සැබෑවටම පොත් පෙලේ නම හිමෙන්, ගින්නෙන් ගැයෙන ගීතය හෙවත් A Song of Ice & Fire ය.
දැනට පොත් පහක් ලියවී ඇති මේ කතාව අයිති වන්නේ මනස්සෘෂ්ටික මහා කාව්‍ය හෙවත් Epic Fantasy ගණයේ සාහිත්‍යයට බව කිව හැකිය. එසේ වුවත්,කල්පිතය, යතාර්ථය, දේශපාලන න්‍යායය, යුද්ධෝපක්‍රම, මිනිස් බැඳීම්, සියල්ලක්ම ඇති මෙවන් පොත් මාලාවක් මා හට නම් හමුවී නැහැ!
සත්‍ය වශයෙන්ම මේ තරමටම සිත් ඇද ගැන්මට හැකි වූ වෙනත් පොත් මාලාවක් වෙතොත් ඒ Lord of the Rings by Tolkein, හෝ Dark Tower by Stephen King විය යුතුයි.

ඇබ්බැහි වීමේ බරපතල කම කෙසේද යත් දැනට නිකුත් වී ඇති පොත් පහම එක හුස්මට කියවා දැමීමට ගතවුයේ මාස දෙකයි හමාරක් පමණි!
සීතල සිසිර රාත්‍රීන් කීයක නම් කෝපි කෝප්පයක් සහ ඩාක් චොක්ලට් පෙත්තක් සමඟින් හිමෙන් ගින්නෙන් ගැයෙන ගී රස වින්දාද?! කතුවරයා කියන හැටියට තව පොත් දෙකක් නිකුත් වන්නට ඇත. එහෙත් ඊළඟ පොත එනතුරු 2014 වන තෙක් බලා හිඳින්නට වී තිබේ :( 


[Warning : Spoilers ahead...]

පස් වන පොත වන 'මකර නර්තන' අවසන් වුවේ මගේ ප්‍රියතම චරිතය පිහි ඇනුම් කන අවස්ථාවෙන්. මා සිතනා අන්දමට ඔහු මිය ගියොත් කතාව අවසන් වන තරමට ඔහු වැදගත් චරිතයක්...ඉදින් ඔහු මකර නර්තනයේ පිහි ඇනුම් කා මිය යාවි කියා කිසි සේත්ම හිතාගන්නට බැහැ...


මුල් පොත් වල ඔහු එතරම් කැපී පෙනෙන චරිතයක් නොවුනත් ඔහු කාගේ කවුරුද කියා සැමවිටම තිබුනේ යම් අබිරහසක්. පොත් පෙළේ බොහෝ පාඨකයන් අතර ජනප්‍රියම මතයක් වන්නේ ඔහු නෙඩ් ස්ටාක් ගේ දරුවා නොව බෑණා බවයි.

ඇත්තෙන්ම ජොන් ලියානා සහ රේගාර් ගේ දරුවෙක් ද?

“I was with her when she died,” Ned reminded the king. “She wanted to come home, to rest beside Brandon and Father.” He could still hear her at times. Promise me, she had cried, in a room that smelled of blood and roses. Promise me, Ned. The fever had taken her strength and her voice had been faint as a whisper, but when he gave his word, the fear had gone out of his sister’s eyes.
---Game of Thrones, pg. 43
නෙඩ් ජොන් තමාගේ අවජාතක දරුවෙක් ලෙස හදාගත්තා මිස, කිසි දිනක ජොන් ගේ මව කවුද යයි පැවසුවේ නැත. සාධාරණ මිනිසෙක් වූ නෙඩ් දරුවෙක්ට තම මව ගැන තොරතුරු හෙළි නොකරන්නේ ඇයි?
Image from here

ලියානා සිය මරණ මංචකයේ නෙඩ් ගෙන් ගත් පොරොන්දුව තමන්ගේ බිළිඳු දරුවා හදා ගන්නා ලෙස නොවිය හැකිද? ජොන් රෙගාර් ගේ දරුවෙකු බව පිටට ගියහොත් අනික් රෙගාර් ගේ දරුවන් සේම ඔහුවත් මරා දමනු ප්‍රත්‍යක්ෂයකි. අවජාතකයකු බිහි කිරීමෙන් තම නම්බුවට වූ කැළල ද දරාගෙන ජොන් තම දරුවෙක් ලෙසින් නෙඩ් ඇති දැඩි කරන්නේ ඒ නිසා විය හැකි නොවේද?
 
මතුපිටින් බලද්දී ලියානා තමන් සිය පියාත් සහෝදරයා ත් සමඟ මිහිදන් කරවන ලෙස නෙඩ් පොරොන්දු කර ගන්නාක් හැටියට පෙනී ගියත්, ඒ ඉල්ලීම බරපතල ඉල්ලීමක් නොවේ. ඒ පොරොන්දුව දුන් විට ලියානාගේ දෙනෙතේ බිය පහවී යයි.
මිහිදන් කරවන තැන ගැන ඇය එතරම් බිය වීමේ තේරුමක් නැත.  අනික, මේ අබිරහස් පොරොන්දුව ගැන නෙඩ් ට පොතේ කිහිප විටක්ම මතක් වේ. එහි ඇති වැදගත් කම ගැන ඉන් ඉඟියක් සැපයෙනවා නොවේද?


A blue flower grew from a chink in a wall of ice, and filled the air with sweetness.
--Clash of Kings, pg. 707
Image from here:
 මේ ඩනේරිස් 'නොමියෙන මන්දිර' යේ හිදී දකින (සිහින?) දර්ශන වලින් එකක්.
නිල් රෝස ලියානාගේ ප්‍රියතම මල් බව කිහිප තැනක සඳහන්. අභාවයට යමින් තිබුණු 'රාත්‍රී සෙබළ මුල' ට නව පණක් දෙමින් උතුරේ මහා ප්‍රාකාරය ශක්තිමත් කරන්නේ ජොන්...
 
 
“King,” croaked the raven. The bird flapped across the air to land on Mormont’s shoulder. “King,” it said again, strutting back and forth.
“He likes that word,” Jon said, smiling.
“An easy word to say. An easy word to like.”
“King,” the bird said again.
“I think he means for you to have a crown, my lord.”
“The realm has three kings already, and that’s two too many for my liking.” Mormont striked the raven under the beak with his finger, but all the while his eyes never left Jon Snow.
--Clash of Kings, pg. 105

මොර්මොන්ට් ගේ කපුටා මේ ඉඟි කරන්නේ ජොන් ගැන විය හැකිද? ඇත්තෙන්ම ජොන් රේගාර් ගේ දරුවෙකු නම් සිහසුන හිමි ඔහුට ය. මොර්මොන්ට් ගේ කපුටා ගැන මට තවත් ප්‍රශ්න ඇත... බ්‍රෑන් 'හරිත දකින්නා' හෙවත් greenseer වෙත යන කොටස් වල තිබු දේ අනුව මොර්මොන්ට් ගේ කපුටා සහ 'අරණෙහි දරුවන්' අතර සම්භන්දයක් ඇද්දැයි සිතේ.

කෙසේ වෙතත් ලෙහා ගන්නට අමාරු ගැටලුව රෙගාර් සහ ලියානා ය. රොබර්ට් හැරෙන්නට රේගාර් ගැන නරකක් කියන්නෙකු පොත් වල නැත. නෙඩ් පවා රේගාර් ට දොසක් කියන්නේ නැත. එසේ නම් රේගාර් බලහත්කාරයෙන් ලියානා පැහැර ගත කතාව සක සහිත නොවේද?
රේගාර්, ලියානා සහ ජොන් අතර සම්බන්දය ට Azor Ahai පුරාවුර්තය සමඟද සම්භන්දයක් ඇතැයි සිතේ...
Image from here

මකරුන්ගෙන් පැවත එන රෙගාර් 'ගින්දර' නම් හිමෙන් වැසී ගිය උතුරෙන් පැවත එන ලියානා 'හිම' නම්, ඔවුන් දෙදෙනා එක්වූ විට ගැයෙන්නේ  හිමෙන් ගින්නෙන් ගැයෙන ගීතය නොවේද?
 
“He has a song,” the man replied. “He is the prince that was promised, and his is the song of ice and fire.”

Comments

  1. මමත් මේ දවස්වල මේක තමයි බලන්නෙ.පොත් ටික හොයාගෙන කියවන්න ඕනා කියලා හිතුණේ මේ පෝස්ට් එක කියෙව්වට පස්සේ.

    ReplyDelete
    Replies
    1. මමත් පොත් කියෙව්වේ tv series එක බලන්න අරන් ආස වෙලා.
      මම ගාව පොත් සේරම කින්ඩ්ල් version එක තියෙනවා. ඕනේ කෙනෙක්ට එවන්න පුළුවන්. කියවන අයට පොත් දීම සතුටක් :)

      Delete
  2. හෝටල් වල හිරවෙලා සිටිය දී ලැබෙන සීමිත චැනල් වලින් මේ දවස්වල මාත් බැලුවේ මේක තමයි. මේ පොත් කියවලා නැහැ. පින්තූර පෙට්ටියේ දිග හැරෙන කතාව නිරුවත සහ ලිංගිකත්වය වැඩියෙන් නිරූපනය කරනවා කියල මට හිතුන. අවිගත් සටන් බහුල වශයෙන් දැක්කට මේවා ඇමෙරිකන් ප්‍රේක්ෂකයන්ට වැඩියෙන් දකින්න ලැබෙන්නෙ නැති දර්ශන. රඟපාන අයගේ දස්කම් විශිෂ්ඨ බව ගැන වාදයක් නැහැ.

    ඔයා Suzanne Collins ලියපු Hunger Games පොත් ත්‍රිත්වය කියවලා තියෙනවා ද? Neil Gaiman ලියපු The Sandman, Neverwhere වැනි පොත් කියවලා තියෙනවා ද? Kevin J. Anderson ලියපු Saga of Seven Suns කියවලා තියෙනවා ද? ඔයාTolkien සහ Stephen King කතාවලට කැමති නම් ඒවාටත් කැමති වේවි.

    ReplyDelete
    Replies
    1. //නිරුවත සහ ලිංගිකත්වය වැඩියෙන් නිරූපනය කරනවා කියල මට හිතුන//
      ඔව් ඒක නම් ඇත්ත. පොත් වලත් ඒ දේවල් තියෙනවා - සමහර විට ටීවී එකටත් වැඩියෙන්. ඒත් වෙනස වෙන්නේ ටීවී එකේ එයාල අවශ්‍ය තැනට නොපෙන්වා අනවශ්‍ය තැනට nudity දාල තියෙනවා.
      උදාහරනෙකට රෙන්ලි සහ ලෝරස් ගැන පොතේ තියෙන්නේ ඉඟි විතරයි. ටීවී ෂෝ එකේ ඒක ගෙඩි පිටින් දෙනවා.

      අර ආර්යා විදියට රඟන පොඩි කෙල්ල මේසී ගේ රඟපෑම අනර්ඝයි නේද? තව Peter Dinklage... ආයෙත් කියන්න දෙයක් නෑ ඉතින්...

      ගොඩක් ස්තුතියි අරුණි! ඇත්තම මම ඔයා suggest කරපු එකක් වත් කියවල නැහැ...ඒවා හොයාගෙන කියවන්ඩ ඕනේ :)

      Delete
  3. මේ එක්කෙනෙක්ගෙන් හරි කරදරේ ඕක බලන්ට කියලා. තාම හිත හදාගෙන්ට බැරි උනාණේ. ඒ උණාට ඔයාගේ පෝස්ට් එක දැක්කට පස්සේ හිත හදාගත්තා හී හී...

    Stephen King ගේ කතාවලට ඔයා කැමතිද? හපොයි මාත් එයාගේ කතාවලට නම් කැමතී..

    ReplyDelete
    Replies
    1. දැන් කවුද මේ එක්කෙනා?? :D

      //Stephen King ගේ කතාවලට ඔයා කැමතිද?//
      ඔව් මම ඉස්කෝලේ යන කාලේ ඉඳල එයාගේ කතාවලට ආසයි. නිකම්ම නිකන් horror ස්ටෝරි එකකට වඩා ගොඩක් දේවල් එයාගේ පොත් වල තියෙනවා. ඔයා කියවල තියෙනවද පෙට් සෙමෙට්‍රි? ඒක කියවල දැන් අවුරුදු 15 ක් විතර. කියෙව්වෙත් එක පාරයි. තාමත් ඒකෙ සමහර කොටස් මැවිලා පේනවා!!

      Delete
  4. අයියෝ කෑවා !!!! මම Spoiler Alert එක තියෙන්නෙ දැනට ගියපු සිරිස් වලට විතරයි කියල හිතාගෙන කියෙව්ව. බලද්දී A Dance with Dragons එකේ අවසානයත් දාලනෙ!!!! එතනින් එහාට නං පෝස්ට් එක බැලුවෙ නෑ. උඩ කියල තියෙනව වගේ මේ වගේ ප්‍රබල විදිහට සමාජයේ තියෙන බල තන්හාව, කුහකකම, මනුස්සකම, කුල භේදය, පන්ති භේදය, කාන්තාවන්ට සිදුවන පීඩනය වගේ දේවල් පෙන්නපු වෙනත් කතා මාලාවක් මට නම් හිතා ගන්නත් බෑ.අනික මේකෙ නොමැරෙන චරිත නැති වීමත්, තනි සුදු හෝ තනි කළු චරිත නැති වීමත්, තවත් විශේෂයක්. දෙවෙනි කතා මාලාවෙ මතකද Theon Greyjoy ගිහින් ගොඩබහින Iron Islands වල තියෙන වරාය? මම මෑතකදි ඒක බලන්න ගියා. ඇත්තටම කිව්වොත් ඒ උතුරු අයර්ලන්තයේ තියෙන Ballintoy කියන පරණ වරාය. වෙලාවක් ලැබුනම ඒ ගැන ලියල දාන්න ඕන. මේ ටිකේ අධ්‍යාපන කටයුත්තක් නිසා ටිකක් ාර්යබහුල වෙලා ඉන්නෙ. ඒක ඉවර උන හැටියෙ කරන්න ඉන්න එක දෙයක් තමයි මේ පොත් ටික කියවන එක. හැබැයි ඊට පස්සෙ ටි.වී සිරිස් එක එපා වෙයි ද දන්නෙ නෑ!

    ReplyDelete
    Replies
    1. //මම Spoiler Alert එක තියෙන්නෙ දැනට ගියපු සිරිස් වලට විතරයි කියල හිතාගෙන කියෙව්ව//

      අයියෝ සමාවෙන්ඩ ඕනේ ඒ ගැන... :(

      හැබැයි ඔයාට ඇත්තටම පොස්ට් එක දිගටම කියවන්ඩ පුළුවන්. මොකද මකර නර්තන අවසානෙට වෙන දෙන් පස්සේ ලියල තියෙන හැම දෙයක්ම ටීවී එකේ පහුවුණු ඒව.

      හැබැයි සමහර කොටස ටීවී එකේ හරියට පෙන්නුවේ නැහැ. ඔයාට මතකද අර ඩේනි house of the undying එකේ සීන් එක? ඒක පොතේ තිබ්බ විදිහ ඊට වඩා ගොඩක් සිරා...එයාල ඒ කොටස සැහෙන්න වෙනස් කරලා කෙටි කරල තියෙන්නේ.

      ඇත්තටම පොතේ ඒ සීන් එකේ ඉස්සරහට වෙනද තියෙන දේවල් සහ නෙඩ් ස්ටාක් ගේ තරුණ කාලේදී වුනු කැරැල්ල කාලේ වෙච්චි දේවල් ගැන ගොඩක් ඉඟි තියෙනවා...ඒ වගේම ලියානා ස්ටාක් සහ රේගාර් ගැන පොත් වල ටීවී එකේ පෙන්නුවට වඩා දේවල් තියෙනවා. හරිනම් ඒ කොටස් දැන් පහුවෙලා. ඒත් එයාල ඒවා පෙන්නුවේ නැහැ...එක අතකින් ඒක සාධාරණයි. මොකද පොත් වල තියෙන හැම දෙයක්ම ටීවී සීරීස් එකට ඔබන්න බැහැ නේ. මාධ්‍ය දෙකක්නේ..
      ඇත්තටම ඒ පොත් නම් කියවන්න වටිනවා මුහුදු. මොකද සාමාන්‍ය පොත් වලට වඩා වෙනස් ශයිලිය කින් ලියල තියෙන්නේ. සාමාන්‍යයෙන් කතා පොතක එක්තරා චරිතයක් ප්‍රධාන චරිතේ කරලා ඒ වටා කතාව ගෙතීමක් නේ තියෙන්නේ. ඒත් ASOIAF පොත් වල චැප්ටර්ස් තියෙන්නේ එක එක චරිත වල view point වලින්. සමහර වෙලාවට එකම සිද්ධිය දෙතුන් දෙනෙක්ගේ දෘෂ්ටි කෝණයෙන් පෙන්නවා...

      //දෙවෙනි කතා මාලාවෙ මතකද Theon Greyjoy ගිහින් ගොඩබහින Iron Islands වල තියෙන වරාය? මම මෑතකදි ඒක බලන්න ගියා.//
      ශා ඇත්තද?...ඒ ගැන ලියන එක වටිනවා නේ!...මට ඔය ග්‍රේ ජෝයි පරපුර නම් දිරවන්නේ නැහැ හැබැයි...:D

      Delete
  5. මටත් ග්‍රේ ජෝයි පරපුර අල්ලනෙම නෑ. මම 'Red Wedding' එක බැලුව. George R R Martin ගෙ මෑණියන්දට සෑහෙන්ඩ කිඹුහුම් යන්ඩ ඇති! ඇයි දෙයියනේ එහෙම කලේ?? :( :( :(දැන් නං පොත් ටික බලන්නම ඕන. මට ඒ ටික එවන්ඩ පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. මම ඒ එපිසෝඩ් එක තාම බැලුවේ නැහැ...බලන්ඩ හිතෙන්නේ නැහැ අප්පා...ලස්සන කොල්ලෙක් අපරාදේ මැරෙන හැටි බලන් ඉන්න අමාරුයි නේ!
      හැබැයි බලන්නකෝ ඉස්සරහට... සතුටුදායක දේවලුත් වේවි!
      ඔන්න පොත් ටික ඊමේල් කරා. enjoy!

      Delete

Post a Comment

Popular posts from this blog

Pervert පොසම් සහ හොර පොසම්

ඔස්ට්‍රේලියාවට වසන්ත ඍතුව එළෙඹෙන කාලය යි මේ. අපේ ගෙවත්තේ පිටුපස පීච් ගහම රෝස පාට මල්වලින් පිරිලා. හරියට මේ වගේ .... (img  commons.wikimedia.org ) තව පහු වෙනකොට ඔය පීච් ගහේ ගෙඩි එනවා ය. ඊට පස්සේ එව්වා අපිට රස බලන්න නම් හොර පොසම්ලා ට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරන්න වෙනවා ය! පොසම් කියන්නේ ඕස්ට්‍රේලියාවේ ඉන්න නිසාචර සතෙකි. හරියට ලංකාවේ වඳුරෝ වගේ උන්ගෙන් පලතුරු බේරගන්න බැරි ය. පොසම් එක්ක ඇයි හොඳයි කම් පටන් ගත්තේ ඉස්සර විශ්ව විද්‍යාල  යන කාලේ ඉඳන් ය. ඒ කාලේ මං හිටියේ තව කෙල්ලෝ දෙන්නෙක් එක්ක කාමර තුනේ ෆ්ලැට් එහෙක ය. ඒ ෆ්ලැට් එකේ නාන කාමරේ සිවිලිමට පොඩ්ඩක් යටින් ජනේලයක් විය. ඒ ජනේලේ fly-screen එකක් විය. එතන එළියේ පොඩි පඩියක් විය. අපි එතෙන්ට ගිය දවසේ ඉඳන් ජනේලේ ඇරලා ය. fly-screen එක තිබුණු නිසාත්, අපි හිටියේ උඩ තට්ටුවක නිසාත් අපි ඒ ජනේලේ වැසීම ගැන හිතුවේ නැත. ඔහොම ඉන්න අතරේ ඒ ඇරුණු ජනෙල් පියන සහ fly-screen එක අතර හිඩැසට තව පදිංචිකාරයෙක් ආවේය. ඌ ඇවිල්ලා පොසම් සතෙකි. සමහර විට ඌ ට අතේ ඇති ගානට කුලියට තැනක් හොයා ගන්න බැරි වෙන්න ඇති ය. එහෙම හිතලා අපි අපේ පාඩුවේ නාන කාමරේ වැඩ කටයුතු

Bluetooth support on Android Emulator

I have been playing around with Android lately, and one thing that annoyed me is the emulator does not support Bluetooth (as opposed to J2ME emulator, which does). So if you do not have an actual Android device (like me), and you want to do Bluetooth/WiFi programming, you run in to a problem. Fortunately, there is a way out - Install the Android image on a VM and use your own Bluetooth device. This is what I did: Download Androidx86 from http://www.android-x86.org/ . This is an .iso file, so you'd need something like VMWare or VirtualBox to run it. Me, I use VirtualBox. When creating the virtual machine, you need to set the type of guest OS as Linux instead of Other. After creating the virtual machine, set the network adapter to 'Bridged'. Start the VM and select 'Live CD VESA' at boot. Now you need to find out the ip of this VM. Go to terminal in VM (use Alt+F1 & Alt+F7 to toggle) and use the netcfg command to find this. Now you need open a command

පර්යේෂණ සහ ආචාර ධර්ම අවසරය

පසුගිය සති කීපයකම නිරත වෙලා හිටිය වැඩක ප්‍රතිපල ඊයේ ලැබුණා. ඒ මගේ පර්යේෂණය සඳහා ඕනෑ උන 'ආචාර ධර්ම අවසරය' නැත්නම් ethics clearence එක ලැබීමයි. මගේ පර්යේෂණය මුලික වශයෙන් පරිගණක විද්‍යාව සහ මෘදුකාංග ඉංජිනේරු විෂයන් වලින් කෙරුනත්, මිනිසුන් ද සහභාගී කරවාගෙන කෙරෙන කොටසක් ඇති නිසා තමා මෙහෙම අවසරයක් ගන්ඩ උනේ. ටිකක් පැහැදිලි කරොත්, මේ පර්යේෂණයේ ප්‍රථිපලයක් වන මෘදුකාංග පද්ධතිය නිවැරදිව වැඩ කරනවාද නැද්ද කියන එක තහවුරු කරන්න එක විද්‍යාගාරයක කරලා බලල මදි (සහ කරන්න අමාරුයි). 'හැබෑ ලෝකයේ' එය වැඩ කරන හැටි බලන්ඩ ඕනේ. මගේ පර්යේෂණය 'ස්මාර්ට් තාක්ෂනය' නැත්නම්, කෘතිම බුද්ධිය සහිත ගෘහස්ත පද්ධතියක් (smart home) සම්බන්ධයෙන්. වෙනත් මෘදුකාංග වලට වඩා මේ වගේ පද්ධතියක් හදන කොට ගොඩක්ම සැලකිලිමත් වෙන්න ඕනේ මිනිස්සු මෙහෙම තාක්ෂනෙකට කොහොම ප්‍රතිචාර දක්වයිද කියලා.  හිතන්න, ඔයාලගේ ගෙදරත් කෘතිම බුද්ධියක් නැත්නම් 'ස්මාර්ට්' පද්ධතියක් හයි කරලා කියලා. මේ වගේ පද්ධති වල අරමුණ මිනිසුන්ගේ ජීවිතය පහසු කරන එක. උදාහරණයකට ඔන්න ඔයාගේ 'බුද්ධිමත් ගෙදර' ලව්වා ඔයාට පුළුවන් වෙලාවට ලයිට් දාන