Skip to main content

මගුල් කෑම! ..වෙන්ඩ මනමාලිලාට වැදගත් අනම් මනම් ටිකක් : 1

මගුලක් ගන්නවා කියන්නේ පණ යන වැඩක්! කසාද බැඳපු අය දන්නවා ඇති නේ... :D

හැබැයි හරියට ප්ලෑන් කරලා එදා දවස ලස්සනට වැඩේ කෙරුනහම උණු මහන්සිය කමක් නැහැ කියලත් හිතෙනවා.

ඉතින් මාස ගානක් තිස්සේ මගුල් ගෙදර වැඩ නිසා කෑව කටු ගැන හිතලා මට හිතුනා අනාගත මනමාලිලාට වැදගත් වෙන දේවල් ටිකක් ලියන්න.

කවද්ද?

ඔයාල බඳින්න ඉන්නවනම් පළවෙනි වැඩේ දිනයක් දා ගන්න එක. කේන්දර අනුව නැකත් බලල නම් එහෙමයි, නැත්නම් පහසු විදිහට දිනේ ගන්නත් පුළුවනි.


නැකත්
පොඩ්ඩක් ඔය නැකත් හදනකොට බලන්න දීල තියෙන නැකත් වෙලා එක්ක ඔයාලගේ වැඩ ටික කරගන්න වෙලා ඇද්ද කියල. රෙජිස්ට්‍රේෂන් එක සමහරු කලින් ගන්නව නේ. තවත් සමහරු මගුල් දවසේමයි රෙජිස්ටර් කරන්නේ. එහෙම මගුල් දවසෙම කරනවා නම් ඒකටත් පැය කාලක් වත් යනවා කියල හිතේ තියාගන්න...හැබැයි නැකත අනුව ඒ වෙලාව වෙනස් වෙනවා. ඒ කියන්නේ පෝරුවෙන් පස්සේ තමයි රෙජිස්ටර් කරන එක කරන්නේ. එතකොට පෝරුවෙන් බහින නැකතයි, රෙජිස්ටර් කරන නැකතයි අතර ගොඩක් වෙලා උඩ බලාගෙන නිකන් ඉන්න වෙන විදිහට හදා ගන්ඩ එපා.
මොකද එතකොට උත්සවේ වෙලාව නිරාපරාදේ නාස්ති වෙනවා. ආපු අමුත්තන්ටත් කම්මැලියි...
පෝරුවෙන් බැහැල පැය බාගයක් වගේ තියෙනවා නම් රෙජිස්ටර් කරන නැකතට, ඒ වෙලාවේ පුළුවන් කිරිබත්, කේක් කපනවා නම් කපන්න, ඒ වගේම ෂැම්පෙන් වක්කරන ඒවා, කිරි කල වගේ ඒවා (කරනවා නම්) කරන්න...

මෙන්න මේවා තමයි සාමාන්‍යෙන් මනමාලිට අදාළ නැකත්:
  1. නිවසින් පිටත් වීම
  2. තැල්ල දැමීම (තැල්ලක් දානවා නම් විතරයි...මම නම් දැම්මේ නැහැ)
  3. පෝරුව
  4. රෙජිස්ට්‍රේෂන් එක
  5. පිටත් වීම


ෆොටෝ ගන්නත් වෙලාවක් යනවා කියල අමතක කරන්ඩ එපා. ෆොටෝග්‍රෆර් ල සාමාන්‍යෙන් පැය 3 ක් විතර ඉල්ලනවා මේ වැඩේට. එතකොට ඔයාගේ පෝරුව තියෙන්නේ 10 ට නම්, උදේ 6.30 ට විතර ෆොටෝ ශුට් එක පටන් ගනීවී.
ඒ කියන්නේ ඔයාලා ලෑස්ති වෙලා ඉවර වෙලා ඉන්ඩ ඕන 6.30 ට වත්.

ඒවගේම පෝරුවට වෙලා දානකොට පුළුවන් තරම් අඩුම වෙලාවක් දාගන්න බලන්න. විනාඩි විස්සක් තමයි දෙන අවම වෙලාව. ඊට එහා වෙලා දානවා නම් පරිස්සමින්...විශේෂෙන් මනමාලිට තමයි මේකේ අමාරුව. ගොඩක් වෙලා සාරි ඇඳන් මේක අප් පිටින් හීල්ස් දාගෙන ෆොටෝග්‍රෆර් ගේ ලයිට් අස්සේ හිටගෙන ඉන්න එක. මොකද ඔතෙන්ට එන්නේ පැය තුනක විතර ෆොටෝ ශුට් එකක් ඉවර වෙලා...



හොඳ වෙලාවට අපිට නම් විනාඩි 20 මයි තිබුනේ... ෆොටෝ ගන්ඩ හොටෙල් එකෙන් පිට ගියේ නැති නිසාත්, මාර්තු මාසේ උනත් දෙවියෝ බැලුව වගේ එදා දවසේ අව්ව නොතිබුණු නිසාත්, ෆොටෝ ශුට් එකෙන් පස්සේ මට පැය බාගයක් විතර හොඳ රෙස්ට් එකේ කකා බිබී රූම් එකට වෙලා ඉන්න තිබුණු නිසාත්...එවෙලේ මට කිසිම අමාරුවක් දැනුණේ නැහැ :)

නැකත් කොලේ
 සිරිත හැටියට නම් නැකත් බලන්නේ මනමාලයා. එයාලා නැකත් බලල 'නැකත් කොලේ' කියල එකක් හදාගෙන මනමාලිගේ ගෙදර එනවා නෑදෑයෝ කීප දෙනෙක් එක්ක. ඇවිත් නැකත් කොලේ දෙනවා.

"XX වන මම ඉහත සඳහන් ඔබ දෙපළගේ දයාබර දියණියන් වන YY මෙනෙවිය සමඟ ආර්ය චාරිත්‍රානුකුලව සරණ බන්ධනයට ඇතුලත් වීමට අවශ්‍ය බන්ධුන් විසින් ගිවසගත් හෙයින් ඒ සඳහා යෙදෙන සුභාසිරි නැකත් නෑසියන් සභා මැද ආසිරි පෙරටු කොට ගෙන මෙසේ පිළිගන්වමි ..." කියල එහෙම පටන් අරන්...නැකත් ටිකත් දාල අන්තිමට "මෙයට බන්ධුත්වාපේක්ෂක XX" කියල නම් ගම් පිටින් ලස්සනට ලියල එහෙම තියෙනවා...
(ඕක දුන්නට පස්සේ ඉතින් කොල්ල හැමෝම ඉස්සරහ බඳින්න පොරොන්දු උණා වගේ තමාලු! :D)

අපෙ නැකත් කොලේ!

අපෙත් එහෙම කොලේ අරං නම් ආවා...හැබැයි අපි කීප තැනකින් මුලින් නැකත් බලල අපිට ලේසි නැකත් තෝරාගෙන තමයි කොලේ හැදුවේ :D

ඕක ඉතින් එහෙම කරන්ඩ ඕනෙමයි කියල නීතියක් නැහැ. ඕනැ නම් කරන්ඩ...!


අදට මේ ඇති...තව මතක් වෙන හැටියට ඉස්සරහට ලියන්නම්!

Comments

  1. නැකත් කොලේ දැම්ම ඉඳන්ම හදලා තිබ්බානම් අහවලා බැඳගත්තා වගේද? :)

    මේක දැක්කාම, මට නම් හිතුනේ පැනලා යන්ට. හී හී...

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. //මේක දැක්කාම, මට නම් හිතුනේ පැනලා යන්ට. හී හී...//
      ඒක නම් ඇත්ත...මටත් මාස හයකට විතර කළින් ඔහොම්මම හිතුනා !

      Delete
  2. ආ මට එකක් අමතක උනා. ඔය නැකත් කොලේට නම දාන්ට කැමති පිරිමි ළමයි ඉන්නව නම්, මෙතන සම්පූර්ණ නම (වාසගමද ඇතුලුව ) සටහන් කරලා යන්ට. :D:D:D

    ReplyDelete
    Replies
    1. එහෙම කරනවා නම් හැබැයි මම කපු ගාස්තු අයකරනවා! :P

      Delete
    2. මෙතනට දැන් පිරිමි ළමයි මොකට එන්නද?

      Delete
    3. @කතන්දර කාරයා
      කතන්දර එන එකම මදැයි :P

      Delete
  3. මොකද්ද ඔය තැල්ල දානව කියන්නෙ? මේ නැකත් කොලේ මෙහෙම ලියල දෙන කතාව මම අදමයි ඇහුවෙ. බඳින එකත් මාර ප්‍රොජෙක්ට් එකක් නෙ!

    ReplyDelete
    Replies
    1. තැල්ල කියන්නේ අර මනමාලි ලා නළලට දාන ආභරණේ. උඩරට මනමාලි ල නම් අනිවාර්යෙන්ම වගේ දානවා..පහතරට අඳින සමහර අයත් දානවා.

      ඔය උඩ පොඩි කුමාරිහාමිත් දාගෙන ඉන්නේ :D

      Delete
  4. ඔය නැකත් පත්‍රයේ මහාප්‍රාණ හරීම අඩුයි නේ.

    මං දැකලා තියෙන අපේ නැන්දලා ගේ ඒවා හෙම කියවන කොට කට කැඩෙනවා.

    ReplyDelete
    Replies
    1. මම ඒ දැම්මේ පොඩි කෑල්ලක් විතරයි. ඔන්න ඔරිජිනල් එකම උඩින් දැම්ම...මේකෙත් මහාප්‍රාණ සෑහෙන්න!

      Delete
  5. ඉස්සර ගෙවල් වල ඔය නැකත් පත්තරේ රාමු කරලා බිත්තියේ ගහල තියෙනව නේද . පිස්සු හැදෙනවා ඒවා කියවන්න ගියහම .

    ReplyDelete
    Replies
    1. ඔව් සමහරු එහෙමත් කරනවා ලු...අපේ එක නම් දුන්නේ ඩිග්‍රී සටිෆිකෙට් එකක් වගේ බම්බුවක දාල

      Delete
  6. මට නම් මතක ඔය රාමු කරලා ගහන්නෙ ස්තුති පත්‍රය කියලයි,මේ දෙක පටලව ගන්න එපා.වැවදෙනියේ ඇල්.ඩී මැන්දිස් මහතා ලියපු නස්පැත්තිය කියන පොතේ ඔය ස්තුති පත්තරේ ගැන ලස්සන විස්තරයක් තියනවා.

    ReplyDelete
    Replies
    1. මොකද්ද ස්තුති පත්‍රය කියන්නේ?
      මේකත් රාමු කරලා බිත්තියේ ගහනවා මම නම් දැකල තියෙනවා. එක එක පළාත් වල වෙනස් ඇති.
      උදාහරනෙකට අපේ අම්මල බඳින කොට මෙහෙම එකක් කරලා නැහැ.
      අපේ මහප්ප බඳින කොට 'පොරොන්දු පත්‍රය' ක් කියල එකක් දුන්නලු...

      ඔය මොනා කරත් ඉතින් 'විවාහ සහතික පත්‍රය' ගන්ඩ නම් රුපියල් 5500 කට කිට්ටු ගාණක් ගෙවන්න වෙනවා! :D

      Delete
  7. අපහාසයකට නෙමෙයි ...මේක දැක්කම මට මතක් වුනේ අර ".....for idiots" පොත් ..."මගුල් for idiots?" :)

    ReplyDelete
    Replies
    1. for idiots පොත්? මම නම් දන්නේ 'for Dummies' පොත් විතරයි! :D

      Delete
  8. බුදු අම්මෝ
    පැනලා දුවන්න හිතනෙවා.

    ReplyDelete
  9. මෙන්න දැන්ම බය වෙලා :D

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Pervert පොසම් සහ හොර පොසම්

ඔස්ට්‍රේලියාවට වසන්ත ඍතුව එළෙඹෙන කාලය යි මේ. අපේ ගෙවත්තේ පිටුපස පීච් ගහම රෝස පාට මල්වලින් පිරිලා. හරියට මේ වගේ .... (img  commons.wikimedia.org ) තව පහු වෙනකොට ඔය පීච් ගහේ ගෙඩි එනවා ය. ඊට පස්සේ එව්වා අපිට රස බලන්න නම් හොර පොසම්ලා ට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරන්න වෙනවා ය! පොසම් කියන්නේ ඕස්ට්‍රේලියාවේ ඉන්න නිසාචර සතෙකි. හරියට ලංකාවේ වඳුරෝ වගේ උන්ගෙන් පලතුරු බේරගන්න බැරි ය. පොසම් එක්ක ඇයි හොඳයි කම් පටන් ගත්තේ ඉස්සර විශ්ව විද්‍යාල  යන කාලේ ඉඳන් ය. ඒ කාලේ මං හිටියේ තව කෙල්ලෝ දෙන්නෙක් එක්ක කාමර තුනේ ෆ්ලැට් එහෙක ය. ඒ ෆ්ලැට් එකේ නාන කාමරේ සිවිලිමට පොඩ්ඩක් යටින් ජනේලයක් විය. ඒ ජනේලේ fly-screen එකක් විය. එතන එළියේ පොඩි පඩියක් විය. අපි එතෙන්ට ගිය දවසේ ඉඳන් ජනේලේ ඇරලා ය. fly-screen එක තිබුණු නිසාත්, අපි හිටියේ උඩ තට්ටුවක නිසාත් අපි ඒ ජනේලේ වැසීම ගැන හිතුවේ නැත. ඔහොම ඉන්න අතරේ ඒ ඇරුණු ජනෙල් පියන සහ fly-screen එක අතර හිඩැසට තව පදිංචිකාරයෙක් ආවේය. ඌ ඇවිල්ලා පොසම් සතෙකි. සමහර විට ඌ ට අතේ ඇති ගානට කුලියට තැනක් හොයා ගන්න බැරි වෙන්න ඇති ය. එහෙම හිතලා අපි අපේ පාඩුවේ නාන කාමරේ වැඩ කටයුතු

Bluetooth support on Android Emulator

I have been playing around with Android lately, and one thing that annoyed me is the emulator does not support Bluetooth (as opposed to J2ME emulator, which does). So if you do not have an actual Android device (like me), and you want to do Bluetooth/WiFi programming, you run in to a problem. Fortunately, there is a way out - Install the Android image on a VM and use your own Bluetooth device. This is what I did: Download Androidx86 from http://www.android-x86.org/ . This is an .iso file, so you'd need something like VMWare or VirtualBox to run it. Me, I use VirtualBox. When creating the virtual machine, you need to set the type of guest OS as Linux instead of Other. After creating the virtual machine, set the network adapter to 'Bridged'. Start the VM and select 'Live CD VESA' at boot. Now you need to find out the ip of this VM. Go to terminal in VM (use Alt+F1 & Alt+F7 to toggle) and use the netcfg command to find this. Now you need open a command

පර්යේෂණ සහ ආචාර ධර්ම අවසරය

පසුගිය සති කීපයකම නිරත වෙලා හිටිය වැඩක ප්‍රතිපල ඊයේ ලැබුණා. ඒ මගේ පර්යේෂණය සඳහා ඕනෑ උන 'ආචාර ධර්ම අවසරය' නැත්නම් ethics clearence එක ලැබීමයි. මගේ පර්යේෂණය මුලික වශයෙන් පරිගණක විද්‍යාව සහ මෘදුකාංග ඉංජිනේරු විෂයන් වලින් කෙරුනත්, මිනිසුන් ද සහභාගී කරවාගෙන කෙරෙන කොටසක් ඇති නිසා තමා මෙහෙම අවසරයක් ගන්ඩ උනේ. ටිකක් පැහැදිලි කරොත්, මේ පර්යේෂණයේ ප්‍රථිපලයක් වන මෘදුකාංග පද්ධතිය නිවැරදිව වැඩ කරනවාද නැද්ද කියන එක තහවුරු කරන්න එක විද්‍යාගාරයක කරලා බලල මදි (සහ කරන්න අමාරුයි). 'හැබෑ ලෝකයේ' එය වැඩ කරන හැටි බලන්ඩ ඕනේ. මගේ පර්යේෂණය 'ස්මාර්ට් තාක්ෂනය' නැත්නම්, කෘතිම බුද්ධිය සහිත ගෘහස්ත පද්ධතියක් (smart home) සම්බන්ධයෙන්. වෙනත් මෘදුකාංග වලට වඩා මේ වගේ පද්ධතියක් හදන කොට ගොඩක්ම සැලකිලිමත් වෙන්න ඕනේ මිනිස්සු මෙහෙම තාක්ෂනෙකට කොහොම ප්‍රතිචාර දක්වයිද කියලා.  හිතන්න, ඔයාලගේ ගෙදරත් කෘතිම බුද්ධියක් නැත්නම් 'ස්මාර්ට්' පද්ධතියක් හයි කරලා කියලා. මේ වගේ පද්ධති වල අරමුණ මිනිසුන්ගේ ජීවිතය පහසු කරන එක. උදාහරණයකට ඔන්න ඔයාගේ 'බුද්ධිමත් ගෙදර' ලව්වා ඔයාට පුළුවන් වෙලාවට ලයිට් දාන