Skip to main content

බෙයිජිං හි සත් දිනක් 1: හිමෙන් වැසුනු තහනම් නගරය සහ වෙනත් කතා

ගිය අවුරුද්ද අන්තිමේ බෙයිජිං යන්න හම්බුණා හදිසියෙන්. එහෙ පැවැත් උණු සම්මන්ත්‍රණය ට සහභාගී වෙන්න තමයි ගියේ.

චීන වීසා සන්නිය 
හදිසියේ යන්න උණු නිසා  වීසා හදන්න තිබ්බේ මාසයක් වගේ අඩු කාලයක්. ඒ සම්මන්ත්‍රණය 'A' ශ්‍රේණියේ එකක් නිසා තමයි දඩි බිඩි ගාල වදෙන් පොරෙන් හරි එහෙ ගියේ. හැබැයි ඇත්තම කියනවා නම මට අන්තිමට වීසා හම්බුනත් ආයේ නම් A ශ්‍රේණියේ නෙවෙයි මොන මගුල උනත් චීනෙට නම් යන්නෙම නෑ කියල හිතෙන තරමට චීන මෙල්බන් කොන්සුලේට් එක විකාරයක් කරා. සම්මන්ත්‍රණයකට යනවා නම් එයාලගේ හැටියට බිස්නස් වීස ගන්න ඕනෙලු. ඒක ගන්න චීන ආණ්ඩුවෙන් ලියුමක් ඕනේ. ඒකත් නිකම් ඊ මේල් කරලා බෑ. තැපැල් කරලා ඕනේ. හැබැයි ඔව්ව එයාලගේ වෙබ් සයිට් එකේ නෑ. එතෙන්ට ගිහාම තමයි ඔය බණේ කියන්නේ...ඉතින් ඔන්න කොහොම හරි කරලා ඉතින් චීනෙට ගියා ලු :D දැන් කියන්න යන්නේ එහෙ ගිහින් දැකපු කරපු දේ ...


හිම හිම හිම!

මේ කාලේ චීනෙට සිසිර ඉර්තුව. බෙයිජිං තියෙන්නේ උතුරට වෙන්න නිසා හොඳටම සීතලයි. හිම වැටිලා හැම දෙයක්ම සුදු පාටයි. උදේට බලද්දී හැම දෙයක්ම හිමෙන් වැහිලා ලෝකෙම සුදු පාටින් තමයි පෙනෙන්නේ. හිමීට හිමීට හිම වැටෙද්දී මම උදේට ඇවිදින්න ගියේ ගොඩක් ආසාවෙන්. එතකොට ඇහි පිහාටු වල හිටන් හිම කැරලි රැඳෙනවා. ඒකෙත් අමුතු ලස්සනක් තියෙනවා :) මේ තියෙන්නේ එහෙම පාර දිගේ ඇවිදිද්දී ගත්තු ෆොටෝ එකක්.
හැබැයි එකක් තියෙනවා. හිම වැටෙද්දී තියෙන ලස්සන හිම දියවෙද්දි නැහැ. එතකොට පාර මඩ වෙලා හිම කිළුටු පාටක් ගහනවා. එතකොට පාරවල් වල ඇවිදින කොට පරිස්සම් වෙන්න ඕනේ දාගෙන ඉන්න සපත්තු තෙත බරිත නොවෙන්න.



ටියනාන්මෙන් චතුරශ්‍රය
මේ ලෝකයේ තියෙන ලොකුම පොදු චතුරශ්‍රය කියල තමයි හැඳින්වෙන්නේ. හැබැයි ටියනාන්මෙන් වැඩියෙන්ම ප්‍රසිද්ධ 'ටියනාන්මෙන් සමුලඝාතනය' හැටියට. ඒ අර 1989 දී මහජනතාව, විශේෂෙන් විශ්ව විද්‍යාල ළමයි ආණ්ඩු විරෝධී උද්ඝෝෂණයක දී බුරුතු පිටින් මැරුව එක.


තහනම් නගරය
තහනම් නගරය කියන්නේ චීනයේ 'මින්ග්' රජ පෙළපතේ 15 වෙනි සියවසේ ඉඳන් අවුරුදු 500 විතර කාලයක් තිස්සේ වාස භුමිය. ඒකට මෙහෙම නමක් වැටිලා තියෙන්නේ මේ මාළිගා භුමිය සාමාන්‍ය පුරවැසියන්ට තහනම් නිසා ලු.





මේකේ පේනවද මන්දා පින්තුරේ කොනක සිංහයෙක් ඉන්නවා? මේ මාලිගා බිමට ඇතුළුවන තැන සිංහ පිළිම දෙකක් තියෙනවා. සිංහයයි, සිංහ ධෙනුවයි. ඔය පෙනෙන්නේ සිංහයා. සිංහ ධෙනුව හිටියේ ඉදිරි වම් ගාතය යට සිංහ පොව්වෙකුත් තියාගෙන. ඒකෙන් පිළිඹිඹු වෙන්නේ සරුබව ලු.  

මේ මාළිගා සංකීර්ණය ගැන ලස්සන කතා තියෙනවා. එකක් තමයි මේකේ තියෙනවලු කාමර 9,999.5 ක් :D කාමර දශම පහක් තියෙන්නේ කොහොමද කියල නම් දන්නේ නැහැ! එහෙම කියන්න හේතුව මේකලු: දැන් ඔය චීන අධිරාජයා හැඳින්වුණේ දිව්‍යමය අධිරාජයාගේ පුතා හැටියට ලු. ඒ කියන්නේ නිකම් දෙවියන්ගේ පුතා වගේ එකක්. ඉතින් දිව්‍යමය අධිරාජයා ගේ දේව මාළිගේ කාමර 10,000 ලු. ඉතින් ඒකට වඩා ඉක්මවන්න හොඳ නැහැනේ. ඒත් පුතා හින්ද පොඩ්ඩක් ළඟින් යන්නත් ඕනෙනේ. ඉතින් ඒ හින්දලු ඔය දශම පහක් අඩු කරලා තියෙන්නේ.



ඉතින් දැන් මොකටද මෙච්චර කාමර? වෙන මොකටද ඉතින් අධිරාජයාගේ අන්තඃපුර කාන්තාවන්ට මිසක්! :D :D අන්තඃපුර බිසෝ ල දාහකට වැඩිය ඉඳල තියෙනවා අධිරාජයාට. ඉතින් හිතා ගත්තහැකි නේ ළමයි ගැන. ඔය ළමයින්ගේ විවාහ උත්සව ගන්න එකත් වෙනම රාජකාරියක් වෙනවනේ. ඉතින් ඒකටත් තහනම් නගරය ඇතුලේ වෙනම ලොකු ශාලාවක් තියෙනවා!
 

එක එක සිංහාසන කාමර ගොඩක් තිබුණත් මගේ මතකෙට හොඳටම කා වැදුනේ 'කිසිවක් නොකරන්න' කාමරේ. ඒ කිව්වේ ඒකෙ සින්හාසනෙට උඩින් චීන අකුරින් ලියල තියෙනවා 'Do Nothing' කියල. එකේ තේරුම එන්නේ ටාඕ දර්ශනයෙන්ලු. මේකට එක එක අර්ථකතන තියෙනවා. 'අනුන් වෙනස් නොකරන්න, තමන් වෙනස් වන්න', 'අත් හරින්න', 'පාලනය නොකරන්න' ඒවා වලින් කිහිපයක්. අවාසනාවකට මට ඒකෙ පින්තුරයක් ගන්න බැරි උණා. තද සීතල නිසා වැඩි වෙලා එක දිගට ග්ලවුස් ගලවල ඉන්න අමාරුයි. ඒත් ග්ලවුස් දාගෙන කැමරාව ආම්බාන් කරන්නත් අමාරුනේ. ඒක නිසා සමහර තැන් වල ෆොටෝ ගන්න බැරි උනා :(


ස්වර්ගයේ දෙවොල

 මේකත් ටාඕ දර්ශනයට අයිති ආගමික ගොඩනැගිල්ලක්. 15 වෙනි ශත වර්ෂෙට අයිතියි.
මෙතැනදී උනා මරු වැඩක්. ඒ තමයි චීන ජාතිකයෝ අපි එක්ක ෆොටෝ ගන්න පුලුවන්ද කියල අහපු එක!!. මේ සිද්ධිය කිහිප තැනකදීම උනත් මට මුලින්ම උනේ මෙතෙන්දි. ෆොටෝ ගත්ත විතරක් නෙවෙයි කට ඇරන් බලන් ඉන්න ගතියකුත් තිබුන සමහරු නම්. :D මම හිතන්නේ දුඹුරු හම තියෙන අය ව වැඩිය දැකල නැති නිසා වෙන්න ඇති!




 
ගිම්හාන මාළිගාව 

මේකට මාළිගය කිව්වට ඇත්තටම මේක දක්ෂ ගෘහ නිර්මාණයට උදාහරෙකට ගන්න පුළුවන් උද්‍යානයක්. කඳු ගැටයක්, වැවක් සහ මාළිගා වක් තමයි මේකේ මුලික අංග වෙන්නේ.
 
මේ  වම් පැත්තේ සහ දකුණු පැත්තේ තියෙන්නේ ඒ මිදුණු වැව. මිනිස්සු ඒකෙ උඩ ලිස්ස ලිස්ස ඇවිදින හැටි අපි දැක්ක. සමහරු මේ පුටු තියාගෙන වාඩිවෙලා ඉන්නේ මොකටද කියල නම් තේරුනේ නැහැ...මේ වැව තනිකර කෘතීම වැවක් ලු. ඒ කියන්නේ උද්‍යාන අලංකරණය තකා හැදුව ජලාශයක්.
බෙයිජිං වල ඇවිදිද්දී දැක්ක දෙයක් තමයි එයාල ඔය ෆෙන්ග් ෂුයි ගැන තියෙන තදබල විශ්වාශය. කඳු ගැටය සහ වැව නියමිත දිශාවලින් පිහිටුව ල තියෙන්නේ එහෙම මොකද්ද වැදගත් කමක් ඇතිව බව ගයිඩ් කිව්වා මතකයි.



මේ වැව හරහා යන ලස්සන ආරුක්කු 17 පාලමක් තියෙනවා. හදල තියෙන්නේ 18 වෙනි සියවසේ.






මින්ග් සොහොන්
මේ මින්ග් අධිරාජයන් වළලා තියෙනවා කියල කියන සොහොන් ගෙවල්. මෙයාල වළලලා තියෙන්නේ නිකම්ම නෙවෙයි. වස්තුව ගොඩක් එක්ක.
ඒත් ඇඟ හිරි වැටෙන කතාව ඒක නෙවෙයි. අධිරාජයා මැරෙන්න ලං වෙන කොට එයා ලියනවලු අන්තිම කැමති පත්‍රය වගේ එකක්. දන්නවද ඒකෙ තියෙන්නේ මොනාද කියල? අධිරාජයාගේ ප්‍රියතම අන්තඃපුර බිසෝ ලයි, ප්‍රියතම ළමයින්වයි ඒකෙ සඳහන් කරනවලු. අධිරාජයා මැරුණම අර 'ප්‍රියතම' කට්ටියත් එයා එක්ක වළලනවා ලු... අධිරාජයාගේ 'ප්‍රියතම' වෙන එකත් හරි භයානකයි නේ බලාගෙන යද්දී. ඒත් අප්‍රිය උනොත් හිස් ගසා දානවා. හපොයි! ප්‍රිය උනත් ඉවරයි. අප්‍රිය උනත් ඉවරයි. Either way you're screwed!

මේ නිල් පාට තොරණ වගේ එක යටින් යන්න තිබ්බේ මින්ග් සොහොන් බිමෙන් පිට වෙන තැන. එතනින් පිට වෙද්දී ගයිඩ් කිව්වා අපිට එක කකුලක් පොලවේ හප්පලා, ඇඟ පොඩ්ඩක් පිහිදාල ගසල එහෙම මොකද්ද චීන වාක්‍යක් කියන්න කියල. චංග් චිං චුන් කියල අපිත් ඉතින් කිව්වා. මිනිහ කිව්වේ නම් එහෙම කරන්නේ සොහොන් බිමේ අරක් ගෙන ඉන්න නපුරු භූත ආත්ම අපේ ඇඟේ එල්ලෙන්න හදන නිසා උන් අයින් කරන්න ලු. (එහෙම කිව්වට මොන කුනුහරුපයක්ද දන්නේ නෑ ඔය කිව්වේ හැබැයි)


අදට ලිව්වා ඇති වගේ...ඊළඟට චීන මහා ප්‍රාකාර ගමන, චීන වෙළෙන්දෝ එක්ක හෙට්ටු කර කර ෂොපින් කරපු හැටි, කපටි චීන මසාජ් දොස්තර, සේද & ජේඩ් ෆැක්ටරි, සහ... last but not least, චීන ටොයිලට් හෙවත් හැපී රූම් ගැන ලියන්නම් :D

Comments

  1. ඉතිහාසය ඉගෙන ගන්න මනුස්සයෙක් විදිහට තහනම් නගරයයි මාළිගාවයි ගැන කිව්ව කතා ටික තමා හිතට අල්ලලාම ගියේ. අනාගතයේ දවසක බලන්න යන්න ඕනේ :D

    හැබැ‍යි ඉතින් සම්මන්ත්‍රණයකට යන්නත් වීසා ගන්න ඔච්චර කරදර නම් සංචාරක වීසා ගන්න ඊට වඩා අමාරුවෙයිද දන්නෑ :P

    ReplyDelete
    Replies
    1. සංචාරක වීස අරන් තමයි මම ඒ පාර ගියේ :D
      ලංකාවෙන් නම් සංචාරක වීස ගන්න අමාරු නැහැලු. විශේෂෙන් ඔය ටුවරිස්ට් ගෘප් එකකට සෙට් උනොත්. මේ මෙල්බන් කොන්සුලේට් එකේ චීන ගෑනුන්ගේ මෝඩ සීන් නේ.

      Delete
  2. හොඳ විස්තර එක්ක ලස්සන ෆොටෝ ටිකක්…

    පොඩ්ඩි ඔය හැම තැනම ගියා ටිකක් පොඩි කාලේ. ඒ කාලේ ඉතින් බ්ලොග් කලේ නැති හන්දා විස්තරයක් දැම්මේ නෑ.:)

    වීසා ගන්ට ලේසිම ක්‍රමේ නම් එයාලගෙන් ලියුමක් ගෙන්න ගන්න එක නම් තමා.

    //මෙල්බන් කොන්සුලේට් එක විකාරයක් //

    මේක නම් සහතික ඇත්ත.

    ඉස්සල්ලා පාර අපි යනකොට හිටපු ගෑනු කෙනා හිනා උනෙත් නැති මූන පුම්බගෙන හිටපු කෙනෙක්. හැබැයි මේ පාර යනකොට හිටපු හැන්ඩි බෝයි නම් හිනාවෙලා වැඩේ ඉක්මනට කරලා දුන්නා. දැන් පොඩ්ඩි ලොකුයිනේ. ඒ හන්දා වෙන්ට ඇති. :D

    ReplyDelete
    Replies
    1. වාසනාවකට හරි අවාසනාවකට හරි මම ඔතෙන්ට ගිය එක දවසකවත් කොල්ලෙක් හිටියේ නැහැනේ. ඔක්කොම හිටියේ හිස් උදුම්මවාගත්ත ගෑනු ටිකක්.
      හැබැයි අපරාදේ කියන්න බෑ බෙයිජිං වල කස්ටමස් වල නම් හරිම කරුණාවන්ත සහ ප්‍රසන්න පිරිමි ළමයි තමයි හිටියේ :)

      //පොඩ්ඩි ඔය හැම තැනම ගියා ටිකක් පොඩි කාලේ.
      ඉතින් දැන් ඔයා ලොකුයිද? එහෙම නම් පොඩ්ඩි නොකිය ලොක්කි කියමුද? :D

      Delete
  3. චීනේට ගිය කට්ටිය ගොඩයි නේ..
    හිම ගැන කියපු විස්තරේට නම් ගොඩක් ආසා හිතුනා..

    ReplyDelete
    Replies
    1. ඒ සම්මන්ත්‍රණ යේ වැඩිපුර හිටියේ සීතල යුරෝපා රටවල අය. 'හිම මේනියා' එකක් තිබුනේ මායි ටෙක්සාස් වලින් ආපු තව එක්කෙනෙකුයි ඇතුළු ටික දෙනෙකුට. අපි හිම ගැන ආසාවෙන් ගැන කතාකරද්දී අනික් අය නම් හිටියේ ඒ ගැන කිසි ගානක් වත් නැතුව... අපිට පිස්සු කියල හිතන්න ඇති :D :D

      Delete
  4. ගියා වසර ගණනකට පෙර , හැබැයි හිම දිය වෙන කාලයේ ..ගස් වල දළු ලා ගෙන එනකොට අමුතු පරිසරයක් ...හැබැයි සුදෝ සුදු හිමේ , රතු වහලවල් ලස්සනට ඇති .

    ටියන්මාන් චතුරශ්‍රය , තහනම් මාලිගාවට හියම එහි තිබෙන විශාලත්වය , ඔලුව අවුල් කරනවා , මහා ගෞරව සම්ප්‍රයුක්ත හැඟීමක් එනවා නේද ?

    ReplyDelete
    Replies
    1. ඔව් ඇත්තටම චීනේ තියෙන්නේ අමුතුම පරිසරයක්. මම ගිය රටවල් වලින් (ගොඩක් රට වලට ගිහින් නැහැ! :D ) තනිකරම වෙනස්ම හැඟීමක් ආවේ චීනේදී.

      ඒ ගෞරව සම්ප්‍රයුක්ත හැඟීම ආවේ චීන මහා ප්රාකාරයේදී. ස්වභාව ධර්මයේ බාධක අබිභවා මිනිස් මොළය ජය ගැනීම ගැන හිතිලා. තහනම් නගරයේ දී නම් පොඩි කලකිරීමක් වගේ දැනුන. සාමාන්‍ය මිනිස්සුන් ව අධිරාජයා තළා පෙලා දැම්ම හැටි ඇහුන නිසා.

      Delete

Post a Comment

Popular posts from this blog

Pervert පොසම් සහ හොර පොසම්

ඔස්ට්‍රේලියාවට වසන්ත ඍතුව එළෙඹෙන කාලය යි මේ. අපේ ගෙවත්තේ පිටුපස පීච් ගහම රෝස පාට මල්වලින් පිරිලා. හරියට මේ වගේ .... (img  commons.wikimedia.org ) තව පහු වෙනකොට ඔය පීච් ගහේ ගෙඩි එනවා ය. ඊට පස්සේ එව්වා අපිට රස බලන්න නම් හොර පොසම්ලා ට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරන්න වෙනවා ය! පොසම් කියන්නේ ඕස්ට්‍රේලියාවේ ඉන්න නිසාචර සතෙකි. හරියට ලංකාවේ වඳුරෝ වගේ උන්ගෙන් පලතුරු බේරගන්න බැරි ය. පොසම් එක්ක ඇයි හොඳයි කම් පටන් ගත්තේ ඉස්සර විශ්ව විද්‍යාල  යන කාලේ ඉඳන් ය. ඒ කාලේ මං හිටියේ තව කෙල්ලෝ දෙන්නෙක් එක්ක කාමර තුනේ ෆ්ලැට් එහෙක ය. ඒ ෆ්ලැට් එකේ නාන කාමරේ සිවිලිමට පොඩ්ඩක් යටින් ජනේලයක් විය. ඒ ජනේලේ fly-screen එකක් විය. එතන එළියේ පොඩි පඩියක් විය. අපි එතෙන්ට ගිය දවසේ ඉඳන් ජනේලේ ඇරලා ය. fly-screen එක තිබුණු නිසාත්, අපි හිටියේ උඩ තට්ටුවක නිසාත් අපි ඒ ජනේලේ වැසීම ගැන හිතුවේ නැත. ඔහොම ඉන්න අතරේ ඒ ඇරුණු ජනෙල් පියන සහ fly-screen එක අතර හිඩැසට තව පදිංචිකාරයෙක් ආවේය. ඌ ඇවිල්ලා පොසම් සතෙකි. සමහර විට ඌ ට අතේ ඇති ගානට කුලියට තැනක් හොයා ගන්න බැරි වෙන්න ඇති ය. එහෙම හිතලා අපි අපේ පාඩුවේ නාන කාමරේ වැඩ කටයුතු

Bluetooth support on Android Emulator

I have been playing around with Android lately, and one thing that annoyed me is the emulator does not support Bluetooth (as opposed to J2ME emulator, which does). So if you do not have an actual Android device (like me), and you want to do Bluetooth/WiFi programming, you run in to a problem. Fortunately, there is a way out - Install the Android image on a VM and use your own Bluetooth device. This is what I did: Download Androidx86 from http://www.android-x86.org/ . This is an .iso file, so you'd need something like VMWare or VirtualBox to run it. Me, I use VirtualBox. When creating the virtual machine, you need to set the type of guest OS as Linux instead of Other. After creating the virtual machine, set the network adapter to 'Bridged'. Start the VM and select 'Live CD VESA' at boot. Now you need to find out the ip of this VM. Go to terminal in VM (use Alt+F1 & Alt+F7 to toggle) and use the netcfg command to find this. Now you need open a command

පර්යේෂණ සහ ආචාර ධර්ම අවසරය

පසුගිය සති කීපයකම නිරත වෙලා හිටිය වැඩක ප්‍රතිපල ඊයේ ලැබුණා. ඒ මගේ පර්යේෂණය සඳහා ඕනෑ උන 'ආචාර ධර්ම අවසරය' නැත්නම් ethics clearence එක ලැබීමයි. මගේ පර්යේෂණය මුලික වශයෙන් පරිගණක විද්‍යාව සහ මෘදුකාංග ඉංජිනේරු විෂයන් වලින් කෙරුනත්, මිනිසුන් ද සහභාගී කරවාගෙන කෙරෙන කොටසක් ඇති නිසා තමා මෙහෙම අවසරයක් ගන්ඩ උනේ. ටිකක් පැහැදිලි කරොත්, මේ පර්යේෂණයේ ප්‍රථිපලයක් වන මෘදුකාංග පද්ධතිය නිවැරදිව වැඩ කරනවාද නැද්ද කියන එක තහවුරු කරන්න එක විද්‍යාගාරයක කරලා බලල මදි (සහ කරන්න අමාරුයි). 'හැබෑ ලෝකයේ' එය වැඩ කරන හැටි බලන්ඩ ඕනේ. මගේ පර්යේෂණය 'ස්මාර්ට් තාක්ෂනය' නැත්නම්, කෘතිම බුද්ධිය සහිත ගෘහස්ත පද්ධතියක් (smart home) සම්බන්ධයෙන්. වෙනත් මෘදුකාංග වලට වඩා මේ වගේ පද්ධතියක් හදන කොට ගොඩක්ම සැලකිලිමත් වෙන්න ඕනේ මිනිස්සු මෙහෙම තාක්ෂනෙකට කොහොම ප්‍රතිචාර දක්වයිද කියලා.  හිතන්න, ඔයාලගේ ගෙදරත් කෘතිම බුද්ධියක් නැත්නම් 'ස්මාර්ට්' පද්ධතියක් හයි කරලා කියලා. මේ වගේ පද්ධති වල අරමුණ මිනිසුන්ගේ ජීවිතය පහසු කරන එක. උදාහරණයකට ඔන්න ඔයාගේ 'බුද්ධිමත් ගෙදර' ලව්වා ඔයාට පුළුවන් වෙලාවට ලයිට් දාන