Skip to main content

කැන්ගරු කතාවක්

ඕස්ට්‍රේලියාව කිව්ව ගමන් මතක් වෙන්නෙ කැන්ගරුන් ව. ලංකාවෙ අපිට නං කැන්ගරුවො දැකගන්න වෙන්නෙ සත්තු වත්තට ගියොත් විතරනෙ. හැබැයි ඕස්ට්‍රේලියාවෙ නම් ටිකක් නගරෙන් පිට ගියොත් පාර අයිනෙ කැන්ගරුවො පැන පැන යනව පේනව. සමහර වෙලාවට අධිවේගී මාර්ග අයිනෙ වාහන වලට හැපිල උන් මැරිලත් ඉන්නවා.
ඉතින් මේ සටහන මම ඕස්ට්‍රේලියාවෙදි ගිය එළිමහන් සත්තු වත්තක හිටිය කැන්ගරු පවුලකට වෙච්චි දෙයක් ගැනයි. එළිමහන් කිව්වෙ, මේකෙ සත්තු කූඩු කරලම නැහැ.
වැටවල් ගහලා ටිකක් ස්වභාවිකත්වයට ළං වෙන්න තියන තැනක්. සමහර සතුන් අල්ලන්න, කෑම දෙන්න එහෙම පුලුවන්.
එක තැනක් තිබුනා - එතන කැන්ගරුවො එක්කල හිටිය 'එමු' කියල මහ විසාල කුරුල්ලො ජාතියකුත්. අනේ කැන්ගරුල නම් හරි අහිංසක පාටට හිටිය. අර කුරුල්ලො නම් මහ නාහෙට අහ්න්නෙ නැති උන් ටිකක වගෙයි.
පහළ පිංතූර ටික බැලුවොත් පෙනෙයි මට එහෙම හිතුනෙ ඇයි කියල...






මුලින් අපි ගියේ කැන්ගරු අම්ම ගාවට...චූටි පැටියටත් කෑම දුන්නට ඌ තාම කිරි බොන වයසෙද කොහෙද නිසා අම්ම විතරයි කෑවෙ.

















මේ තමයි කැන්ගරු තාත්තා. එයා ටිකකින් කෑම එක අත් (කකුල්?) දෙකෙන්ම අරන් කන්න ගත්තා.



















ඔන්න බලන්න දුෂ්ට එමූ කරන වැඩේ!
















පව් අසරණ කැන්ගරු :( එමූට කෑම එක ගන්න බැරිවෙන්නෙ ඌ කෑම එක බදා ගෙන. ඒත් අන්තිමට එමූ තග දාල ඔක්කොම තනියම කෑවා.













එමූගෙ මැර බලයට කැන්ගරු විතරක් නෙවෙයි අපිත් බය උනා!

ප.ලි - මේ පිංතූර ගත්තෙ මම නම් නෙවෙයි. සපුරා අයිතිය මගේ හසාරා නංගියා ටයි. :)

Comments

  1. එකත් එකට, කවුරු කියන්න ඇති, "එමු, එමු" කියලා.නැතුව ඒ සතාගෙ වරදක් නොවේ, පෙනුමත් හරි අහිංසක පාටයි.

    ReplyDelete
  2. very cute. sorry i have no sinhala typing/font things..

    ReplyDelete
  3. @Siribiris
    මරු අහිංසක! මූට දාන්න තිබුනෙ 'එමු' නෙවේ 'යමු' කියල.

    @crystal flame
    ස්තුතියි! සිංහල යුනිකේත ලියනය කරන්න මම නම් පාවිච්චි කරන්නෙ - http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. අනේ පවු අසරණ කැංගරුවා. හරිම දුක හිතෙන ෆොටෝ ටිකක්

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

Pervert පොසම් සහ හොර පොසම්

ඔස්ට්‍රේලියාවට වසන්ත ඍතුව එළෙඹෙන කාලය යි මේ. අපේ ගෙවත්තේ පිටුපස පීච් ගහම රෝස පාට මල්වලින් පිරිලා. හරියට මේ වගේ .... (img  commons.wikimedia.org ) තව පහු වෙනකොට ඔය පීච් ගහේ ගෙඩි එනවා ය. ඊට පස්සේ එව්වා අපිට රස බලන්න නම් හොර පොසම්ලා ට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරන්න වෙනවා ය! පොසම් කියන්නේ ඕස්ට්‍රේලියාවේ ඉන්න නිසාචර සතෙකි. හරියට ලංකාවේ වඳුරෝ වගේ උන්ගෙන් පලතුරු බේරගන්න බැරි ය. පොසම් එක්ක ඇයි හොඳයි කම් පටන් ගත්තේ ඉස්සර විශ්ව විද්‍යාල  යන කාලේ ඉඳන් ය. ඒ කාලේ මං හිටියේ තව කෙල්ලෝ දෙන්නෙක් එක්ක කාමර තුනේ ෆ්ලැට් එහෙක ය. ඒ ෆ්ලැට් එකේ නාන කාමරේ සිවිලිමට පොඩ්ඩක් යටින් ජනේලයක් විය. ඒ ජනේලේ fly-screen එකක් විය. එතන එළියේ පොඩි පඩියක් විය. අපි එතෙන්ට ගිය දවසේ ඉඳන් ජනේලේ ඇරලා ය. fly-screen එක තිබුණු නිසාත්, අපි හිටියේ උඩ තට්ටුවක නිසාත් අපි ඒ ජනේලේ වැසීම ගැන හිතුවේ නැත. ඔහොම ඉන්න අතරේ ඒ ඇරුණු ජනෙල් පියන සහ fly-screen එක අතර හිඩැසට තව පදිංචිකාරයෙක් ආවේය. ඌ ඇවිල්ලා පොසම් සතෙකි. සමහර විට ඌ ට අතේ ඇති ගානට කුලියට තැනක් හොයා ගන්න බැරි වෙන්න ඇති ය. එහෙම හිතලා අපි අපේ පාඩුවේ නාන කාමරේ වැඩ කටයුතු

Bluetooth support on Android Emulator

I have been playing around with Android lately, and one thing that annoyed me is the emulator does not support Bluetooth (as opposed to J2ME emulator, which does). So if you do not have an actual Android device (like me), and you want to do Bluetooth/WiFi programming, you run in to a problem. Fortunately, there is a way out - Install the Android image on a VM and use your own Bluetooth device. This is what I did: Download Androidx86 from http://www.android-x86.org/ . This is an .iso file, so you'd need something like VMWare or VirtualBox to run it. Me, I use VirtualBox. When creating the virtual machine, you need to set the type of guest OS as Linux instead of Other. After creating the virtual machine, set the network adapter to 'Bridged'. Start the VM and select 'Live CD VESA' at boot. Now you need to find out the ip of this VM. Go to terminal in VM (use Alt+F1 & Alt+F7 to toggle) and use the netcfg command to find this. Now you need open a command

පර්යේෂණ සහ ආචාර ධර්ම අවසරය

පසුගිය සති කීපයකම නිරත වෙලා හිටිය වැඩක ප්‍රතිපල ඊයේ ලැබුණා. ඒ මගේ පර්යේෂණය සඳහා ඕනෑ උන 'ආචාර ධර්ම අවසරය' නැත්නම් ethics clearence එක ලැබීමයි. මගේ පර්යේෂණය මුලික වශයෙන් පරිගණක විද්‍යාව සහ මෘදුකාංග ඉංජිනේරු විෂයන් වලින් කෙරුනත්, මිනිසුන් ද සහභාගී කරවාගෙන කෙරෙන කොටසක් ඇති නිසා තමා මෙහෙම අවසරයක් ගන්ඩ උනේ. ටිකක් පැහැදිලි කරොත්, මේ පර්යේෂණයේ ප්‍රථිපලයක් වන මෘදුකාංග පද්ධතිය නිවැරදිව වැඩ කරනවාද නැද්ද කියන එක තහවුරු කරන්න එක විද්‍යාගාරයක කරලා බලල මදි (සහ කරන්න අමාරුයි). 'හැබෑ ලෝකයේ' එය වැඩ කරන හැටි බලන්ඩ ඕනේ. මගේ පර්යේෂණය 'ස්මාර්ට් තාක්ෂනය' නැත්නම්, කෘතිම බුද්ධිය සහිත ගෘහස්ත පද්ධතියක් (smart home) සම්බන්ධයෙන්. වෙනත් මෘදුකාංග වලට වඩා මේ වගේ පද්ධතියක් හදන කොට ගොඩක්ම සැලකිලිමත් වෙන්න ඕනේ මිනිස්සු මෙහෙම තාක්ෂනෙකට කොහොම ප්‍රතිචාර දක්වයිද කියලා.  හිතන්න, ඔයාලගේ ගෙදරත් කෘතිම බුද්ධියක් නැත්නම් 'ස්මාර්ට්' පද්ධතියක් හයි කරලා කියලා. මේ වගේ පද්ධති වල අරමුණ මිනිසුන්ගේ ජීවිතය පහසු කරන එක. උදාහරණයකට ඔන්න ඔයාගේ 'බුද්ධිමත් ගෙදර' ලව්වා ඔයාට පුළුවන් වෙලාවට ලයිට් දාන