Skip to main content

ඉගෙනගන්න බෙදාගන්න සෙනෙහසින්

පහුගිය දවසක මගේ කෝඩ් එකේ හෙන අවුලක් වෙලා මගේ ඔලුවත් අවුල් වෙලා තියෙද්දී අහම්බෙන් මගේ යුටියුබ් ප්ලේ ලිස්ට් එකේ තිබ්බිච්ච සින්දුව\වීඩියෝ එක දැකල අප්සෙට් මූඩ් එක හරිගියා :D  මේ තියෙන්නේ ඒ වීඩියෝ එක:

මේක අපේ විශ්ව විද්‍යාලේ ළමයි 2010 දී හැදුව ටිකක් පරණ 'ලිප් ඩබ්' එකක්. (ලිප් ඩබ් කියන්නේ මොකද්ද?)



හැමදාමත් උඩට යන්න

වලිකන්නේ බැලුම වාගේ

මහ පොළොවේ පය ගහන්න

නැද්ද යාලු ඉගෙන ගන්නේ ?

 

තියෙන දෙයක් බෙදා ගන්න

ඉගෙන ගන්න  ආදරයෙන්

ඉතුරුවෙන්නේ එච්චරයිලු

මැරෙන දාට අරන් යන්න...    

      

දන්න දෙයක් කියාදීල

බෙදා ගන්න ආදරයෙන්

හිත පිරේවි සන්තෝසෙන්

සත්තයි යාලු...

 

තවත් කෙනෙක් ඇද දමන්න

ඕනා කියල හිතන්නේ ඇයි?

කඳුළු දීල හිනා ගන්න

හැකිවෙද යාලු? 

 

ආත්ම ගෞරවය ඔබේ

තියාගන්න, දෙන්න එපා!

නැති උනොතින් වැඩක් තියෙද

මහ ධනයක් ළඟ තිබුනත් !

 

මනු දම් ගුණ දැන මනාව
සිනාවකුත් මුව පළඳා
දෙන දේ නම් ආදරය යි
යලි ඉල්ලන නොම සිතකින්... 


If yer always tryin' to get to the top
You don't get to the bottom of nothin'!
Then you're gone before you know it;
You'd better stop! (STOP!)
Learn a little givin' and lovin'

It's been done before
C'mon, do it again!
Coz if it's good
Then you should share it round
What's the use of keeping
all the good things that
you've found to yourself?

Learn a little, learn a little
Learn a little givin'
Learn a little, learn a little
Learn a little givin' and lovin'

You don't gotta keep no other man down
For you to get up
There's no need to worry
Just don't give away your self-respect
Coz if it's all you've got left
The rest don't really matter now
anyway honey!
But give away love (GIVE IT!)
And give it for free
No strings attached
Just don't ask for it back

Learn a little, learn a little
Learn a little givin' and stop!

Givin! Learn a little givin'
It's been done before
C'mon do it again!
Learn a little, learn a little
Learn a little givin' and lovin'

Comments

  1. හොද අර්ථයක් නේද තියෙන්නේ ?

    ReplyDelete
  2. මේකට retakes කීයක් ගත්තද දන්නෙ නෑ. මට මතක් උනේ පේර ද කොහෙද මොකද්ද උළෙලකට ශාරුක් ඛාන් ගෙ ෆිල්ම්ස් ඩබ් කරල හදපු වීඩියෝ එකක්.

    ReplyDelete
    Replies
    1. ඔව් මේ ලිප් ඩබ් 'one take' එකකින් හදන ඒවානේ. ඔක්කොම එකට synch වෙනවා කියන්නෙත් සැහෙන්න අමාරු වැඩක්

      Delete
  3. මම කීපාරක් මෙහාට එන්ට ඇවිත් බැරුව ආපහු හැරිලා ගියාද? ඔන්න හරි.

    හී හී...නියමයි. නිරෝ මේ බන්ඩූරාද? ජීලොන්ද?

    ReplyDelete
    Replies
    1. ඔයාගේ උදව්වට ස්තුතියි පොඩ්ඩි
      මේ බන්ඩූරා. ඔයා ඇවිත් තියෙනවද මේ පැත්තේ?

      Delete
  4. ඔන්න මාත් ආවා මේ පැත්තට...ලස්සන තේරුමක්. වීඩියෝ එකත් ලස්සනයි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සයුරි. මාත් ආසයි මේකට

      Delete
  5. ම්ම්... නියම සිංදුවක්.හොද ආදර්ශයක් කියවෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් මූඩ් ෆික්ස් කරන්නත් කියාපු සින්දුව :)

      Delete

Post a Comment

Popular posts from this blog

Pervert පොසම් සහ හොර පොසම්

ඔස්ට්‍රේලියාවට වසන්ත ඍතුව එළෙඹෙන කාලය යි මේ. අපේ ගෙවත්තේ පිටුපස පීච් ගහම රෝස පාට මල්වලින් පිරිලා. හරියට මේ වගේ .... (img  commons.wikimedia.org ) තව පහු වෙනකොට ඔය පීච් ගහේ ගෙඩි එනවා ය. ඊට පස්සේ එව්වා අපිට රස බලන්න නම් හොර පොසම්ලා ට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරන්න වෙනවා ය! පොසම් කියන්නේ ඕස්ට්‍රේලියාවේ ඉන්න නිසාචර සතෙකි. හරියට ලංකාවේ වඳුරෝ වගේ උන්ගෙන් පලතුරු බේරගන්න බැරි ය. පොසම් එක්ක ඇයි හොඳයි කම් පටන් ගත්තේ ඉස්සර විශ්ව විද්‍යාල  යන කාලේ ඉඳන් ය. ඒ කාලේ මං හිටියේ තව කෙල්ලෝ දෙන්නෙක් එක්ක කාමර තුනේ ෆ්ලැට් එහෙක ය. ඒ ෆ්ලැට් එකේ නාන කාමරේ සිවිලිමට පොඩ්ඩක් යටින් ජනේලයක් විය. ඒ ජනේලේ fly-screen එකක් විය. එතන එළියේ පොඩි පඩියක් විය. අපි එතෙන්ට ගිය දවසේ ඉඳන් ජනේලේ ඇරලා ය. fly-screen එක තිබුණු නිසාත්, අපි හිටියේ උඩ තට්ටුවක නිසාත් අපි ඒ ජනේලේ වැසීම ගැන හිතුවේ නැත. ඔහොම ඉන්න අතරේ ඒ ඇරුණු ජනෙල් පියන සහ fly-screen එක අතර හිඩැසට තව පදිංචිකාරයෙක් ආවේය. ඌ ඇවිල්ලා පොසම් සතෙකි. සමහර විට ඌ ට අතේ ඇති ගානට කුලියට තැනක් හොයා ගන්න බැරි වෙන්න ඇති ය. එහෙම හිතලා අපි අපේ පාඩුවේ නාන කාමරේ වැඩ කටයුතු

Bluetooth support on Android Emulator

I have been playing around with Android lately, and one thing that annoyed me is the emulator does not support Bluetooth (as opposed to J2ME emulator, which does). So if you do not have an actual Android device (like me), and you want to do Bluetooth/WiFi programming, you run in to a problem. Fortunately, there is a way out - Install the Android image on a VM and use your own Bluetooth device. This is what I did: Download Androidx86 from http://www.android-x86.org/ . This is an .iso file, so you'd need something like VMWare or VirtualBox to run it. Me, I use VirtualBox. When creating the virtual machine, you need to set the type of guest OS as Linux instead of Other. After creating the virtual machine, set the network adapter to 'Bridged'. Start the VM and select 'Live CD VESA' at boot. Now you need to find out the ip of this VM. Go to terminal in VM (use Alt+F1 & Alt+F7 to toggle) and use the netcfg command to find this. Now you need open a command

පර්යේෂණ සහ ආචාර ධර්ම අවසරය

පසුගිය සති කීපයකම නිරත වෙලා හිටිය වැඩක ප්‍රතිපල ඊයේ ලැබුණා. ඒ මගේ පර්යේෂණය සඳහා ඕනෑ උන 'ආචාර ධර්ම අවසරය' නැත්නම් ethics clearence එක ලැබීමයි. මගේ පර්යේෂණය මුලික වශයෙන් පරිගණක විද්‍යාව සහ මෘදුකාංග ඉංජිනේරු විෂයන් වලින් කෙරුනත්, මිනිසුන් ද සහභාගී කරවාගෙන කෙරෙන කොටසක් ඇති නිසා තමා මෙහෙම අවසරයක් ගන්ඩ උනේ. ටිකක් පැහැදිලි කරොත්, මේ පර්යේෂණයේ ප්‍රථිපලයක් වන මෘදුකාංග පද්ධතිය නිවැරදිව වැඩ කරනවාද නැද්ද කියන එක තහවුරු කරන්න එක විද්‍යාගාරයක කරලා බලල මදි (සහ කරන්න අමාරුයි). 'හැබෑ ලෝකයේ' එය වැඩ කරන හැටි බලන්ඩ ඕනේ. මගේ පර්යේෂණය 'ස්මාර්ට් තාක්ෂනය' නැත්නම්, කෘතිම බුද්ධිය සහිත ගෘහස්ත පද්ධතියක් (smart home) සම්බන්ධයෙන්. වෙනත් මෘදුකාංග වලට වඩා මේ වගේ පද්ධතියක් හදන කොට ගොඩක්ම සැලකිලිමත් වෙන්න ඕනේ මිනිස්සු මෙහෙම තාක්ෂනෙකට කොහොම ප්‍රතිචාර දක්වයිද කියලා.  හිතන්න, ඔයාලගේ ගෙදරත් කෘතිම බුද්ධියක් නැත්නම් 'ස්මාර්ට්' පද්ධතියක් හයි කරලා කියලා. මේ වගේ පද්ධති වල අරමුණ මිනිසුන්ගේ ජීවිතය පහසු කරන එක. උදාහරණයකට ඔන්න ඔයාගේ 'බුද්ධිමත් ගෙදර' ලව්වා ඔයාට පුළුවන් වෙලාවට ලයිට් දාන