Skip to main content

මැක්කන්ගේ සර්කස්

දන්නවද 'මැක්කන්ගේ සර්කස්' හෙවත් Flea circus කියන්නේ මොකටද කියල?

සාමාන්‍ය මැක්කෙක්ට උඩට අඟල් 7 ක් පමණ සහ හරහට අඟල් 13 විතර පනින්න පුළුවන් (source: Wikipedia).
 ඒත් ඌව අල්ලලා ගිනි පෙට්ටියක දැම්මොත් ඌ ටික වෙලාවක් යනකම් ගිනි පෙට්ටිය ඇතුලේ පැන පැන ඉන්නවා. පෙට්ටියේ දිග පළල ඉක්මවා යන්න ඌට බැහැ.

ඊට පස්සේ ඌව ගිනි පෙට්ටියෙන් එලියට ගන්නවා.
ඒත් ඌ දැන් දිගටම පනින්නේ අර ගිනි පෙට්ටියේ උසමයි.


මේ තියෙන්නේ හුස්ටන් හි ස්වභාවික විද්‍යා කෞතුකාගාරයේ තිබෙන මැක්කන්ගේ සර්කස් සඳහා භාවිතා වුනු ක්ෂුද්‍ර සර්කස් මෙවලම්:
diijon's flea circus



බ්‍රිටනිකා විශ්වකෝෂයෙන් ගත්තු මේ පින්තුරෙන් පරිමාණය ගැන අදහසක් ඒවි:


අපේ තිබෙන බොහෝ සීමා මායිම්, යම් යම් හේතු නිසා පනවා ගෙන ඇත්තේ අපමය. මේ ව්‍යාජ සීමාවන් අතරේ ගිනි පෙට්ටිය තුල සිටි මැක්කා මෙන් අප ද  සිරවී ඇත.
 

Comments

  1. තම තමන්ම සීමා හදාගෙන තම තමන් කැමති විදිහට ඉඳිම නං ඒ තරං ගැටලුවක් නෑ. අවුල තියෙන්නේ තමන්ගේ සීමාවේ නැති උදවියව කරන කියන දේවල් දිහා බලාගෙන ඒ දේවල්වලට චෝදනා කිරිමයි!

    ReplyDelete
    Replies
    1. ඔයා දැකල තියෙන්නේ වෙනමම පැත්තක් පුසෝ. :D
      මම කිව්වේ වෙනත් 'සීමා' වර්ගයක් ගැන. ඒ කිව්වේ මේ වගේ... පොඩි ළමයෙක්ට කවුරු හරි වැඩිහිටියෙක් කියනවා එයාට යමක් බැහැ කියල. උදාහරනෙකට ඒ ළමයා ඇන්ද එක චිත්‍රයක් බලලා කියනවා මේ පාට ගැලපීම වැරදියි. ඔයාට චිත්‍ර බැහැ වගේ දෙයක්. ළමයා ඒක අහල එයින් පස්සේ චිත්‍ර අඳින්න උත්සහ කරන්නේ නැහැ. මොකද එයාගේ ඔළුවට ගිහින් තියෙන්නේ 'මට ඒක බැහැ' කියල.
      ඔයා දැකල ඇති අනන්තවත් ඒ වගේ ව්‍යාජ සීමා නිසා අපරාදේ හැකියාවන් නාස්ති වෙන අය.
      'මට උදේට නැගිටින්න බැහැ - මම වයස වැඩියි ඕව ඉගෙන ගන්න - මට රෑට නින්ද යන නිසා පාඩම් කරන්න බැහැ - මම ගෑනු ළමයෙක් නිසා මට ඩ්‍රයිවින් බැහැ - මම පිරිමි ළමයෙක් නිසා මට උයන්න බැහැ - මම උස වැඩියි - මම මිටි වැඩියි - මම කලුයි' ...ඔය තියෙන්නෙත් ඒ වගේ සීමා

      Delete
    2. ඕහ්! ඒ සීමා! :D
      සීමා කිව්වාම එක එක අයට මතක් වෙන්නේ එක එක සීමා නොවැ! :D

      Delete
  2. ශා.....මෙහෙම දෙයක් අහලම තිබ්බේ නැහැ..නියමයි යාළු..:)

    ReplyDelete
    Replies
    1. මමත් දැන ගත්තේ මයිකල් මෝල්ට්හවුස් අපේ විශ්ව විද්‍යාලයට ඇවිත් 'අනුවර්ත්‍යතාව සහ ඉලක්ක' මැයෙන් කරපු දේශනයක් නිසා යාළු :)

      Delete
  3. ටොම් සෝයර්ගේ කතාවේත් ඔය මැක්කෝ එක්ක කරන සෙල්ලම් ගැන එහෙම තියෙනවා :D

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඒ කාලේ තිබුන දෙයක් තමයි...ටොම් සෝයර් කියවල තිබුනට ඔය ගැන නම් මතක නැහැ

      Delete
  4. මැක්කන්ගෙන් ඉගෙනගන්ට පුලුවන් හොඳ පාඩමක්...:)

    ගොඩක් රටවල් එක්, එක් විදියේ සම්ප්‍රදායන්ට අනුව හදාගත්ත සීමාත් මේ වගේ. අපි ඉතින් ඒ රාමු ඉක්මවලා උඩ පනින්ට යන්නේ නෑ. ඒත් සීමා නැති අය පනින උඩ දැක්කාම එක්කෝ ඒ අයව අනුගමනය කරනවා. නැත්නම් ඒ අයට කෑගහනවා...:D

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත :)
      මගේ මතය නම්, තම තමන්ගේ පුද්ගලික සීමා 'පුද්ගලික' යි. ඒ සීමා වෙනස් කර ගන්නවද නැද්ද කියන එක ඒ ඒ පුද්ගලයා තීරණය කරන්න ඕනේ. ඒත් 'default settings' වෙනස් කරගත්ත අයට විරුද්ධව, තමන්ගේ සීමා අනිත් අයත් පනවා ගන්න කියල කෑ ගහන එක නම් අසාධාරණයි.

      Delete
  5. මැක්කෙක් වුනත් මොනවාහරි වැදගත් දෙයක් කියලා දෙනවා නම් අහන්න ඕන...
    මේ වගේ සීමා හදාගත්තාම ජීවිතේ ටිකක් කල් යද්දි නීරස වෙනවා කියලා නම් දන්නෙ අත්දැකීමෙන්මයි..

    ReplyDelete
    Replies
    1. අපි සමහර වෙලාවට දන්නේ නැහැ අපිට කෙතරම් ලස්සන දීප්තිමත් රසවත් පුද්ගලයෝ වෙන්න පුලුවන්ද කියා!

      Delete
  6. මැක්කන්ට ඔච්චර පනින්න පුළුවන් නං ඇයි උං බල්ලන්ට ඇලිලා ම ඉන්නේ?

    ReplyDelete
    Replies
    1. එල්ලිලා ඉන්ට පුලුවන් හන්දා...:D

      Delete
    2. මැක්කටත් හිත ගිය තැන මාලිගාව වෙන්න ඇති!

      Delete
    3. හක්..හක් හික්.. ඇයි ඔය මැක්කෝ පුසන්ටත් ඇලිලා ඉන්නවා.

      Delete
  7. මැක්කා ගැන අලුත් රචනාවක්!

    වෝල්ට් ඩිස්නි ව එයාගෙ පලවෙනි රස්සාවෙන් අයින් කලාලු එයාට 'අලුත් අදහස් නෑ, නිර්මාණශීලී නෑ' කියල!!, ඇල්බර්ට් අයින්ස්ටයින් ට අවුරුදු 4 වෙනකල් කතා කරන්න බැලූ, අවුරුදු 7 වෙද්දීත් කියවන්න බැලූ. ඉස්කොලෙනුත් අයින් කරල මන්ද මානසික ළමයෙක් කියල. කොහොමද ඒ අය ඒ කියපු දේවල් ඇත්ත කියල හිතුවනං!

    ReplyDelete
  8. අදමයි මේ පැත්තට ආවේ.....පුංචි පොස්ට් එකකින් ලොකු දෙයක් ඉගන ගත්තාදා....ආයෙමත් එන්නම්කෝ මේ පැත්තේ...

    ReplyDelete
  9. හරිම අපුරුයි. ඔය හරි , අපි තමයි හැම සිමවක්ම පනවන්නේ.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Pervert පොසම් සහ හොර පොසම්

ඔස්ට්‍රේලියාවට වසන්ත ඍතුව එළෙඹෙන කාලය යි මේ. අපේ ගෙවත්තේ පිටුපස පීච් ගහම රෝස පාට මල්වලින් පිරිලා. හරියට මේ වගේ .... (img  commons.wikimedia.org ) තව පහු වෙනකොට ඔය පීච් ගහේ ගෙඩි එනවා ය. ඊට පස්සේ එව්වා අපිට රස බලන්න නම් හොර පොසම්ලා ට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරන්න වෙනවා ය! පොසම් කියන්නේ ඕස්ට්‍රේලියාවේ ඉන්න නිසාචර සතෙකි. හරියට ලංකාවේ වඳුරෝ වගේ උන්ගෙන් පලතුරු බේරගන්න බැරි ය. පොසම් එක්ක ඇයි හොඳයි කම් පටන් ගත්තේ ඉස්සර විශ්ව විද්‍යාල  යන කාලේ ඉඳන් ය. ඒ කාලේ මං හිටියේ තව කෙල්ලෝ දෙන්නෙක් එක්ක කාමර තුනේ ෆ්ලැට් එහෙක ය. ඒ ෆ්ලැට් එකේ නාන කාමරේ සිවිලිමට පොඩ්ඩක් යටින් ජනේලයක් විය. ඒ ජනේලේ fly-screen එකක් විය. එතන එළියේ පොඩි පඩියක් විය. අපි එතෙන්ට ගිය දවසේ ඉඳන් ජනේලේ ඇරලා ය. fly-screen එක තිබුණු නිසාත්, අපි හිටියේ උඩ තට්ටුවක නිසාත් අපි ඒ ජනේලේ වැසීම ගැන හිතුවේ නැත. ඔහොම ඉන්න අතරේ ඒ ඇරුණු ජනෙල් පියන සහ fly-screen එක අතර හිඩැසට තව පදිංචිකාරයෙක් ආවේය. ඌ ඇවිල්ලා පොසම් සතෙකි. සමහර විට ඌ ට අතේ ඇති ගානට කුලියට තැනක් හොයා ගන්න බැරි වෙන්න ඇති ය. එහෙම හිතලා අපි අපේ පාඩුවේ නාන කාමරේ වැඩ කටයුතු

Bluetooth support on Android Emulator

I have been playing around with Android lately, and one thing that annoyed me is the emulator does not support Bluetooth (as opposed to J2ME emulator, which does). So if you do not have an actual Android device (like me), and you want to do Bluetooth/WiFi programming, you run in to a problem. Fortunately, there is a way out - Install the Android image on a VM and use your own Bluetooth device. This is what I did: Download Androidx86 from http://www.android-x86.org/ . This is an .iso file, so you'd need something like VMWare or VirtualBox to run it. Me, I use VirtualBox. When creating the virtual machine, you need to set the type of guest OS as Linux instead of Other. After creating the virtual machine, set the network adapter to 'Bridged'. Start the VM and select 'Live CD VESA' at boot. Now you need to find out the ip of this VM. Go to terminal in VM (use Alt+F1 & Alt+F7 to toggle) and use the netcfg command to find this. Now you need open a command

පර්යේෂණ සහ ආචාර ධර්ම අවසරය

පසුගිය සති කීපයකම නිරත වෙලා හිටිය වැඩක ප්‍රතිපල ඊයේ ලැබුණා. ඒ මගේ පර්යේෂණය සඳහා ඕනෑ උන 'ආචාර ධර්ම අවසරය' නැත්නම් ethics clearence එක ලැබීමයි. මගේ පර්යේෂණය මුලික වශයෙන් පරිගණක විද්‍යාව සහ මෘදුකාංග ඉංජිනේරු විෂයන් වලින් කෙරුනත්, මිනිසුන් ද සහභාගී කරවාගෙන කෙරෙන කොටසක් ඇති නිසා තමා මෙහෙම අවසරයක් ගන්ඩ උනේ. ටිකක් පැහැදිලි කරොත්, මේ පර්යේෂණයේ ප්‍රථිපලයක් වන මෘදුකාංග පද්ධතිය නිවැරදිව වැඩ කරනවාද නැද්ද කියන එක තහවුරු කරන්න එක විද්‍යාගාරයක කරලා බලල මදි (සහ කරන්න අමාරුයි). 'හැබෑ ලෝකයේ' එය වැඩ කරන හැටි බලන්ඩ ඕනේ. මගේ පර්යේෂණය 'ස්මාර්ට් තාක්ෂනය' නැත්නම්, කෘතිම බුද්ධිය සහිත ගෘහස්ත පද්ධතියක් (smart home) සම්බන්ධයෙන්. වෙනත් මෘදුකාංග වලට වඩා මේ වගේ පද්ධතියක් හදන කොට ගොඩක්ම සැලකිලිමත් වෙන්න ඕනේ මිනිස්සු මෙහෙම තාක්ෂනෙකට කොහොම ප්‍රතිචාර දක්වයිද කියලා.  හිතන්න, ඔයාලගේ ගෙදරත් කෘතිම බුද්ධියක් නැත්නම් 'ස්මාර්ට්' පද්ධතියක් හයි කරලා කියලා. මේ වගේ පද්ධති වල අරමුණ මිනිසුන්ගේ ජීවිතය පහසු කරන එක. උදාහරණයකට ඔන්න ඔයාගේ 'බුද්ධිමත් ගෙදර' ලව්වා ඔයාට පුළුවන් වෙලාවට ලයිට් දාන